තුන්නානේ දී කපා දැමු රබර් ගසකට යට වී මිය ගිය බොරැල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ අවමඟුල පොලිස් ගෞරවාචාර මැද කොළඹ කනත්තේදී සිදු විය.
තුන්නානේ දී කපා දැමු රබර් ගසකට යට වී මිය ගිය බොරැල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ අවමඟුල පොලිස් ගෞරවාචාර මැද කොළඹ කනත්තේදී සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවමංගල්‍යයට බොහෝ ප්‍රභූන් පැමිණි නිසා සාමාන්‍ය ජනතාවට හිමිවුණේ දෙවන තුන්වන තැන්. අපත් අවට පදිංචිවෙලා හිටියට මළගෙදර ගිහිල්ලා ආවා විතරයි. (දී)
දුක හටගැනීමට හේතුව එය නැති කිරීමේ මාර්ගය අපේ බුදු හාමුදුරුවෝ පෙන්නලා දීල තියෙනවා. ඒ වගේම ප්‍රශ්නයත් ප්‍රශ්නය ඇතිවීමට හේතුවත් එය නැතිකිරීමේ මාර්ගයත් අදාල බලධාරීන් දන්නවා. රජතුමාට පවා පේනවා. නමුත් ගතයුතු ක්‍රියා මාර්ග නොගෙන "මර්දනය" නමැති අදාල නොවන ක්‍රියා මාර්ග වලට ගිහිල්ල අහිංසක ජීවිත ගණනාවක් නැති කරලා ප්‍රශ්නේ ඔඩු දිව්වට පස්සේ පොඩ්ඩක් එලියට බැහැල බලනවා මොකක්ද කියලා.(නදී)
මිනිසුනේ දැන්වත් හිතපල්ලා මීහරක් වගේ බොරු කුලප්පුව කොයිතරමි හානිකරද කියලා.(නදී)
බන්දුල මහත්තයෝ, ජනතාව අතරේ නම් ඉතින් පොලීසියට තැනක් නෑ. පොලීසිය උත්සහ දරන්න ඕනේ ජනතාවගේ හිත දිනාගන්න. (අ)
විද්‍යා...මේ අහිංසක බිරිඳට මේ පොලිස් නිලදාරියා වෙඩි තිබ්බ ඔයාට මතක නැතිද?
මෙයාට ගමන් බලපත්‍ර දෙකක් තිබිලා. කවුරුත් ඒ ගැන දන්නෙ නෑ වගෙයි. (දී)
පොලිසියෙන් ගුටිකාලා මරුන අහිංසකයෝ කොච්චර ඉන්නවද අඩුගානේ හරියට අවසන් කටයුතු කරන්නවත් දෙන්න (දී)
නම ලංකා උනාට කිසිම සංකා වක් නැතිව ඔහොම කියන්න එපා.ඉන්ටෙර්නෙට් එකෙන්වත් බලන්න ජන ගඟ. එතුමාට නිවන් සුව!(දී)
කකුලට වෙඩි වැදුන කෙනා මෙතන ඉන්නවද ???(දී)
ලංකා, ඔබගේ සිත වෛරයෙන් පිරී ඇති බවක් පෙනේ. ඔබගේ අදහස ගැන ඔබම ලජ්ජාවට පත්විය යුතුයි. ඔබට යම් කෙනෙකුගේ මරණයක් සම්බන්දව මෙවැනි ආකල්පයක් මතුවෙනවට වඩා ඔබ, ඔබ මිය ගිය දිනයක අඩුම ගනනේ සතර දෙනෙකුගේ කරපිටින්වත් යන්ට පුළුවන් විදියට යහපත් සිතිවිලි ඇතිව ජීවත් වෙන්ට මෙත් සිත පහළ වේවා !!! ඔබට තෙරුවන් සරණයි !! දෙවි පිහිටයි !!! ප්‍රසාද් මහතාට අමා මහා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (දී)
පොලිසියේ මළ ගෙදරකට හමුදා උත්තමාචාර වෙඩි මුර දෙන්නේ කවදා ඉදලද ? (නදී)
අපිට නම් පැහැදිලියි මොහු ගැන.(නදී)
නිවන් සුව ලැබේවා.(ත)
බන්දුල පෙරේරා මහත්තයෝ දිට්ට දම්ම වේදනීය කර්මය කියන්නේ මේකට තමයි. (නදී)
ඔබ කවුද කියා මා නොහදුනමි.., එහෙත් ඕ.අයි සි මැතිදුණි, ඉක්මන් කෝපය මුල් කරගෙන සිදු කල මේ විපතට ඔවුන් නුදුරු දිනයක වන්දි ගෙවාවී. ඔබට නිවන් සුවය පතන්නේ අන් කල හැකි කිසිවක් නොමැති බැවිනි.., යලිත් මේ ලක් පොලාවේම උපත ලබත්වා'' (නදී)
