IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බොදු අයිතිය රැකගන්න පාරට බහින්න හදයි

බුද්ධාගමේ චිරස්ථිතියට එල්ළ වෙතියි කියන අන්‍යාගමික තර්ජන ,කැසිනෝ සූදූ, ගණිකා ජාවාරම් ඇතුළු දුරාචාර ගැන රජයේ නිහඩ පිළිවෙත ගැන මල්වතු අස්ගිරි මහා නහිමිවරුන් හමුවේ කරුණු දැක්වීමට බොදු බළ සේනා සංවිධානය , රාවණා බලය හා ජාතික සංඝ සම්මේලන නියෝජිතයෝ  අද මහනුවට වැඩම කළහ.

බොදු බළ සේනා සංවිධානයේ  මහ ලේකම් ගලගොඩ අත්තේ ඤාණසාර , රාවණා බලයේ මහලේකම් ඉත්තෑපානේ සද්ධාතිස්ස ,ජාතික සංඝ සම්මේලනයේ  රජවත්තේ වප්ප හිමිවරුන්,  තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියනට කියා සිටියේ රජය මේ උවදුරු නැති කිරීමට ක්‍රියාත්මක නොවන්නේ නම් මහා සංඝරත්නය පාරට බසින බවයි.

‘ඔබ වහන්සේලා ශක්තිමත්. ආණ්ඩු හදන්නත් පුළුවන් . ආණ්ඩු පෙරළන්නත් පුළුවන්.’ මල්වතු මහ නා හිමියෝ  එහිදී පැවසුහ.

 

 



අදහස් (0)

බොදු අයිතිය රැකගන්න පාරට බහින්න හදයි

ශාලිකා Wednesday, 23 April 2014 03:11 PM

ආගම් වශයෙන් දෙකට බෙදිලා ඉන්න තරමට ප්‍රශ්න (දී)

:       0       0

නිම්සර Wednesday, 23 April 2014 04:42 PM

දැන් ඉතින් කැගිටියව්! නැතිනම් අපට ජාතිය ආගම නැතිවෙනවා නිසැකය.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 23 April 2014 04:15 PM

අපේ හාමුදුරුවනේ, සිංහල බොදුනුවන් වෙනුවෙන් ඔවුන්ට වන අසාධාරණයන් වෙනුවෙන් ඔබ වහන්සේලා නඟන හඩ මම අගය කරනවා.වැරදි මඟක යනවා නම්, වැරදි මඟක ගෙනියන්න හදනවා නම් මේ රජය නිසි මඟට යොමු කිරීමට කටයුතු කිරීම, අඩුපාඩු පෙන්වාදීම වගේම සුදු රෙදි ඇඳ උදේ හවා මල් වට්ටි පුදන මිතුරු වෙසින් සිට සතුරුකම් කරන මැති ඇමතිවරුන් ඇතුළු සියලු දුෂිතයන් සමාජය ඉදිරියේ හෙළිදරව් කිරීම, මුදල් මත යැපෙන දේශපාලනයේ අතුරු ප්‍රතිඵලයක් වන මේ මත් කුඩු ජාවාරම මර්දනයට රජයට බල කිරීමට කටයුතු කිරීම වගේම තිස් අවුරුදු ත්‍රස්තවාදී ශාපයෙන් රට මුදවා ගත් මේ රජය දෙස් විදෙස් එන් ජි ඕ බලපෑම් වලින් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමත් ඔබ වහන්සේලගේ වගකීමක්.අවදි වී තියෙන බොදු බලවේගය අයාලේ යා නොදී දේශපාලන මැදිහත්වීම් වලින් තොරව නිසි ඉලක්කයක් කරා මෙහෙය වන්න ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්යය වීර්යය ලැබේවා කියලා පතනවා. (නි)

