මාගම්පුර වරායේ නව ඉන්ධන ගබඩා සංකීර්ණය හා ඉන්ධන පර්යන්තය අද පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය.
වරායට පැමිණෙන නැව්වලට ඉන්ධන සැපයීම අද සිට ඇරඹිණ.
හෙක්ටයාර 20 ක පමණ භූම් ප්‍රමාණයක මෙම ඉන්ධන ගබඩා සංකීර්ණය ඉදිකර ඇත.
ඇමෙරිකානු ඩොලර් මිලියන 76ක විදයමින් ඉදිකොට ඇති නව ඉන්ධන ගබඩා සංකීර්ණය හා ඉන්ධන පර්යන්තයෙහි තෙල් ටැංකි 14 කින් යුත් ටැංකි පද්ධතියක් ඉදිකර අතර අතර එහි සමස්ත ධාරිතාව ඝන මීටර් 80000කි.
ඉන්ධන පර්යන්තය නෞකා ඉන්ධන ටැංකි 08කින් ද ගුවන් යානා ඉන්ධන ටැංකි 03කින් ද එල්.පී. ගෑස් ටැංකි 03කින් ද සමන්විත වේ.
මෙම අවස්ථාවට දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එක් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ (දී)
මොනතරම් දියුණුද මගේ රට? (නි)
දිනේවා මගේ මාතෘ භූමිය සදා! (නි)
අපිට හරිම සතුටුයි (නි)
දිනෙන් දින මගේ රට දිනේවා! (නි)
ඔබතුමාට මේ පිනම ඇති! (නි)
කාටවත් දොස් කියන්න බැහැ හොද වැඩක් (දී)
ලංකාව දියුණුවෙන් දියුවට පත් වේවා (දී)
ඉතාමත් සුභ පුවතක් (දී)
මගේ රටට තෙරුවන් සරණයි! (නි)
ලංකා කියන විදිහට අපි ඉවත දමන සැමන් ටින් වල දාල තෙල් දෙමු නේද. අනේ ලංකාගේ ටිකිරි මොලේ. (නදී)
අජිත් මහත්තයෝ මගේ පටිය මීට වඩා තද කරන්ඩ අමාරුයි. අර පින්තුරේ ඉන්න කළුතර පැත්තේ ඇමතිතුමා දිහා බලන්ඩ හිට්යේ කොහොමද, දැන් ලස්සනේ බෑ. (නදී)
අජිත් ඔයා කිව්වවත් නොකිව්වත් පටි තදකරගෙන තමා ඉන්න වෙලා තියෙන්නේ. වෙන විසදුමක් නැහැනේ (නදී)
අජිත්, අපේ දරු පරපුර වෙනුවෙන් මෙන කැපකිරීම ද මෙයා, ඒ ගොල්ලන්ට තමයි ඔය ගන්න නයටික ගෙවන්න තියෙන්නේ (නදී)
අර කැප් එකක් දා ගෙන බුදුන් වදින්නේ කවුද ?, (අන්තිම පින්තුරයේ ) (නදී)
ලංකා, මම හිහන්නේ මොනවා හරි පෑගිලා වගේ. පොඩ්ඩක් පස්ස හැරිලා බලන්න. තමන්ගේම මොකක් හරි දෙයක් පැගිලද කියලා (නදී)
මිනිසුනේ කෑම හරි ගණන් කියා කියා කුහක විදිහට බැන බැන ඉන්නේ නැතුව මේවට සතුටු වෙයල්ලා. හැමෝටම අමාරු තමා. රට දියුණු වෙනකල් ඉවසීමෙන් ටිකක් පටි තද කරගෙන ඉන්න පුරුදු වෙන්න. මේ කැපකිරීම කරන්නේ අපේ දරු පරපුර වෙනුවෙන්නේ.(නදී)
තෙල් ගන මීටර 80,000 ට ඩොලර් මිලියන 80. ගන මීටර 1000 ට ඩොලර් මිලියනයයි, ගන මීටරෙකට ඩොලර් 1000, ලීටරෙකට ඩොලර් එකයි. කොහොමද ටිකිරි මොලේ (නදී)
අපේ දරු පරපුර වෙනුවෙන් කරනා මෙම මෙහෙවරට ස්තූතියි! (නි)
