බන්නාහිර පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 56
එක්සත් ජාතික පක්ෂය - 28
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 09
ජනතා විමුක්ති පෙරමුණ - 06
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 02
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ - 02
2009 පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී ආසන 12ක් අහිමිකරගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන දෙකක් අහිමි වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන තුනක් වැඩි කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය මන්ත්‍රී ආසන දෙක එලෙසම රැගෙන තිබේ.
අලුතින් තරඟ බිමට ආ සරත් ෆොන්සේකා ආසන නවයක් හිමි කර ගැනීමට සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසානයේ ආරම්භය හොඳින් සිදු වී තිබෙනවා. ඔහොම යං! (නදී)
අපි ජවිපෙ නොවෙමු. එහෙත් රට ගැන සිතන බුද්ධිමත් පිරිසක් ලෙස, තරුණ අපි ජවිපෙ සමඟ ගොඩනඟා ගත් ස්ථාවරත්වය පිළිබදව අවංකවම සතුටු වන්නෙමු. (නි)
ඒත් කෙනෙක් නම් කිව්වේ දකුණින් සහ බස්නාහිරින් 64% හා 61% කියලා නේද? (නි)
සියලු දෙනාටම වැඩ කළ යුතු කාලය ඇවිල්ලා වගෙයි.දැන් ජනතාව බුද්ධිමත්. රවටන්න හිටන්න එපා.රට සංවර්ධනය වෙනවා වගේම ජනතාවත් සංවර්ධනය වියයුතුයි. මිනිස්සු දුප්පත් වෙලා රට දියුණු වෙලා වැඩක් නැහැ. (නි)
ජාතිවාදය වපුරන පුද්ගලයන්ව ඔවුන්ගේම ජාතියේ ජනතාව පවා ප්‍රතික්ෂේප කරලා. අපට අවශ්‍ය අකමුතු රටක්. (නි)
දැන් දැන් මිනිස්සු හිතන විදිය වෙනස් වෙලා වගෙයි. (නි)
දැන් කී දෙනෙක් රජයට යයිද දන්නෙ නැහැ (නි)
මුලින්ම වැඩකට නැති සියළු ඇමතිලා ඉවත් කළ යුතුයි. ජනාධිපතිතුමයි, බැසිල් ඇමතිතුමයි, ගෝඨාභය මහත්තයයි ඔය ඇමතිලා සියල්ලෝම කරන වැඩ වලට වඩා වැඩක් කරනවා රටේ. අනෙක් බොහෝ අය බොරුවට රටේ සල්ලි නාස්ති කරනවා. ඇමති සංඛ්‍යාව අඩු කරලා රාජ්‍ය සේවකයන්ගේ පඩිය රු.500ක් වැඩි කරන්න බලන්න. (නි)
බස්නාහිරින් ආණ්ඩුවට රතු එළියක් ...පුරසාරම් නවතා වැඩ කරන්න වෙයි. (නි)
රට දිනා දුන් නායකයාට ජය පතමි! තව ශක්තිමත් වෙන්න. (නි)
හිතා මතා වැඩ කළ යුතු කාලයක් (නි)
ඡන්දය නොදා ඉන්න ප්‍රතිශතය බැලුවොත් මිනිස්සු ඉන්නේ කල කිරීමෙන් කියලා පේනවා. ඒ ප්‍රතිශතයට තමා ඇත්තටම ආණ්ඩුව පෙරලන්න ඕනේ අය.(නදී)
ආණ්ඩුවේ අසීමිත බලය අඩු වෙලා විපක්ෂයේ බලය තව ටිකක් වැඩි විය යුතුයි.ආණ්ඩුවත් පැවතිය යුතුයි. ප්‍රාදේශීය පාලකයින්ගේ දූෂණ, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ ,මත්ද්‍රව්‍ය ජනතාවට පෙනිලා තියෙන බව කවුරුත් වටහා ගත යුතුයි. ඉදිරියේදී තව හොඳට පෙනෙයි. (නි)