:       0       0

කාෂ්මීර් Wednesday, 23 April 2014 05:03 PM

ලංකාවේ පිරිසිදු බුද්ධ වචනය දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නේ බොහොම ටිකයි. අනික් පිරිස කරන්නේ උන්වහන්සේලාට අපහාස කර කර පව් රැස් කරගෙන මේ බුද්ධ ශාසනයත් විනාශ කරලා, මිනිස්සුන්ගේ මොළ ටිකත් විනාශ කරන එක. පන්සල්වල ඉන්න ස්වාමින් වහන්සේලා හරියට මේ ධර්මය මිනිස්සුන්ට කියලා දුන්නා නම් මෙහෙම වෙන්නෙ නැහැ. අද අපේ රටේ පන්සල් ශීඝ්‍රයෙන් වැහීගෙන යනවා. ස්වාමින් වහන්සේලා සරසවි යනවා. ගිහියෝ භාවනා පන්ති තියෙනවා. මේ සේරටම මුල බුද්ධ ශාසනයේ ආයුෂ ලෙස පවතින පිරිසිදු බුද්ධ වචනයත් විනයත් බැහැර කොට,අධර්මය තුළ හැසිරීමයි. යම්කිසි දවසක මේ රටේ සියලුම ස්වාමින් වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරයිද, බුදු දුන් දේශනාකොට වදාල ධර්මයට විනයට අනුව හැසිරෙත්ද, එදාට මේ ප්‍රශ්න කිසිවක් නැත. (නි)

:       0       0

අනූ Wednesday, 23 April 2014 05:18 PM

ජාතිය ආගම වෙනූවෙන් අදහස් දැමූ අය දරුවන් කී දෙනෙක් ජාතිය ආගම වෙනූවෙන් පූජා කළාද? (නි)

:       0       0

විදූෂ් Wednesday, 23 April 2014 05:20 PM

හාමුදුරුවෝ කළ දේ අගය කරනවා (නි)

:       0       0

පෝල් Wednesday, 23 April 2014 05:23 PM

ලුම්බිනි ගේ කතාව හරියටම හරි. කවුරුවත් නීතිය අතට ගත යුතු නැහැ. අවවාද අනුශාසනා කරන්න ඕනෑ.නමුත් නිතිය අතට ගැනීම කොහෙත්ම අනුමත කළ නොහැකියි. (නි)

:       0       0

ශාන් Wednesday, 23 April 2014 05:03 PM

ලුම්බිණි ඔබ හරි (දී)

:       0       0

සම්පත් Wednesday, 23 April 2014 05:09 PM

නොදී ඉන්නවද පෝල්? තවම නිර්මල බුදු දහම පැතිරිලා තියෙන්නේ ලංකාවේ විතරයි. (නි)

:       0       0

එරංග Wednesday, 23 April 2014 06:14 PM

පටු විදිහට හිතන අය විවිද අදහස් දැරුවට අපේ ජාතිය විනාශ කරන්න කිසිම ජගතෙකුට බැහැ.(නදී)

:       0       0

ලංකාසිරි Thursday, 24 April 2014 05:29 AM

මිනිසුනේ, ඔය අදහස් වලින් කියන දේවල් මොනවා කරන්නත් බෞද්ධ අපිට රටක් ඉතුරුවෙලා තියෙන්න ඕනෑ (නි)

:       0       0

ගයාන් Thursday, 24 April 2014 06:27 AM

මෙලෙස නොබියව කිසිදු සොයා බැලීමකින් තොරව සමහරුන් මෙලෙස හැසිරෙන්නේ ඔවුන්ට බෞද්ධ අපගේ ඉවසීම ගැන විශ්වාස බැවිනි. වේගවත් ජනගහන වර්ධනයත් සමඟ නුදුරේදීම එය කරනු ඇත්තේ මීට වඩා බෙහෙවින් දරුණු විදිහටයි. (නි)

:       0       0

ලසන්ත එදිරිසිංහ Wednesday, 23 April 2014 06:18 PM

නිය‍මයි අපෙ හාමුදුරුවනෙ(දී)

:       0       0

පෝල් Wednesday, 23 April 2014 07:29 PM

සම්පත්, නිර්මල බුදු දහම එකක්. නීතිය තව එකක්. අපේ රට අද මුහුණපා තියෙන තත්ත්වය තේරුම් අරගෙන අදහස් දක්වන්න. හරි වුණත් වැරදි වුණත් අපිට තනියම ඉදිරියට යන්න බැහැ. පිටරටවල සහය ඕනෑ. (නි)