මෙය විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය ව්‍යාපෘතියක්. කොටස් වශයෙන් නිම කිරීම සතුටක්. මොන පක්ෂයෙන් කලත් හොඳ දේ අගය කල යුතුය. වරායක් නිර්මාණය කිරීමේ එක පරිච්චේදයක් පමණයි මේ අප දකින්නේ. ඉදිරියට නැව් වලට අවශ්‍ය සියලුම සේවාවන්(අලුත් වැඩියා කටයුතු ආදී... ) ලබාදීමට වරායක් සමත් විය යුතුය. මෙම සියලු සේවාවන් ලබාදෙන තෙක් ජාත්‍යන්තර නැව් හම්බන්තොටට නොපැමිනේවි. ලංකාවට මෙම සේවාවන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සාධාරන මිලකට ලබා දීමට හැකීනම් බොහොමයක් නැව් හම්බන්තොටට පැමිනේවි. ඉන්ධන මිළදී ගැනීම ජාත්‍යන්තරයෙන් ලබා ගනීවී. කොළඔ වරායට අවශ්‍ය ඉන්ධන කොහෙන්ද කියල ඇයි කවුරුත් ප්‍රශ්න නොකරන්නේ ? (ස)
බමුණු..ඇදයක් හොයන කෙනාට ඕනෑ තරම් ඇදකුද තියනවා කියන්න..එත් මිට කලින් මේවගේ දේවල රටේ උනාද කියල ඔබතුම අපට කියන්න.. (දී)
බමුණු හරියටම තොපිය දාගෙන තියෙන්නේ.. (දී)
සන්තෝසයි, සුභපැතුම් ශ්‍රී ලංකා (දී)
ලෝකෙම අපි ගැන කතා වෙනවා (දී)
බමුණු මහත්තයෝ ඔයාට වෙන වැඩක් නැද්ද (දී)
කවදාවත් ලංකාවේ නොවුන මේවා දැක්කාම සන්තෝස වෙන්න ඕනේ (දී)
දිනේවා ශ්‍රී ලංකා! (නි)
මේ වැඩේ හොඳයි. අපේ සතුට. මේ වගේම රටේ නීතියත් සාදාරනවා ක්‍රියාත්මක කරන්ඩ. ජයවේවා. (නදී)
ජය ශ්‍රී! (නි)
ලංකාද්වීපයට ජය වේවා! (නි)
කලින් වරාය විවෘත කලේ තෙල් නැතුවද? මම හිතුවේ ඒ කාලේ නැව් එන්න බැරි වුනාට තෙල් එහෙම ඇති කියලා. (මුදී)
ඔය තෙල් වල ප්‍රමිතිය කොහොමද දන්නේ නෑ. නැත්නම් නැව් ටික මුහුදේ නතර වේවි. (මුදී) .
චමිල කියනවා වගේ අපිට නය තියනවනේ ගෙවන්න .ඉතින් අජිත්, තව පටිය තද කලොත් මැරිලා යයි .නය ගෙවන්න බැරි වෙයි.(මුදී)
මගේ රටට ජය වේවා! (නි)
මෙහි වටිනාකම අද නෙවෙයි හෙටයි, මොකද එහෙම කියන්නේ , මම වැඩ කරන්නේ යු .ඒ . ඉ. ඔයිල් කම්පනියක නිසා . (අ)
දැන් එතකොට නැව් එන්නේ නැහැ කියලා කෑගහපු අය මොකද කියන්නේ? ඔබතුමාට බුදු සරණයි! (නි)
"කුහක මිනිසුන්ට නම් කවදාවත් මේවා බැලුවා කියලා සතුටුවෙන්න බැහැ" අපි සතුටු වෙනවා යෙදවූ කෝටි ගණන් මුදල් එ් අාකාරයටම වැඩට යෙදිල රටට ප්‍රයෝජනයක් වෙනවා නම් (නදී)
'ගොඩක් අයට තවමත් මෙහි වටිනාකම පෙනෙන්නේ නැහැ" මොකද නැත්තේ අපි දන්නවා ඩොලර් කෝටි ගණන් වියදම් උන බව. (නදී)
ඔය ඉන්නේ සෙනග සූ ගාලා .(නදී)
"දැන් එතකොට නැව් එන්නේ නැහැ කියලා කෑගහපු අය මොකද කියන්නේ?" නැව් ආවයි කියල කව්ද කියන්නේ. වාහන ගෙනෙන නැව් තමයි එන්නේ (නදී)
ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන්ට ආරාධනා කර නැද්ද මේ සතුටුදායක අවස්ථාවේ? කවුරුත් පෙනෙන්න නැහැනේ (නි)
