IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘බල්ලන් පෝරුවට නැන්වීමෙන් සංස්කෘතිය කාලා’

මහනුවර අස්ගිරියේ පොලිස් නිල සුනඛ මඟුල් උත්සවයේදී  සුනඛ ජෝඩු පෝරුවට නැන්වීම සිංහල සංස්කෘතිය  බරපතල ලෙස සරදමට ලක් කිරීමක් බව සංස්කෘතික ඇමැති පී බී ඒකනායක මහතා කියයි.

 ‘අප දන්නා තරමට සිදුහත් කුමරා හා යශෝදරා දේවිය අතර පෝරුවේ චාරිත්‍ර සිදු වුණා.එවැනි ගාම්භිර හා මිනිස් ජීවීතයේ ඉතා  වැදගත් හා සුවිශේෂි අවස්ථාවක් ලෙස හෑල්ලුවට පත් කිරීම බරපතල සිද්ධියක්.’

මේ ගැන සොයා බලන ලෙස  පොලිස්පතිගෙන් ඉල්ලා සිටින බවත් ඇමැති පවසයි.

 සිංහල සංස්කෘතියේ  පාරිශුද්ධ මංගල වස්තු ලෙස හදුන්වන පොල් මල පුන්කලස, ගොක් කොළය පමණක් නොව මල් යොදා  පොලිස් සුනඛයින් වෙනුවෙන් පෝරු තැනීම අනුමත කළ නොහැකි බව ඇමැති කියයි.

‘වසර දෙදහස් පන්සීයකටත් වඩා ඉතිහාසයක් පෝරුවට ඇත.’



අදහස් (0)

‘බල්ලන් පෝරුවට නැන්වීමෙන් සංස්කෘතිය කාලා’

කමල් Monday, 26 August 2013 08:22 PM

සංස්කෘතික ඇමැතිට හොයනවම් බලු ප්‍රශ්ණ නැතිව නොපෙනෙනවා වගේ ඉන්න ප්‍රශ්ණ ගැන බලන්න? දන්නේ නැත්නම් මාධ්‍ය හරහා ඉල්ලීමක් කරන්න අපි කියන්නම් (බලමු එතුමාගේ ප්‍රතිචාරය). කිව්වත් වැඩක් වෙයිද, බල්ලනම් කෙලෙහිගුණයට නගුටවත් වනනවා, මෙතන වැරුද්දක් වෙලා නැහැ. මේක ලොකුවට ගන්න එපා. (නදී)

:       0       0

රූපා Tuesday, 27 August 2013 10:28 PM

ලංකාව ලෝකයා හමුවේ ලැජ්ජාවට පත් වෙන බව තේරුනේ නැද්ද (දී)

:       0       0

සිල්වා Tuesday, 27 August 2013 11:28 AM

අම්බලන්ගොඩ ඉන්දු, අද දැනගන්න බුදුදහම ආරම්භ වුනේ ඉන්දියාවෙන් තමා සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තියේ සිටි. පෝරුවේ චරිත්‍ර ආරම්භ වුනෙත් සිද්ධාර්ථ කුමාරයාගෙන්. අද පොලිසියේ බල්ලොත් ඒකට නැග්ගා. (ස)

:       0       0

සුලක්‍ෂි මධුෂානි Tuesday, 27 August 2013 11:28 AM

දැන් හැම දෙයක්ම බලු විදියට වෙන එකේ බල්ලොත් පෝරුවට නග්ගහම මොකද වෙන්නෙ.ඊටත් දැන් ඉන්න අය සංස්කෘතිය කියන්නෙ මොකක්ද කියලවත් දන්නවද? (ස)

:       0       0

රාම. Monday, 26 August 2013 08:29 PM

මේකත් ආශ්චර්ය අලංකාර කරන තවත් සුවිශේෂී අංගයක්ද ?නැති නම් රටේ යථා ස්වරුපය සංකේතවත් කිරීමක්ද ?සශ්‍රීකත්වයේ සංකේතය වන පුන්කලස බලු මගුලක් සඳහා යොදා ගැනීමෙන් බල්ලට යන්නේ රටේ සශ්‍රීක භාවය නොවේද ?(නදී)

:       0       0

රූපා Tuesday, 27 August 2013 10:41 PM

මේවා නම් මොනවාද ඇමති තුමා කොච්චර නම් වෙනවාද ලංකාවේ සදාචාර විරෝදී වැඩ (දී)

:       0       0

ගාමිණි Tuesday, 27 August 2013 06:23 AM

මේකට කොච්චර වියදම් කළාද? (නි)

:       0       0

රුපවති Tuesday, 27 August 2013 10:48 PM

පොලිස් සුනකයෝ අපේ කැම්ප් එකෙත් ඉන්නවා .එයාලගේ දක්ෂ තාවන්ට එයාලටත් සම්මාන හමු වෙනවා ,ඒ ව ප්‍රධානය කරන්නෙත් හමුදා පොලිසි උත්තමාචාර මැදින් , එයාලටත් එයාලගේ කැප්,එක නිල .ආබරණ ,වෙන්වෙලා තියනවා ...? අපේ රටේ වගේ නෙවේ ඉහලින් සලකනවා ...ගරුකරනවා ,,එයාලටත් ආචාර කරන හැටි උගන්වල තියනවා හරිම සංවේදියි ...!! (දී)

:       0       0

සීත. Monday, 26 August 2013 08:48 PM

මේක බලු මගුලක් නිසා බැරි වෙලාවත් මනමාල බල්ලා ප්‍රේමාන්විත හැගීමකින් සිහින් හඬින් කොඳුරා කලසට සුළු දිය පාරක් දැම්ම නම් මොකද වෙන්නේ?(නදී)

:       0       0

නාමලී දිසානායක Monday, 26 August 2013 08:48 PM

මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු!(නදී)

:       0       0

රන්ජිත් Tuesday, 27 August 2013 06:51 AM

අනේ ඇමතිතුමනි, ඕක මොකක්ද රටේ වෙන දේවල් වල විදියට. එක අතකට මිනිස්සු අපේ සංස්කෘතිය කනකොට පොලිසිය කරලා තියෙන්නේ හොඳ වැඩක් බල්ලෝ හරහා හරි සංස්කෘතිය අනාගත පරපුරට ඉතුරු කරන්න පුළුවන් (නි)

:       0       0

චාන් Tuesday, 27 August 2013 06:54 AM

ලෝකයේ වෙන රටවලත් පොලිසියට බල්ලෝ ඉන්නවා.නමුත් මෙහෙම වැඩ නොමැත (නි)

:       0       0

ජිනා Monday, 26 August 2013 09:00 PM

අනේ මහත්තයො (මෙයාට මේ ආමන්ත්‍රනය සුදුසුද මන්දා) පාර්ලිමෙන්තුවෙ එකට ඉන්න අය සහ එයාලගෙ පුතාල සංස්කෘතිය කෙලසන විදියට මේක සුලු දෙයක්. ඈත්තටම ඒව දන්නෙම නෑද්ද නද්දාර? කවුද රෙදිත් නෑතිව ජරා තෑනක ඉන්දල අහුවෙලාලු නේද? ඔබතුමා ඈමති විදිහට ඒ ගෑන මොකද කියන්නෙ?

