IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පාස්කු වන්දි නඩුව බහා තබන්නැයි ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් පවරා ඇති නඩු විභාග නොකර බහා තැබිය හැකිද? නොහැකිද? යන්න පිළිබඳ නියෝගය දෙසැම්බර් 15 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා අද (31) දැනුම් දුන්නේය.

මෙම නඩු වල දෙවැනි විත්තිකරු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩුව විභාග නොකොට බහා තබන්නේ නම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි නඩුවද විභාග නොකොට බහා තබන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එලෙස දැනුම් දුන්නේය.

පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් විසින් වන්දි ඉල්ලා පවරා ඇති නඩුවල වගඋත්තරකරුවන් වශයෙන් හිටපු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කොට ඇත.

පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් විසින් වන්දි ඉල්ලා පවරා ඇති නඩු 182 ක් අතරින් නඩු 33ක් මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා ඉදිරියේ කැඳවන ලදී.

ඒ අවස්ථාවේදී මෙම වන්දි නඩු වල දෙවෙනි විත්තිකරු වශයෙන් නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ටේ්‍රවෝ ප්‍රනාන්දු මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයා මේ වන විට ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා බවත් ඒ අනුව ඔහුට ජනාධිපති මුක්තිය හිමිවන බවත් දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 35 (1) වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙලෙස මුක්තිය හිමිවන බවත් එම ප්‍රතිපාදන අර්ථනිරූපනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සැප්තැම්බර් 26 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද තීරණය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති මුක්තිය හිමිවන බව දැනුම් දුන් නීතීඥ ට්‍රේවෝ ප්‍රනාන්දු මහතා ඔහුට එරෙහි නඩු බහා තබන්නැයි ඉල්ලා සිටියේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වරුණ සේනාධීර මහතා කරුණු ඉදිරිපත් කරමින් මීට පෙර අවස්ථාවක සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩුල්ලක තීන්දුවකට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩු බහා තැබීමට කරන ඉල්ලීම සම්බන්ධයෙන් හබ නොකරන්නේ යැයි කීය.

මෙම නඩු බහා තැබීම කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරය හොබවන කාල සීමාව සඳහා පමණක් වන බවත් ඔහු ජනාධිපති ධූරයෙන් ඉවත් වු පසු මෙම නඩු සම්බන්ධයෙන් ඔහු යළි වගකීමෙන් බැඳෙන බවත් පෙන්වා දුන් නීතීඥ වරුණ සේනාධීර මහතා ඔහුට විරුද්ධව නඩු කටයුතු යළි ආරම්භ කිරීමේ අයිතිය මෙහි පෙත්සම්කරුවන්ට ඇතැයිද පැවසීය.

වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු ඉදිරිපත් කරමින් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මඟින් සහන ඉල්ලා ඇත්තේ සියලුම වගඋත්තරකරුවන්ගෙන් එක්ව සහ වෙන් වෙන්ව බැවින් වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව බහා තබන්නේ නම් තම සේවාදායක වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඇතුලු සියලු වගඋත්තරකරුවන්ට එරෙහි නඩු බහා තැබිය යුතු යැයිද පැවසීය.

වගඋත්තරකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා ගත් ස්ථාවරය තමන්ද ගන්නා බව දැනුම් දුන්හ.

ඒ අවස්ථාවේදී පෙත්සම්කරුවන්ගේ නීතීඥ වරුණ සේනාධීර මහතා කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ලේ සහන, සියලුම විත්තිකරුවන්ගෙන් එක්ව මෙන්ම, වෙන් වෙන්ව ද ඉල්ලා ඇති බැවින් වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව බහා තැබුවත්, අනෙක් වගඋත්තරකරුවන්ට එරෙහි නඩු පවත්වාගෙන යෑමට කිසිදු නෛතික බාධාවක් නොමැති හෙයින් සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් කරන ඉල්ලීම් ප්‍රතික්ෂේපප කරන්නැයි ඉල්ලා සිටියේය.

