IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බලපිටි මහාධිකරණය වාර්තාවක් තියයි

බරපතල ගණයේ අපරාධ නඩු 122 ඉකුත් මාස 3 ඇතුළත විභාග කර තීන්දු දීමට බලපිටිය මහාධිකරණය විනිසුරුට හැකි වී යැයි ලේඛකාධිකාරී ඩබ්ලිව්. සුනිල් චන්ද්‍ර මහතා කියයි.

මොහාන් සෙනවිරත්න නව විනිසුරු  2014 ජනවාරි 01 වැනි දින සිට මාර්තු 30 වැනි දා  දක්වා විභාග කළ නඩු සංඛ්‍යාවේ ඉහළ ප‍්‍රවණතාවයක් ඇතැයි නීතීඥවරු ද පොලිස් නිලධාරියෝ ද කාර්ය මණ්ඩල සේවකයෝ ද කියති.  ඇතැම් දින වලදි උදෑසන 9.30 ට ආරම්භ වන නඩු සවස 6.30 දක්වා විභාග කැරෙයි.

බලපිටිය මහාධිකරණ ඉතිහාසයේ අඩු කාල සීමාවකින් වැඩිම නඩු සංඛ්‍යාවක තීන්දු තීරණ ලබාදුන් ප‍්‍රථම අවස්ථාව මෙය බව අධිකරණ සේවකයෝ කියති.

1982 වසරේ සිට 2007 වසර දක්වා  කාලයේ  බරපතල ගණයේ අපරාධ නඩු අතර මිනී මැරුම් මංකොල්ල ,කෑම් , ස්ත‍්‍රී දුෂණ ,මත්කුඩු ජාවාරම් ,ගිනි අවි ළග තබා ගැනීම් , අපයෝජන සිද්ධී හා රථවාහන අනතුරු 661 අතරින් නඩු 127 විභාග කර තීන්දු දී ඇත.

 

.



අදහස් (0)

බලපිටි මහාධිකරණය වාර්තාවක් තියයි

සේරම් Wednesday, 02 April 2014 04:46 PM

හොඳ ප්‍රවණතාවයක්. හොඳ ආදර්ශයක්. උත්තරීතර කැපවීමක්. (ස)

:       0       0

සඳුන් Thursday, 03 April 2014 03:08 PM

ඔබතුමා රටට ආදර්ශයක්. ජනතාවගේ මුදල් අපතේ යන්නේ නෑ. (ස)

:       0       0

මාරා Wednesday, 02 April 2014 05:42 PM

ඔබට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

කුමාර Wednesday, 02 April 2014 05:42 PM

නමුත් එවැනි අවංක දක්ෂ විනිසුරුවරුන්ට ඊනියා මහජනතාව කොපමණ කලක් ඉන්න දේවිද කියලා දන්නේ නැහැ.අත්දැකීමෙන් නම් මෙතන ඔය හොඳ කියපු පිරිස්ම තමයි වළ කපන්නේත්. ඒ නිසා එතුමා ප්‍රවේශම් වුණොත් හොඳයි. (නි)

:       0       0

මෙවන් Wednesday, 02 April 2014 05:46 PM

කාල කළමනාකරණයේ අවශ්‍යතාවය ඉතා මැනවින් වටහාගෙන ඇති උගත් බුද්ධිමත් විනිසුරුතුමෙක්. එතුමා රාජකාරී ලිපි ලේඛන මත වැතිරී සැතපෙන රජයේ නිලධාරීන්ට මාහැඟි ආදර්ශයක් දී ඇත. (නි)

:       0       0

මුදිත Thursday, 03 April 2014 06:39 AM

විනිසුරුතුමාට ප්‍රණාමය!! (නි)

:       0       0

රුවන්පුර Thursday, 03 April 2014 08:09 AM

සමන් ළමයෝ,බලපිටියේ උසාවිය තිබුණට අහළ පහළ අම්බලන්ගොඩ, කරන්දෙනිය, ඇල්පිටිය අපරාධ නඩු එන්නේ බලපිටියටම තමයි. ඕනෑ වැඩකාරයෙක් සුද්ද වෙලා යන්නේ බලපිටියෙන් කියලා දැනගත්තොත් හොඳයි (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 02 April 2014 07:38 PM

