රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා මෝටර් රථ කොමසාරිස්ට ඉදිරිපත් කළ ඉල්ලුම්පත් ප්‍රතිකෂේප කිරීමට ගත් තීරණය අහෝසි කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා භික්ෂුන් තුන් නමක විසින් ගොනු කැරුණු පෙත්සම් තුනක් ගාස්තු රහිතව අභියාචනාධිකරණය අද ඉවත දැමීය.
දීපාලී විජේසුන්දර හා උපාලි ගුණරත්න විනිසුරුවරු මේ තීරණය දුන්හ.
වස්කඩුව ශ්‍රී ශාඛ්‍යමුණි විහාරයේ ආචාර්ය පරවාහැර විමලවංශ,මාලඹේ සුසිලාරාමවාසී බෝදාගම සීලවිමල,දකුණූ හෝකන්දර ගනේවත්ත විහාරවාසී බියගම සෝමරතන යන හිමිවරු මේ පෙත්සම ගොනු කළහ.
භික්ෂුවකට රියදුරු බල පත්‍රය දීමෙන් බෞද්ධ සංස්කෘතියට හානියක් වන බවත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බෞද්ධාගම සුරැකීමට අධිකරණය බැඳි සිටින බවද නඩු තීන්දුවේ සඳහන් වේ.
මේ සම්බන්ධ අධිකරණ ක්‍රියා මාර්ගය ඇරැඹුණේ මීට වසර හතරකට කලිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් වූ සංඝරත්නයට මා දණ නමා නමස්කාර කරනවා. නමුත් තණ්හාව, ක්‍රෝධය, වෛරය සිවුරකින් වසාගන සැරිසරන අයට පුදසත්කාර කරන බෞද්ධයෝ ගැන කණගාටු වෙනවා. මොවුන්ව තේරුම් අරගෙන කිසියම්ම කටයුත්තකට ඔවුන්ව කැඳවන්නේ නැතුව ඉන්නවා නම් යම් තරමකට හෝ පාඩමක් උගන්වන්න පුළුවන් වෙයි. රියදුරු බලපත්‍ර ඉල්ලන්නේ රැකියාවක් කරන්න නොවෙයිනේ. පන්සලේ හා දායකයන්ගේ මුදලින් වාහන රැගෙන කම්සැප විඳින්න නේද? ඒ මුදල් ඔවුන්ගේ ගෙදරින් ගෙනා ඒවා නොවෙයිනේ. ගුණගරුක බෞද්ධ දරුවනි, දුශ්ශීල මහණුන් පන්නා දැමිය යුතුයි. ඒ සඳහා එක්වවූ! (නි)
ඔය තරම්ම ඕක අවශ්‍ය නම් සිවුරු දා ගෙන ඉන්න එක කරදරයක් බව තේරුම් ගෙන ගිහියෙක් විදිහට වාහස බලපත්‍ර ඉල්ලන්න. පවතින ශාසනික තත්ත්වය අනුව ගිහියන්ට වඩා පංචකාම සම්පත් භුක්ති විදින්නේ සමහර භික්ෂූන්. ඒවා අවසර නැතුවම කෙරෙනවා. (නි)
අපිට ඕවට මොකුත් කියන්න බැහැ (දී)
අන්තිමේ කහ රෙදි කැබැල්ලක් අතේ ගැට ගහගෙන ඉන්න කෙනා තමයි භික්ෂුවක් වෙන්නේ කියලා අනාගත වංශයේ තියෙන්නේ (දී)
සුනේත්‍රා ඔබ හරි.කාටද මේවා අපි කියන්නේ ? කාගෙන්ද අහන්නේ ? ඒ අවස්ථාවේදී නීතිය දෙපැත්ත කැරකෙනවා. (දී)
ලංකාවයි පිට රටයි කියන්නේ දෙකක් පටලවා ගන්න එපා (දී)
