මහනුවර අස්ගිරියේ පොලිස් නිල සුනඛ මඟුල් උත්සවයේදී සුනඛ ජෝඩු පෝරුවට නැන්වීම සිංහල සංස්කෘතිය බරපතල ලෙස සරදමට ලක් කිරීමක් බව සංස්කෘතික ඇමැති පී බී ඒකනායක මහතා කියයි.
‘අප දන්නා තරමට සිදුහත් කුමරා හා යශෝදරා දේවිය අතර පෝරුවේ චාරිත්‍ර සිදු වුණා.එවැනි ගාම්භිර හා මිනිස් ජීවීතයේ ඉතා වැදගත් හා සුවිශේෂි අවස්ථාවක් ලෙස හෑල්ලුවට පත් කිරීම බරපතල සිද්ධියක්.’
මේ ගැන සොයා බලන ලෙස පොලිස්පතිගෙන් ඉල්ලා සිටින බවත් ඇමැති පවසයි.
සිංහල සංස්කෘතියේ පාරිශුද්ධ මංගල වස්තු ලෙස හදුන්වන පොල් මල පුන්කලස, ගොක් කොළය පමණක් නොව මල් යොදා පොලිස් සුනඛයින් වෙනුවෙන් පෝරු තැනීම අනුමත කළ නොහැකි බව ඇමැති කියයි.
‘වසර දෙදහස් පන්සීයකටත් වඩා ඉතිහාසයක් පෝරුවට ඇත.’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් කාරයෝ දන්නා සංස්කෘතියක් තියෙනවද? (නදී)
ඕකද මිනිස් පුනරුප්පත්තියක් වෙන්න පුලුවන්.(නදී)
ඔව්වා මොනවද ඇමති තුමා අර අහවල් තැනක ඉදල මට්ටු උන අය වැදගත් ඇමති කම් කරන රටක.(නදී)
දැන් ලංකවේ හැම දෙයක්ම බල්ලට ගිහින් තමයි ඇමති තුමෝ ගණන් ගන්න එපා (නදී)
පොලීසියේ නම රැකගන්න දීපු උත්සාහයක්ද?(නදී)
රතුපස්වල සිද්දියටත් මේ වගේ ඇමති ප්‍රතිචාර ඉක්මන් උනානම් අර අහිංසකයෝ 3න් දෙනා ජීවතුන් අතර. ඒත් අපි බල්ලෝ තරම් වටින්නේ නැහැනේ.(නදී)
එතුමාට අයිතියක් නැහැ ඔව්වට මොනවත් කියන්න. මතක නැද්ද කොළඹ හටන.(නදී)
පොලිස් කාරයෝ බල්ලට ගිහිල්ලා. පොලිස් කාරයෝ ඒරොප්පෙන් ආපු අය නොවෙයි. මෙහෙ ගමේ ගොඩේ කොල්ලෝ නමුත් පොලීසියට බැඳුනට පසුව ඒගොල්ලන්ට ආවෙ කොහෙන්ද කියල අමතක වෙලා. සල්ලි ලැබෙනවානම් ඕනෙම බලුවැඩක් කරන ජාතිය.(නදී)
ඇමති තුමනි. බොහොම හොද කතාවක්. මම නම් ඔය පුටුවේ ඉන්නේ මම අදම එ ගැන පරීක්ෂණයක් පවත් වීමට නියෝග කරන අතර ඔය නිලධාරීන්ගේ (අ)වැඩ තහනම් කරනවා. මම ඔබ තුමාට අභියෝග කරනවා නියම සංස්කෘත ඇමතිවරයෙක් විධිහට මීට අවශ්‍ය කටයුතු කරාවි කියල. ,නිකන් කියෙව්වට විතරක් මදි. (අ)
කාලෙකට ඉස්සර කවුද සුපර් මාකට්ටුව කඋඩ තට්ටුවක ඉදලා අහුවුනාළු. ගනන් ගන්න එපා.(නදී);
රටට ආදරය කරන මුළු ඇඟ පුරාම දේශප්‍රේමය ආලේපනය කර ගෙන සිටින බහුතරය මේ පොල් මල,ගොක් අත්ත,පුන් කලස ,බල්ලට ගිය කියල ගණන් ගන්නේ නැහැ .අනිත් එක රටේ මත කුඩු,කැසිනෝ,ගණිකා නිවාස,අපරාධ ,මේ සියලු දුරාචාර වලින් රටේ සංස්කෘතිය,සදාචාරය,සහ සභ්‍යයත්වය ,කොහොමත් බල්ලට දාලනේ තිබුනේ.ඉතුරු ටිකත් අද මේ මගුලෙන් බල්ලටම දාල ඉවර කළා. (අ)
හදිසි ආපදාවකදී මිනිස් ජීවිත බේරන්න දිවිදෙන මේ සතුන්ට දැන්ම උපහාර දෙන එක කොච්චර හොඳද ? මේ පුන් කලස් තියල රට කන දෙස පාලුවන්ට ගරු නම්බු දෙනවට වැඩිය. (අ)
මොනවා කරන්නද ඇමති තුමා,අපිටත් හිතට දුකයි අපේ රටට ,සංස්කෘතියට මොකද මේ වෙන්නේ ,මොනවද මේ කරන්නේ කියල.ර(අ)
ඉන්න ඇමතිවරු ගැනේ හැටියට සමහර ඇමතිවරුන්ට මෙහෙම වත් චාන්ස් එකක් එන්න ඕනේ මොනවහරි කියන්න. නැත්නම් මහජනතාව දන්නේ නැහැ මේවගේ ඇමතිවරු ඉන්නවද කියලවත්. බල්ලෝ කීවට දැන් ඉන්න මිනිස්සු කරන වැඩ දිහා බලපුහැම ඊට වැඩියේ දහස් ගුණයක් හොද ගතිගුණ තියන වටිනා ජාතියක්. අපේ සංස්කෘතිය රෙද්ද පල්ලෙන් හැලෙන කාලේ මේ. වතුරෙන් වට කරපු දුපතේ දෙන්නෙක්ව සාක්කියට අත්සන් කරන්න ගන්නයි තිබුනේ. රටම කනවා පලා බබ්බු කියල ජාතියක් ඒගැන කතා කරන්න එක ඇමතියෙක් වත් නැහැ.(අ)