:       0       0

පෝල් Wednesday, 23 April 2014 06:47 PM

ලුම්බිනි ගේ කතාව හරියටම හරි. ආගමික නායකයින් නිතිය අතට ගත යුතු නැහැ අවවාද අනුශාසනා කරන්න ඕනේ. ඒ නිසා නිතිය අතට ගැනීම කොහෙත්ම අනුමත කල නොහැක. සෞදි වල මුතෙව්වන්ට එහෙ පොලිසි වලට වඩා බලයක් තියෙනවා. අද ලංකාව ලෝකයේ හොදටම කොන්වෙලා තියෙන්නේ ආගමික සංහිදියාවක් නැහැ කියලා , මේ වැඩ වලින් ඒක හොදට ඔප්පු වෙනවා. මේ සිද්දි හැම එකම එංගලන්තයේ කැනඩාවේ වගේ රට වල උලුප්පලා පෙන්වලා අපිව කපලම දානවා. ඊ ට පසු රට අස්ථිර උනාම කවුද බේරගන්නේ ? මේ කරන වැඩ වලින් අනවශ්‍ය ආගම් හා ජාති බේදයක් ඇති වෙන බව දැනට නොතේරුණත් පසුව හැමෝටම තේරේවි.(නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 23 April 2014 07:34 PM

ඔබ වහන්සේලා දේශපාලන වශයෙන් සංවිධානය වුණොත් පමණයි ජය ගත හැක්කේ. ඒත් ස්වාධීනව කටයුතු කරන්න. ජයවේවා! (නි)

:       0       0

සුදේශ් Wednesday, 23 April 2014 07:36 PM

ලෝකයේ එකම සිංහල බොදුනුවන් ඉන්න රටේ ආගම ජාතිය නැතීවී යනකොට කොහොමද බලා ඉන්නේ?ඉස්සර මෙහෙම කළේ නැහැ කියලා හිටියොත් අපිට අනාගතයේදී සිංහල ජාතියත් බෞද්ධ ආගමත් නැති වී යන බව සැබෑවකි. ජාතිය රන් විමනක් වේ ... ආගම මිණි පහනක් වේ... (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 23 April 2014 12:14 PM

මේ කියන දුරාචාර වලින් බුද්ධාගමේ චිරස්ථිතියට හානි වෙන්නේ කොහොමද? ගණිකා ජාවාරම් බුදුන් වහන්සේ ඉන්න කාලෙත් තිබුන. ආණ්ඩු හැදීමත් බුදු දහමත් අතර මොකද්ද තිබෙන සම්බන්ධය? මිනිසුන් බුදු දහමට අනුව ජීවත් වෙනවා නම් සහ අඩු වශයෙන් බණ කියන අය වත් බුදු දහම පිළිපදිනවා නම් කොයි තරම් දෙයක්ද? (අ)

:       0       0

සුගත්‍ Wednesday, 23 April 2014 07:39 PM

ජයවේවා !!! (නි)

:       0       0

ශෙහාන් Wednesday, 23 April 2014 12:33 PM

බුදුන් වහන්සේගේ කාලේ ඔය කියන දුරාචාර තිබ්බා කියලා බුදුන් වහන්සේ ඒවා අනුමත කලේ නැහැනේ ලුම්බිණි. බුදුන් වහන්සේ පරාභව සූත්‍රයේ දේශනා කලේ, ඉත්ති දුත්තො සුරා දුත්තො අක්ඛ දුත්තොච යෝ නරෝ ලද්දං ලද්දං විනාසේති තං පරභව මුත්තමං කියලා. ඒ කියන්නේ ස්ත්‍රීන්ට, සුරාවට, සූදුවට ලොල්වූවන් තමන් ලද සියළු දේ විනාශ කරගනිති, යන්නයි.(නදී)

:       0       0

දමිත් සුරංග Wednesday, 23 April 2014 11:50 AM

බුදු දහම රැක ගැනිම සදහා උන් වහන්සේලා කරන කැප විම දිගටම කර ගෙන යන්න සුභ පතනවා ඵ් සදහා බෞද්ධ ඹබ සැමට ඵ්කතු වෙන්න කියලා ආරාධනා කරනවා.(නදී)

:       0       0

ලෝකනාත Wednesday, 23 April 2014 11:53 AM

ලුම්බිණි, බුදු බණ පිළිපදින්නත් ඕනා තමයි. මේ රට විනාශ වෙන එක ගැනත් හිතන්න ඕනා නේද? (නදී)

:       0       0

සුදේශ් Wednesday, 23 April 2014 12:39 PM

අපිට ලුම්බිණි ගැන තීරණයක් ගන්න කාලය ඇවිත් වගේ. (ස)

