මහා සංඝරත්නයට අපහාසාත්මකව කතා කිරීම පිළිබඳව දින හතක් ඇතුළත ප්‍රසිද්ධියේ සමාග ගත යුතු යැයි සඳහන් ලිපියක් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ත්‍රෛනියාකියක භික්ෂු බල මණ්ඩලය ජනාධිපතිට ද පිටපත් සහිතව බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති එම් කේ ඒඩී එස් ගුණවර්ධන මහතා වෙත යවා තිබේ.
භික්ෂු බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී අග්බෝපුර විමලඥාණ නාහිමියන්ගේ අත්සනින් යුතුව ලිපිය යවා ඇත.
‘පොලිස් නිලධාරීන් සිවුරට යටත් නොවී කටයුතු කරන ලෙස ජනවාරි 31 වැනි දා අග්බෝපුර නව පොලිස් ස්ථානය විවෘත කළ දින කළ කතාවෙන් සංඝරත්නයට අපහාස කර ඇතැයි ඒ හිමියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම මොකද්ද මෙතන වෙලා තියෙන අසාධාරණය කියලා සොයා බලා කටයුතු කරන්න (දී)
එතකොට සිවුර ඇඳගෙන මොනවා කරත් පොලිසියට නිකන් ඉන්ඩ ද කියන්නේ ?? (ස)
තරහව, ආවේගශිලිත්වය යනු " මෝහයෙන් පටන්ගෙන පසුතැවීමෙන් අවසන් වන දෙයකි". (නි)
නම ශාන්ත වුණාට ශාන්තගේ අදහස් වල කිසි ශාන්තබවක් මට නම් පෙනෙන්නෙ නැහැ. ඔය වැනි අදහස් ඇති අය ඉන්නාතුරු රටක් , ළමයි හදන්න බැහැ කියලයි මම නම් කියන්නේ. (නි)
සාමාන්‍ය මිනිස්සුන්ටත් වඩා අපේ සමහර හාමුදුරුවරු ආවේගශීලි වෙලා වගෙයි පෙනෙන්න තිබෙන්නේ. (නි)
අනේ! නැති ප්‍රශ්න ඇති කරන්න එපා. කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තිබෙන බව අපි දන්නවා. ඉවසීම, කරුණාව පතුරවාලන්න . එවිට රට මීට වඩා ලස්සන වේවි. (නි)
නීතිය කාටත් පොදු විය යුතුයි. ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය වර්තමාන සමාජයේ වෙන දේවල් බැලූවිට කාලෝචිතයි යනු මගේ විශ්වාසයයි. (නි)
නීතිය කාටත් සාධාරණ විය යුතුයි. සිවුරටවත්, ලෝගුවටවත් වෙන කිසිවකටවත් යටත් නොවිය යුතුයි. කාටවත් යට වෙන්න ඕනෑ නැහැ. ඒකෙ වැරැද්දක් මම නම් දකින්නේ නැහැ. (නි)
රට කොයිබට යන්නේ මට නම් නොතේරෙන්නේ (දී)
අනිවාර්යයෙන් සමාව ගත යුතුයි. හාමුදුරුවන්ට අපහස කරන අයට දඩුවම් දිය යුතුයි. (ස)
ආගම් සංහිදියාව බොහොම වැදගත් දෙයක් (දී)
අපහාසය වෙලා කියල බැලූ බැල්මට පේනවා .'(අ)
පොලිසිය මේ වෙලාවේ අපක්ෂපාතීව, කිසිවෙකුටවත් යටත් නොවී නිවැරදිව කටයුතු කළ යුතුයි. (නි)
වරදක් කළා නම් සමාව ගතයුතුයි. (නි)
දින හත ඉවර වුනහම හාමුදුරුවෝ එතුමාගේ අතේ පිරිත් නුලකුත් බඳී. අන්තිමට වෙන්නේ ඒක.(නදී)
සිවුරට නොවේ කාටවත් යට නොවී හැම රාජ්‍ය නිලදාරියෙකුටම වැඩ කරන්න ඉඩ දෙනවා නම් කොච්චර හොඳ ද ? ඕනෑම කෙනෙක් රටේ නීතියට අනුව කටයුතු කල යුතුයි.(නදී)
පල්ලියට ,පන්සලට ,කෝවිලට වෙනම නීතියක් ලංකාවේ තියෙනවද? (නදී)