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහ ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක යන මහතුන්ට උණුසුම් සුභ පැතුම්! (නි)
කොහොමත් ජේ.වී.පී.ය දිනුම්. ඔවුන්ගේ ඥන්ද පිරිසිදුයි. ෆොන්සේකා මහතා උඩඟු නොවී , කට ප්‍රවේශම් කරගෙන ජේ.වී.පී.ය සමඟ සහයෝගයෙන් වැඩ කළොත් යහපත් අනාගතයක් රටේ ජනතාවට උදා වේවි (නි)
ජය වේවා! (නි)
විපුල,යොහාන් ,අප්පුහාමි ,කුමාර ,ඔබලාගේ අදහස් පළකිරීම ඉතා හොඳයි. අගෙයි ඔබලා වගේ අයගේ අදහස් රටේ මහත්මා දේශපාලන ගමනට ලොකු ශක්තියක්. මගේ අදහස් හා සමගාමී වේ.(නදී)
ප්‍රතිචාර දැක්කම හිනා යනවා..බැලුවම මෙච්චර ගත්ත ආණ්ඩුවනේ පැරදිලා තියෙන්නේ..අනිත් අය ඔක්කොම දිනලා...ඡන්දෙ නොදාපු ගොඩත් එයාලටම අර ගෙන. ඒ කියන්නේ මගේ ඡන්දෙත් ගිහින් තියෙන්නේ විපක්ෂෙට. හරි හරි ඔහොම කියා කියා තව කොච්චර කාලයක් යන්න වේවිද බලමුකෝ කට්ටියගේ ඔය ස්වර්ග රාජ්ජය පහල වෙන්න.ඔක්කොම එකතුවෙලාවත් මයිල් ගහක් හොලව ගන්න බැරුව කතාවනම් හරියට අලියෙක් පොළොවේ ගැහුවා වගේ.(නදී)
ආයේ යුද්දේ පටන්ගන්නවා.(නදී)
මගේ මුළු පරම්පරාවම ඡන්දෙ දුන්නේ සන්දානෙට. නමුත් මේ පාර අපි සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂෙට ඡන්දෙ දුන්නේ. ඒ ගැන ගොඩක් සතුටුයි.(නදී)
ගොඩක් අය ප්‍රතිචාර දමා තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධව. ඒ නිසා ප්‍රතිඵලය පේන්නේ ඔවුන්ට වාසි වන විදියට. කෙසේ උනත් ආණ්ඩුවට ඡන්ද ප්‍රමාණයක් අඩු වෙලා කියා පේනවා. එක්සත් ජාතික පක්ෂයට එය ලැබිලා. පොන්සේකා මහතා ජේ වී පි අයට වැඩිය ඉදිරියෙන් සිටීමත් පේනවා.(නදී)
රජය වට්ටන්න කාටවත් බැහැ ජය වේවා! ඒක හීනයක් කියල හිතා ගන්න.(නදී)
වසන්ත , ඔයා කියන දේ මේ කපේදි නම් වෙන්නේ නැහැ. තුසිත් මේක නම් පාටියක් දාන්න වටිනා වැඩක්. පරම්පරාවේ ඔක්කොමත් එක්ක අද හවස සෙට් වෙමුද? (නදී)
"අපි ජවිපෙ නොවෙමු. එහෙත් රට ගැන සිතන බුද්ධිමත් පිරිසක් ලෙස, තරුණ අපි ජවිපෙ සමඟ ගොඩනඟා ගත් ස්ථාවරත්වය පිළිබදව අවංකවම සතුටු වන්නෙමු." හරියට හරි. හොරවැඩ එලියට දාන්නේ ඉන්නේ මෙයාල විතරයි.(නදී)
රජය වට්ටන්න ඕන නැහැ අසෝකා, නිවැරදි කලයුතු වැරදි ගොඩක් තියෙනවා. ඒවා නිවැරදි කරගත යුතුයි. දැන්මම, ජනතාව රතු එළියක් පෙන්නලා තියෙනවා.(දී)
ජනතා විමුක්ති පෙරමුණට ජය මාවත විවර වී තිබෙනවා. නැවත ඔබව විනාශ කළ අයට එකතු වීමෙන් වළකින්න. ඔබට ජය! (නි)