ගණන් ගන්න එපා ඇමති තුමෝ. අපි නොදැන බල්ලෝ කොච්චර පෝරුවල නගිනවද මේ රටේ. මේකෙන් සංකේතවත් කලේ ඒ දේ කියල හිතාගන්න.. කෙල්ලෝ අමාරුවේ දාල පොලු තියල පවුල් කඩාකප්පල් කරලා ළමා අපයෝජන කරලා ඔය සමහර බල්ලෝ මොකුත් නොදන්නා අහිංසක මහත්තුරු වගේ පෝරුවල නගින්නේ..තියෙන හැම දහ දුරා වැඩක්ම කරලා දෙකට ගනින්න බැහැ වගේ ඔය බැල්ලියෝ ඕන තරම් පොරුවල නගින්නේ. ඔබ තුමා ඕකට සද්දේ දාල මේ අසමජ්ජාතින්ගෙන් අර පරන සිද්දි අද්ද ගෙන හත්පොලේ ගාගන්න යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න.(නදී)
චීන සංස්කෘතියට අනුව නම් මේක එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ. සිංහල සංස්කෘතිය කෙමෙන් කෙමෙන් දිය කර චීන සංස්කෘතිය ඉස්මතු වීමක් මෙහිදී පෙනී යන්නේ, කොහොම වුනත් දැන් බල්ලන්ට රටේ වැදගත් තැනක් තැනක් හිමි වීම විශේෂත්වයක්.(නදී)
මේකෙන් විතරක් ලංකාවේ සංස්කෘතිය විනාශ වෙන්නේ නැහැ. තව කොච්චර දේවල් නම් තියෙනවාද ඒවත් නවත්තන්න එහෙනම් (දී)
ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත (දී)
මෙම ගියොත් රට වල පල්ලේ (දී)
අද පෝරුවට නගින ගොඩක් අයට වැඩිය මේ බල්ලෝ රටට සමාජයට සේවයක් කරනවා. (දී)
සුද්දන්ව බොරුවට පෝරුවට නග්ගවන්නේ එහෙනම් (දී)
මන් නොදන්නා හින්දයි අහන්නේ අලියෙක් දළදා කරඬුව ගෙන යන එක හොඳද ? බල්ලත් සත්ව ගණයට අයත් නේද ?(නදී)
එතකොට අර මැඩම්ගේ පොට් එකට ගිය එක සනස්කෘතියට ගැලපෙනවද?(නදී)
ඇමතිතුමනි, ඔබ තුමාට බල්ලෙක් පෝරුවට නග්ගුවම හිතට සෑහෙන දුක හිතෙනවා සංස්කෘතිය පිරිහෙනවා කියලා. ඔබ තුමාට දුකක් දැනිල නැද්ද ආගමික නායකයෝ ඒ වගේම බල්ලන්ටත් පහල ඉන්න සමහරක් දෙපාවෝ බාල අපරාද ඒ වගේම සංස්කෘතිය නැති කරන වෙනත් අපරාද ගැන. මම හිතන්න ඒවා ගැන ඔබ තුමාට ඒ කියන්නේ සංස්කෘතිය ගැන වැඩි දැනුමක් නැතිව ඇති. කමක් නැහැ ඔබතුමාට කාලය තියෙනවා සංස්කෘතිය ගැන ඉගෙන ගන්න පස්සේ ඔයා ඒවාට අවශ්‍ය පියවරගන්න අපි බලාසිටිනවා හොදේ. (නදී)
ඇමතිතුමෝ...... අපේ රටේ පෝරු වර්ග ගොඩක් තියනවා. මඩ පෝරුව, සකපෝරුව ආදී ලෙස. මගුල් පෝරුව, සිංහල සිරිතක් නොවෙයි. ඉන්දියාවෙන් කොපිකරපු එකක්. ඵ්නිසා මොන බල්ල නැග්ගත් ගැටලුවක් නෑ. බල්ලට ටයි, කෝට් ඇන්දුවත් කමක් නෑ.(නදී)
මතක තිය ගන්න , ලෝකේ තියෙන දරුණු අපරාද සොයල දෙන්නේ මේ අහිංසක සතා බව. එතකොට අපේ අය කියන්නේ, නුබ නිවන් දකින්න කියලා.(නදී).
ඔය තියෙන්නේ මහා තැන වලින්ම . මේ පොඩි අපි කිව්වට කිසි ගතියක් නැහැ නේ.(නදී)
සංස්කෘතික ඇමැතිට හොයනවම් බලු ප්‍රශ්ණ නැතිව නොපෙනෙනවා වගේ ඉන්න ප්‍රශ්ණ ගැන බලන්න? දන්නේ නැත්නම් මාධ්‍ය හරහා ඉල්ලීමක් කරන්න අපි කියන්නම් (බලමු එතුමාගේ ප්‍රතිචාරය). කිව්වත් වැඩක් වෙයිද, බල්ලනම් කෙලෙහිගුණයට නගුටවත් වනනවා, මෙතන වැරුද්දක් වෙලා නැහැ. මේක ලොකුවට ගන්න එපා. (නදී)
මේකත් ආශ්චර්ය අලංකාර කරන තවත් සුවිශේෂී අංගයක්ද ?නැති නම් රටේ යථා ස්වරුපය සංකේතවත් කිරීමක්ද ?සශ්‍රීකත්වයේ සංකේතය වන පුන්කලස බලු මගුලක් සඳහා යොදා ගැනීමෙන් බල්ලට යන්නේ රටේ සශ්‍රීක භාවය නොවේද ?(නදී)
මේක බලු මගුලක් නිසා බැරි වෙලාවත් මනමාල බල්ලා ප්‍රේමාන්විත හැගීමකින් සිහින් හඬින් කොඳුරා කලසට සුළු දිය පාරක් දැම්ම නම් මොකද වෙන්නේ?(නදී)
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු!(නදී)
අනේ මහත්තයො (මෙයාට මේ ආමන්ත්‍රනය සුදුසුද මන්දා) පාර්ලිමෙන්තුවෙ එකට ඉන්න අය සහ එයාලගෙ පුතාල සංස්කෘතිය කෙලසන විදියට මේක සුලු දෙයක්. ඈත්තටම ඒව දන්නෙම නෑද්ද නද්දාර? කවුද රෙදිත් නෑතිව ජරා තෑනක ඉන්දල අහුවෙලාලු නේද? ඔබතුමා ඈමති විදිහට ඒ ගෑන මොකද කියන්නෙ?