:       0       0

කුමාර Wednesday, 23 April 2014 12:45 PM

සිංහල ජාතිය වෙනුවෙන් ඔබ වහන්සේලා කරන මෙහෙයට සිංහල අපේ සහයෝගය හැමදාම ලැබෙනවා.(නදී)

:       0       0

ලලිත්-ශ්‍රී ලංකාව Wednesday, 23 April 2014 12:46 PM

ඩොලර් වලින් සප්පායම් වන අය කරන මගඩි හොයන්න කතාකරන්න ඔබ වහසේලාට ශක්තිය තුනුරුවන්ගේ ආරක්ෂාව ලබේවා !(නදී)

:       0       0

ෂෙහාන් Wednesday, 23 April 2014 12:03 PM

ලුම්බිණි කියන කථාව හරියටම හරි... රාජ්‍යය පාලනය තමන්ට අදාල දෙයක් නොවන බව බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කර තියෙනවා. ඒ වගේම ජේතවනරාමේ ලගම තිබුණු ඌරුමස් මඩුව වහන්න බුදුන් වහන්සේ පාරට බැස්සේ නැහැ... එහි ආදීනව ප්‍රයෝගිකව ශ්‍රාවකයින්ට පැහැදිලිකර දුන්නා.(නදී)

:       0       0

ලාල් ජකර්තා Wednesday, 23 April 2014 08:02 PM

පටු දේශපාලන ආකල්ප නිසා සමහරු නිහඬයි.බොදු බළ සේනා සංවිධානය,රාවණා බලය හා ජාතික සංඝ සම්මේලනයට ජයවේවා! බුදු සරණයි. (නි)

:       0       0

හේරත් බණ්ඩා Wednesday, 23 April 2014 12:12 PM

ඔබ හරි ශෙහාන්. (ස)

:       0       0

ලලිත් Wednesday, 23 April 2014 01:03 PM

පෙරට පැමිණි මහියංගනයේ සැමට ජාතියේ උපහාරය ! (නදී)

:       0       0

ගාමිණී Wednesday, 23 April 2014 12:19 PM

ලුම්බිණි සහෝදරයාගේ ,කතාව යුක්ති ගරුකයි .ඒ සංහිදියාව සමහර අයට නැහැ.(නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 23 April 2014 08:30 PM

මේකෙන් වෙන්නේ බෞද්ධ අපේ අයිතීන් රැකෙන එක විතරක් නෙමෙයි ලුම්බිණි. කැසිනෝ ,ගණිකා මඩම් ,බාර් වලට යන්නේ සිංහල බෞද්ධ අය විතරද? කවුරු හරි කියනවා නම් අපේ අය ඔය වැඩ කරන්නෙ නැහැ කියලා මම සාක්කි සහිතව ඔප්පු කරනවා.ඒක නිසා මේ ක්‍රියාවට සියලු ජාතින් සහයෝගය දිය යුතුයි. බුද්ධාගමට එල්ල වන බලපෑම් වලින් බුද්ධාගම රැකගැනීමට සියලු බෞද්ධයන් පෙරට පැමිණීමට කාලයයි මේ (නි)

:       0       0

ජිලෝ Wednesday, 23 April 2014 07:58 PM

මොන බලවේග තිබුනත් නැතත්, සත්‍ය බුදුදහම ජය ගන්නවා. බුදු බණ දෙසුවා නිරන්තරේ... බුදු බණ ඇසුවා නිරන්තරේ.... ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ.... (නි)