අනිත් අයටත් මොකද මෙහෙම කරන්න බැරි? ලෝකෙන්ම නඩු ඇසීමේ මන්දගාමීම රට ලංකාවයි. අපරාධ වැඩිවීමට මෙයද රුකුලකි (නි)

:       0       0

නිරංජන Thursday, 03 April 2014 09:12 AM

විනිසුරුතුමාට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

නිහාල් Thursday, 03 April 2014 09:19 AM

හැමෝම මෙහෙම වුණා නම්.... (ස)

:       0       0

නිහාල් Thursday, 03 April 2014 09:21 AM

අනේ! අනෙක් විනිසුරුතුමන්ලාටත් මෙහෙම හිතන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

දහනායක Thursday, 03 April 2014 09:47 AM

හොඳ වැඩක්. මේවා කරන්න පුලුවන් දේවල්. නමුත් වැරදි තීරණ දෙන්න පුළුවන්. පරෙස්සමෙන්, සුබ අනාගතයක්. දිගටම කරගෙන යන්න. මම ඔබගේ පන්ති යාලුවෙක් ඉංජිනේරු දහනායක. (ස)

:       0       0

ජෙරාඩ් Wednesday, 02 April 2014 09:11 PM

මේ වගේ උසාවි 5ක් ලංකාවට තිබුනානම් නියමයි (දී)

:       0       0

මනෝජ් සංක Wednesday, 02 April 2014 09:19 PM

එතුමා නඩු අහන විදිය දන්නවනම් කවුරුත් මෙහෙම කියන නැහැ...එතුමා මිනිස්සු බය කරනවා වරද පිළිගන්න කියල...මිනිස්සු වරද පිලිගන්නවා (දී)

:       0       0

සමිත් Wednesday, 02 April 2014 09:27 PM

කොහොම ඇහුවත් අහලා ඉවර කරන්න පුළුවන් වෙයි කියල හිතෙනවද බලපිටියේ නඩු? (දී)

:       0       0

සත්‍යපාල Thursday, 03 April 2014 11:58 AM

මේ රටේ අපරාධ වැඩි වෙන්න ප්‍රධානම හේතුව සාධාරණය ඉටුවන්නට කල්ගත වීමයි.වැඩිපුරම මිනී මරන්නේ ඉඩම් නඩු වලට.ඒවා දිග්ගැසිලා විසඳුමක් ජීවිත කාලය තුල ලබන්නට බැරි බව දැනෙන නිසා මරාගන්නවා.දෙවනුව දිග්ගැසෙන නඩු නිසා අපරාධකාරයෝ ඇප ලබා එළියේ නිදැල්ලේ හැසිරෙනවා. මේවා දකින අනිත් අයත් අපරාධ කරන්නට භය නැති වෙනවා.මොහාන් සෙනවිරත්න විනිසුරුතුමනි, ඔබ වැනි තව 10-12 දෙනෙක් රටට හිටියොත් මේ රට බොහෝ යහපත් වෙනවා.එහෙත් නඩු දිග්ගස්සමින් සල්ලි ගරන කළු කෝට් මාෆියාව ඔබව අමාරුවේ දාන දිනය ගැන සැළකිල්ලෙන් සිටින්න. (නි)

:       0       0

රණතුංග Wednesday, 02 April 2014 02:54 PM

ඔන්න නියම විනිසුරුවෝ. කිසි කෙනෙකුගේ කාලේ නාස්ති නොකර නඩු ඉක්මනට තීන්දු දීලා ඉවර කරලා දානවා. හැබැයි ඔය ක්‍රමයට අකමැති කොටසකුත් උසාවි වල ඉන්නවා. (ස)

:       0       0

රොෂානි Wednesday, 02 April 2014 02:59 PM

දියුණු වෙන රටක මෙවැනි දේවල් වෙන්න ඕන. (ස)

:       0       0

සිල්වා Wednesday, 02 April 2014 03:05 PM

එහෙම තමා බලපිටියේ අපේ වැඩ. (ස)

:       0       0

රෝයි Wednesday, 02 April 2014 03:54 PM

හඳෙ ප්‍රවණතාවයක්. විනිසුරු තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අවංකව සේවයට කැපවූ උදවියට මගේ ප්‍රණාමය!!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 352 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2546 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1960 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 208 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1203 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1317 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26877 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23509 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site