IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850ක්

(නිමල කොඩිතුවක්කු)

පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850 කට වැඩි ප්‍රමාණයක් පවතින බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමය පවසයි.

බස්නාහිර පළාත  පුරප්පාඩු 684 ක්, වයඹ 503 ක්, මධ්‍යම 373 ක්, නැගෙනහිර 339 ක්, උතුරු 239 ක්,  උතුරු මැද 199 ක්, දකුනු 187 ක්, ඌව 185 ක්, සබරගමුව 161 ක් ලෙස මෙම පුරප්පාඩු පවතින බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙයට අමතරව කළමනාකරණ සේවාවේ අධිශ්‍රේණියේ පුරප්පාඩු 250ක් පවතින බවත් එයින් මධ්‍යම රජයේ පුරප්පාඩු 130ක් සහ පළාත් රාජ්‍ය සේවාවේ 120ක් පමණ ඇති  බැවින් එම විභාගය ද කඩිනමින් පවත්වන්නැයිද ඔහු සඳහන් කළේය.

ව්‍යවස්ථානුකූලව ඒ බදවා ගැනීම් සදහා අවශ්‍ය උපදෙස් පළාත් බලධාරීන් වෙත ලබා දෙනන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගෙන් ඉල්ලීමක් කරන බවද බණ්ඩාර මහතා කීවේය.

කාලාන්තරයක් තිස්සේ නොවිසඳුණු අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරන ලෙස සියලුම කළමනාකරණ සේවා සංගම් අවධානයෙන් පසුවන බවත් අමිල බණ්ඩාර  මහතා තවදුරටත් පැවසීය.



අදහස් (4)

පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850ක්

ගුණරත්න Thursday, 13 March 2025 04:15 PM

මේ පත්තරේම ලිපියක් තියෙනවා ලක්ෂ ගානක් සංවර්ධන නිලධාරීන් ඉන්නවා කියලා. ඔවුන් මොන රෙද්දක් සංවර්ධනේ කරනවාද මම දන්නේ නැහැ. ඔවුන්ගෙන් උගත් අය ටිකක් තෝරාගෙන ඔය පුරප්පාඩු පුරවන්න බැරිද?

:       1       7

ආර්.ඩී. ෂානිකා තිලේනි Thursday, 13 March 2025 04:19 PM

2024 අගෝස්තු මස 18 පැවැති කලමනාකරණ සීමිත තරග විභාගයෙන් මෙතෙක් බඳවා ගැනීම් කර ඇත්තේ ලකුණු 109 දක්වා පමණි. ඉන් මේ වනවිට 134 දෙනෙක් පත්වීම් ලබා ඇත. නැවත බඳවා ගැනීමකදී ලකුණු 108 සිට 104 දක්වා බඳවා ගන්නා ලෙස ඉල්ලීමක් කරමි...

:       0       1

PGPThilak Thursday, 13 March 2025 05:24 PM

පුරප්පාඩු කිය කියා වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරු තොගයක් තවත් බඳවා ගෙන බංකොලොත් වෙලා හොම්බෙන් යන රට නැත්තටම නැති කරලා දමා පල්ලා! දැනටමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පිරිලා කේක් කකා තේ බොමින් කතා කරකර ඉන්නවා නැත්නම් ෆෝන් වලට කොට කොටා ඉන්නවා හැකිතරම් කෙස් පැලෙන තර්ක දමමින් මහජනයා රස්තියාදු කරවනවා! පාලකයෝ එහෙම දෙයක් නෑ වගේ ඉන්නවා...

:       0       7

Mangala Dissanayake Friday, 14 March 2025 08:38 AM

මම මේකේ දැක්ක සංවර්ධන නිලධාරීන්ට වැඩ නෑ කියලා තියනවා .එහෙම අය ගොඩක් ඉන්නේ ප්‍රධාන නගර ආශ්‍රිත ආයතන වල

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 44 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 51 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 130 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 366 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 414 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ
2025 අප්‍රේල් මස 21 457 0

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 476 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site