කඩුගන්නාව මාර්ගය යාබද අඩි 300 ක් පමණ ප්‍රපාතයෙන් වැටී පාසල් සිසුවකු මියගිය බව මාවනැල්ල පොලිසිය කියයි.
බණ්ඩාරගම සිට අධ්‍යාපන චාරිකාවක් සඳහා සහභාගී වූ පිරිසට එක්වසිට මෙම සිසුවා කායික අවශ්‍යතාවයක් සඳහා මෙසේ මාර්ගයෙන් බැහැර ගොස් ඇත
සිසුවාගේ සිරුර මේවන විට පොලිසියෙන් සොයාගෙන තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතුනි ඔබට නිවන් සුව ලැබේවා. කිසි අත්බවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොම වේවා.(නදී)
මට මගේ පුතා තමා මතක් වුනේ. මේ දරුවා හා එම දරුවාගේ දෙමාපියන් හට මාගේ කනගාටුව ප්‍රකාශ කරමි. සියලුම දෙමාපියන් තම දරුවන් කෙරෙහි මීටත් වඩා අවධානය යොමු කල යුතුය. එය අපහසු කරුණක් බව දනිමි. නමුත් එය අපේ වගකීමය. (ස)
ගැමීගේ අදහස් දැක්වීමට මමත් එකඟයි. (ස)
මේකෙ වගකීම ගුරුවරු භාර ගත යුතුයි නේද?? (ස)
චානක, ඒක තමා මම කිව්වේ. හදිසි අවස්ථාවක කළ යුතු දේ ගැන උපදෙස් දීල නැහැ කියලා. නොදන්නා පළාතකදී මෙහෙම අවශ්‍යතාවයක් වුණා නම් තනිවම එහේ මෙහේ යන්නේ නැතුව ගුරුවරයෙකුට දැනුම් දෙන්න තිබුණා. උපදෙස් දීල තිබුණ නම් ළමයා තනිවම එහේ මෙහේ යන්නේ නැහැනේ. මම මේ කියන්නෙ මගේ අත්දැකීමෙන්.අපි අනන්තවත් විනෝද චාරිකා ගිය ළමයින් පරිස්සම් කරගෙන ආවා. අවදානම් පරිසරයක අවදානෙන් ඉඳලත් නැහැ. නොසැලකිල්ල කාගේ වුණත් අම්ම තාත්ත කෙනෙක් ආදරෙන් හදපු පැටියෙක් මේ. (ස)
මේ වගේ තැන්වල පොදු වැසිකිලි පහසුකම් සපයන්න පියවර ගන්න ඕනෑමයි. හුඟක් රටවල ඒ පහසුකම් සලස්වලා තියනවා. (ස)
මෙතන හොඳට හදපු පොදු වැසිකිලි පහසුකම් තියෙනවා. (ස)
හිතට දුකක් දැනෙනවා. (ස)
පාසල් වලින් යන සමහර අධ්‍යාපන චාරිකා හරිම අවදානම්. (ස)
පුතේ, නුඹට නිවන් සැප ලැබේවා! (නි)
මෙම කණගාටුදායක සිද්ධියට මම දකින හේතුව නම් අනවශ්‍ය ස්ථානයක බස් රථය නතර කිරීමයි. වැසිකිළි, කැසිකිළි තිබෙන ආරක්‍ෂිත ස්ථාන නුවර යනවිට ඇති තරම් තිබෙනවා. පුතා, නුඹට නිවන් සුව අත්වේවා! (නි)
මේ කියන තැන වැසිකිළි පහසුකම් තිබෙනවා. ඔය කියන ප්‍රපාතය පැත්තට බහින්න බැහැ. ආරක්ෂක වැටක් තිබෙනවා. මමත් උදේ හවස ඔතනින් යනවා. ඒක නිසා මමත් දන්නවා ඔය තැන ගැන. වැටෙන් පහළ බලන්න ගියාද දන්නේ නැහැ. මෙය ප්‍රශ්නයක් (නි)
මේ දරුවාට නිවන් සුව අත්වේවා! (නි)
දරුවනේ, ප්‍රවේශම් වෙන්න වගබලා ගන්න (නි)