ඇත්තටම විපක්ෂය එකතු වුණා නම් ගොඩක් ප්‍රශ්න වලට විසඳුමක් සොයන්න පුලුවන්.සරත් සර්ට සුභ පතනවා! ජයෙන් ජය වේවා! (නි)
ඉස්සරහට කල්පනා කරලා වැඩ කළොත් හොඳයි (නි)
මේ පාර චන්දෙ යම් පසුබෑමක් තියෙනවද (දී)
දැන්වත් මොළය පාවිච්චි කරලා වැඩ කරන්න. (නි)
ජය වේවා! ජය වේවා! (නි)
ෆොන්සේකාගේ ගෙදර වැඩට යනවයි කියපු අයට දැන් යන්න පුළුවන්නේ.නේද? (නි)
දැන් සරත් මහතා ඉතා වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ. අායෙත් කට වරද්දා නොගෙන ඉන්න ඕනෑ. ජවිපෙත් ඉවසීමෙන් වැඩ කරන්න. මේ ප්‍රතිපලය විපක්ෂයට එකතු වෙන්න කියලා දුන් පණිවුඩයක්. ඒ නිසා විපක්ෂය පොදුවේ ලැබූ මේ ජය විජයග්‍රහණයක් කරගන්න අදිටන් කරගන්න. ආණ්ඩුව පෙරළන සටනට ඔබට ජය! (නි)
ඩලස් ගේ ඡන්ද සමීක්ෂණය අහන්න ආසයි. ලංකාවේ මෝඩ මිනිසුන් අඩු වීම සතුටක්.සජිත්ලා, බුද්ධිකලා, අනුරලා, කරුලා එකතු වෙලා ගම් මට්ටමින් සංවිධානය වුණදාට ආණ්ඩුවට මොනවා වෙයිද? (නි)
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ලැබුණේ එජාප ඡන්ද හා එජනිස ඡන්ද.ප්‍රධාන පක්ෂ දෙකේ දුර්වලකම් දැන් දැන් පෙනෙනවා නේද? (නි)
පැරණි පක්ෂ වලින් සැබෑවටම ජයග්‍රහණය කර ඇත්තේ ජවිපෙ පමණයි (නි)
ෆොන්සේකා උඩ යයි. ජවිපෙ යට යයි. යූ.එන්.පී.ය සැනසෙයි. ආණ්ඩුව ගමන යයි. අපිට හිනහා යයි (නි)
අර අහවල් මත්තයාගේ ජිනීවා තර්කයට අනුව ඡන්දය නොදුන් අයත් එක්ක බැලුවම ආණ්ඩුව අන්ත පරාජයක් ලබලනේ (නි)
මේ විදිහට ආසන කීපයක් අඩු වුණාට මේක ආණ්ඩුව ගෙදර යන පාර කියලා තීරණය කිරීම ඉතාමත් පටු අදහසක් පමණි. අඩියක් දෙකක් පස්සට යන්නේ ලොකු පිම්මකට කියලා කියන්නත් පුළුවන් නේද? කොහොමත් මේ ගමන නවත්වන එක හරි අමාරු දෙයක්. (නි)
මෙහෙම බලද්දී රනිල්, ජෙනරල් සරත් ෆොන්සේකා, අනුර එකතු වුණා නම් කොහොමට තියෙයිද? (නි)
ආණ්ඩුව වැඩ කරන හැටි ගැන ජනතාව අවධානයෙන්. හොරකම්, නාස්ති, මාධ්‍ය අනිසි ලෙස ජනතාව රැවටීමට යොදා ගැනීම, දේශපාලනය පවුල්කරණයට ලක් කිරීම ආදිය නැවැත්වීම පමණයි ආණ්ඩුවේ පැවැත්මට කළ හැකි එකම දෙය ලෙස මට නම් පෙනෙන්නේ. (නි)
බස්නාහිර කියන්නේ මුලු ලංකාවම නෙමෙයි. රටේ අනෙක් පළාත් වලින් පැරදිලත් තවම විපක්ෂයේ අයගේ බොරු කටමැත දෙඩවීම් නම් අඩු වෙලා නැහැ.මේ ආණ්ඩුව තව අවුරුදු 10කටවත් කාටවත් හොලවන එක බොරු. ජය වේවා! (නි)