:       0       0

සුනිල් Tuesday, 27 August 2013 07:04 AM

සමහර මෝඩ ප්‍රතිචාර දැක්කහම මේ පොලිසියේත් ඉන්න ඇත්තේ ඒ වගේම කෙනෙක් බව හිතෙනවා. (නි)

:       0       0

සමන්ත Tuesday, 27 August 2013 11:44 AM

පී බී ඒකනායක මැතිදුනි, ඔබට ජාතියේ ප්‍රණාමය! ඔබ රටට ආඩම්බරයක් (නි)

:       0       0

සදරුවන් Monday, 26 August 2013 09:01 PM

කමක් නෑ බනින්න දෙයක් නැහැ.(නදී)

:       0       0

නුවන් Tuesday, 27 August 2013 07:21 AM

සහතික ඇත්ත ඇමතිතුමනි.මේවා ආයෙත් නොවෙන්න වගබලා ගනිමු (නි)

:       0       0

බමුණු Tuesday, 27 August 2013 11:49 AM

"ම‘ නොදන්නා හින්දයි අහන්නේ අලියෙක් දළදා කරඬුව ගෙන යන එක හොඳද ? බල්ලත් සත්ව ගණයට අයත් නේද ?" දැනගන්නයි මේ කියන්නේ මෙතන අදහස් ලියන අය බල්ලව පහත කරනවා නොවෙයි. මිනිසුන්ගේ වැදගත් චාරිත්‍ර වලට බල්ලන් ඇඳගත් එකට අකමැතිකම පෙන්වන්නේ. ඔබ බල්ලට ආදරෙයි කියලා ඔබ කන පිඟානෙම කන්න දෙන්නේ නැහැ නේද? කෑම මෙසේදී බල්ලට ඔබෙ පිඟානෙන් කන්න දෙනවද? උත්තරය නැහැ නම් මගුල් පෝරුව බල්ලට දෙන්නෙත් නැහැ. එය අලියෙක් පිටේ කරඬුව ගෙනයනවා කියන කතාවට වඩා වෙනස්. එහෙමනම් අශ්වයෙකු පිට මිනිසුන් යාමත් වැරදී නේද? (ස)

:       0       0

මනෝජ් -සාජා Monday, 26 August 2013 09:08 PM

ඕකම තමා මමත් කියන්නේ ඇමතිතුමෝ.(නදී)

:       0       0

තීන. Monday, 26 August 2013 09:11 PM

ගණන් ගන්න එපා,නවි පිල්ලේ නෝනා ඇවිත් ඉන්න වෙලාවේ රටේ මිනිස්සු මානවහිමිකම් ,රතු පස්වල මිනි මැරුම්,මාධ්‍ය නිදහස, කතා කරන්න ඕනේ නැහැ කියල පොලිසිය අපට කතා කරන්න තමා අද මේ මගුල සුදානම් කලේ. (දී)

:       0       0

තීන. Monday, 26 August 2013 09:11 PM

ගණන් ගන්න එපා,නවි පිල්ලේ නෝනා ඇවිත් ඉන්න වෙලාවේ රටේ මිනිස්සු මානවහිමිකම් ,රතු පස්වල මිනි මැරුම්,මාධ්‍ය නිදහස, කතා කරන්න ඕනේ නැහැ කියල පොලිසිය අපට කතා කරන්න තමා අද මේ මගුල සුදානම් කලේ. (දී)

:       0       0

වරුණ Tuesday, 27 August 2013 07:39 AM

වන්නිලා ඇත්තන්ටත් පොල්ල තිබ්බ රටේ ඕක මොකද්ද ඇමතිතුමෝ.(නදී)

:       0       0

සමන්ත Tuesday, 27 August 2013 12:06 PM

ඔය කරපු වැඩේ ඔය බල්ලෝ නම් දන්නෙවත් නැතුව ඇති.අද බල්ලෝ මිනිස්සු වෙලා මිනිස්සු බල්ලෝ වෙලා..... (නි)

:       0       0

නිශ්ශංක Monday, 26 August 2013 09:15 PM

අපෝ ඔයිට වඩා හොයන්න දේවල් ලංකාවේ තියෙනවා (දී)

:       0       0

වගීෂ්වර Tuesday, 27 August 2013 07:52 AM

හැබැයි ඉතින් ඇමති තුමාලට වඩා හොඳ බලු මහත්තුරු ඉන්නවා!(නදී)

:       0       0

මානෙල් කුමාරි Tuesday, 27 August 2013 05:06 PM

මම නම් හිතන්නේ මේ කල වැඩේ හරියි කියලයි මක් වෙනවාද (දී)

:       0       0

දිසානායක Wednesday, 28 August 2013 01:00 AM

රුපවති ඒ කියන්නේ ඔයාගේ මහත්තයටත් සම්මානයක් ලැබුනද ..හරිම සංවේදීයි නේද?(නදී)

:       0       0

කුමාරි Tuesday, 27 August 2013 07:56 AM

පව් බැල්ලියෝ ටික රංඩු වෙයි දැන්.(නදී)

:       0       0

අබේවික්‍රම Tuesday, 27 August 2013 07:57 AM

මේ මෙයානේද අර අවුරුදු 90 ක ආච්චි දුෂණය කරපු කෙනා හංගගෙන හිටියා කියන්නේ. එතකොට සංස්කෘතියට මොකද දන්නේ නෑ උනේ.(නදී)

:       0       0

දුශානි Monday, 26 August 2013 09:30 PM

අත්තටටම මේ අදහස කාගේද?බල්ලන්ගේනම් වෙන්න බැහැ.වරිගය බෝ කරන්න මෙච්චර වියදම් කරන්න ඕනේ නැහැ කියල කවුරුත් දන්නවා. ලැස්ති කරපු අය නොදන්නවා උනාට. (දී)

:       0       0

ගමගේ Tuesday, 27 August 2013 08:00 AM

බල්ලන්ට මගුල්. කොල්ලන්ට වෙඩි. පින් පඩි ගෙවන්නත් බල්ලන්ටම කියන්න. අලි බඩවල් දෙකක්ම පේනවා නිකන් කන තරම. (නදී)

:       0       0

නසාර් Monday, 26 August 2013 09:42 PM

බල්ලොත් එක්ක නිදාගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙයි ... (දී)

:       0       0

රසාදරී Wednesday, 28 August 2013 01:39 AM

බල්ලෝ ගැන නම් ඉන්ටෙර්නෙට් එකේ ගොඩක් දේවල් තියනවා. මේ රූපවතී i වෙලාවකට ගඟක වැවක නානවා. තවත් වෙලාවක බාත් රෑම් එකේ නානවා. දැන් බල්ලෝ පෝරුවේ තියල බන්දලා හනිමූන් යවපු එක වැරදියි කියල පොලිසියම පිලි අරගෙන සමාවත් අරගෙන තියද්දි ඒක හොදයි කියල කොහෙන් නා ගන්නද යන්නේ? (නදී)

:       0       0

පසිදු Monday, 26 August 2013 09:42 PM

මේක මානව හිමිකම් උල්ලංගනය කිරිමත් . වහාම කමිටුවක් පත් කරන්න. හැබැට දැවැද්දට එහෙම මොනවා දුන්නද දන්නේ නැහැ (දී)

:       0       0

දෙනෙත් Monday, 26 August 2013 09:43 PM

ජිනා මැඩම්ගේ මඩම සංස්කෘතියට හිතකරද දන්නේ නෑ. නොදන්න කමට අහන්නේ (දී)

:       0       0

නිමාලි Tuesday, 27 August 2013 08:13 AM

පොලිසිය කොයිබට ගොස් ඇති බවද මෙමගින් ඔප්පුවෙන්නේ? (නි)

:       0       0

පසිදු ගම්ලත් Monday, 26 August 2013 09:44 PM

දැන් රටට මොකද වෙලා තියෙන්නේ (දී)

:       0       0

ඩයස් Wednesday, 28 August 2013 02:00 AM

අපි නොදන්න සංස්කෘතිය! (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 26 August 2013 09:46 PM

ලංකාවේ මිනිස්සුන්ට දැන්නම් හොදටම පිස්සු වගේ

:       0       0

රකිත Tuesday, 27 August 2013 08:18 AM

වසර 2500 කට වඩා ඉතිහාසයක් ගණිකාවන්ටත් ඇත. ඒ නිසා එය සංස්කෘතියට හානියක් නොවේ, නැද්ද ඇමතිතුමා? (දී)

:       0       0

රකිත Tuesday, 27 August 2013 08:21 AM

ඒක නෙමෙයි, ඇමතිතුමා, අර කොටට අඳින්න බැහැ කියලා ගේන්න හදපු නීතියට මොකද වුනේ? (දී)

