බරපතල ගණයේ අපරාධ නඩු 122 ඉකුත් මාස 3 ඇතුළත විභාග කර තීන්දු දීමට බලපිටිය මහාධිකරණය විනිසුරුට හැකි වී යැයි ලේඛකාධිකාරී ඩබ්ලිව්. සුනිල් චන්ද්‍ර මහතා කියයි.
මොහාන් සෙනවිරත්න නව විනිසුරු 2014 ජනවාරි 01 වැනි දින සිට මාර්තු 30 වැනි දා දක්වා විභාග කළ නඩු සංඛ්‍යාවේ ඉහළ ප‍්‍රවණතාවයක් ඇතැයි නීතීඥවරු ද පොලිස් නිලධාරියෝ ද කාර්ය මණ්ඩල සේවකයෝ ද කියති. ඇතැම් දින වලදි උදෑසන 9.30 ට ආරම්භ වන නඩු සවස 6.30 දක්වා විභාග කැරෙයි.
බලපිටිය මහාධිකරණ ඉතිහාසයේ අඩු කාල සීමාවකින් වැඩිම නඩු සංඛ්‍යාවක තීන්දු තීරණ ලබාදුන් ප‍්‍රථම අවස්ථාව මෙය බව අධිකරණ සේවකයෝ කියති.
1982 වසරේ සිට 2007 වසර දක්වා කාලයේ බරපතල ගණයේ අපරාධ නඩු අතර මිනී මැරුම් මංකොල්ල ,කෑම් , ස්ත‍්‍රී දුෂණ ,මත්කුඩු ජාවාරම් ,ගිනි අවි ළග තබා ගැනීම් , අපයෝජන සිද්ධී හා රථවාහන අනතුරු 661 අතරින් නඩු 127 විභාග කර තීන්දු දී ඇත.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා නඩු අහන විදිය දන්නවනම් කවුරුත් මෙහෙම කියන නැහැ...එතුමා මිනිස්සු බය කරනවා වරද පිළිගන්න කියල...මිනිස්සු වරද පිලිගන්නවා (දී)
ඔබතුමා රටට ආදර්ශයක්. ජනතාවගේ මුදල් අපතේ යන්නේ නෑ. (ස)
මේ රටේ අපරාධ වැඩි වෙන්න ප්‍රධානම හේතුව සාධාරණය ඉටුවන්නට කල්ගත වීමයි.වැඩිපුරම මිනී මරන්නේ ඉඩම් නඩු වලට.ඒවා දිග්ගැසිලා විසඳුමක් ජීවිත කාලය තුල ලබන්නට බැරි බව දැනෙන නිසා මරාගන්නවා.දෙවනුව දිග්ගැසෙන නඩු නිසා අපරාධකාරයෝ ඇප ලබා එළියේ නිදැල්ලේ හැසිරෙනවා. මේවා දකින අනිත් අයත් අපරාධ කරන්නට භය නැති වෙනවා.මොහාන් සෙනවිරත්න විනිසුරුතුමනි, ඔබ වැනි තව 10-12 දෙනෙක් රටට හිටියොත් මේ රට බොහෝ යහපත් වෙනවා.එහෙත් නඩු දිග්ගස්සමින් සල්ලි ගරන කළු කෝට් මාෆියාව ඔබව අමාරුවේ දාන දිනය ගැන සැළකිල්ලෙන් සිටින්න. (නි)
හොඳ වැඩක්. මේවා කරන්න පුලුවන් දේවල්. නමුත් වැරදි තීරණ දෙන්න පුළුවන්. පරෙස්සමෙන්, සුබ අනාගතයක්. දිගටම කරගෙන යන්න. මම ඔබගේ පන්ති යාලුවෙක් ඉංජිනේරු දහනායක. (ස)
අනේ! අනෙක් විනිසුරුතුමන්ලාටත් මෙහෙම හිතන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද? (නි)
හැමෝම මෙහෙම වුණා නම්.... (ස)
විනිසුරුතුමාට අපේ සුභ පැතුම්! (නි)
සමන් ළමයෝ,බලපිටියේ උසාවිය තිබුණට අහළ පහළ අම්බලන්ගොඩ, කරන්දෙනිය, ඇල්පිටිය අපරාධ නඩු එන්නේ බලපිටියටම තමයි. ඕනෑ වැඩකාරයෙක් සුද්ද වෙලා යන්නේ බලපිටියෙන් කියලා දැනගත්තොත් හොඳයි (නි)
විනිසුරුතුමාට ප්‍රණාමය!! (නි)
කොහොම ඇහුවත් අහලා ඉවර කරන්න පුළුවන් වෙයි කියල හිතෙනවද බලපිටියේ නඩු? (දී)
ඔන්න නියම විනිසුරුවෝ. කිසි කෙනෙකුගේ කාලේ නාස්ති නොකර නඩු ඉක්මනට තීන්දු දීලා ඉවර කරලා දානවා. හැබැයි ඔය ක්‍රමයට අකමැති කොටසකුත් උසාවි වල ඉන්නවා. (ස)
මේ වගේ උසාවි 5ක් ලංකාවට තිබුනානම් නියමයි (දී)
අනිත් අයටත් මොකද මෙහෙම කරන්න බැරි? ලෝකෙන්ම නඩු ඇසීමේ මන්දගාමීම රට ලංකාවයි. අපරාධ වැඩිවීමට මෙයද රුකුලකි (නි)
කාල කළමනාකරණයේ අවශ්‍යතාවය ඉතා මැනවින් වටහාගෙන ඇති උගත් බුද්ධිමත් විනිසුරුතුමෙක්. එතුමා රාජකාරී ලිපි ලේඛන මත වැතිරී සැතපෙන රජයේ නිලධාරීන්ට මාහැඟි ආදර්ශයක් දී ඇත. (නි)
නමුත් එවැනි අවංක දක්ෂ විනිසුරුවරුන්ට ඊනියා මහජනතාව කොපමණ කලක් ඉන්න දේවිද කියලා දන්නේ නැහැ.අත්දැකීමෙන් නම් මෙතන ඔය හොඳ කියපු පිරිස්ම තමයි වළ කපන්නේත්. ඒ නිසා එතුමා ප්‍රවේශම් වුණොත් හොඳයි. (නි)
ඔබට අපගේ ප්‍රණාමය! (නි)
හොඳ ප්‍රවණතාවයක්. හොඳ ආදර්ශයක්. උත්තරීතර කැපවීමක්. (ස)
හඳෙ ප්‍රවණතාවයක්. විනිසුරු තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අවංකව සේවයට කැපවූ උදවියට මගේ ප්‍රණාමය!!! (ස)
එහෙම තමා බලපිටියේ අපේ වැඩ. (ස)
දියුණු වෙන රටක මෙවැනි දේවල් වෙන්න ඕන. (ස)