IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පහර දිමකින් හිටපු මන්ත්‍රි ඇතුළු තුනක් රෝහලේ

(දයාරත්න ඇඹෝගම)

මිහින්තලේ නගරයේ පිහිටි ආපන ශාලාවක් තුලදි බහින් බස් විමක් දිග දුර ගොස් ඇතිවු ගැටුමකදි මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මිහින්තලය පොලිසිය කියයි.

මෙසේ රෝහල් ගත කොට ඇත්තේ මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ පක්ෂයේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු,රජරට විශ්වවිද්‍යාලයේ සිසුවෙකු හා ආපන ශාලාවේ සේවකයෙකි.

හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ගැටුම සිදුවු ආපන ශාලාවේ සිටියදි රාත්‍රි ආහාර ගනිමින් සිටි රජරට විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සමග බහින් බස් විමක් දුරදිග ගොස් පහර දිමක් සිදුව ඇති බව පොලිසිය කියයි.

පසුව එම ස්ථානයට පැමිණි රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාටද පහරදි තිබේ.එම සිද්ධියෙන් තුවාල ලැබු හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි,රජරට විශ්වවිද්‍යාලයේ සිසුවාත් ආපන ශාලාවේ සේවකයාත් මිහින්තලය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

 



අදහස් (2)

පහර දිමකින් හිටපු මන්ත්‍රි ඇතුළු තුනක් රෝහලේ

නිමල් Sunday, 02 March 2025 02:25 PM

මන්ත්‍රීවරුන්ට ගහන්න හොඳ නැහැ පව්. මහජන සේවකයින්... !

:       8       6

චතුරි Monday, 03 March 2025 01:00 AM

මේ තමයි පටන් ගැන්ම. තව කීදෙනෙක් ඉන්නාවාද. ඉල්ලන් කන්න ප්‍රභු කියන කට්ටිය පරිස්සමින් ඉන්න. දැන් ඇවිත් ජනතාවට වැදගන ඉන්න ඕන කාලය කියලා හිතන්න. ඉස්සර වගෙ නෙමෙ දැන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 1056 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 453 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 666 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1633 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 948 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 5264 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 601 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site