:       0       0

දේශාන් Tuesday, 27 August 2013 08:24 AM

මේක කරපු අයව ගෙදර යවමු

:       0       0

අජිත් Tuesday, 27 August 2013 08:30 AM

ඔබතුමාගේ කතාව සම්පුර්ණයෙන්ම අනුමත කරනවා. ජනතාවගේ මිතුරා වෙන්න ඉන්න පොලිසිය කරන ලද වැඩය හිරිකිතයි. (නි)

:       0       0

සුමිත් Tuesday, 27 August 2013 05:49 PM

අපේ රටේ ළඟදීම සම ලිංගික විවාහත් තියාවිද දන්නේ නැහැ?අවේලාවේ සද්ද නැහැ, ඔක්කොම ඉවර වුනාම බොරු කයිවාරු ගහනවා.මේ කාලේ වගේ සංස්කෘතිය, ආගම, ජාතිය පිරිහුණ කාලයක් ඉතිහාසේ නැහැ. කලාකාරයෝ සද්ද නැහැ.මේක ඇපයක් දැන්.හරිම අඩුයි දායකත්වය රට හදන එකට.පාලම්, පාරවල්, වරාය, ගුවන් තොටුපළවල් තිබුනට රටේ හොඳ මිනිස්සු නැත්නම් වසර දහස් ගණන් අපේ අය ජීවිත පරිත්‍යාගයෙන් ගෙනාපු දේවල් ඔක්කොම ඉවරයි (නි)

:       0       0

රුපවති Monday, 26 August 2013 09:55 PM

ඇත්තට ...පොලිස් සුනකයෙක් කියන්නේ...උතුම් සේවයක් කරන කෙනෙක් ... එම සුනකයටත් ජීවිතේ වැදගත් අවස්ථාවන් සිදුවෙන්නේ උත්තමාචාර මැදින් වීම එහි නිලයේ ඇති ගරුත්වය ...! මේ සැමදෙනාගේම අදහස් දැක්කම මට ගොඩක් සත්ටුයි ඒවා කියවල ලොකු ආස්වාදයක් ලැබුවා ...අපේ සංස්කෘතිය කියවන්න එනවා...?..එයාල ඒවා නැති කලාට කමක් නැහැ ...? ඒ සුනකය කොයි තරම් වැදගත් විදියටද ..ඒ පෝරුවේ හිටියේ ...? ඔබ දෙපලට මගේ සුබ පැතුම් ....!

:       0       0

වරුණ Tuesday, 27 August 2013 08:33 AM

බල්ලොත් එක්ක බැහැ..... (ස)

:       0       0

රෑපවතී Monday, 26 August 2013 09:59 PM

මේ ඇමති වරයව..පිට රටකට එක්කන් ගිහින් සතියකට ...පොලිස් සුනක පුහුණුව දීල එවන්න ඕන ..?.එතකොට තේරෙනවා, ඉව එහෙම අල්ලන හැටි..පුහුණු කරනවා (අ)

:       0       0

සංජීව මලාවි Tuesday, 27 August 2013 12:54 PM

කොල්ලන්ගේ වැඩ නතර කරන්න බැරි නිසා පොලෝසිය බල්ලන්ගේ නරක වැඩ නැවත්වීමට ගත්ත උත්සහයක් වෙන්න බැරිද මේක

:       0       0

ගඩාෆි Monday, 26 August 2013 10:00 PM

මම දන්නැති නිසයි අහන්නේඒ බල්ලන්ව ඒ ගෙනාපු රටේම බන්දල ගෙනාවනම් හොඳ නැද්ද. (අ)

:       0       0

අරුණ Wednesday, 28 August 2013 05:08 AM

නියම සංස්කෘතිය! (නි)

:       0       0

ජනිත් Tuesday, 27 August 2013 01:06 PM

මේ වැඩේ කල අයට මගේ ප්‍රණාමය

:       0       0

සම්පත් Tuesday, 27 August 2013 08:50 AM

සිංහල ජාතියට ගරහන අය කොච්චර ඉන්නවද මේ රටේ? අදහස් වලිනුත් ඔය පෙනෙන්නේ (නි)

:       0       0

ඩී.උපුල් Monday, 26 August 2013 10:07 PM

මේ සුනඛයෝ දික්කසාද නොවෙන නිසා පෝරුවේ නැග්ගුවට කමක් නැහැ නේද? (අ)

:       0       0

මිනිපේ Monday, 26 August 2013 10:07 PM

ගරු ඇමතිතුමනි, ඉදිරියටවත් මෙවනි සුළු දේවල් ගැන ප්‍රකාශයක් කිරීමෙන් වලකින්න. මෙවෙනි ප්‍රකාශයන්ගෙන් තමාට අවාසියක් වෙනවා මිස වාසියක් නොවේ. මිලයන 20ක් ජීවත්වෙන රටක සමහරුන්ට පමණක්, වැරදි යයි පෙනෙන ක්‍රියාවන් සුලු ජන කොටස් විටින් විට කරන්නේය. ඔය හැම එකකටම නිල ප්‍රකාශ කිරීමට තරම් ඔබගේ නිලය පහත තැනක නැත. මේ මගේ ලිපිය හැම දේශපාලකයන්ටම වැදගත් වේවා.(නදී)

:       0       0

රවී බණ්ඩාර Tuesday, 27 August 2013 08:55 AM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (ස)

:       0       0

සමීර් Monday, 26 August 2013 10:11 PM

රටේ ඉන්න හොර තක්කඩි පෝරුවට නග්ගලා අතපැන් වක්කරලා මගුල් කන එක හොදයි රටට සේවයක් කරන එම සතුන්ට සැලකීමක් කරන එක හොද නැහැ.(නදී)

:       0       0

ජනිතා Monday, 26 August 2013 10:11 PM

පොලිස් කාරයෝ කියන්නේ හොඳ නරක තේරෙන ජාතියක් නොවන බව ඇමති තුමා නොදැනිම පුදුම දෙයක්. බල්ලෝ ටික ඕක දන්නවනං පෝරුවට නගින එකක් නැහැ.(නදී)

:       0       0

සමීර Monday, 26 August 2013 10:14 PM

දැන් ඉන්න ඇමතිලාට වඩා මේ බල්ලො රටට වැඩක් කරනවා.(නදී)

:       0       0

නිමල් Wednesday, 28 August 2013 07:26 AM

අර රතුපස්වල සිද්ධිය ගැන ‍මොකද කියන්නේ? (නි)

:       0       0

සොමියා Tuesday, 27 August 2013 08:59 AM

ගණන් ගන්න එපා. ලංකාවේ බල්ලෝ කොහොමත් බහුලයි (නි)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 27 August 2013 06:35 PM

දේශපාලකයන්ට වඩා, මෙම රටට වැඩදායක ඉමහත් සේවයක් කරන සුනඛයන් රටක් වටිනවා. මෙම සුනඛයන් කිසිම රජයෙන් වැටුපක් නොලබා කරන සේවයට මීට වඩා ගරු කිරීමක් කළ යුතුය යන්නයි මගේ හැගිම. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 27 August 2013 06:39 PM

ආගම සංස්කෘතිය භාෂාව මේ තරම් විනාශ මුඛයට ගිය කාලයක් තවත් නැති තරම්. (නි)

:       0       0

රෝහණ Monday, 26 August 2013 10:20 PM

මේක පුදුම වෙන්න දෙයක් නැහැ දැන් බල්ලට රට ගියා. රට බල්ලට ගියා.(නදී)

:       0       0

සේරම් Tuesday, 27 August 2013 06:42 PM

බල්ලන් මිනිසුන් ගස් බඳින්නේ නැත. බල්ලන් තම පුතුන් යොදවා මිනිසුන් මරන්නේ නැත. අහිංසකයන්ට තලන්නේ නැත. බල්ලන් වැනි මිනිසුන් ඇතමුන්ට නොපෙනීම පුදුමයකි. රටේ සංස්කෘතිය කන්නේ බොහෝ විට බල්ලන් නොවේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 27 August 2013 09:07 AM