උතුම්, සමන්, සුනිල්, අමිත්ත, 2009 වගේ ප්‍රතිපලයක් කොහොමද 2014 බලාපොරොත්තු වෙන්නේ? ආණ්ඩු කරනකොට තමයි ඡන්දෙ අඩු වෙන්නේ. මම හිතන විදියට මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක්. බඩු මිල ගැන හිතලම මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. කොළඹ වටේ දෙමළ, මුස්ලිම් ටිකයි, ගාල්ල නගරයේ මුස්ලිම් ටිකයි ආණ්ඩුවට දෙන්නේ නැහැ කොහොමත්. බලන්න කළුතර , ගම්පහ. (නි)
ඔය ටිකවත් ලැබුනේ කවුරු නිසාද කියලා තේරෙනවනේ. ඇමතිවරුනි, දැන්වත් මොළය පාවිච්චි කරලා වැඩ කළොත් තමා හොද (නි)
ආණ්ඩුවෙ අවසානය බොහොම ළං වෙලා වගෙයි. විපක්ෂයේ පක්ෂ එකමුතු වෙලා ඉකමනටම රට මේ වැටිලා තියෙන අාගාධයෙන් ගොඩ ගන්ඩ ඕනෑ. යු.එන්. පී. ය ඇතුලු මුලු විපක්ෂයටම සුභ පැතුම්!!! (නි)
ඒ වුණාට කියන්නෙ නම් මේ මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරලා කියලා නේද? (නි)
ඇමතිලා ටික අන්න රූපවාහිනියේ කියනවා මේ මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරලලු. මෝඩ කතා කිය කිය උඩ පැන පැන ඉන්නේ නැතුව රට ගැන හිතන්න, තමන්ගෙ බඩ ගැන හිතන්නේ නැතුව. නැත්තම් එජනිස පහළටම වැටෙයි. (නි)
බස්නාහිර ජනතාවට ජය වේවා! (නි)
තවම අහිමි වුණේ 12යි. බලමුකෝ තව ඉස්සරට... (නි)
දැන්වත් මොළය කල්පනා කරලා වැඩ නොකළොත් අවසානය අත ළඟයි. (නි)
ජය වේවා! විපක්ෂයට ජය වේවා! (නි)
විපක්ෂයේ ජයග්‍රහණය දැන් අත ළඟයි. (නි)
විපක්ෂයේ ඔක්කොම ආසන ටික එකතු කළත් ආණ්ඩුවට වඩා අඩුයි කියලා මේ අයට තේරෙන්නේ නැද්ද? ෆොන්සේකාගේ පක්ෂයේ පටන් ගැනීමත් අවසානයත් ඕකම තමයි කියලයි මම නම් කියන්නේ. (නි)
නියමයි නියමයි. පවතින දේශපාලන ක්‍රමයේ අවසානය අත ළඟයි. මිනිස්සු මොළය කල්පනා කරලා තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා තිබෙනවා. ජයවේවා! (නි)
හොද ආරම්භයක්. විපක්ෂයට හැමෝම එකතු වෙලා මේ රට බාරගන්න (නි)
මෙම ප්‍රතිඵලය ගැන රජය සළක බැලිය යුතුයි. සන්ධානයට ආසන 12ක් අඩුවීමෙන් පෙනෙන්නේ රජයට ඡන්දය දුන් කොටසක් විරෝධය පළ කරන බවයි. ඔවුන් මෙය තේරුම් ගෙන වැරදි හදාගත යුතුයි. එජාපය එකමුතු නැති බැවින් ජනතාව ක්‍රමයෙන් ඔවුන්ගෙන් ඇත්වෙනවා. එක් නායකයකු යටතේ ඔවුන්ද සංවිධානය විය යුතුයි. ජවිපෙ නැවත ගමනක් අරඹා ඇති බව පෙනේ. ඔවුන් ඉවසීමෙන් ලැබූ ජයග්‍රහණය රඳවා ගත යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉදිරියට පැමිණියේ ෆොන්සේකා මහතා නිසාය. නමුත් දැන් ලැබූ මන්ත්‍රී ධූර සමඟින් ජනතාව සමඟ කටයුතු කළ යුතුයි. නොඑසේ නම් ෆොන්සේකා මහතාගේ ප්‍රසිද්ධිය අඩුවූ කල පක්ෂය දියවී යනු ඇත (නි)
බලනකොට දකුණින් සහ බස්නාහිරින් යන දෙකෙන්ම 60% ට අඩුයිනේ. (නි)
දැන්වත් විපක්ෂයේ නායකත්වය ගැන තීරණයක් ගත්තොත් නරකද? (නි)