කමක් නෑ බනින්න දෙයක් නැහැ.(නදී)
ඕකම තමා මමත් කියන්නේ ඇමතිතුමෝ.(නදී)
ගණන් ගන්න එපා,නවි පිල්ලේ නෝනා ඇවිත් ඉන්න වෙලාවේ රටේ මිනිස්සු මානවහිමිකම් ,රතු පස්වල මිනි මැරුම්,මාධ්‍ය නිදහස, කතා කරන්න ඕනේ නැහැ කියල පොලිසිය අපට කතා කරන්න තමා අද මේ මගුල සුදානම් කලේ. (දී)
ගණන් ගන්න එපා,නවි පිල්ලේ නෝනා ඇවිත් ඉන්න වෙලාවේ රටේ මිනිස්සු මානවහිමිකම් ,රතු පස්වල මිනි මැරුම්,මාධ්‍ය නිදහස, කතා කරන්න ඕනේ නැහැ කියල පොලිසිය අපට කතා කරන්න තමා අද මේ මගුල සුදානම් කලේ. (දී)
අපෝ ඔයිට වඩා හොයන්න දේවල් ලංකාවේ තියෙනවා (දී)
අත්තටටම මේ අදහස කාගේද?බල්ලන්ගේනම් වෙන්න බැහැ.වරිගය බෝ කරන්න මෙච්චර වියදම් කරන්න ඕනේ නැහැ කියල කවුරුත් දන්නවා. ලැස්ති කරපු අය නොදන්නවා උනාට. (දී)
බල්ලොත් එක්ක නිදාගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙයි ... (දී)
මේක මානව හිමිකම් උල්ලංගනය කිරිමත් . වහාම කමිටුවක් පත් කරන්න. හැබැට දැවැද්දට එහෙම මොනවා දුන්නද දන්නේ නැහැ (දී)
ජිනා මැඩම්ගේ මඩම සංස්කෘතියට හිතකරද දන්නේ නෑ. නොදන්න කමට අහන්නේ (දී)
දැන් රටට මොකද වෙලා තියෙන්නේ (දී)
ලංකාවේ මිනිස්සුන්ට දැන්නම් හොදටම පිස්සු වගේ
ඇත්තට ...පොලිස් සුනකයෙක් කියන්නේ...උතුම් සේවයක් කරන කෙනෙක් ... එම සුනකයටත් ජීවිතේ වැදගත් අවස්ථාවන් සිදුවෙන්නේ උත්තමාචාර මැදින් වීම එහි නිලයේ ඇති ගරුත්වය ...! මේ සැමදෙනාගේම අදහස් දැක්කම මට ගොඩක් සත්ටුයි ඒවා කියවල ලොකු ආස්වාදයක් ලැබුවා ...අපේ සංස්කෘතිය කියවන්න එනවා...?..එයාල ඒවා නැති කලාට කමක් නැහැ ...? ඒ සුනකය කොයි තරම් වැදගත් විදියටද ..ඒ පෝරුවේ හිටියේ ...? ඔබ දෙපලට මගේ සුබ පැතුම් ....!
මේ ඇමති වරයව..පිට රටකට එක්කන් ගිහින් සතියකට ...පොලිස් සුනක පුහුණුව දීල එවන්න ඕන ..?.එතකොට තේරෙනවා, ඉව එහෙම අල්ලන හැටි..පුහුණු කරනවා (අ)
මම දන්නැති නිසයි අහන්නේඒ බල්ලන්ව ඒ ගෙනාපු රටේම බන්දල ගෙනාවනම් හොඳ නැද්ද. (අ)
මේ සුනඛයෝ දික්කසාද නොවෙන නිසා පෝරුවේ නැග්ගුවට කමක් නැහැ නේද? (අ)
ගරු ඇමතිතුමනි, ඉදිරියටවත් මෙවනි සුළු දේවල් ගැන ප්‍රකාශයක් කිරීමෙන් වලකින්න. මෙවෙනි ප්‍රකාශයන්ගෙන් තමාට අවාසියක් වෙනවා මිස වාසියක් නොවේ. මිලයන 20ක් ජීවත්වෙන රටක සමහරුන්ට පමණක්, වැරදි යයි පෙනෙන ක්‍රියාවන් සුලු ජන කොටස් විටින් විට කරන්නේය. ඔය හැම එකකටම නිල ප්‍රකාශ කිරීමට තරම් ඔබගේ නිලය පහත තැනක නැත. මේ මගේ ලිපිය හැම දේශපාලකයන්ටම වැදගත් වේවා.(නදී)
රටේ ඉන්න හොර තක්කඩි පෝරුවට නග්ගලා අතපැන් වක්කරලා මගුල් කන එක හොදයි රටට සේවයක් කරන එම සතුන්ට සැලකීමක් කරන එක හොද නැහැ.(නදී)
පොලිස් කාරයෝ කියන්නේ හොඳ නරක තේරෙන ජාතියක් නොවන බව ඇමති තුමා නොදැනිම පුදුම දෙයක්. බල්ලෝ ටික ඕක දන්නවනං පෝරුවට නගින එකක් නැහැ.(නදී)
දැන් ඉන්න ඇමතිලාට වඩා මේ බල්ලො රටට වැඩක් කරනවා.(නදී)
මේක පුදුම වෙන්න දෙයක් නැහැ දැන් බල්ලට රට ගියා. රට බල්ලට ගියා.(නදී)
කව්ද ඔය ඇන්තනි කියන මෝඩ කතා ලියන කෙනා. මොකක්ද කියපු කතාව අලියෙක් කරඬුව අරගෙන යන එකයි බලු හනිමුන් එකයි එකක්ද?(නදී)
බල්ලෙකුට තරම් වත් මොලේ නැති ඇමැතිවරුත් ඉන්නවනේ හැබැවටම පින් කරපු බල්ලොන්ට ඉරිසියා කරන්න එපා මේ බල්ල පොලිසියට රටට සම්පතක්..(අ)
බල්ලොත් එක් බැහැ (අ)
පෝරුව බල්ලන්ට දීල අපි බලුකුදුවට යන්න තම වෙන්නේ..(අ)