අපේ රටේ සදාචාරය කියන එක පහලටම බැහැල ඒකනේ මේ වගේ අපරාද? (නදී)
නිවන් සුව ලැබේවා (දිල්)
අපේ රටට හොඳ පොලිස් නිලධාරියෙක් නැති වුණා. (ත)
තවත් එඩිතර කොල්ලෙක් අපිට නැති වුණා. (ත)
මිනිසකු මියයාම ගැන අපගේ කණගාටුව. හලාවතදි වෙඩි තියා මරපු අය ගැනත් කතා කළ යුතුයි නේද? (ත)
අපි නිවන් සුව පතමු. හැබැයි මෙයාගේ වැඩ ගැන ටිකක් කියවලම බලන්න. එතකොට නිවන් යනවා නම් මුළු රටම යන්න ඕනෑ.(නදී)
කනගාටුයි මේ සිදුවිම ගැන. ඒත් නිතියක් නැති රටක මේ වාගේ කොචිචර ජිවිත අපට නැති කරලා තියනවද? ජනතාව මෝඩයෝ තමයි කුඩු කාරයොයි කසිප්පු කාරයොයි මිනිමරුවොයි පාර්ලිමේන්තුවට යවලා දැන් විදවනවා. දැන්වත් ජනතාව කල්පනා කරලා වැඩ කරනවා නම් හොදයි. අපේ පොඩි දරුවන්ට අනාගතයේදි රටක් තියෙන්න ඕනැ.(නදී)
බොහොම නිහතමනී නිලදාරියෙක්.පොලිසියට සිටිය හොද නිලදරුවෙක් අවසන් ගමන් යනවා.මොහු ගියේ රාජකාරියකට.මිනිස්සු නීතිය අතට ගත්තම මෙහෙම දේවල් වෙනවා.(දී)
මෙය කෙසේ වූවත් පොලිසියේ උසස් අයගෙ වැරදි නිසා නරුමයන් උන අය කොතෙකුත් ඉන්නවා (දී)
තමන් දෙවිවරු කියල හිතන රජයේ නිලධාරීනට මේවා හොඳ පාඩම් සෙනග පොලිසියෙන් විතරයි වගේ පෙන්නේ ජනතාව මොහුව බල්ලට දමල .මේවා කාටත් හොඳ පාඩම් (දී)
ලංකා මහත්තයෝ.. පත්තරේ ඔක්කොම සෙනග දාන්න බැහැ..රුපවාහිනී සේවා තියෙන්නේ වැඩි විස්තර බලා ගන්න.(අ)
මොනතරම් අපරාදයක්ද ? (නදී)
මේ මියගිය නිලදාරියව බල්ලට දාන්න හදන කෙනත් බල්ලෙක් මිසක් වෙන මොකෙක්ද? (නදී)
රටේ ජනතාව දැනගන්න ඕනි පොලිසියට දිල තියෙන රාජකාරියට උදවු කරනවා මිස රාජකාරි අවුල් නොකර ඉන්න. මෙය ඒකට හොදම නිදසුනකි.(නදී)
ඇයි මේ ලංකාවේ නමටත් අපහාස වෙන කතා කියන්නේ? මැරුණු මනුස්සයෙකුටවත් ගරු කරන්ඩ නොදන්නා නරුමයෝ.(නදී)
බන්දුල මහත්තයා කීවට ටීවී එකෙත් සෙනඟක් නෑ. පොලීසියේ අය විතරමයි.(නදී)
අපේ රටේ බුද්ධිමතුන් නැති එකේ ප්‍රතිපල. අහිංසක දරුවන් සහ බිරිඳ.(නදී)
තුන්නානට පොලිසි 25කින් නිලදාරීන් යැව්වේ කව්ද. එහෙ ප්‍රබාකරන්ගේ අවතාරේ ඉන්න ඇති.(නධී)
බන්දුල පෙරේරා කොහොමත් කඩේ යන කෙනෙක්නේ.(නදී)
නිවන් සැප ලැබේවා (දිල්)
ඔය ලංකා කියන කෙනා ඉපදිලා තියෙන්නේ තමිල්නාඩුවේද ? (නදී)
උතුම් මිනිසෙකු ශ්‍රී ලංකා භූමියට නැතිකළ ඒ දේශපාලන පාපතරයන්ට ඇස් පනාපිටම සාපවේවා! ඔබ ශ්‍රී ලංකා භූමියේම මිනිස් ජිවිතයක් ලබා නැවත ඉපදේවා! (නදී)
දරු දෙන්නා සහ බිරිදට විතරයි. පාඩුව අනිත් අය සේරම දුක් වේවි. තාත්තා තාත්තා, තාත්තා අඩුව පිරිමැසිය හැකිද.(නදී)
සූ ගාල සෙනග.(නදී)
අයියෝ අපිත් කාපු කට්ටක් මේ මරණෙට ගිහින්. අපිව බලෙන්මයි ගෙන්න ගත්තේ. ලංකාවේ හැම පොලිසියකින්ම වගේ මෙම මරණෙට සහභාගි වීම අනිවාර්ය කරලා තිබුනා. මගේ අම්මට අසනීපවෙලා බෙහෙත් ගන්න යන්න තිබුන නිවාඩුවත් අවලංගු කරලා දැම්මා. (නදී)
අනේද කියන්නේ බන්දුල මහත්තයෝ ජෙප්පන්ට ඒකවත් තේරුම් ගන්න අමාරුයිනේ.(නදී)