:       0       0

දහම් Wednesday, 23 April 2014 01:16 PM

බුදුන් වහන්සේ කවරදාකවත් ජාතිය, ආගම, කුලය ‍රැකගන්න බණ කියල නෑ.එහෙම කරන්න ඕන වුණෘනම් බුදුන් වහන්සේට තරම් එය කරන්න තවත් බලයක් ඇති කෙනෙක් හිටියෙත් නෑ. උන්වහන්සේට ඕනා වුණ‍ෙ මිනිස්සුන්ට සත්‍ය වටහල දෙන්න මිසක් මේ මිනිස්සු ගහගෙන ඉන්න ලේබල් රකින්න නොවේ.තුන්කල් දක්නා නුවණ තිබුණු බුදුන් වහන්සේ මතු (බුද්ධ පරිනිර්වාණයෙ වසර 2500ක් ගිය කළ) දිනක මේ බුදු සසුන භාරතයෙන් මැකී බෞද්ධයන් නැති වී යන බව නොදැක්කාද? ශාක්‍යයන් ‍රැක ගැනීමට පෙරමුණ ගත්තාද? උන්වනසේ තම ජාතිය රට ‍රැකගන්න උපදෙස් දුන්නාද? බුදුන් වසන සමයේම සියලු ශාක්‍යයන් සමුල ඝාතනය වු බව දන්නවාද? බෞද්ධයන් බෞද්ධකම පස්වල හෝ පොත්වල නොපවතී. සත්පුරුෂයන් ඈති තැන ධර්මය පවතී. නැති තැන ධර්මය නොපවතී. හිස් මානසිකත්ව මනසින් ඉවත් කර සත්ධර්මයට හිත යොමුකර නිවන කරා යොමුවෙන්න.සිංහලයාට බෞද්ධ විය නොහැක බෞද්ධයාට සිංහලද විය නොහැක. බෞද්ධ විය හැක්කේ ජාති, ආගම්, කුල මල ඉවත දැමූ සිත නිවාගත් මිනිසෙකුට පමණි. (ස)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 23 April 2014 12:37 PM

අපේ නිහැඬියාව නිසා මෙතරම් විනාශයක් කරනවා. දැන් ඉතින් කාලය ඇවිත් තියෙන්නේ අපේ ශක්තිය පෙන්නන්ට. එකතු උනොත් අපිට කළ නොහැක්කක් නොමැත. (දිල්)

:       0       0

සමන්ත Wednesday, 23 April 2014 01:29 PM

බුදු දහමට අනුව කිසිම දෙයක් තහනම් කරන්න බෑ. හොඳ නරක තෝරාගෙන ජිවත් වෙන්න කියලා තමා බුදු දහමේ කියලා දෙන්නේ. මෙවා රට තුල තිබුනා කියලා බෞද්ධ අයට ගැටලුවක් නෑ. මෙවා තිබුනා කියලා අපේ රටට වෙන හානියක් නෑ. මුස්ලිම් රට වල රාත්‍රී සමාජශාලා තියෙනවා ඒක සංචාරක කර්මාන්තෙට ඕනේ දෙයක්. ඒවා තිබුනා කියලා ඒ රට වල කිසිම ප්‍රශ්න වෙලා නෑ. ඉතින් අපි බය වෙන්නේ මොකටද මේවා අවට.(නදී)

:       0       0

ජගත් සෞදි Wednesday, 23 April 2014 12:47 PM

මම නම් හිතන්නේ දැනටමත් පමා වැඩියි කියලා. මොකද "ලුම්බිනි වගේ" බලා හිටියා නම් අපේ රට තව ටික දවසකින් විනාශ වෙනවා. මම හිතන්නේ ලුම්බිනිට කවුරුත් නැතිව ඇති. අපිට නම් අම්මලා නංගිලා අක්කල ඉන්නවා. බුදු සරණයි! (නදී)

:       0       0

ජනක Wednesday, 23 April 2014 12:56 PM

බුදු හාමුදුරුවන්ගේ කාලේ වගේ නෙමෙයි දැන්. බුදු දහම විනාශ කරන බලවේග රාශියක් රට තුල ක්‍රියාත්මක වෙනවා. හාමුදුරුවරු නායකත්වය ගත යුතුමයි. වාරියපොළ පරපුරේ නිර්භීත හිමිවරුන්ට අපගේ උපහාරය. (නදී)

:       0       0

චතුර Wednesday, 23 April 2014 12:59 PM

ඔය කොයිකටවත් කවුරුවත් කාවවත් බලෙන් ගෙනියන්නේ නෑ, රට තුල දැනටමත් කැසිනෝ තියනවා, ඒවාට මිනිස්සුන්ව උස්සන් ගිහින් දාල නෑ. එක නිසා ඒවායේ අදීනව මිනිස්සුන්ට කියල දෙනවා මිසක්, ඔහොම බලෙන් ඕව නවට්ටන්න බෑ. ඔය ටික තේරුම් ගන්න කන් ඉතින් ප්‍රශ්න තමයි. (නදී)