මෙම වන්දි නඩුකර පවරා ඇත්තේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සහ එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ අහිංසක සාමාන්‍ය ජනතාව විසින් බවත්, පාස්කු ප්‍රහාරය සිදු වී වසර තුන හමාරකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇතත්, මේ වන තෙක් එම අසරණ ජනතාවට කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති පසුබිමක් තුළ විවිධ තාක්ෂණික කාරණා ඉස්මතු කරමින් එම වින්දිත ජනතාවට යුක්තිය සහ සාධාරණය ඉටුකිරීම පමා කිරීමට කටයුතු කිරීම පිළිබඳ තමා කණගාටු වන්නේ යැයි කී නීතීඥ වරුණ සේනාධීර මහතා ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත රනිල් වික්‍රමසිංහ මහතාට මුක්තිය හිමිවීම හේතුවෙන් ඔහුට එරෙහි නඩුව බහා තැබීමට ඉල්ලා සිටියත්, පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉටුකිරීමේ ප්‍රමුඛතම වගකීම සහ හැකියාව මේ මොහොතේ ඇත්තේ ප්‍රහාරය සිදුවන විට රටේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම වර්ථමානයේ මෙරට විධායක ජනාධිපතිධූරය හොබවන රනිල් වික්‍රමසිංහ මහතාට බැවින් ඒ සම්බන්ධයෙන් ඔහු ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයිද කීය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේ පිළිබඳ නියෝගය දෙසැම්බර් මස 15 වන දින ප්‍රකාශයට පත්කරන බව දැනුම් දුන් විනිසුරුවරයා ලිඛිත දේශන මසක් ඇතුලත ගොනු කිරීමට සියලු පාර්ශ්වයන්ට නියම කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් දිලුම් ප්‍රනාන්දු, කෞශල්‍යා ප්‍රනාන්දු, නදීෂා පෙරේරා සහ ඈන් සෙනෙවිරත්න යන නීතීඥ මහත්ම මහත්මීන් ගේ උපදෙස් මත නීතීඥ ඉන්දික බණඩාර අබේකෝන් සමඟ නීතීඥ වරුණ සේනාධීර මහතා පෙනී සිටියේය.

පළමුවන වගඋත්තරකරු වෙනුවෙන් නීතීඥ ශහීඩා බාරි සමඟ ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතාද දෙවන වගඋත්තරකරු වෙනුවෙන් වෙනුවෙන් නීතීඥ උදානි කරුණාරත්න මහත්මියගේ උපදෙස් මත නීතීඥ ට්‍රේවෝ ප්‍රනාන්දු මහතාද, 03 සහ 04 වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥ ලක්ශිකා බක්මීවැව සහ 05 සහ 06 වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥ ධම්මික සිල්වා මහතාද පෙනී සිටියහ.



අදහස් (6)

පාස්කු වන්දි නඩුව බහා තබන්නැයි ඉල්ලයි

බද්රානි Monday, 31 October 2022 08:58 PM

බෝම්බ ප්‍රහාරයට කලින් ඉන්දියානු රෝ ඔත්තු සේවය මගින් දැනුවත් කර තිබියදීත්, මේ ප්‍රහාරය වලක්වා නොගත්තේ, බෝම්බ මතින් දේශපාලන ජයග්‍රහණ ලැබීමට සැරසිලා හිටපු අමනයින් නොවේද? ස්ථාන කිහිපයකම එකම වෙලාවේදී සිදුකල මේ ප්‍රහාරයට තාක්ෂනය හා පණිවිඩ හුවමාරු වූ අන්දම සොයා ගැනීමට නොහැකි වුයේ ඇයි? අධමයින් නීතියෙන් ගැලවිලා සතුටින් ඉන්නවා කියල සිතුවාට, මේ සසර පුරාවටම ඔය කල පාප කර්මයෙන් සදාකල් අබ්බගාතයින් වී උපදින බව නම් වලක්වන්න බැහැ. එහෙම නැත්නම් මේ අප අදහන ආගම දහම පට්ටපල් බොරුවක්??? මිනීමරුවෙනී තොපට ශාප වේවා!!

:       1       16

BamunuarachchiTuesday, 01 November 2022 06:50 AM

මේවා අහල පන පලයන් පෙරේදා කිව්වලු

:       0       0

lankasri Tuesday, 01 November 2022 12:17 AM

අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත විනාස කලා මදිවට නඩුවටත් අංච් අදින්නයි යන්නේ.

:       0       0

Bamunuarachchi Tuesday, 01 November 2022 06:47 AM

වන්දි ඉල්ලන්න ඕනේ දෙවියන් ගෙන්. බෝම්බ ප්‍රහාර වෙන බව කලින්ම දන්නේ දෙවියෝ. දෙවියෝ පල්ලියට ආපු තමන්ගේ බැතිමතුන් බේරා ගත්තේ නැතිනම් අර නිලදාරීන් මක්ක කොරන්නද? හැබැයි මීට පසු දෙවි පිහිට ජේසු පිහිට පන්න එපා. මොකකින් බේරෙන්නද දෙවි පිහිට ජේසු පිහිට පතන්නේ?

:       1       1

sharm warn Tuesday, 01 November 2022 09:35 AM

මිනිමරු පවුලක් රකින්න පත් වෙච්ච ආන්ඩුවක් ඉන්න රටක් මෙක.. රකින්න පත් වෙල ඉන්නෙත් සියලු වර්ග වල අපරාධ වලින් සන්තෘප්ත වෙච්ච තවත් පව්කාරයො ගොන්නක්. . රට දියුනු වෙලාම තියෙයි.. මුන්ව පත් කරන්න දන්‌දෙ දුන්න අය දැන් වත් මොලේ කල්පනා කරන්න.. මොකද ඔයාලත් මෙ අපරදය ට වක්‍රව දායක වෙලා..

:       0       0

BamunuarachchiThursday, 03 November 2022 07:40 AM

නිකන් පිස්සු කෙලින්න එපා ඔයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 166 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


ගල් බෝර සවි කිරීමට ගිය අයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 111 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 1409 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 3247 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 2110 3

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 1153 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27462 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19989 13

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 392 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1881 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site