මේ ළමයාගේ දැනුවත්භාවයක් නැහැ.මේවට වගකියන්න ඕනෑ ගුරුවරු සහ දෙමවුපියන්.එයා වැටුනේ ආරක්ෂක වැටෙන් එහාට ගිහිල්ලා, මුත්‍රා කරන්න ගිහින්. ඕකට ඔච්චර පල්ලමකට යන්න ඕනෑද ? එයා ලිස්සලා යන්න ඇති. මොනතරම් අපරාධයක්ද වුණේ? අපරාදේ ඒ පුතාගේ ජීවිතය! මෙවන් අකල් මරණයකට ගොදුරු නොවන්නට සෙත් පතමු.මින්පසුවවත් හැමෝම දැනුවත් වෙන්න. වගකීම ඔබේ අතේ බව සළකන්න. තෙරුවන් සරණයි! (නි)
ඇත්තටම මේ මල්ලිට වුණේ මොකක්ද? එයාගේ අම්මත් ගියාලු නේද මේ චාරිකාව? ඉතින් ඇයි එයාගේ අම්මට එයාව ප්‍රවේශම් කරන්න බැරි වුණේ? (නි)
කොහොම උනත් දැන් එක ඉවර වෙලා. කාටවත් දොස් නොකිය මෙහෙම නොවෙන්න වග බල ගන්න ඕන ඉදිරියට.. (දී)
අනේ අපි දරුවෝ හදන්නේ මදුරුවෙක්වත් කන්න නොදී , එහෙව් එකේ මෙහෙම උනාම ඒ අම්මට මොන තරම් දුකද, පාලකයනි අදම ආරක්ෂක වැටක් ගහන්න, තව මරණයක් වෙන්න කලියෙන්.(නදී)
චන්ද්‍ර, ඔයා කොහොමද කියන්නේ ඒක ගුරුවරුන්ගේ වරදක් කියලා? වුණේ මොකක්ද කියලා හරියට දන්නේ නැතුව ඔය වගේ අදහස් දක්වන්න එපා (නි)
අයියෝ පවු! නොදන්නා පළාත් වල ප්‍රවේශම් වෙන්න ඕනෑ නේද පුතේ? මෙවන් අකල් මරණයක් ජාති ජාතිත් නොවේවා! (නි)
මින්පස්සේ ගමන් යද්දී වැඩි මුදලක් දිලා වැසිකිලි ඇති බස් අරගෙන ළමයිව එක්ක යන්න.(නදී)
මෙයට මෙම ළමුන් රැගෙන ගිය ගුරුවරුන් වගකියන්න ඕනේ.(නදී)
ගමනක් යන්න පෙර ළමයින්ව දැනුවත් කරලා නෙමෙයිද දැන් කාලේ ගෙනියන්නේ. අපේ කාලේ ගුරුවරු ගමනක් යන්න පෙර මොනතරම් දේවල් කියලා දෙනවද? පළාතේ හැටි, හැසිරෙන විදිය, හදිසි අවශ්‍යතාවයක් වුණොත් මොනවද කරන්න ඕනෑ වගේ දේවල්....අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (නි)
ඔය කොයි දේත් වුණහම තප්පුලන කොටසක් ඉන්නවා. අනතුර කොතනද කියලා කලින් දන්නවා නම් හොඳයි. 99%ක්ම ළමයි අරගෙන යන්නේ උපදෙස් දීලා. මේ කතාව අහන්න බලන්න. මමත් ගියා පාසලක ළමයි අරගෙන අධ්‍යාපන ගමනක් බස් 4ක්. මම ගිය එකේ ළමයි 52යි. ගුරුවරු 4යි. පිරිමි ළමයි විතරයි. ගැහැණු ළමයි වෙනම බස් දෙකක. බස් එකට නැඟලා පිටත් වෙන්න පෙර විනය අවවාද කළා. උපදෙස් දුන්නා. ටිකක් දුර යද්දී ළමයෙකුට බඩේ අමාරුවක් හැදුනා. වැසිකිළි යන්න බස් එක නැවැත්තුවා. ළමයා ළඟ ගෙදරකට කතා කරලා ගුරුපියෙක් එක්ක ගියා. පිරිමි ළමයින්ගේ හැටි දෙමවුපියෝ දන්නවනේ? අනික් ළමයින්ටත් ශරීර අවශ්‍යතා ඇති වුණා. පාරේ අයිනේ ගහක් මුවාවට ගියා 4-5 දෙනෙක්. ඉන් එක ළමයෙකුට සර්පයෙක් පෑගිලා දෂ්ට කළා. වෙලාවේ හොඳකමට මුල් ළමයා වැසිකිළි ගියේ වෙද මහත්මයෙක්ගේ ගෙදරකට. එයින් යන්තම් ළමයට බෙහෙත් කර ගත්තා. අනතුරේ වරද කාගේද කියලා උපදේශක මහත්වරු කියන්න. (නි)