විශ්ව කීර්තියට පත්උනූ ආනන්ද කුමාරස්වාමි ( මාවත) මකල දාල වෙන නමක් දාපු එක මොන සංස්කෘතියටද දන්නේ නෑ අදාල වෙන්නේ ? අපි නොදන්න ශ්‍රී ලංකාවේ සංස්කෘතිය.(අ)
ගණිකා මඩම් වල ඉඳල අහුවෙලත් ඉහලම පුටුවල ඉන්න අය ගැන අපිට තියෙන්නේ පිළිකුලක්. පොලිස් සුනකයින්ට පොලිසිය කල උපහාරය ගැන අපිට නම් ඇත්තේ ප්‍රසාදයක්. ඔය වැදි බන කියන අයට වඩා, පොලිස් සුනකයින් ගෙන් පොලිසියටත් ලංකාවේ නීතිගරුක පුරවැසියන්ටත් ප්‍රශංසනීය සේවාවක් ඉටු වෙනවා. (අ)
කැසිනෝ ගෙනාපුවහම සංස්කෘතිය රැකෙනවාද ඇමැතිතුමනි, බල්ලන්ට කොහෙද සල්ලි නේද? මාර සංස්කෘතික ඇමැතිකෙනෙක්නේ? හොදයි ඔහොම යං. (අ)
පොලිසිය බල්ලට ගිය බව තේරුම් ගන්න මේක හොදටම ඇති නේද? මගේ උගත් මතතුනේ. පොලිසිය බල්ලට ගියා, (අ)
මේ රටේ හැමෝම කරන්නේ සංස්කෘතියට ගැලපෙනදේවල්ද?(අ)
ඇමති තුමා, එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වුණ කාරීයා - දෙකක් කඩතොළු සදා දුන්නේ ඉදුරුවේ ආචාරියා.(අ)
ඇමතිතුමා කොහෙහරි ඉදල පොලොසියට මාට්ටු වුනෙයි (අ)
දෙවැනි ගමන කවදාද (අ)
අද රටේ ඕවා මොනවාද ? (නි)
පුංචි බණ්ඩා අයියේ, කලබල වෙන්න එපා. ඕකනේ අපිට තුන්වන ලෝකේ මිනිස්සු කියන්නේ (නි)
බල්ලන් පෝරුවට නැග්ගවිමෙන් වීමෙන් වෙන හානියට වඩා. බලන්නටත් අන්ත මිනිසුන් දේශපාලනයට පැමිණීමෙන් වෙන හානිය කතා කරමු. පොලිස් බල්ලන් රටට වැඩදායක ඉමහත් සේවයක් කරති. බල්ලන් පාගා ගන්නේ නැත. බල්ලන් ස්වාමියට ඉතා කිකරුය. මුදල් වෙනුවෙන් ස්වාමියා පාවා දෙන්නේ නැත. (නි)
අයියෝ! බල්ලොත් පුටු උඩ. (නි)
බල්ලන්ගෙන් වෙන සේවය නොදැන මේ කතා කරන්නේ. (නි)
හරි දේ ඍජුව ප්‍රකාශ කළාට ස්තූතියි. (නි)
මෙතන අදහස් දාන බොහොම දෙනෙක් එක්කෝ ඇමතිට බනිනවා. නැත්නම් සමහර මිනිස්සු බල්ලන්ට වඩා නරකයි කියලා බල්ලන්ව මගුල් පෝරුවට නැග්ගවීම හරියි කියනවා. කවුරු කිවුවත් බැලිය යුත්තේ මේ මනුස්සයා කියන දේ හරිද කියන කරුණයි. සිංහල සංස්කෘතියේ ප්‍රධාන සංකේත වන පුන්කලස, ගොක් කොළ, පොල්මල් ගැන බොහොම දෙනෙක් හිතන බව පෙනෙන්නේ ඒවා නිකම්ම නිකම් කලගෙඩි, පොල්කොළ කියලයි. ජාතික අනන්‍යතාවය ගැන කිසිම අවබෝධයක්, හැගීමක් නැති, ඒ විදිහට හිතන මිනිස්සුන්ට බල්ලත් එකයි, මිනිහත් එකයි. (නි)
බුදුරදුන්ටත් අකුරු උගැන්නුවේ ගුරුවරු. ඒ හඬ ගුරුවරුන්ට භක්තියෙන් සළකන එක වසර 2500 පුරාවට අපේ සංස්කෘතියේ තිබුනා. එහෙම ගුරුවරු දණගස්සනකොට සිංහල සංස්කෘතිය අමතක වුනාද? අනෙක පිරිමි ගුරුවරයෙක් නම් කමක් නැහැ. (නි)
කාලෙකින් බන්දුල මහත්තයා අර්ථවත් දෙයක් ලියලා තියෙනවා. බොහොම ස්තූතියි. (නි)
මහනුවර අස්ගිරියේ නිල සුනඛ අංශයේ සංස්කෘතික උප අංශයේ තවත් ජාතික මෙහෙවරක්.. (නි)
අසරණ මිනිස්සුන්ගෙන් රටේ පවතින යථාර්තය මතකයෙන් ඇත් කරවන්න ලේසි වෙන එකක් නැහැ. (නි)
තිරිසනාට ජිවත් වීමට නිතියක් නොමැත (නි)
මේක දැක්ක ගමන් මට වෙන එක්කෙනෙක්ව මතක් වුණා (නි)
කුසුම්, මෙතැනදී කියන්න ඕනෑ දේ හරියටම කියලා තියෙනවා. මිනී මරුවෝ, හොරු, කුඩුකාරයෝ, බහු විවාහ කර ගත්ත අය, මාල කඩපු අය, දිනපතා රටේ නීති, මැතිවරණ නීති කඩන අය, පෝස්ටර් ගසමින් රටම අපවිත්‍ර කරන අය, මහජන මුදල් හොරා කන අය ,කොටින්ම කිසිදු හෘද සාක්ෂියකින් තොරව රට විනාශ කරන පිරිස සිටින්නේ කොතනද? (නි)
බලු මනාල සහ මනමාලියට අත්සන් කළ අය කවුද? (නි)
බල්ලට ගිය රටක්! (නි)
අද වෙන වැඩ වල හැටියට මේ බල්ලො රටට කරන සේවය විශිෂ්ටයි. (නි)
බලු වලිගය බැහැ උණු පුරුකේ දමාවත් ඇදය හරින්න. තිරිසනාට ජිවත් වීමට නිතියක් නොමැති බව නොදන්නෙහිද? (නි)