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෙක් කියන්නේ යම් යම් බැඳීම් වලින් ඉවත් වුණු පුද්ගලයෙක් කියන එක නේද? උන්වන්සේගේ ධර්මයේ සරණ ගිහින් ඒ පිළිබඳව දැනුම ඇති අය කියන්නේ සියලු කෙලෙස් නැසූ අය නේද ? ඉතින් අැයි මේ තව තවත් අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණ වලට පවා යොමු වෙන්නේ? බුද්ධාගම්කාරයෙක් හැටියට මම දකින්නේ අද සමාජයේ 99%කම "හාමුදුරු කෙනෙක්" කියන්නේ වෘත්තීයමය තනතුරක්.බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වාය අරහෙම කිව්වාය කිය කියා ඒකෙන් මුදල් ගරනවා මිසක් පිළිපැදීමක් නැති දේශනාවන් කරලා වැඩක් නැහැ. අවම වශයෙන් චතුරාර්ය සත්‍යයත් එමඟින් ආර්ය අෂ්ටාංගික මාර්ගයවත් මේ "හාමුදුරුවරුන්ට" අවබෝධ වේවා! (නි)
භික්ෂුන් රැකියාවන්,සාස්තර, යන්ත්‍ර මන්ත්‍ර, දේශපාලනය කරති.මේ සියල්ල කෙලෙස් රැස් කරන බැවින් බුද්ධාගමට පටහැනිය.නමුත් ගිහියන් මේ සියල්ල සමග නිහඬව ගනුදෙනු කරමින් ඒවා අනුමත කරති.ඡන්දයද දෙති. මා දන්නා තරමින් මුදල් පරිහරනයද අකැපය. නමුත් රිය පැදවීම පමණක් ගිහියන්ට ප්‍රශ්නයක් වන්නේ කෙසේද? (නි)
කවුද දන්නෙ නැහැ හාමුදුරුවන් අල්ලපු නීතිඥයා? මේක ඉතාම සරල තර්කයක්නේ. බලන්නකෝ හාමුදුරුවෝ උද්ඝෝෂණ මෙහෙයවනවා,ඡන්දෙ ඉල්ලනවා, වෙනත් වෘත්තින් කරනවා,සාස්තර මන්තර වැඩ කරනවා,වන්දනා චාරිකා සංවිධානය කරනවා. වෙළද ව්‍යාපාර කරනවා රියදුරු බලපත්‍රය විතරක් තහනම් වුණේ කොහොමද? (නි)
හාමුදුරුවනේ, අභියාචනයක් කරන්න. මොකෝ දේශපාලනය තහනම් කිවුවේ නැහැනේ උසාවිය.ඔය උද්ඝෝෂණ මෙහෙයවන්න, රැකීරක්ෂා,මන්තර කට්ටඩිකම් එහෙමත් තහනම් කිවුවද ? වහාම මානව හිමිකම් නඩුවක් දමන්න. අැයි මේ බලපත්‍රය විතරක් බොදු සංස්කෘතිය විනාශ කරනවයි කියන්නේ? (නි)
කාන්තාවන් වාහන එළවන්න පටන් ගත්ත අලුතත් ඔය වගේ දේවල් මිනිස්සු කිවුවා. වාහනයක් ගන්න සල්ලි නැති මිනිස්සු ඊර්ෂ්‍යාවට ඒ කාලේ එහෙම කිවුවා. මේකත් ඒ වගේ ඊර්ෂ්‍යාවට කියන දෙයක් වෙන්න ඇති.මොකෝ ඒ තරම් බුද්ධාගමට ආදරේ නම් ඡන්දෙ දෙයිද හාමුදුරුවන්ට. යන්න අපේ හාමුදුරුවනේ ජිනීවා නුවරට... (නි)
මම නම් දකින්නේ මේ තීන්දුව සාධාරන නැහැ. රිය පැදවීමෙන් ශාසනයට හානියක් වෙනවා වෙන්න පුළුවන්. නමුත් අැයි අනෙක් දේවලට තහංචියක් නැත්තේ එහෙනම්.උදාහරණ ලෙස දේශපාලනේ, උද්ඝෝෂණ වැනි දේ.මේකද තිබෙන එකම ප්‍රශ්නය? පුදුමේ කියන්නේ මිනිස්සු ඡන්දෙත් හාමුදුරුවන්ට දීලා ඒක අනුමත කරනවනේ. (නි)
ජිනීවා යන්න අපේ හාමුදුරුවනේ.... මේක අසාධාරනයි කියලයි මම නම් කියන්නේ. (නි)
මෙහෙම ගියොත් නම් හෙට අනිද්දා වෙනකොට හාමුදුරුවොත් බෝට්ටු වලින් පනින්න බලයි වෙනත් රටවලට. දේශපාලනය හොඳයි.සාස්තරත් හොඳයි,උද්ඝෝෂණ වැඩවර්ජන හොඳයි. ගුරු වෘත්තිය,වෘත්තිය සමිතිත් හොඳයි. රිය පැදවීම නරකයි. මම දන්නෙ නැහැ ඇයි කියලා. (නි)