අනේ කරුණාකරලා ඔය පෝරුව පරෙස්සම් කරලා අරන් තියන්න. (නි)

:       0       0

සුමනසිරි Wednesday, 28 August 2013 07:36 AM

සංස්කෘතික උරුමයන්, පුරාවස්තු විනාශ කරන එක ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

රෝහණ Monday, 26 August 2013 10:31 PM

කව්ද ඔය ඇන්තනි කියන මෝඩ කතා ලියන කෙනා. මොකක්ද කියපු කතාව අලියෙක් කරඬුව අරගෙන යන එකයි බලු හනිමුන් එකයි එකක්ද?(නදී)

:       0       0

රූපා Tuesday, 27 August 2013 09:09 AM

ගරු ඇමති තුමනි, විශේෂ නිරීක්ෂණයක් පවත්වලා මෙයට සම්බන්ද වූ, සංවිධානය කල, සියලු නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න. (දී)

:       0       0

අනුර පුෂ්පකුමාර Monday, 26 August 2013 10:38 PM

බල්ලෙකුට තරම් වත් මොලේ නැති ඇමැතිවරුත් ඉන්නවනේ හැබැවටම පින් කරපු බල්ලොන්ට ඉරිසියා කරන්න එපා මේ බල්ල පොලිසියට රටට සම්පතක්..(අ)

:       0       0

අමිල කටුනායක Monday, 26 August 2013 10:38 PM

බල්ලොත් එක් බැහැ (අ)

:       0       0

සුදා Tuesday, 27 August 2013 01:35 PM

පොලීසියේ සැබෑ තත්ත්වය පෙන්වීමක් (නි)

:       0       0

රන්ජිත් Tuesday, 27 August 2013 09:11 AM

පොලීසිය කරපු වැඩේ අගය කළ යුතු වේ. (නි)

:       0       0

ප්‍රියා Tuesday, 27 August 2013 09:15 AM

අයියෝ ලංකාව (දී)

:       0       0

තුසිත Monday, 26 August 2013 10:47 PM

පෝරුව බල්ලන්ට දීල අපි බලුකුදුවට යන්න තම වෙන්නේ..(අ)

:       0       0

චමින්ද Tuesday, 27 August 2013 09:16 AM

අපේ සංස්කෘතිය කාල කොච්චර කල්ද (දී)

:       0       0

දුරන්ගි Monday, 26 August 2013 10:48 PM

විශ්ව කීර්තියට පත්උනූ ආනන්ද කුමාරස්වාමි ( මාවත) මකල දාල වෙන නමක් දාපු එක මොන සංස්කෘතියටද දන්නේ නෑ අදාල වෙන්නේ ? අපි නොදන්න ශ්‍රී ලංකාවේ සංස්කෘතිය.(අ)

:       0       0

කුසුම් Monday, 26 August 2013 10:48 PM

ගණිකා මඩම් වල ඉඳල අහුවෙලත් ඉහලම පුටුවල ඉන්න අය ගැන අපිට තියෙන්නේ පිළිකුලක්. පොලිස් සුනකයින්ට පොලිසිය කල උපහාරය ගැන අපිට නම් ඇත්තේ ප්‍රසාදයක්. ඔය වැදි බන කියන අයට වඩා, පොලිස් සුනකයින් ගෙන් පොලිසියටත් ලංකාවේ නීතිගරුක පුරවැසියන්ටත් ප්‍රශංසනීය සේවාවක් ඉටු වෙනවා. (අ)

:       0       0

අරුණ ද සිල්වා Monday, 26 August 2013 10:51 PM

කැසිනෝ ගෙනාපුවහම සංස්කෘතිය රැකෙනවාද ඇමැතිතුමනි, බල්ලන්ට කොහෙද සල්ලි නේද? මාර සංස්කෘතික ඇමැතිකෙනෙක්නේ? හොදයි ඔහොම යං. (අ)

:       0       0

මාටින් Tuesday, 27 August 2013 01:39 PM

බමුණු මොකක්ද මේ කියන්න හදන්නේ ..බමුනුට බල්ලා කියල බැනපුවම තරහ ගියාට අලියා, අශ්වයා කියල බැන්නට තරහ යනවද? අන්න එතනයි අපේ සංකෘතියට මේක සම්බන්ධ වෙන්නේ (දී)

:       0       0

මාටින් Tuesday, 27 August 2013 09:32 AM

බන්දුල පෙරේරා මොකද කවදාවත් නැති විදියේ ප්‍රකාශයක් කරලා තියෙන්නෙ.. පැත්ත මාරු කරලා වත්ද, නැත්නම් තමන්ගේ වරිගය පෝරුවේ නන්වපු එක විවේචනය කරපු හින්දද? (ස)

:       0       0

ගංගා Tuesday, 27 August 2013 07:12 PM

පුරාන සිරිතට අනුවනම් පෝරුවට නගින්නේ කන්‍යාවියක් නේද? (දී)

:       0       0

රුපවති Tuesday, 27 August 2013 01:44 PM

රසාදරී ..ඔයා ඉන්ටර්නෙට් පාවිච්චි කරන හැටි දන්නවනේ ලෝකේ ,අනිකුත් රටවල්ද ඇතුළුව පොලිස් සුනකයෙකුගේ ,,නිලයට ඇති ගෞරවය මොනවිදියේ එකක්ද..? කියල බලනවා සේම ,ඒ සේවකයාට සලකන ගරු කරන ආකාරය මොනවගේද කියලත් ,නිල වශයෙන් කියව තේරුම් ගන්න ,,, අපේ රටේ හැදියාව බල්ලටත් වඩා පහත් තැනක තියාගෙන ,,, ඔසරියට උඩුබුරන ,අහංකාර සමාජයක ඉදන්, බොරුවට තමන්ගේ ඔලුව ඉදිමොව ගන්න හදන්න එපා ...? (දී)

:       0       0

රියාස් Wednesday, 28 August 2013 08:22 AM

මේ බල්ලෝ මුස්ලිම් වෙනත් ආගමක විදියට අන්දවලා කසාද බැදලා දුන්න නම් බලා ගන්න තිබුනා අද වෙන දේ. (නදී)

:       0       0

කර්ත්ලිස් අප්පුහාමි Monday, 26 August 2013 11:05 PM

පොලිසිය බල්ලට ගිය බව තේරුම් ගන්න මේක හොදටම ඇති නේද? මගේ උගත් මතතුනේ. පොලිසිය බල්ලට ගියා, (අ)

:       0       0

අසාද් Monday, 26 August 2013 07:04 PM

පොලිස් කාරයෝ දන්නා සංස්කෘතියක් තියෙනවද? (නදී)

:       0       0

රසාදරී Tuesday, 27 August 2013 09:56 AM

මට නම් හරි පුදුමයි. මේ අදහස් දාන ගොඩාක් අය මෙතුමා කියා තිබෙන දෙය ගැන හිතන්නේ නැතුව වෙන වෙන දේ ලියල තියනවා. මමත් නුවර කෙනෙක්. නුවර පොලිසියේ මේ වගේ අභූත මානසිකත්ව තියන අය ඉන්නවා කියලා මම නම් කවදාවත් හිතුවේ නෑ. ඔබතුමා හරි. මේ පිලිබඳ නොපමාව කටයුතු කරන්න. (ස)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 28 August 2013 08:36 AM

මැතිතුමනි, කනගාටුව පල කළාට නිකම් අරින්න එපා. මේ අදහස දුන් අය පොලිස් ලොක්කන්, දොස්තරලා , සම්බන්දව නීතිමය ක්‍රියා මාර්ග වහාම ගන්න. ගොක් කොළ පුන් කලස් අපහරණය කිරීම සුළු කොට තකා මෙය දිය කර හරින්න එපා. (අ)

:       0       0

අප්පුහාමි Monday, 26 August 2013 11:11 PM

මේ රටේ හැමෝම කරන්නේ සංස්කෘතියට ගැලපෙනදේවල්ද?(අ)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 28 August 2013 08:36 AM

