ජාතික ආරක්ෂාව හා රාජ්‍ය රහස් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කළැයි කියන ප්‍රකාශයක් ගැන පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ප්‍රමාණවත් තොරතුරු ඇති බවත්, නීතිපති උපදෙස් අනුව ක්‍රියා කරන බවත් ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි හේමන්ත මහත්තයෝ. මංගල මහත්තයාගේ හැකියාව මොකක්කද කියල රටම පහු ගිය කාලේ සවිස්තරව දැන ගත්තනේ. මෙයාව මොකට බැඳල දාන්නද. මෙයා ලිහල ඉන්නකම් මෙයා කරන කියන දේ වලින් මේ රජයට ලැබෙන වාසි ගැන හිතුවම හීනෙන්වත් මෙයාව බදින්න මේ රජය හිතන්නේ නැහැ, මෙයා ඉන්න පැත්ත කුජිතම තමයි හැමදාමත්. 2005න් පස්සේ මෙයා දේශපාලනේ අවලංගු කාසියක්. මෙයාට දැන් කරන්න පුළුවන් එකම දේ තව තවත් එක්සත් ජාතික පක්ෂය සිංහල බෞද්ධ ජනතාවගෙන් ඈත් කරවන එක තමයි. ඒක ඕනැවටත් වඩා හොදින් එයා කරනවා. (ස)
බුද්ධි අංශ කියන්නේ රටක කොඳුනාරටිය (දී)
රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් (දී)
රටේ ප්‍රශ්න නැතුවටද මෙහෙම වැඩක් කලේ (දී)
මංගලගේ සමහර හැකියාවන් ගැන හොඳට දන්නේ ආණ්ඩුව. මීළඟ ජනපතිවරණයට පෙර මෙයාව හිර නොකලොත් තමා පුදුමේ. රජය කියනදේ වගේම මංගල කියන දේත් අහන්න. බුද්ධිමත්ව බලල තීරණ ගන්න. හමුදාව පොලිසිය නීතිය සියල්ල දේශපාලනයට යටවෙලා තියන රටේ නිදහස් ජනමාධ්‍ය නැති රටේ අපි අහන දකින සියල්ලේම සත්‍ය දකින්න අමාරු බව තේරුම් ගන්න. කොහොම නමුත් අපි සියල්ලම වරදට හරි කියන තරමට කීකරු වෙලා ඉවරයි. ඇත්ත නොවන ඇත්තක් වෙනුවෙන් තමයි අපි ඇත්තටම අදහස් පළකරන්නේ. (ස)
"මහජනතාවගේ දේපොළ කොල්ල කන දුප්පතාගේ බඩට ගහල සුර සැප විදින,අසරණ මුදල් වලින් පිට රටවල බැංකු පුරවන අය තමයි ලජ්ජා වෙන්න ඕන". (ස)
ආසියාවේ ලොකුම සල්ලි කාරය ඉන්නේ ආණ්ඩුපක්ෂයේ එතකොට එයා මේ රටේ ඉන්න සුදුසුද එයත් හඳට යවමු ..... දුප්පත් මිනිස්සුන්ට බෙදා දෙමු ..... ලංකාවට ජයවේවා ! (ස)
රටට විරුද්දව කවුරු මොනවා කලත් ඊට එරෙහිව කටයුතු කරන්න ඕනේ (දී)
සත්‍ය හෙළි කිරීම නුවණට හුරුයි (දිල්)
මෙන්න මේවාට තමයි නිතිය තදින්ම ක්‍රියාත්මක කරන්න ඕනේ (දී)
දේශපාලනය මේ ප්‍රශ්නයට වැදගත් නැහැ (දී)
දේසපාලනය මොක වුනත් රටක ආරක්ශක පද්දතියේ ඇති රහස් ලොවට හෙලිකිරීම යනු තමා වැදු මවු ගණිකා වුර්තියට වික්ක වගේ වැඩක්. (දී)
ආරක්ෂාවට ප්‍රශ්නයක් (දී)
දේශපාලකයෙක් ගේ හිරිකිත වැඩ. (ස)
බන්දුල ඔය හරියටම හරි. අපිත් ගියා අපේ දුරකතනයේ පටිගත කරපු එක තාමත් තියනවා මහේෂ් ගේ හඩින්ම. අවශ්‍ය නම් එ්ක එවන්න පුලුවන්නම්. (ස)
ආරක්ෂක අංශ දේශපාලනීකරණය වෙන එකට මම කැමති නෑ. දැන් සමහර නිලධාරීන් රජයෙන් නෙමේ පඩි ගන්නේ. කතාවලට අනුව නම් පෙන්නේ දේශපාලකයෝ පඩි ගෙවනවා වගේ. (ස)
මෙහෙමත් අපරාධයක් (දී)
අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් ඕනේ (දී)
මහත්තයා ඔය වගේ වැඩ කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද (දී)