:       0       0

පිටිගල Wednesday, 23 April 2014 01:20 PM

ජගත්ට තේරෙන දේ ලංකාව ඇතුලේ ඉන්න අයට තේරෙන්නේ නැත්තේ මොකද?? අපිටත් අපේ රට අගෙයි. බුදුන්ගේ කාලෙත් එක්ක සසදන්න ගියොත් නම් අපට රටක් නැතිවේවි. සර්ව සුභ වාදී වෙන්නේ නැතුව පොඩ්ඩක් ගැඹුරින් හිතා බැලුවොත් තේරේවි අද අපේ රටට වෙන්න යන්නේ මොකක්ද කියලා.අපි දැනටමත් පමා වැඩියි. ඒක තමයි ඇත්ත. (ස)

:       0       0

තාරක Wednesday, 23 April 2014 01:22 PM

දහම්, ඔබගේ සැබෑ නම දහම් නම්, එය ඔබට තියපු කෙනා හරියටම තුන් කල් බලල ඒක කරල තියෙනවා. ඔබ කියන දේ මේ මෝඩ මිනිසුන්ට තේරෙන්නේ නෑ. සිංහල බෞද්ධයන් මේවා මනස්ගාත. නියම හා බෞද්ධයන් ලෝකේ කොහේ හිටියත් එයාලගේ ආගමත් බෞද්ධ, ජාතියත් බෞද්ධ, කුලයත් බෞද්ධ. ඔබේ අදහස හරි වටිනවා. (ස)

:       0       0

රේමන්ඩ් Wednesday, 23 April 2014 01:28 PM

වනාන්තර එළි කරන්නේපා නැත්නම් ජල උල්පත් නැතිවේ කිව්ව පමණට පෘථග්ජන මිනිසුන් පිළිගනීද??? බහුතරයකගේ යහපත සදහා එය නැවැත්වීමට නීති ක්‍රියාත්මක කළ යුතුය. දුරාචාර සදහා ද එය සත්‍යකි. (ස)

:       0       0

අසේල Wednesday, 23 April 2014 01:40 PM

පාරට අපි බැහැගන්නම්, ඔබ වහන්සේලා පන්සල රැකගන්න. (ස)

:       0       0

ගයාන් Wednesday, 23 April 2014 02:38 PM

සැබෑ බුද්ධ පුත්‍රයෝ මිනිසුන් වෙනස් කරන්නේ ශ්‍රී සද්ධර්මය නමැති අමා පැන් වලින්. අතින් පයින් නෙමෙයි. මේ වගේ වැඩ වලින් බුද්ධ ශාසනය රැකෙන්නේ නැහැ. වැනසෙන එකයි වෙන්නේ. (ස)

:       0       0

හේමන්ත Wednesday, 23 April 2014 01:56 PM

සිව්වනක් පිරිසම තම තමන් විසින් බුද්ධ දේශනාවට සහ විනයට අනුව ප්‍රතිපත්ති ගරුකව කටයුතු නොකරන නිසා ශාසනය විනාශ වෙනවා. ව්‍යවස්ථාවේ ලියා ඇති නමුත් රජය ශාසන චිරස්ථිතිය සඳහා තායිලන්තයේ මෙන් මැදිහත්ව කටයුතු නොකිරීම වත්මන් අර්බුද වලට එක් ප්‍රබලම හේතුවකි. රාජා භවතු ධමමිකෝ. (ස)

:       0       0

ජයන්ත Wednesday, 23 April 2014 01:58 PM

මේ ස්වාමින් වහන්සේලා මේ කරන දේ වෙනුවෙන් සිංහල අපගේ ප්‍රණාමය !!! (ස)

:       0       0

සුජී Wednesday, 23 April 2014 09:11 PM

ඔක්කොම කට්ටිය ලුම්බිණි කියන දේ හරිය වැරදිය කියා කියා ඉන්නකෝ තව අව්රුදු දහයක් යනකොට ඔය බුද්ධාගමට ගරහන්න ලුම්බිණි කියල නම දාගෙන ඉන්න මොහොමඩ්ලා අපිට පන්සලකටවත් යන්න දෙයිද කියල? ඒ අය බෞද්ධයන්ට විතරක් සර්ව ආගම. ඔය කියන එක මුස්ලිම් මනුස්සයෙක් කියනවද එයාලගේ පළාත් වලට ඇවිත් සිංහලයන්ට පදිංචි වෙන්න කියල සිංහල ජාතිය ගැන කතා කරන්න මෙහෙමවත් සංවිදාන තියෙන එක කොච්චර දෙයක්ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 65 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 94 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1557 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1309 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 257 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31637 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23783 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site