මැතිතුමනි, කනගාටුව පල කළාට නිකම් අරින්න එපා. මේ අදහස දුන් අය පොලිස් ලොක්කන්, දොස්තරලා , සම්බන්දව නීතිමය ක්‍රියා මාර්ග වහාම ගන්න. ගොක් කොළ පුන් කලස් අපහරණය කිරීම සුළු කොට තකා මෙය දිය කර හරින්න එපා. (අ)

:       0       0

ෂියා Monday, 26 August 2013 07:05 PM

ඕකද මිනිස් පුනරුප්පත්තියක් වෙන්න පුලුවන්.(නදී)

:       0       0

බමුණු Tuesday, 27 August 2013 07:23 PM

"බමුණු මොකක්ද මේ කියන්න හදන්නේ ..බමුනුට බල්ලා කියල බැනපුවම තරහ ගියාට අලියා, අශ්වයා කියල බැන්නට තරහ යනවද? අන්න එතනයි අපේ සංකෘතියට මේක සම්බන්ධ වෙන්නේ" මේක මට තේරෙන්නේ නැත.වැදගත් තර්කයක් ඉදිරිපත් කරන්න (දී)

:       0       0

නන්දිකා Monday, 26 August 2013 07:06 PM

ඔව්වා මොනවද ඇමති තුමා අර අහවල් තැනක ඉදල මට්ටු උන අය වැදගත් ඇමති කම් කරන රටක.(නදී)

:       0       0

හරිත Tuesday, 27 August 2013 10:06 AM

ඔව් දැන් ඉතින් මේක තමයි සංස්කෘතියට වැදිලා තියෙන බලවත්ම පහර , ඔය කියන කෙනා කරපුවා බැලුවහම ඉතින් ලංකාව මෙහෙම තියෙන එකත් පුදුමයක්. (ස)

:       0       0

අචිනි Monday, 26 August 2013 07:08 PM

දැන් ලංකවේ හැම දෙයක්ම බල්ලට ගිහින් තමයි ඇමති තුමෝ ගණන් ගන්න එපා (නදී)

:       0       0

දිසානායක Tuesday, 27 August 2013 07:29 PM

ඇමතිතුමාට ලැබිල තියන දෙපාර්තුමේන්තුවේ කරන්න වැඩක් නැහැ මෙහෙම හරි සද්දයක් දන්නා ඕනේ ඉන්නවා කියල පෙන්නන්න නැද්ද මන් අහන්නේ (අ)

:       0       0

දිසානායක Tuesday, 27 August 2013 07:34 PM

අපේ රුපවති නංගි රසදරිට කියල තියනවා රෙදි ගැලවෙන්න ඔය උඩරට කියල ඉන්න ය එදා ඉදන් කෙරුවේ උඩටවෙලා රට පාවල දෙන එක විතරි උද්දච්ච කම නම් තියනවා මොනවා නැටි උනත් (අ).

:       0       0

සමරතුංග Monday, 26 August 2013 07:13 PM

පොලීසියේ නම රැකගන්න දීපු උත්සාහයක්ද?(නදී)

:       0       0

වසන්ත Tuesday, 27 August 2013 10:10 AM

ඇමති තුමනි වෙවැනි කෝලම් වැඩ කරන තැනට මහනුවර යොදාගන්න දෙන්නන එපා (දී)

:       0       0

බංඩා Monday, 26 August 2013 07:15 PM

රතුපස්වල සිද්දියටත් මේ වගේ ඇමති ප්‍රතිචාර ඉක්මන් උනානම් අර අහිංසකයෝ 3න් දෙනා ජීවතුන් අතර. ඒත් අපි බල්ලෝ තරම් වටින්නේ නැහැනේ.(නදී)

:       0       0

අප්පුහාමි Monday, 26 August 2013 11:37 PM

ඇමති තුමා, එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වුණ කාරීයා - දෙකක් කඩතොළු සදා දුන්නේ ඉදුරුවේ ආචාරියා.(අ)

:       0       0

සුගත් Tuesday, 27 August 2013 07:38 PM

අපරාධ විසදීමට ඉමහත් සේවය කරන පොලිස් සුනකයින්ට මේ වගේ සැලකුවම ඇති වරදක් නෑ. පෝරැවේ නැංගුව විතරනෙ ඒකෙ ඇති වරදක්නම් පේන්න නෑ(දී)

:       0       0

විදානගේ Monday, 26 August 2013 07:16 PM

එතුමාට අයිතියක් නැහැ ඔව්වට මොනවත් කියන්න. මතක නැද්ද කොළඹ හටන.(නදී)

:       0       0

දැදිගම සරත් Monday, 26 August 2013 11:38 PM

ඇමතිතුමා කොහෙහරි ඉදල පොලොසියට මාට්ටු වුනෙයි (අ)

:       0       0

ඕෂධී Tuesday, 27 August 2013 10:11 AM

මේවාට නිරපරාදේ සල්ලි වියදම් කරන්න එපා (දී)

:       0       0

මොහොමඩ් ඉමිතියාස් Monday, 26 August 2013 11:38 PM

දෙවැනි ගමන කවදාද (අ)

:       0       0

බමුණු Monday, 26 August 2013 07:19 PM

පොලිස් කාරයෝ බල්ලට ගිහිල්ලා. පොලිස් කාරයෝ ඒරොප්පෙන් ආපු අය නොවෙයි. මෙහෙ ගමේ ගොඩේ කොල්ලෝ නමුත් පොලීසියට බැඳුනට පසුව ඒගොල්ලන්ට ආවෙ කොහෙන්ද කියල අමතක වෙලා. සල්ලි ලැබෙනවානම් ඕනෙම බලුවැඩක් කරන ජාතිය.(නදී)

:       0       0

සීල Monday, 26 August 2013 07:19 PM

ඇමති තුමනි. බොහොම හොද කතාවක්. මම නම් ඔය පුටුවේ ඉන්නේ මම අදම එ ගැන පරීක්ෂණයක් පවත් වීමට නියෝග කරන අතර ඔය නිලධාරීන්ගේ (අ)වැඩ තහනම් කරනවා. මම ඔබ තුමාට අභියෝග කරනවා නියම සංස්කෘත ඇමතිවරයෙක් විධිහට මීට අවශ්‍ය කටයුතු කරාවි කියල. ,නිකන් කියෙව්වට විතරක් මදි. (අ)

:       0       0

වාසනා Tuesday, 27 August 2013 07:52 PM

පොලිසිය බල්ලට ගිය එකේ ඕක මොකක්ද ,රජයේ සේවයත් (අ)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 28 August 2013 09:36 AM

හැබැයි ඔය බලු ජෝඩු නම් කවදාවත් දික්කසාදවෙන එකක් නැහැ. ඒකට බලන්න දැන් අපේ කකුල් දෙකේ ජෝඩු. හැමතැනම දික්කසාද නඩු. අන්න ඒ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න බලන්න. (නි)

:       0       0

සංජීව මලාවි Tuesday, 27 August 2013 10:18 AM

අපේ අය හොරෙන් පැනල යන එකේ බල්ලෝ හරි පෝරුවට නග්ගන්න පොලෝසිය ගත්ත උත්සාහය වැරද්දක් නේ කියලත් හිතෙනවා කොල්ලෝ (දී)

:       0       0

පානදුර Tuesday, 27 August 2013 02:17 PM

බොරු කියන්න එපා (දී)

:       0       0

යශෝදා Monday, 26 August 2013 07:25 PM

කාලෙකට ඉස්සර කවුද සුපර් මාකට්ටුව කඋඩ තට්ටුවක ඉදලා අහුවුනාළු. ගනන් ගන්න එපා.(නදී);

:       0       0

පෙරේරා Wednesday, 28 August 2013 09:48 AM

ඇමතිතුමනි, දැන් රට බල්ලට ගිහිල්ලා තියන්නේ. බල්ලෝ කසාද බදින එක අරුමයක් නොවේ (නි)