මෙහෙමත් පොලිසි වැඩ! (නි)
මේකට කොච්චර වියදම් කළාද? (නි)
අනේ ඇමතිතුමනි, ඕක මොකක්ද රටේ වෙන දේවල් වල විදියට. එක අතකට මිනිස්සු අපේ සංස්කෘතිය කනකොට පොලිසිය කරලා තියෙන්නේ හොඳ වැඩක් බල්ලෝ හරහා හරි සංස්කෘතිය අනාගත පරපුරට ඉතුරු කරන්න පුළුවන් (නි)
ලෝකයේ වෙන රටවලත් පොලිසියට බල්ලෝ ඉන්නවා.නමුත් මෙහෙම වැඩ නොමැත (නි)
සමහර මෝඩ ප්‍රතිචාර දැක්කහම මේ පොලිසියේත් ඉන්න ඇත්තේ ඒ වගේම කෙනෙක් බව හිතෙනවා. (නි)
සහතික ඇත්ත ඇමතිතුමනි.මේවා ආයෙත් නොවෙන්න වගබලා ගනිමු (නි)
වන්නිලා ඇත්තන්ටත් පොල්ල තිබ්බ රටේ ඕක මොකද්ද ඇමතිතුමෝ.(නදී)
හැබැයි ඉතින් ඇමති තුමාලට වඩා හොඳ බලු මහත්තුරු ඉන්නවා!(නදී)
පව් බැල්ලියෝ ටික රංඩු වෙයි දැන්.(නදී)
මේ මෙයානේද අර අවුරුදු 90 ක ආච්චි දුෂණය කරපු කෙනා හංගගෙන හිටියා කියන්නේ. එතකොට සංස්කෘතියට මොකද දන්නේ නෑ උනේ.(නදී)
බල්ලන්ට මගුල්. කොල්ලන්ට වෙඩි. පින් පඩි ගෙවන්නත් බල්ලන්ටම කියන්න. අලි බඩවල් දෙකක්ම පේනවා නිකන් කන තරම. (නදී)
පොලිසිය කොයිබට ගොස් ඇති බවද මෙමගින් ඔප්පුවෙන්නේ? (නි)
වසර 2500 කට වඩා ඉතිහාසයක් ගණිකාවන්ටත් ඇත. ඒ නිසා එය සංස්කෘතියට හානියක් නොවේ, නැද්ද ඇමතිතුමා? (දී)
ඒක නෙමෙයි, ඇමතිතුමා, අර කොටට අඳින්න බැහැ කියලා ගේන්න හදපු නීතියට මොකද වුනේ? (දී)
මේක කරපු අයව ගෙදර යවමු
ඔබතුමාගේ කතාව සම්පුර්ණයෙන්ම අනුමත කරනවා. ජනතාවගේ මිතුරා වෙන්න ඉන්න පොලිසිය කරන ලද වැඩය හිරිකිතයි. (නි)
බල්ලොත් එක්ක බැහැ..... (ස)
සිංහල ජාතියට ගරහන අය කොච්චර ඉන්නවද මේ රටේ? අදහස් වලිනුත් ඔය පෙනෙන්නේ (නි)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (ස)
ගණන් ගන්න එපා. ලංකාවේ බල්ලෝ කොහොමත් බහුලයි (නි)
අනේ කරුණාකරලා ඔය පෝරුව පරෙස්සම් කරලා අරන් තියන්න. (නි)
ගරු ඇමති තුමනි, විශේෂ නිරීක්ෂණයක් පවත්වලා මෙයට සම්බන්ද වූ, සංවිධානය කල, සියලු නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න. (දී)
පොලීසිය කරපු වැඩේ අගය කළ යුතු වේ. (නි)
අයියෝ ලංකාව (දී)
අපේ සංස්කෘතිය කාල කොච්චර කල්ද (දී)
බන්දුල පෙරේරා මොකද කවදාවත් නැති විදියේ ප්‍රකාශයක් කරලා තියෙන්නෙ.. පැත්ත මාරු කරලා වත්ද, නැත්නම් තමන්ගේ වරිගය පෝරුවේ නන්වපු එක විවේචනය කරපු හින්දද? (ස)
මට නම් හරි පුදුමයි. මේ අදහස් දාන ගොඩාක් අය මෙතුමා කියා තිබෙන දෙය ගැන හිතන්නේ නැතුව වෙන වෙන දේ ලියල තියනවා. මමත් නුවර කෙනෙක්. නුවර පොලිසියේ මේ වගේ අභූත මානසිකත්ව තියන අය ඉන්නවා කියලා මම නම් කවදාවත් හිතුවේ නෑ. ඔබතුමා හරි. මේ පිලිබඳ නොපමාව කටයුතු කරන්න. (ස)
ඔව් දැන් ඉතින් මේක තමයි සංස්කෘතියට වැදිලා තියෙන බලවත්ම පහර , ඔය කියන කෙනා කරපුවා බැලුවහම ඉතින් ලංකාව මෙහෙම තියෙන එකත් පුදුමයක්. (ස)
ඇමති තුමනි වෙවැනි කෝලම් වැඩ කරන තැනට මහනුවර යොදාගන්න දෙන්නන එපා (දී)
මේවාට නිරපරාදේ සල්ලි වියදම් කරන්න එපා (දී)
අපේ අය හොරෙන් පැනල යන එකේ බල්ලෝ හරි පෝරුවට නග්ගන්න පොලෝසිය ගත්ත උත්සාහය වැරද්දක් නේ කියලත් හිතෙනවා කොල්ලෝ (දී)
මටත් කියන්න තියෙන්නේ බන්දුල පෙරේරා කිව්ව දේම තමයි. දවසකට පාසල් යන වයසේ දැරිවියන් අතරේ කොතරම් ගබ්සා ප්‍රමාණයක් සිදු වෙනවද?ඒවා ගැන හොයලා උත්තර දෙන්න. (නි)
අපේ හෙළ සංස්කෘතියේ නගර සෝභිනියෝ කියලා ජාතියක් හිටියලු. එහෙම තැනකට යන එක හෙළ සංස්කෘතියට අනුකූලයි. එහෙම ගිය උදවිය යන්න ඇත්තේ ඒ සංස්කෘතිය පවත්වාගෙන යන්න වෙන්නැති. (ස)