අනේ සාධු! ගරු අධිකරණ තීන්දුවට පින් සිදු වේවා! ජාතියට ආගමික අයිතියට ආපදා වන අවස්ථා වලදී එයට විරුද්ධව නැඟී සිටියාට ස්තූතියි. බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් යනු ඉතාමත් ගරුකටයුතු චරිතයක් (නි)
හාමුදුරුවරුන්ට වාහන එළවන්න බැහැ. එය ශාසනයේ පිරිහීමට තව හේතුවක්. හිස නමා නඩු තීණ්දුව අනුමත කරමි. (නි)
උතුම් වූ අධිකරණය වුව තර්කයට තැන දිය යුතුයි කියලා මම සිතනවා.දේශපාලනයෙන් සිදු නොවන,යන්තර මන්තර වලින් සිදු නොවන,උද්ඝෝෂණ,වෘත්තිය සමිති නායකකම් වලින් සිදු නොවන හානියක් රියදුරු බලපත්‍රයෙන් වෙන්නේ කෙසේද නොදනිමි. විශේෂයෙන්ම බුද්ධිමත් ගිහියන් පවා මේ දේවල් අනුමත කරද්දී මේ ගැන තවදුරටත් සිතිය යුතුයි නේද? (නි)
වාහන එළවන්නම ඕනෑ නම් සිවුර අත්හරින්න. ඉන්පසු ලයිසන් ගෙන වාහන එළවන්න. එච්චරයිනේ. (මොකද දන්නවද? වාහන එළවනකොට පොඩි අත්වැරැද්දක් වුවහොත් මිනිස්සු තිත්ත වචනයෙන් බනිනවා. හාමුදුරු කෙනෙකුට ඒවා අහන එක හරි නැහැනේ. මොකද ඔබ වහන්සෙලා අපේ ගෞරවනීය උරුමයක්නේ. තව ගොඩක් ප්‍රශ්ණ පාරේ තිබෙනවා. ඒ හින්දා වාහන එළවන එක කැතයි.) අනෙක් කාරනාව තමයි අත්හැරීම පුහුණුවීමට ඒක හරිම බාධාවක් (නි)
අතිශයිම වැදගත් තීරණයක්!!! බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට ගත් මේ තීරණය සේම. භික්ෂුන් වහන්සේලාට පෙළපාලි යාම හා උද්ඝෝෂණ වලට සහභාගී වීම වැනි ගිහි කටයුතුද නීතියෙන් තහනම් කල යුතුය. (ස)
ලංකාවේ ථේරවාද සම්ප්‍රදාය පවතින නිසා වෙනත් රටවල මෙන් භික්ෂුන් වහන්සේලා වාහන පැදවීම උචිත නැහැ. (ස)
සේරම් ඔබ හරි , ලන්ඩන්වල පන්සලක, දානයකට වඩින්න ඉස්සෙල්ලම ගාන කියනවා. සල්ලි දුන්නැත්නම් එන්නෙත් නැහැ. බණ කියනවට හම්බ කරනවා. (ස)
බුදු හාමුදුරුවෝ පයින් වැඩියා....අවුරුදු 45ක් .. එහෙම ගිහින් අපිට ධර්මය ලැබුනේ ..ඒ ටික දැන් ඉන්න හාමුදුරුවරු දන්නේ නැද්ද ?? (ස)
භික්ෂුන් වහන්සේ දේශපාලනයට පැමිණීමත් තහනම් කල යුතුයි. (ස)
තහනම් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒත් ඒවා තියෙන හින්ද මේකත් දෙන්න කියන එක වැරදියි. (ස)
ඔය ගම්වල දායක සභාවක් නැද්ද? (නදී)
.හාමුදුරුවෝ වහාන පැදව්වම්ම ඔය හොරට බලපත්‍ර ගත්ත අයට මොකද වෙන්නේ. (නදී)
අධිකරණය උත්තරීතර වීම ගැන සතුටුවිය හැකියි. එහෙත් සංඝාධිකරණයේ ථීනමිද්දය ගැන කණගාටු වෙමි. විනය පිටකයේ රථවාහන පැදවීම ගැන සඳහන් නොවූවද මහා සංඝයා කෙසේ පැවතිය යුතු දැයි මනාකොට සංග්‍රහ වී ඇත. (නදී)