:       0       0

නුවන් Tuesday, 27 August 2013 08:35 PM

පොලිසියේ ඉන්න අවංකම, කවදාවත් ජරාවට වැඩ කරන්නේ නැති එකම නිලදාරීන් ටික තමය ඔය සුනකයෝ ටික...පෝරුවේ නොවෙයි දොලාවක තියල රට වටේ අරන් ගියත් මගේ නම් තරහක් නැ.(අ)

:       0       0

රාමා Monday, 26 August 2013 07:28 PM

රටට ආදරය කරන මුළු ඇඟ පුරාම දේශප්‍රේමය ආලේපනය කර ගෙන සිටින බහුතරය මේ පොල් මල,ගොක් අත්ත,පුන් කලස ,බල්ලට ගිය කියල ගණන් ගන්නේ නැහැ .අනිත් එක රටේ මත කුඩු,කැසිනෝ,ගණිකා නිවාස,අපරාධ ,මේ සියලු දුරාචාර වලින් රටේ සංස්කෘතිය,සදාචාරය,සහ සභ්‍යයත්වය ,කොහොමත් බල්ලට දාලනේ තිබුනේ.ඉතුරු ටිකත් අද මේ මගුලෙන් බල්ලටම දාල ඉවර කළා. (අ)

:       0       0

කැටවල Tuesday, 27 August 2013 12:35 AM

අද රටේ ඕවා මොනවාද ? (නි)

:       0       0

සෝමදාස Tuesday, 27 August 2013 12:47 AM

පුංචි බණ්ඩා අයියේ, කලබල වෙන්න එපා. ඕකනේ අපිට තුන්වන ලෝකේ මිනිස්සු කියන්නේ (නි)

:       0       0

සරත් Tuesday, 27 August 2013 02:26 PM

අපිට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මේක. අනේ කොමිසමක් පත්කරමු. (ස)

:       0       0

කුමාර් Monday, 26 August 2013 07:29 PM

හදිසි ආපදාවකදී මිනිස් ජීවිත බේරන්න දිවිදෙන මේ සතුන්ට දැන්ම උපහාර දෙන එක කොච්චර හොඳද ? මේ පුන් කලස් තියල රට කන දෙස පාලුවන්ට ගරු නම්බු දෙනවට වැඩිය. (අ)

:       0       0

පද්මිණි Tuesday, 27 August 2013 10:30 AM

මටත් කියන්න තියෙන්නේ බන්දුල පෙරේරා කිව්ව දේම තමයි. දවසකට පාසල් යන වයසේ දැරිවියන් අතරේ කොතරම් ගබ්සා ප්‍රමාණයක් සිදු වෙනවද?ඒවා ගැන හොයලා උත්තර දෙන්න. (නි)

:       0       0

දෙනෙත් Tuesday, 27 August 2013 08:47 PM

පෝරුවේ නැගිල්ල කෙසේ වෙතත් මහපාරේ මධුසමය ගතකරන බල්ලන්වයි බැල්ලියන්වයි නම් ඔනේ තරම් දකින්න පුළුවන්.(අ)

:       0       0

කුමාරිහාමි Tuesday, 27 August 2013 10:30 AM

අපේ හෙළ සංස්කෘතියේ නගර සෝභිනියෝ කියලා ජාතියක් හිටියලු. එහෙම තැනකට යන එක හෙළ සංස්කෘතියට අනුකූලයි. එහෙම ගිය උදවිය යන්න ඇත්තේ ඒ සංස්කෘතිය පවත්වාගෙන යන්න වෙන්නැති. (ස)

:       0       0

ප්‍රසංග Tuesday, 27 August 2013 08:52 PM

බල්ලොන්ට මොන පොරුද . මුන් ඔක්කොටම අන් තියෙනවද බලන්න ඔනී කලින්ම . සංස්කෘතිය සදාචාරය රකින එක පොලිසියේ රාජකාරියක්. (අ)

:       0       0

උදයංග Tuesday, 27 August 2013 02:36 PM

ඇමති තුමාට මේක මාර ප්‍රශ්නයක් වෙලා,. සංස්කෘතිය ගැන කතා කරන්නේ අද රටේ ළමා අපචාර, ස්ත්‍රී දුෂණ එන්න එන්න වැඩිවෙනවා. මේවට වගකියන්නෙ කවුද? සංස්කෘතිය නැති කරලා ගොඩක් කල් (ස)

:       0       0

කමල් Tuesday, 27 August 2013 10:31 AM

බලු පුට්ටු. (ස)

:       0       0

ඉසුරු Tuesday, 27 August 2013 02:37 PM

ලංකාවේ සදාචාරය පිරිහුනේ මේ වැඩෙන්ද (දී)

:       0       0

ලලිත් Tuesday, 27 August 2013 02:37 PM

ඇමති තුමා හරි

:       0       0

චරිත සේරසිංහ ස්විස් Tuesday, 27 August 2013 01:14 AM

බල්ලන් පෝරුවට නැග්ගවිමෙන් වීමෙන් වෙන හානියට වඩා. බලන්නටත් අන්ත මිනිසුන් දේශපාලනයට පැමිණීමෙන් වෙන හානිය කතා කරමු. පොලිස් බල්ලන් රටට වැඩදායක ඉමහත් සේවයක් කරති. බල්ලන් පාගා ගන්නේ නැත. බල්ලන් ස්වාමියට ඉතා කිකරුය. මුදල් වෙනුවෙන් ස්වාමියා පාවා දෙන්නේ නැත. (නි)

:       0       0

සාන්ත Wednesday, 28 August 2013 10:34 AM

ඇමතිතුමනි පොලිසියට අණ දෙන්නේ අපි නම් නෙමේ... (ස)

:       0       0

පෙරේරා Tuesday, 27 August 2013 01:14 AM

අයියෝ! බල්ලොත් පුටු උඩ. (නි)

:       0       0

මංගල කොලොන්නාව Tuesday, 27 August 2013 01:16 AM

බල්ලන්ගෙන් වෙන සේවය නොදැන මේ කතා කරන්නේ. (නි)

:       0       0

රත්නමාලි. Monday, 26 August 2013 07:38 PM

මොනවා කරන්නද ඇමති තුමා,අපිටත් හිතට දුකයි අපේ රටට ,සංස්කෘතියට මොකද මේ වෙන්නේ ,මොනවද මේ කරන්නේ කියල.ර(අ)

:       0       0

සුනෙත් Tuesday, 27 August 2013 10:37 AM

මං හිතනේ හිතා මතා මේ ටික අහගන්නම තමා මේක කරන්න ඇත්තේ ..පොලිසියට අපහස කරගන්න පොලිසියටම ඕන වෙලා වගේ.. (ස)

:       0       0

නිශ්ශංක Tuesday, 27 August 2013 01:28 AM

හරි දේ ඍජුව ප්‍රකාශ කළාට ස්තූතියි. (නි)

:       0       0

ඇසළ Monday, 26 August 2013 07:46 PM

ඉන්න ඇමතිවරු ගැනේ හැටියට සමහර ඇමතිවරුන්ට මෙහෙම වත් චාන්ස් එකක් එන්න ඕනේ මොනවහරි කියන්න. නැත්නම් මහජනතාව දන්නේ නැහැ මේවගේ ඇමතිවරු ඉන්නවද කියලවත්. බල්ලෝ කීවට දැන් ඉන්න මිනිස්සු කරන වැඩ දිහා බලපුහැම ඊට වැඩියේ දහස් ගුණයක් හොද ගතිගුණ තියන වටිනා ජාතියක්. අපේ සංස්කෘතිය රෙද්ද පල්ලෙන් හැලෙන කාලේ මේ. වතුරෙන් වට කරපු දුපතේ දෙන්නෙක්ව සාක්කියට අත්සන් කරන්න ගන්නයි තිබුනේ. රටම කනවා පලා බබ්බු කියල ජාතියක් ඒගැන කතා කරන්න එක ඇමතියෙක් වත් නැහැ.(අ)

