IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බීලා බස් එළවූ රියැදුරාට ජීවිතාන්තය දක්වා බලපත්‍රය අවලංගු කරයි

(සුමිත් පොතුපිටිය)

මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කළ  රියදුරකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා අද නියම කළේය.

ඊට අමතරව රුපියල් 40,0000 දඩයක් ද නියම කළේය. 

මෙසේ දඬුවම් නියම වූයේ වේදනයගම් ඇඩ්වින් නිමල් නමැති බස් රියැදුරකුටය.

පෞද්ගලික ආයතනයක සේවකයන් පිරිසක් රැගෙන පානදුර දෙස සිට කළුතර දෙසට ධාවනයවූ බසය පානදුර නල්ලුරුව ප්‍රදේශයේදී නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු වෙතින් මත්පැන් දුඟදක් හැමූ බැවින් පොලිස් භාරයට ගෙන  සිදුකල පරීක්ෂාවකදී මත්පැන් පානය කර සිටී බවට තහවුරු වූ පොලිසිය අධිකරණයට දැන් වූය.

ඒ අනුව මගීන්ගේ ජිවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් තරයේ අවවාද කිරීමෙන් පසු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දඩුවම් නියම කෙරිණි.

 



අදහස් (7)

බීලා බස් එළවූ රියැදුරාට ජීවිතාන්තය දක්වා බලපත්‍රය අවලංගු කරයි

Suneth Thursday, 27 March 2025 10:20 PM

නියම උණ ගැනෙන තීන්දුව. ගංජා, අයිස්, හෙරොයින් ඩ්‍රයිවර්ලටත් මේකම කරන්න. නැත්තම් මේ අය හැදෙන්නෙ නැහැ.

:       0       14

ගුණරත්න Thursday, 27 March 2025 10:31 PM

උසාවියේ තීන්දු විවේචනය කරන්න යන්නේ නැහැ මම. නීතිය දැඩිව ක්‍රියාත්මක වීම හොඳයි. කලින් ගාල්ලේ අනතුරක් කරපු බස් රියදුරෙක්ගේ බලපත්‍රය තහනම් කලාම ඒ මිනිහා වෙනත් පලාතකින් බලපත්‍රයක් අරගෙන ඒ බලපත්‍රයෙන් රියපදවා බරපතල අනතුරක් කළා, එක තමයි අර ආරක්‍ෂක විශ්වවිද්‍යාල බස් අනතුර. ඉතින් ඒ වගේ හිල් වහනවා නම් හොඳයි.

:       0       16

Nandalal DE SILVA - FranceFriday, 28 March 2025 03:31 PM

අපේ රටේ තිබෙන රියදුරු බලපත් ක්‍රමය මෙන්ම අනිකුත් රජය ලිපි ලේඛන ආදිය නිකුත් කිරිම මුළුමනින්ම වැරදියි.. මා පදිංචි රටේ මෙහෙම ක්‍රමයක් නෑ ... තාම පදිංචි ප්‍රදේශයෙන් ලබාගන්න රියදුරු බලපත්‍රය මුලු රටටම වලංගු වෙන අතර කුමන හෝ හේතුවක් මත හෝ එය අවලංගු කළ විට ජාතික පරිගන පද්ධතියට ඇතුළත් කරනවා ඉන්පසුව වැරදි කරන රියදුරන්ගේ බලපත්‍ර පරික්ෂා කරවා ගැනීමට පොලිසියට හැකි වෙනවා... අපේ ශ්‍රී ලංකාව මාරම රටක් හැම තැනම හිල් ඒවා අස්සෙන් රිඟා යන්න ඕන කෙනෙක්ට පහසුවෙන් තිබෙන රටක්....

:       0       11

Neel Friday, 28 March 2025 04:07 AM

ගරු අධිකරණයට අපගේ ගෞරවය පුද විය යුතුය.

:       0       18

වන්නකු Friday, 28 March 2025 06:40 AM

බීලා වාහන එලවන සෑම රියෙදුරෙකු ගේම රියදුරු බලපත්‍රය ජීවිත කාලයටම තහනම් කරනව නං හොදයි

:       0       18

මංජුල Friday, 28 March 2025 11:56 AM

මේක සාධාරණ ද කියල දැන ගන්න තව නඩුවක් දාන්න වෙනවා

:       14       7

කමනි Saturday, 29 March 2025 03:58 PM

මෙන්න බීලා එලවන කෙනෙක්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 763 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site