රොෂාන්, ප්‍රියා, පිට රටවල කරනවා කියල හැම දෙයම අපේ රටට ගැලපෙන්නේ නැහැ, පිටරටවල සිවුරට අමතර ගොඩක් ඇදුම් අදිනවා සපත්තු මේස් දමනවා, හිස් වැසුම් දමනවා. (ස)
මේ ගොල්ලෝ මොකටද එන්න හදන්නේ? ඊටපස්සේ කසාද බඳින්නත් ඕනෑ කියයිද මන්දා? (නි)
අපි කාලේ නාස්ති නොකර ඊළඟ ප්‍රශ්නයට යමු, (දී)
ඉතා හොද තිරණයක් (දිල්)
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බෞද්ධාගම..."ආරාක්‍ෂා කිරීමට බැදී සිටී. මගේ කාරුණික ඉල්ලී අන්‍ය ආගමිකයින් විනාස කරණ කූරගළ මුහුඳු මහ විහාරය ආදී ඓතිසික අභිමාණ ස්ථාන අාරක්‍ෂා කර යලි බෞද්ධයාගේ උරුමය රැක දෙන ලෙසයි. එය සමගියටද ඉවහල් වේ . (අ)
හෙට අනිද්දා වෙනකොට තම මොනවා ඉල්ලයි ද (අ)
ඉර හඳ පවතිනා තාක්කල් නොසෙල්වෙන, අධිකරණ ඉතිහාසයේ සටහන් වන ඓතිහාසික නඩු තීන්දුවක් වනවාට කිසිදු සැකයක් නොමැත. (අ)
හොද දෙයක් .....(අ)
අගය කල යුතු තීරණයක් . සාසනයේ පැවැත්ම සදහා .(අ)
අධිකරණ තීරණයට එරෙහිව කිසිවක් කතාකල නොහැක. (අ)
භික්ෂූන් වාහන එළවීම කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බෞද්ධාගම සුරැකීමට අධිකරණය බැඳි සිටින බව තීරණය වීම සැනසීමක්. එතකොට පාර්ලිමේන්තුව සහ විධායකය මෙයට බැඳී නැද්ද?(අ)
ශ්රී ලංකාවෙ මාර්ග සංස්කෘතිය තවම තියෙන්නෙ.... වනචාරි යුගයක. සීලාචාරකමකින් පාරෙ යන එකම වාහනයක්වත් නෑ. එහෙව් රටක භික්ෂූන්ට වාහන පැදවීම නොහොබිනා වැඩක්. පළමුව මිනිස් වෙසින් සිටින තිරිසනුන් මිනිසුන් කොට දෙවනුව ලයිසොන් ගමු.....(අ)
මේ තුන්දෙනා ගැන , මහානායක හිමි වරුන් විසින් සොයාබලා තීන්දුවක් ගතයුතු වන්නේ සාසනයේ අනාගත අභිවුර්ධිය පිණිසය, මොකද?...මෙයාල තව ඉස්සරහට තව මොන මොනවා ඉල්ලා නඩු මගට යාවිද විස්වාස නැත, (අ)
අනේ මන්ද...අපේ පන්සල්වල ස්වාමීන්වහන්සේලාට නම් වාහන පදවනවාට වඩා ඕනෑතරම් සමාජ ආගමික කටයුතු තියෙනවා.කවදාවත් ඔහොම එකක් නිකන්වත් මතක් කරලා නැහැ.(අ)
ලංකාවේ මෙහෙම වුනාට පිටරට වල ඉන්න හාමුදුරුවරු ඕන තරම් වාහන එලවනවා. (දී)
අනාගත වංශය කියවන්න ඕවාට උත්තර ලැබෙනවා (දී)
භික්ෂුවකට හිමි සසරෙන් එතෙර වීමේ මාර්ගයේ හැසිරීම පමණි (දී)
විනිසුරුතුමන්ලා දෙදෙනාට සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන් මගේ හදපිරි ප්‍රණාමය (දිල්)
කාලීන අවශ්‍යතාවය අනුව බලපත්‍ර දීමේ වරදක් නැත, පිටරට වල ඉන්න ලංකාවේ හාමුදුරුවරු ඕන තරම් වාහන එලවනවා. (දී)
වාහන එළවීම භික්ෂුවට නොහොබිනා වැඩක්. (නි)