බලු පුට්ටු. (ස)
මං හිතනේ හිතා මතා මේ ටික අහගන්නම තමා මේක කරන්න ඇත්තේ ..පොලිසියට අපහස කරගන්න පොලිසියටම ඕන වෙලා වගේ.. (ස)
මේ වගේ දේවල් නැතුව හැකිනම් අපේ කාන්තාවන් අතර අපේ ඔසරිය ප්‍රචලිත කරන්න ව්‍යාපෘතියක් පටන් ගන්න. අද ගෙදරට ඔසරි අඳින්නේ ඉතාම සුළු කාන්තාවන් පිරිසක්, මමත් ඇතුළුව. ඉදිරි කාලයේ නැත්තටම නැති වේවි. ඒ ගැන හරි දුකක් තියෙන්නේ.නැත්නම් ගෙදරට ඔසරි අඳින කාන්තාවන් අනාගතේ ඉන්නේ ටෙලිනාට්‍යවල විතරක් වේවි. (නි)
ඔබතුමා හරි. (නි)
සංස්කෘතිය ගැන විතරක් කතා කරන්නේ ඇයි? (නි)
රජගෙදර හැදුවත් පොලීසියේ හැදුවත් බල්ල බල්ලාමයි. (නි)
රට බල්ලට ගිහින්... (නි)
ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගැන වගකිවයුත්තන් කවදාවත් කතා කරනවා අපි දැකලා නැහැ. (නි)
අපේ සමහරු අනුන්ගේ ආගමට ජාතියට ගරහනකොට තමන්ගේ ජාතියට මෙහෙම ගමන් තමයි යන්න වෙන්නේ.... (නි)
අම්බලන්ගොඩ ඉන්දු, අද දැනගන්න බුදුදහම ආරම්භ වුනේ ඉන්දියාවෙන් තමා සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තියේ සිටි. පෝරුවේ චරිත්‍ර ආරම්භ වුනෙත් සිද්ධාර්ථ කුමාරයාගෙන්. අද පොලිසියේ බල්ලොත් ඒකට නැග්ගා. (ස)
දැන් හැම දෙයක්ම බලු විදියට වෙන එකේ බල්ලොත් පෝරුවට නග්ගහම මොකද වෙන්නෙ.ඊටත් දැන් ඉන්න අය සංස්කෘතිය කියන්නෙ මොකක්ද කියලවත් දන්නවද? (ස)
පී බී ඒකනායක මැතිදුනි, ඔබට ජාතියේ ප්‍රණාමය! ඔබ රටට ආඩම්බරයක් (නි)
"ම‘ නොදන්නා හින්දයි අහන්නේ අලියෙක් දළදා කරඬුව ගෙන යන එක හොඳද ? බල්ලත් සත්ව ගණයට අයත් නේද ?" දැනගන්නයි මේ කියන්නේ මෙතන අදහස් ලියන අය බල්ලව පහත කරනවා නොවෙයි. මිනිසුන්ගේ වැදගත් චාරිත්‍ර වලට බල්ලන් ඇඳගත් එකට අකමැතිකම පෙන්වන්නේ. ඔබ බල්ලට ආදරෙයි කියලා ඔබ කන පිඟානෙම කන්න දෙන්නේ නැහැ නේද? කෑම මෙසේදී බල්ලට ඔබෙ පිඟානෙන් කන්න දෙනවද? උත්තරය නැහැ නම් මගුල් පෝරුව බල්ලට දෙන්නෙත් නැහැ. එය අලියෙක් පිටේ කරඬුව ගෙනයනවා කියන කතාවට වඩා වෙනස්. එහෙමනම් අශ්වයෙකු පිට මිනිසුන් යාමත් වැරදී නේද? (ස)
ඔය කරපු වැඩේ ඔය බල්ලෝ නම් දන්නෙවත් නැතුව ඇති.අද බල්ලෝ මිනිස්සු වෙලා මිනිස්සු බල්ලෝ වෙලා..... (නි)
කොල්ලන්ගේ වැඩ නතර කරන්න බැරි නිසා පොලෝසිය බල්ලන්ගේ නරක වැඩ නැවත්වීමට ගත්ත උත්සහයක් වෙන්න බැරිද මේක
මේ වැඩේ කල අයට මගේ ප්‍රණාමය
පොලීසියේ සැබෑ තත්ත්වය පෙන්වීමක් (නි)
බමුණු මොකක්ද මේ කියන්න හදන්නේ ..බමුනුට බල්ලා කියල බැනපුවම තරහ ගියාට අලියා, අශ්වයා කියල බැන්නට තරහ යනවද? අන්න එතනයි අපේ සංකෘතියට මේක සම්බන්ධ වෙන්නේ (දී)
රසාදරී ..ඔයා ඉන්ටර්නෙට් පාවිච්චි කරන හැටි දන්නවනේ ලෝකේ ,අනිකුත් රටවල්ද ඇතුළුව පොලිස් සුනකයෙකුගේ ,,නිලයට ඇති ගෞරවය මොනවිදියේ එකක්ද..? කියල බලනවා සේම ,ඒ සේවකයාට සලකන ගරු කරන ආකාරය මොනවගේද කියලත් ,නිල වශයෙන් කියව තේරුම් ගන්න ,,, අපේ රටේ හැදියාව බල්ලටත් වඩා පහත් තැනක තියාගෙන ,,, ඔසරියට උඩුබුරන ,අහංකාර සමාජයක ඉදන්, බොරුවට තමන්ගේ ඔලුව ඉදිමොව ගන්න හදන්න එපා ...? (දී)
බොරු කියන්න එපා (දී)
අපිට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මේක. අනේ කොමිසමක් පත්කරමු. (ස)
ඇමති තුමාට මේක මාර ප්‍රශ්නයක් වෙලා,. සංස්කෘතිය ගැන කතා කරන්නේ අද රටේ ළමා අපචාර, ස්ත්‍රී දුෂණ එන්න එන්න වැඩිවෙනවා. මේවට වගකියන්නෙ කවුද? සංස්කෘතිය නැති කරලා ගොඩක් කල් (ස)
ලංකාවේ සදාචාරය පිරිහුනේ මේ වැඩෙන්ද (දී)