බුද්ධි අංශය කියන්නේ රටක පිට කොන්ද වගේ (දී)
එතකොට මහජන මුදල් ගසා කමින් , වංචා කරමින් , ස්ත්‍රී දුෂණ කරමින් තවම යහතින් ඉන්න උදවිය දේශප්‍රේමියෝ නේද ලංකා තිලක්. ඔබේ මොලයේ හිලක්. ! (දී)
බන්දුල/බණ්ඩාර, මහතාණෙනි කවුද ප්‍රංශයේ මහේෂ් කියන්නේ.., හැකිනම් එම වීඩියෝව ලංකාදීපය හරහා ප්‍රචාරය කරවන්න බලන්න, නැත්නම් යු ටියුබ් එකට දමන්න. (ස)
බලමුකෝ සිද්ධවෙන දේ (නි)
ඉල්ලන් කන්න වගේ හදන්නේ (දී)
මේ මහත්මයා මාතර කියන්නත් ලැජ්ජයි (නදී)
දුෂ්ඨ ගති ඇති පුද්ගලයෙක් (අ)
එතකොට ඔය අනික් මහත්වරු...හරි ආඩම්බරයි නේද (නදී)
ඔව් චන්දන, ඔයාට ලැජ්ජා නැද්ද අර ගුවන්තොටුපල බලන්න ගිහින් උන සිද්ධිය එතකොට වතුර ඉල්ලලපු මිනිස්සු මරපු පරික්ෂණන වගේ ඒවා තාම හමස් පෙට්ටියේ තියනකොට.(නදී)
මේ වගේ අය බලේට එන්න තමන්ගේ අම්මව උනත් පාවාදෙන ජාතියක්. වදුරෝ වගේ අත්තෙන් අත්තට පැන පැන මැරෙනකම්ම රට පවා දෙන එක තමයි කරන්නේ. (දී)
තරා තිරම නොබලා දඬුවම් දෙන්න (දී)
නියම වැඩේ (දී)
මේ කෙනා බලය ලබා ගන්න ඕනෑම පාවාදීමක් කරයි. ඕන බලය විතරයි. රටට රටේ ආරක්ෂාවට හෙන ගැහුවත් කමක් නැහැ. (දී)
බුද්ධි අංශ පාවා දෙන්නන්ට දැඩි දඩුවම් පැමිණවිය යුතුයි.එක කරන්න තරම් කොන්දක් තියෙන කෙනෙක් කවුද ඉන්නේ? බලය ගන්න ඕනෑම කැත වැඩක් කරයි මෙයා. (අ)
දැන් දැන් ලංකාව යන ඇත ගැන අපට හිතා ගන්න අමාරුයි (දී)
අප උතුම් රටේ සිටීමට නුසුදුසුම පුද්ගලයෙක් හැටියටයි මම දකින්නේ බලතන්නහවට රට ජාතිය පාවාදෙන මෙයාව රෙදිටිකත් එක්ක හඳටවත් යැව්වොත් හොඳයි.(අ)
මට කියන්න නම් ලජ්ජා වෙන්න ඕන නැහැ නමුත් මහජනතාවගේ දේපොළ කොල්ල කන දුප්පතාගේ බඩට ගහල සුර සැප විදින අය තමි ලජ්ජා වෙන්න ඕන. (දී)
මෙයා ගැට ගහල නොදමන්නේ ඇයි ? (දී)
මෙයා විතරද මෙහෙම කල එකම කෙනා? (දී)
මංගලට එරහිව පරීක්ෂණ කරනවා නම් ? ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයේ ඇතුලේ සිංහල, දමිල, මුස්ලිම් ජනතාව ඉදිරිපිට ශ්‍රී ලංකාවේ යුද හමුදා බුද්ධි අංශයේ නිලදාරීන් විවේචනේ කරපු ප්‍රංශයේ ජිවත් වන මහේෂ් පිරිස් ට මොකද කරන්නේ ? මොහුද දේශ ද්‍රෝහියෙක් නේද ? (දී)
බන්දුල , ඔයා හරි (නි)
අපිත් රැස්වීමට ගියා! බන්දුල පැරිස් ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත. (අ)
මෙයාගේ නායකයා කිව්වේ ඒ කියන්නේ විපක්ෂ නායක ඇයි දර්ගා නගරය හරහා ගියේ කියල. පන්සල තියෙන්නේ දර්ගා නගරය අසල නම් දර්ගානගරයෙන් යන්නේ නැතිව උඩින් යන්න ද. මංගල රටටම අවමංගලයක් බලය වෙනුවෙන් ඔනෑම කැත නිහීන වැඩ කරන කෙනෙක්. (අ)
මෙහෙම වැඩ නිසා විපක්ෂයට විපක්ෂයේම නේද ඉන්න වෙන්නේ? එ.ජා.ප නායකයිනි, මොහොතක් සිතන්න. (නි)
වැරදි කරන දේශපාලකයින්ට විරුද්ධව කටයුතු කරනවා නම් මීට වඩා රටට විනකළ අය කොච්චර ඉන්නවද? (නි)
සමහරු ප්‍රකාශය මොකද්ද කියලාවත් දන්නේ නැතුව බොරුවට බෙරිහන් දෙනවා. (නි)