අනේ සාදු, සාදු, සාදු! අනෙක් වර ඉල්ලාවිද දන්නෙ නැහැ 'නීත්‍යානුකූල විවාහ'? අනේ අපොයි බුද්ධාගමට ගිය කල! (නි)
කාලීන අවශ්‍යතාවය අනුව හුඟක් දේවල් තිබෙනවා.ඒවා ගැන කීමට අවශ්‍ය නැහැ. මොන එහෙකටද මහන වුණේ කියන එක තමයි වැදගත්. කරුණාකර නන් දොඩවන්න එපා. මමත් හොඳ බෞද්ධයෙක් (නි)
මේකට අදහස් දාලා පමණක් අපිට ශාසනය රකින්න බැහැ. කරුණාකරලා කියන්න මොකක්ද එහි තියෙන විනය විරෝධී ක්‍රියාව කියලා. (නි)
භික්ෂුන් වහන්සේලාට වාහන එළවීමට බලපත්‍ර නොදීම ඉතාම හොඳ දෙයක්. භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය නම් සිල්වත් විදියට භාවනා වඩලා රහතුන් වහන්සේලා වෙලා, ඕනෑම තැනකට රහත් වන්නට පුළුවන්. එනිසා භික්ෂුන් වහන්සේලාට වාහන එළවීම ,වෙළඳ ව්‍යාපාර කිරීම, ගුරුකම් මන්තර රැකියාව කිරීම නතර කිරීම නීතිගත කරනවා නම් ඉතා හොඳයි. අද අපට අවශ්‍ය සිල්වත් උගත් භික්ෂුන් වහන්සේලා. අපේ සිංහල බෞද්ධයන්ව මත්පැන් වලින් මත් කුඩු වලින් වළකා ඔවුන්ට බුදු දහම වටහාදීමයි වැදගත්. එසේ නොමැතිව සුපිරි වාහන එළවමින් වෙනත් ආගමිකයන්ට ජාතීන්ට හෝ තමාගේ අදහස් නොපිළිගන්නා අයට සතුන්ගේ නමින් සහ වෙනත් ආකාරයෙන් බැන වැදීමත්, කළහකාරී ලෙස හැසිරීමත් නොවේ. (නි)
සෞදියට සමාන දේවල් කිරීමට මෙහි හිමිවරුන්ට නොහැක. (නි)
දුන්නා නම්, මෝටර් රථ හා මෝටර් සයිකල් රේස් වලට අඳනේ පමණක් ඇඳ ගෙන සහභාගී වෙන හැටිත් අපේ බාල පරම්පරාවලට බලන්න තිබුනා. කෝටියක් සංවර ශීලයට මෙය අඩංගු නැත්නම් නායක හාමුදුවරුවරුන්ට මෙය ඇතුළත් කරන්න බැරිද? පිටරටවල ඉන්න සුළුතරයක් එළවනවා.එවැනි අයට දායකයාගේ ප්‍රසාදය බොහොම හීන වෙලා. (නි)
මෙහෙම හාමුදුරුවරු සසුනට නුසුදුසු බවයි මම නම් කියන්නේ.අාගම මෙයින් විනාශ වෙනවා.ඔවුන්ගේ දේශපාලනයත් නවත්වන්න ඕනෑ. මහා නායක හාමුදුරුවරු ඕවට කතා කරන්න ඕනෑ. (නි)
පිටරටවල සිටිනා භික්ෂුන් වහන්සේලා නොකරන දෙයක් නැහැ. මම දැක තිබෙනවා හවසට කලිසම අැදලා පැරිස් නුවර සැරිසරන භික්ෂුන් වහන්සේලාත්. මේකට මට බනීවි ගොඩක් අය. එහෙත් මෙය සත්‍ය දෙයක් (නි)
මෙතන තියෙන වැරැද්ද මොකක්ද? මෙහෙ හාමුදුරු කෙනෙක් මහා රැයක දරුවෙක් ලැබෙන්න හිටිය කෙනෙක්වත් රෝහලට ගෙනගියා. බුද්ධ චරිතයේ ගිලනෝපස්ථානය උදාර මෙහෙයක්. (නි)
ඊළඟට විවාහයත් ඉල්ලයි නේද? (නි)
එංගලන්තයේ භික්ෂුන් වහන්සේලා වාහන එළවනවා, පන්සලේ කරවල මිරිස් හාල් තුනපහ විකුණනවා, රෑට ඔලුවට තොප්පියක් දමා ලෝගුවක් ඇඳලා හෝ කලිසමක් දමා සිනමා ශාලා වලට යනවා. ලංකාවෙත් එහෙම කරන්න ඉඩ නීතියෙන් දුන්නොත් හොඳ නැද්ද? ඕවා කෙරෙන්න ඕනෑ දේවල් (නි)