:       0       0

උපාලි Tuesday, 27 August 2013 01:36 AM

මෙතන අදහස් දාන බොහොම දෙනෙක් එක්කෝ ඇමතිට බනිනවා. නැත්නම් සමහර මිනිස්සු බල්ලන්ට වඩා නරකයි කියලා බල්ලන්ව මගුල් පෝරුවට නැග්ගවීම හරියි කියනවා. කවුරු කිවුවත් බැලිය යුත්තේ මේ මනුස්සයා කියන දේ හරිද කියන කරුණයි. සිංහල සංස්කෘතියේ ප්‍රධාන සංකේත වන පුන්කලස, ගොක් කොළ, පොල්මල් ගැන බොහොම දෙනෙක් හිතන බව පෙනෙන්නේ ඒවා නිකම්ම නිකම් කලගෙඩි, පොල්කොළ කියලයි. ජාතික අනන්‍යතාවය ගැන කිසිම අවබෝධයක්, හැගීමක් නැති, ඒ විදිහට හිතන මිනිස්සුන්ට බල්ලත් එකයි, මිනිහත් එකයි. (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 27 August 2013 01:46 AM

බුදුරදුන්ටත් අකුරු උගැන්නුවේ ගුරුවරු. ඒ හඬ ගුරුවරුන්ට භක්තියෙන් සළකන එක වසර 2500 පුරාවට අපේ සංස්කෘතියේ තිබුනා. එහෙම ගුරුවරු දණගස්සනකොට සිංහල සංස්කෘතිය අමතක වුනාද? අනෙක පිරිමි ගුරුවරයෙක් නම් කමක් නැහැ. (නි)

:       0       0

ගඩාෆි Tuesday, 27 August 2013 02:58 PM

වැඩේනම්කැතයි , මොනවකරන්දද (දී)

:       0       0

සීල Tuesday, 27 August 2013 01:54 AM

කාලෙකින් බන්දුල මහත්තයා අර්ථවත් දෙයක් ලියලා තියෙනවා. බොහොම ස්තූතියි. (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 27 August 2013 10:47 AM

මේ වගේ දේවල් නැතුව හැකිනම් අපේ කාන්තාවන් අතර අපේ ඔසරිය ප්‍රචලිත කරන්න ව්‍යාපෘතියක් පටන් ගන්න. අද ගෙදරට ඔසරි අඳින්නේ ඉතාම සුළු කාන්තාවන් පිරිසක්, මමත් ඇතුළුව. ඉදිරි කාලයේ නැත්තටම නැති වේවි. ඒ ගැන හරි දුකක් තියෙන්නේ.නැත්නම් ගෙදරට ඔසරි අඳින කාන්තාවන් අනාගතේ ඉන්නේ ටෙලිනාට්‍යවල විතරක් වේවි. (නි)

:       0       0

කටා මාමා Tuesday, 27 August 2013 02:08 AM

මහනුවර අස්ගිරියේ නිල සුනඛ අංශයේ සංස්කෘතික උප අංශයේ තවත් ජාතික මෙහෙවරක්.. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 26 August 2013 07:59 PM

ගණන් ගන්න එපා ඇමති තුමෝ. අපි නොදැන බල්ලෝ කොච්චර පෝරුවල නගිනවද මේ රටේ. මේකෙන් සංකේතවත් කලේ ඒ දේ කියල හිතාගන්න.. කෙල්ලෝ අමාරුවේ දාල පොලු තියල පවුල් කඩාකප්පල් කරලා ළමා අපයෝජන කරලා ඔය සමහර බල්ලෝ මොකුත් නොදන්නා අහිංසක මහත්තුරු වගේ පෝරුවල නගින්නේ..තියෙන හැම දහ දුරා වැඩක්ම කරලා දෙකට ගනින්න බැහැ වගේ ඔය බැල්ලියෝ ඕන තරම් පොරුවල නගින්නේ. ඔබ තුමා ඕකට සද්දේ දාල මේ අසමජ්ජාතින්ගෙන් අර පරන සිද්දි අද්ද ගෙන හත්පොලේ ගාගන්න යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න.(නදී)

:       0       0

මේනක Tuesday, 27 August 2013 10:48 AM

ඔබතුමා හරි. (නි)

:       0       0

දිසානායක Monday, 26 August 2013 08:00 PM

චීන සංස්කෘතියට අනුව නම් මේක එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ. සිංහල සංස්කෘතිය කෙමෙන් කෙමෙන් දිය කර චීන සංස්කෘතිය ඉස්මතු වීමක් මෙහිදී පෙනී යන්නේ, කොහොම වුනත් දැන් බල්ලන්ට රටේ වැදගත් තැනක් තැනක් හිමි වීම විශේෂත්වයක්.(නදී)

:       0       0

දිසානායක Wednesday, 28 August 2013 11:00 AM

රසාදරී, ඔයාලා මේකේ වරදක් දැක්කට අපිට එහෙම පෙනෙන්නේ නැහැ.මොකද ඕනෑම ප්‍රශ්නයක් දිහා විවෘතව බලන්න පුළුවන් හොද මානසික තත්වයක් අපිට තියනවා ..ඕනෑම් ප්‍රශෟනයක් දිහා බලන ආකාරය මත ධන හෝ ඍන චිත්ත රූප සහ අදහස් මොලය කරා ගමන් කරනවා.ප්‍රශ්නයක් පැන නගිනවිට නුවණැත්තන් මැද පිළිවෙල හෙවත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් ඒ දෙස මැදිහත් සිතින් බලනවා .හැම දෙයක්ම සිද්ධ වන්නේ හේතුවක් නිසා.හේතුවක් නිසා හටගන්නා දෙයක් හේතුවක් නිසා විනාශ වෙනවා.ඒ නිසා කලබල නොකර මේ ගැන මත ඉදිරිපත් කරන්න (නි)

:       0       0

දිසානායක Wednesday, 28 August 2013 11:00 AM

රසාදරී, ඔයාලට මේකෙ වරදක් දැක්කට අපිට එහෙම පෙනෙන්නේ නැහැ. මොකද ඕනෑම ප්‍රශ්නයක් දිහා විවෘතව බලන්න පුළුවන් හොඳ මානසික තත්වයක් අපිට තියනවා ..ඕනෑම් ප්‍රශ්නයක් දිහා බලන ආකාරය මත ධන හෝ රින චිත්ත රූප සහ අදහස් මොලය කරා ගමන් කරනවා.ප්‍රශ්නයක් පැන නගිනවිට නුවණැත්තන් මැද පිළිවෙල හෙවත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් ඒ දෙස මැදිහත් සිතින් බලනවා .හැම දෙයක්ම සිද්ධ වන්නේ හේතුවක් නිසා .හේතුවක් නිසා හටගන්නා දෙයක්, හේතුවක් නිසා විනාශ වෙනවා ..මේක බටහිර රටවල්වල කොඕස් ඇන්ඩ් ඉෆෙක්ට් තියරි කියලා උගන්නනවා. ඒ නිසා කලබල නොකර මේ ගැන මත ඉදිරිපත් කරන්න .ඔබ මෙයට දක්වන ප්‍රතිචාර ඔබගේ බුද්ධි මට්ටම හා ඔබගේ සංහිදියාව පිළිබඳ චිත්තර රුපයක් අපගේ මනසට ඇතුල් වන බව හිතන්න. සම්ප්‍රදායික බවෙන් මිදී විවෘත මනසකින් හිතන්න බලන්න. මන්ද උඩරට උඩඟුකම් වලින් අපේ රටට අයහපතක් මිස කිසිදා සෙතක් සිදුවී නැත. (ස)

:       0       0

දසුන් Monday, 26 August 2013 08:07 PM

මේකෙන් විතරක් ලංකාවේ සංස්කෘතිය විනාශ වෙන්නේ නැහැ. තව කොච්චර දේවල් නම් තියෙනවාද ඒවත් නවත්තන්න එහෙනම් (දී)

:       0       0

දිස්නා Monday, 26 August 2013 08:07 PM

ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත (දී)