ගැමිගේ අදහස පැහැදිලිව කියෙවුවා නම් හොඳයි. මට හිතෙන්නේ ඔබේ අදහස අනුව මේ මරණය සිසුවාගේම නොසැළකිල්ල නිසා කියලයි. එහෙම නම් ඉතින් අධ්‍යාපන චාරිකා නවතා දාමු. එහෙම නැත්නම් චාරිකාව අතරතුර වෙන හදිසි අනතුරු වලට පාසලේ හෝ ගුරුවරුන්ගේ වගකීමක් නැහැ කියලා අත්සන් කරවා ගන්න තමා තියෙන්නේ. (නි)
මේවා සිදුවන්නේ ළමයි බාරව යන සමහර අයගේ වරදින්. සියලු දෙනාම නොවේ. කඩුගන්නාවේ පල්ලමේ ඔය ප්‍රදේශයේ එම ගමේ අයවත් හදිසි ශාරීරික අවශ්‍යතාවයකට යන්නේ නැහැ.රුපියල් 10 ක් තේ කඩයකට දීලා ළමයින්ගේ අවශ්‍යතා ඉටුකර දෙන්නට ළමයි බාරව යන අය කටයුතු කරන්නේ නැහැ. (නි)
දැන් එක එක්කෙනාට වරදේ වගකීම පැවරුවාට වියයුත්ත සිදුව හමාරයි (නි)
දරුවන්ට හරිම අපල කාලයක් බව තමා පෙනෙන්නේ. අපි කුඩා කාලයේ හිටි ගුරුවරු හරිම නීතිරීති මධ්‍යයේ තමා අධ්‍යාපන චාරිකා වලට අපිව අරන් ගියේ. ආරක්‍ෂිත ස්ථාන වල තමා වැසිකිළි පහසුකම් ලබා දුන්නේ. නමුත් ඉතින් දරුවාගේ නරක වෙලාවට හදිසියක් යෙදුනාද මන්දා. නිවන් සුව පතමි! (නි)
අනේ පවු අහිංසක දරුවා (නි)
අධ්‍යාපන චාරිකා යන විට සෑම බස් රථයක්ම භාරව දරුවකුගේ පියකු සහභාගී කර ගන්නවනේ. මමත් එහෙම ගිහින් තියනවා. ඉතින් එයාලගෙ වගකීම තම දරුවන්ට අවශ්‍ය කටයුතු කරගන්න නිසි තැන් සොයලා දෙන එක. අනතුරු සහිත ස්ථන වල නතර නොකර ඉන්න තිබුණා. (ස)
මට නම් හිතෙන්නේ මේ ළමයාගේ ආයුෂ කෙටි නිසා මේ මරණය සිද්ධ වෙන්න ඇති කියා. අපි කාගෙන් හැංගිලා හිටියත් මාරයාගෙන් හැංගිලා ඉන්න බෑ. අපේ ආයුෂ කෙටි වීමට ප්‍රධාන හේතුව වෙන්නේ සත්ව හිංසාව හා සත්ව ඝාතනය. (ස)
ගුරුගෝල සම්බන්දතා නිවැරදි දිසාවට වර්දනය කරගැනීමට කාලය පැමිණ ඇත. එසේ වුනොත් ඉදිරියට මෙවැනි දේ සිදුනොවනු ඇත. අපේ සියලු දරුවන් දෙවියන්වහන්සේ රැක බලා ගනිත්වා.(නදී)
සුළු අතපසු වීමකින් උන විපත. ළමයාගේ ජීවිතේ අපරාදේ. මෙය පළමු සිදුවීම නොවේ. ගුරුවරු මේකෙන් වත් පාඩම් ඉගෙන ගන්න ඕන කියල තමයි මට හිතෙන්නේ. අධ්‍යාපන චාරිකා යනකොට ඉන්න ඕන ගුරුවරු ගණන සිසුන් ගානට අනුව නියම කල යුතුයි. (නදී)
මේ කට්ටිය මේ ළමය නෑ කියල දැනගෙන තිබුණේ පස්සෙලු. ඉතින් මේ කට්ටියගේ නොසැලකිල්ලක් තිබිල තියෙනවා. (ස)
තාම සිද්දිය හරියට දන්නෙවත් නැතුව කට්ටිය එක එක දේවල් කියලත් ඉවරයි. හදිසි අනතුරු කොහෙත් වෙනවනේ. කොහොම උනත් මේ වගේ දේවල් වලක්වගන්න පුළුවන් දෙයක් කරන එක තමා කරන්න ඕනේ. (නදී)