ඇමති තුමා හරි
වැඩේනම්කැතයි , මොනවකරන්දද (දී)
මිනිසුන්ට වඩා හොද ගතිගුණ බල්ලන්ට තියෙනවා, මේක අලුත් දෙයක් නෙවේ (දී)
මම නම් හිතන්නේ මේ කල වැඩේ හරියි කියලයි මක් වෙනවාද (දී)
අපේ රටේ ළඟදීම සම ලිංගික විවාහත් තියාවිද දන්නේ නැහැ?අවේලාවේ සද්ද නැහැ, ඔක්කොම ඉවර වුනාම බොරු කයිවාරු ගහනවා.මේ කාලේ වගේ සංස්කෘතිය, ආගම, ජාතිය පිරිහුණ කාලයක් ඉතිහාසේ නැහැ. කලාකාරයෝ සද්ද නැහැ.මේක ඇපයක් දැන්.හරිම අඩුයි දායකත්වය රට හදන එකට.පාලම්, පාරවල්, වරාය, ගුවන් තොටුපළවල් තිබුනට රටේ හොඳ මිනිස්සු නැත්නම් වසර දහස් ගණන් අපේ අය ජීවිත පරිත්‍යාගයෙන් ගෙනාපු දේවල් ඔක්කොම ඉවරයි (නි)
දේශපාලකයන්ට වඩා, මෙම රටට වැඩදායක ඉමහත් සේවයක් කරන සුනඛයන් රටක් වටිනවා. මෙම සුනඛයන් කිසිම රජයෙන් වැටුපක් නොලබා කරන සේවයට මීට වඩා ගරු කිරීමක් කළ යුතුය යන්නයි මගේ හැගිම. (නි)
ආගම සංස්කෘතිය භාෂාව මේ තරම් විනාශ මුඛයට ගිය කාලයක් තවත් නැති තරම්. (නි)
බල්ලන් මිනිසුන් ගස් බඳින්නේ නැත. බල්ලන් තම පුතුන් යොදවා මිනිසුන් මරන්නේ නැත. අහිංසකයන්ට තලන්නේ නැත. බල්ලන් වැනි මිනිසුන් ඇතමුන්ට නොපෙනීම පුදුමයකි. රටේ සංස්කෘතිය කන්නේ බොහෝ විට බල්ලන් නොවේ (නි)
පුරාන සිරිතට අනුවනම් පෝරුවට නගින්නේ කන්‍යාවියක් නේද? (දී)
"බමුණු මොකක්ද මේ කියන්න හදන්නේ ..බමුනුට බල්ලා කියල බැනපුවම තරහ ගියාට අලියා, අශ්වයා කියල බැන්නට තරහ යනවද? අන්න එතනයි අපේ සංකෘතියට මේක සම්බන්ධ වෙන්නේ" මේක මට තේරෙන්නේ නැත.වැදගත් තර්කයක් ඉදිරිපත් කරන්න (දී)
ඇමතිතුමාට ලැබිල තියන දෙපාර්තුමේන්තුවේ කරන්න වැඩක් නැහැ මෙහෙම හරි සද්දයක් දන්නා ඕනේ ඉන්නවා කියල පෙන්නන්න නැද්ද මන් අහන්නේ (අ)
අපේ රුපවති නංගි රසදරිට කියල තියනවා රෙදි ගැලවෙන්න ඔය උඩරට කියල ඉන්න ය එදා ඉදන් කෙරුවේ උඩටවෙලා රට පාවල දෙන එක විතරි උද්දච්ච කම නම් තියනවා මොනවා නැටි උනත් (අ).
අපරාධ විසදීමට ඉමහත් සේවය කරන පොලිස් සුනකයින්ට මේ වගේ සැලකුවම ඇති වරදක් නෑ. පෝරැවේ නැංගුව විතරනෙ ඒකෙ ඇති වරදක්නම් පේන්න නෑ(දී)
පොලිසිය බල්ලට ගිය එකේ ඕක මොකක්ද ,රජයේ සේවයත් (අ)
පොලිසියේ ඉන්න අවංකම, කවදාවත් ජරාවට වැඩ කරන්නේ නැති එකම නිලදාරීන් ටික තමය ඔය සුනකයෝ ටික...පෝරුවේ නොවෙයි දොලාවක තියල රට වටේ අරන් ගියත් මගේ නම් තරහක් නැ.(අ)
පෝරුවේ නැගිල්ල කෙසේ වෙතත් මහපාරේ මධුසමය ගතකරන බල්ලන්වයි බැල්ලියන්වයි නම් ඔනේ තරම් දකින්න පුළුවන්.(අ)
බල්ලොන්ට මොන පොරුද . මුන් ඔක්කොටම අන් තියෙනවද බලන්න ඔනී කලින්ම . සංස්කෘතිය සදාචාරය රකින එක පොලිසියේ රාජකාරියක්. (අ)
ලංකාව ලෝකයා හමුවේ ලැජ්ජාවට පත් වෙන බව තේරුනේ නැද්ද (දී)
මේවා නම් මොනවාද ඇමති තුමා කොච්චර නම් වෙනවාද ලංකාවේ සදාචාර විරෝදී වැඩ (දී)
පොලිස් සුනකයෝ අපේ කැම්ප් එකෙත් ඉන්නවා .එයාලගේ දක්ෂ තාවන්ට එයාලටත් සම්මාන හමු වෙනවා ,ඒ ව ප්‍රධානය කරන්නෙත් හමුදා පොලිසි උත්තමාචාර මැදින් , එයාලටත් එයාලගේ කැප්,එක නිල .ආබරණ ,වෙන්වෙලා තියනවා ...? අපේ රටේ වගේ නෙවේ ඉහලින් සලකනවා ...ගරුකරනවා ,,එයාලටත් ආචාර කරන හැටි උගන්වල තියනවා හරිම සංවේදියි ...!! (දී)
රුපවති ඒ කියන්නේ ඔයාගේ මහත්තයටත් සම්මානයක් ලැබුනද ..හරිම සංවේදීයි නේද?(නදී)
බල්ලෝ ගැන නම් ඉන්ටෙර්නෙට් එකේ ගොඩක් දේවල් තියනවා. මේ රූපවතී i වෙලාවකට ගඟක වැවක නානවා. තවත් වෙලාවක බාත් රෑම් එකේ නානවා. දැන් බල්ලෝ පෝරුවේ තියල බන්දලා හනිමූන් යවපු එක වැරදියි කියල පොලිසියම පිලි අරගෙන සමාවත් අරගෙන තියද්දි ඒක හොදයි කියල කොහෙන් නා ගන්නද යන්නේ? (නදී)