කුහක මිනිසුන්ට නම් කවදාවත් මේවා බැලුවා කියලා සතුටුවෙන්න බැහැ (නි)
පාට කණ්ණාඩි ගළවා බලන්න (නි)
ගොඩක් අයට තවමත් මෙහි වටිනාකම පෙනෙන්නේ නැහැ (නි)
කටමැත දොඩවන්න නම් ඕනෑ තරම් ඉන්නවා. ඒත් මේ වගේ දෙයක් කරන්න නම් කව්රුත් නැහැ.(නදී)
මේක තමයි ආශ්චර්යය (නි)
බලන්න, කොච්චර සතුටු වෙන්න පුලුවන්ද? (නි)
සුභ පැතුම්! (නි)
කොච්චර හොඳද? (නි)
ජයවේවා ශ්‍රී ලංකා! (නි)
දැන් මාගම්පුර වරාය බලන්න විපක්ෂයේ කට්ටිය එන්නේ නැද්ද? (නි)
ජය වේවා! (නි)
ඇමෙරිකානු ඩොලර් මිලියන 76ක විදයමින්........කජු ඇට කොස් ඇට නෙමෙයි.අනාගත දරු පරම්පරාව ගෙවන්න ඕනේ. (දී)
ඔහොම හරි ඕකෙන් වැඩක් ගන්න එක ශ්‍රී ලාංකිකයෝ හැටියට අපිට සතුටුයි . කොළඹට එන නැව් ටික බලෙන් හරවල එවන නිසා දැන් නැව් ටිකකකුත් එනවා ඇති (නදී)
එක තමයි හරි ක්‍රමය, හැදුව පිරිත් කිව්වා, විවෘත කලා. ඇමතිලා වැඩක් නැ. නැත්තන් පාරේ බෝක්කුව හදන්න රු,50,000යි, විවෘත කිරීමේ උත්සවේට රු.100,000යි. පිටරටවල් වල පාලම්, පාරවල්, හදල විවෘත කිරීමේ උත්සව තියෙනවා අපි නං දැකල නැ මේ තරම්. (නදී)
නය ගෙවන්නේ කව්ද? (නදී)
ඔය ටැංකිවලට පුරවන්න තෙල් දෙන්නේ කොහොමද මහත්තයෝ. (නදී)
කොහොම කොහොමෙන් හරි ඔය තෙල් ලින් තියෙනවයි කිව්ව මන්නාරම් බොක්කේ වැඩත් මෙහෙම පටන් ගත්තා නම් නේද හොද.(නදී)
විපක්ෂේ කට්ටිය කොහොමද එන්නේ ඕක බලන්න. ගැහිලි කාරයෝ ගහනවනේ. (අ)
ලංකාවේ ආශ්චර්ය (දී)
චීනය විසින් කරන ලද තවත් නය වියාපෘතියක්.(දී)
කොහෙන්ද ඔය තෙල් ගෙනෙන්නේ? (නි)
සුබ පැතුම් ..! හැමදෙයකටම අකුල් හෙලන අයට දැන් මොනවා හිතෙනවා ඇත්ද .... කොටසින් කොටස ගොඩ නගන්න ඕනි සේරම එක සැරේට කරන බැහැනේ ජය වේවා ..! (දී)
දැන් උත්සව නවත්තල වැඩ වැඩ පටන් ගමු . කැඩිච්චි නැව් මගම්පුරට වරෝ , තෙල් ලාබයි , වතුර ලාබයි ,එළවලු ,මාළු, අපිලග තියෙනව , සාදාරන මිල ගණන් , ,,,, හොදයි නේද අදහස? (දී)
මේවා හදපු එකට අපි සතුටුයි. එ්ත් මේක පටන් ගත්ත නිසා හම්බන්ටතොට ඉඩම් අහිමි උණු අපිට තුට්ටු දෙකේ වන්දියක් දීපු එක අසාදාරණයි . අපිට අහිමි උණු ඉඩම් සහ නිවාස සදහා සාදාරන වන්දියක් ලබාදෙනු.(නදී)
කෝ මේ මිලාන් පැත්තේ ඇත්තෝ? ඩුබායි තිලක් බණ්ඩලා කෝ.? මේවා ගැන කුහක කමින් බලන්න එපා. බමුණෝ කියන කතා අහන්න කවුරුත් නැහැ. (නදී)
දකුනේ මිනිස්සු හරිනම් ජනාධිපතිව අදහන්න ඕනේ.(නදී)
දැන් දකුනට මොනවද අඩු (නදී)
අඩුපාඩුම හොය හොයා ඉන්න එපා. මොනවා හරි රටට වැඩක් කරපල්ලා (නදී)