:       0       0

නාමල් Tuesday, 27 August 2013 11:02 AM

සංස්කෘතිය ගැන විතරක් කතා කරන්නේ ඇයි? (නි)

:       0       0

සමීර Monday, 26 August 2013 08:09 PM

මෙම ගියොත් රට වල පල්ලේ (දී)

:       0       0

කැනඩා දිසා Tuesday, 27 August 2013 03:16 AM

අසරණ මිනිස්සුන්ගෙන් රටේ පවතින යථාර්තය මතකයෙන් ඇත් කරවන්න ලේසි වෙන එකක් නැහැ. (නි)

:       0       0

තිලින Monday, 26 August 2013 08:10 PM

අද පෝරුවට නගින ගොඩක් අයට වැඩිය මේ බල්ලෝ රටට සමාජයට සේවයක් කරනවා. (දී)

:       0       0

රණසිංහ Tuesday, 27 August 2013 03:35 AM

තිරිසනාට ජිවත් වීමට නිතියක් නොමැත (නි)

:       0       0

සිල්වා Monday, 26 August 2013 08:13 PM

සුද්දන්ව බොරුවට පෝරුවට නග්ගවන්නේ එහෙනම් (දී)

:       0       0

අජිත් Tuesday, 27 August 2013 11:10 AM

රජගෙදර හැදුවත් පොලීසියේ හැදුවත් බල්ල බල්ලාමයි. (නි)

:       0       0

ජූඩ් Tuesday, 27 August 2013 03:43 AM

මේක දැක්ක ගමන් මට වෙන එක්කෙනෙක්ව මතක් වුණා (නි)

:       0       0

ලංකානාථ Tuesday, 27 August 2013 11:10 AM

රට බල්ලට ගිහින්... (නි)

:       0       0

ඇන්තනී Monday, 26 August 2013 08:14 PM

මන් නොදන්නා හින්දයි අහන්නේ අලියෙක් දළදා කරඬුව ගෙන යන එක හොඳද ? බල්ලත් සත්ව ගණයට අයත් නේද ?(නදී)

:       0       0

සුභා Tuesday, 27 August 2013 04:13 AM

කුසුම්, මෙතැනදී කියන්න ඕනෑ දේ හරියටම කියලා තියෙනවා. මිනී මරුවෝ, හොරු, කුඩුකාරයෝ, බහු විවාහ කර ගත්ත අය, මාල කඩපු අය, දිනපතා රටේ නීති, මැතිවරණ නීති කඩන අය, පෝස්ටර් ගසමින් රටම අපවිත්‍ර කරන අය, මහජන මුදල් හොරා කන අය ,කොටින්ම කිසිදු හෘද සාක්ෂියකින් තොරව රට විනාශ කරන පිරිස සිටින්නේ කොතනද? (නි)

:       0       0

පතිරණ Tuesday, 27 August 2013 11:11 AM

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගැන වගකිවයුත්තන් කවදාවත් කතා කරනවා අපි දැකලා නැහැ. (නි)

:       0       0

ඉන්දික .නාපොලි Tuesday, 27 August 2013 04:27 AM

බලු මනාල සහ මනමාලියට අත්සන් කළ අය කවුද? (නි)

:       0       0

රසික Monday, 26 August 2013 08:16 PM

එතකොට අර මැඩම්ගේ පොට්‌ එකට ගිය එක සනස්කෘතියට ගැලපෙනවද?(නදී)

:       0       0

ජයා Tuesday, 27 August 2013 05:03 AM

බල්ලට ගිය රටක්! (නි)

:       0       0

රොෂාන් Bangladesh Monday, 26 August 2013 08:18 PM

ඇමතිතුමනි, ඔබ තුමාට බල්ලෙක් පෝරුවට නග්ගුවම හිතට සෑහෙන දුක හිතෙනවා සංස්කෘතිය පිරිහෙනවා කියලා. ඔබ තුමාට දුකක් දැනිල නැද්ද ආගමික නායකයෝ ඒ වගේම බල්ලන්ටත් පහල ඉන්න සමහරක් දෙපාවෝ බාල අපරාද ඒ වගේම සංස්කෘතිය නැති කරන වෙනත් අපරාද ගැන. මම හිතන්න ඒවා ගැන ඔබ තුමාට ඒ කියන්නේ සංස්කෘතිය ගැන වැඩි දැනුමක් නැතිව ඇති. කමක් නැහැ ඔබතුමාට කාලය තියෙනවා සංස්කෘතිය ගැන ඉගෙන ගන්න පස්සේ ඔයා ඒවාට අවශ්‍ය පියවරගන්න අපි බලාසිටිනවා හොදේ. (නදී)

:       0       0

මහීන් Tuesday, 27 August 2013 05:10 AM

අද වෙන වැඩ වල හැටියට මේ බල්ලො රටට කරන සේවය විශිෂ්ටයි. (නි)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Monday, 26 August 2013 08:18 PM

ඇමතිතුමෝ...... අපේ රටේ පෝරු වර්ග ගොඩක් තියනවා​. මඩ පෝරුව​, සකපෝරුව ආදී ලෙස​. මගුල් පෝරුව​, සිංහල සිරිතක් නොවෙයි. ඉන්දියාවෙන් කොපිකරපු එකක්. ඵ්නිසා මොන බල්ල නැග්ගත් ගැටලුවක් නෑ. බල්ලට ටයි, කෝට් ඇන්දුවත් කමක් නෑ.(නදී)

:       0       0

සමන් පෙරේරා ඩුබායි Tuesday, 27 August 2013 03:43 PM

මිනිසුන්ට වඩා හොද ගතිගුණ බල්ලන්ට තියෙනවා, මේක අලුත් දෙයක් නෙවේ (දී)

:       0       0

ඇන්ටන් Monday, 26 August 2013 08:19 PM

මතක තිය ගන්න , ලෝකේ තියෙන දරුණු අපරාද සොයල දෙන්නේ මේ අහිංසක සතා බව. එතකොට අපේ අය කියන්නේ, නුබ නිවන් දකින්න කියලා.(නදී).

:       0       0

සමන් රොහාන් රණසිංහ Tuesday, 27 August 2013 05:20 AM

බලු වලිගය බැහැ උණු පුරුකේ දමාවත් ඇදය හරින්න. තිරිසනාට ජිවත් වීමට නිතියක් නොමැති බව නොදන්නෙහිද? (නි)

:       0       0

රූපවතී Wednesday, 28 August 2013 11:53 AM

රසාදරී නංගි... ආපසු හැරිලා බලනවද ..? ඔයාගේ ජීවිතේ පිටුපස වසර ගානක් එහායින් ...ඔයා කී පොලකින් නාගෙන තියනවද කියලා ? ඒ කොයි විදියටද කියලා ..? අපිත් එහෙම තමා..! හෙට සුනාමියක් ආවොත් අපි සේරටම මහා සාගරේ. ඒ කරදියෙනුත් නාගෙන පණ බේරාගෙන ගොඩ වෙන්න ලැබුනොත් ඒ හොදටම ඇති ...?ඔය බල්ලා පෝරුවට නග්ගුවට වැඩියෙන් ,අපේ සංස්කෘතිය ..මාස 5ක් දියණියව තාත්තා විසින් දූෂණය කලාම ..සංස්කෘතිය ඉතිරිවෙයිද....? (ස)

:       0       0

ගමාල් Tuesday, 27 August 2013 11:26 AM

අපේ සමහරු අනුන්ගේ ආගමට ජාතියට ගරහනකොට තමන්ගේ ජාතියට ‍මෙහෙම ගමන් තමයි යන්න වෙන්නේ.... (නි)

:       0       0

පිටිගල Monday, 26 August 2013 08:22 PM

ඔය තියෙන්නේ මහා තැන වලින්ම . මේ පොඩි අපි කිව්වට කිසි ගතියක් නැහැ නේ.(නදී)

:       0       0

ගයා Tuesday, 27 August 2013 05:51 AM

මෙහෙමත් පොලිසි වැඩ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 100 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 361 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2464 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2075 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1540 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8439 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34517 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site