අපි නොදන්න සංස්කෘතිය! (නි)
නියම සංස්කෘතිය! (නි)
අර රතුපස්වල සිද්ධිය ගැන මොකද කියන්නේ? (නි)
සංස්කෘතික උරුමයන්, පුරාවස්තු විනාශ කරන එක ගැන මොකද කියන්නේ? (නි)
මේ බල්ලෝ මුස්ලිම් වෙනත් ආගමක විදියට අන්දවලා කසාද බැදලා දුන්න නම් බලා ගන්න තිබුනා අද වෙන දේ. (නදී)
මැතිතුමනි, කනගාටුව පල කළාට නිකම් අරින්න එපා. මේ අදහස දුන් අය පොලිස් ලොක්කන්, දොස්තරලා , සම්බන්දව නීතිමය ක්‍රියා මාර්ග වහාම ගන්න. ගොක් කොළ පුන් කලස් අපහරණය කිරීම සුළු කොට තකා මෙය දිය කර හරින්න එපා. (අ)
මැතිතුමනි, කනගාටුව පල කළාට නිකම් අරින්න එපා. මේ අදහස දුන් අය පොලිස් ලොක්කන්, දොස්තරලා , සම්බන්දව නීතිමය ක්‍රියා මාර්ග වහාම ගන්න. ගොක් කොළ පුන් කලස් අපහරණය කිරීම සුළු කොට තකා මෙය දිය කර හරින්න එපා. (අ)
හැබැයි ඔය බලු ජෝඩු නම් කවදාවත් දික්කසාදවෙන එකක් නැහැ. ඒකට බලන්න දැන් අපේ කකුල් දෙකේ ජෝඩු. හැමතැනම දික්කසාද නඩු. අන්න ඒ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න බලන්න. (නි)
ඇමතිතුමනි, දැන් රට බල්ලට ගිහිල්ලා තියන්නේ. බල්ලෝ කසාද බදින එක අරුමයක් නොවේ (නි)
ඇමතිතුමනි පොලිසියට අණ දෙන්නේ අපි නම් නෙමේ... (ස)
රසාදරී, ඔයාලා මේකේ වරදක් දැක්කට අපිට එහෙම පෙනෙන්නේ නැහැ.මොකද ඕනෑම ප්‍රශ්නයක් දිහා විවෘතව බලන්න පුළුවන් හොද මානසික තත්වයක් අපිට තියනවා ..ඕනෑම් ප්‍රශෟනයක් දිහා බලන ආකාරය මත ධන හෝ ඍන චිත්ත රූප සහ අදහස් මොලය කරා ගමන් කරනවා.ප්‍රශ්නයක් පැන නගිනවිට නුවණැත්තන් මැද පිළිවෙල හෙවත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් ඒ දෙස මැදිහත් සිතින් බලනවා .හැම දෙයක්ම සිද්ධ වන්නේ හේතුවක් නිසා.හේතුවක් නිසා හටගන්නා දෙයක් හේතුවක් නිසා විනාශ වෙනවා.ඒ නිසා කලබල නොකර මේ ගැන මත ඉදිරිපත් කරන්න (නි)
රසාදරී, ඔයාලට මේකෙ වරදක් දැක්කට අපිට එහෙම පෙනෙන්නේ නැහැ. මොකද ඕනෑම ප්‍රශ්නයක් දිහා විවෘතව බලන්න පුළුවන් හොඳ මානසික තත්වයක් අපිට තියනවා ..ඕනෑම් ප්‍රශ්නයක් දිහා බලන ආකාරය මත ධන හෝ රින චිත්ත රූප සහ අදහස් මොලය කරා ගමන් කරනවා.ප්‍රශ්නයක් පැන නගිනවිට නුවණැත්තන් මැද පිළිවෙල හෙවත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් ඒ දෙස මැදිහත් සිතින් බලනවා .හැම දෙයක්ම සිද්ධ වන්නේ හේතුවක් නිසා .හේතුවක් නිසා හටගන්නා දෙයක්, හේතුවක් නිසා විනාශ වෙනවා ..මේක බටහිර රටවල්වල කොඕස් ඇන්ඩ් ඉෆෙක්ට් තියරි කියලා උගන්නනවා. ඒ නිසා කලබල නොකර මේ ගැන මත ඉදිරිපත් කරන්න .ඔබ මෙයට දක්වන ප්‍රතිචාර ඔබගේ බුද්ධි මට්ටම හා ඔබගේ සංහිදියාව පිළිබඳ චිත්තර රුපයක් අපගේ මනසට ඇතුල් වන බව හිතන්න. සම්ප්‍රදායික බවෙන් මිදී විවෘත මනසකින් හිතන්න බලන්න. මන්ද උඩරට උඩඟුකම් වලින් අපේ රටට අයහපතක් මිස කිසිදා සෙතක් සිදුවී නැත. (ස)
රසාදරී නංගි... ආපසු හැරිලා බලනවද ..? ඔයාගේ ජීවිතේ පිටුපස වසර ගානක් එහායින් ...ඔයා කී පොලකින් නාගෙන තියනවද කියලා ? ඒ කොයි විදියටද කියලා ..? අපිත් එහෙම තමා..! හෙට සුනාමියක් ආවොත් අපි සේරටම මහා සාගරේ. ඒ කරදියෙනුත් නාගෙන පණ බේරාගෙන ගොඩ වෙන්න ලැබුනොත් ඒ හොදටම ඇති ...?ඔය බල්ලා පෝරුවට නග්ගුවට වැඩියෙන් ,අපේ සංස්කෘතිය ..මාස 5ක් දියණියව තාත්තා විසින් දූෂණය කලාම ..සංස්කෘතිය ඉතිරිවෙයිද....? (ස)