වැල්ලවත්තේ දී රුපියල් දාහතර ලක්ෂයකට ආසන්න මුදලක් කොල්ල කෑ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නේය.
කොල්ල කෑ මුදලින් රුපියල් ලක්ෂ 12ක් පොලිස් තනිකඩ නිවාසයේ තිබී සොයා ගත් බවත්, තවත් අයකු හෝ දෙදෙනකු මීට සම්බන්ධ බවට තොරතුරු ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද හැබැටම ඔය ප්‍රශ්න කරන්නේ? එත් පොලිසියමද?ප්‍රශ්න කරන කොට ඒ ගොල්ලන්ටත් ධර්ම චක්කරේ හෙම දානවද? (ස)
දැන්නම් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලස ගන්න වෙලා. (ස)
වැටත් නියරත් ගොයම් කා නම්,කාට කියමිද ඒ අමාරුව. (ස)
මම මේ කල්පනා කරන්නේ පොලිසිය මේ තරම් දුෂිත වුණේ ඇයි කියලා. හොඳ මිනිසුන් පොලිසියට බැඳුනාට පස්සේ නරක් වුණ නිසා මෙහෙම වුණාද, නැත්නම් නරක මිනිසුන් පොලිසියට එකතු වුණ නිසා මේ විනාශය වුණාද? (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට මේ ගැන කියන්නද? (නි)
හොර හා පොලිස් දෙකම පොලිසියේ නේ (නදී)
පොලිස් රාළහාමිලා යනු රජයේ සේවකයෝ වෙති. රජයේ සේවකයන්ට සොච්චම් පඩියකින් ජීවත් වෙන්න අමාරුයි. පඩිදාට ගෙදර යන්න විදියක් නැහැ ඉතින් අවසානේ තිරනේ හොරකමයි. මේවට වග කියන්න ඕනේ පවතින රජයන් මිස වෙන කවුරුත් නෙමෙයි. (නදී)
දැන් පොලිස් පති තුමාට තියෙන්නේ තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා කිව වගේ ඉල්ලා අස්වෙන්න . (ස)
මම නම් කියන්නේ පොලිස්පති තුමාට ඉල්ලා අස් වෙන්න කියලා නෙවෙයි. දෙසපාලකයන්ට යට නොවී වැඩ කරන්න පුළුවන් ශක්තිමත් පොලිසියක් හදන්න. එකට ඉඩ දෙන්නේ නැත්නම් කොන්ද කෙලින් තියාගෙන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා වීරයෙක් වගේ ගෙදර යන්න.(දී)