IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


බාර් ලයිෂන් ලයිස්තුව මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර  4570 ක් නිකුත් කර ඇතැයි  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

වර්ග 25 ක් යටතේ මෙම මත්පැන් බලපත්‍ර ලබාදී   ඇතැයි පැවසූ සියඹලාපිටිය මහතා මෘදු  මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 538 ක්  මෑත භාගයේ නිකුත් කෙරුණු බවද   සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ අතර ස්ටිකරය සැක සහිත මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය කාලයේදී අත්අඩංගුවට ගත් බවත් ඒ අතරේ හොර ස්ටිකර් සහිත මිලි ලීටර් 180 බෝතල් ( කාලේ බෝතල්) 43776 ක්  ඇති බවත්   ඔහු සඳහන් කළේය.

මෙම නීති විරෝධී ක්‍රියාව වෙනුවෙන් කෝටි පහකට වැඩි දඩ මුදලක් නියම කර ඇතැයිද  රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

රජය මත්පැන් ප්‍රවර්ධනය නොකරන බවත්  සියයට 75 ක බදු අය කරන්නේ ඒ නිසා බවත්  සියඹලාපිටිය මහතා කීවේය.

මේ අතර මත්පැන් බලපත්‍ර සංචාරක කලාපවලට සීමා කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (3)

බාර් ලයිෂන් ලයිස්තුව මැතිසබයට

පුරවැසියෙක්.... Thursday, 07 September 2023 01:06 PM

බාර් ලයිෂන් කරුවන්ගේ නාම ලේඛනය ඉදිරිපත් කළ හැකිද...?

:       2       21

Bamunuarachchi Friday, 08 September 2023 09:46 AM

තමන්ගේ නම දාන්න භය පුරවැසියා බාර් ලයිසන් කාරයින්ගේ නම් ඉල්ලනවා. මේවා ලංකා විහිළු.

:       0       1

Mh Mohan Thursday, 07 September 2023 04:06 PM

ඕවායින් වෙන්නේ අපේ මිනිස්සු බොන්න ඇබ්බැහි වෙන එක විතරයි. එන සමාජ සහ සෞඛ්‍ය ප්‍රශ්න කොහොමද? හොඳම දේ බාර් ලයිසන් තහනම් කරලා සංචාරකයින්ට පමණක් දෙන එක...

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්
2025 අප්‍රේල් මස 16 809 1

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.


සුව ඇමති මහ නාහිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 16 221 1

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.


තෝරදෙණියගේ පැමිණිල්ලට ඉන්ද්‍රානන්දට කොන්දේසි සහිත වාරණයක්
2025 අප්‍රේල් මස 16 1030 1

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා


ජනපති කාර්යාලය වැඩ අරඹයි
2025 අප්‍රේල් මස 16 467 0

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්


ඉන්ධන විදුලි බලාගාර 21 දා දක්වා වැසෙයි
2025 අප්‍රේල් මස 16 536 1

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව


කොළඹ උප කුලපති පුටුවේ වැඩ බලන්න මහාචාර්ය සේනක රාජපක්‍ෂ පත් කරයි
2025 අප්‍රේල් මස 16 937 1

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 319 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 989 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site