IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


’’මට සලකනවා මදි’’

(සුජිත් හේවාජුලිගේ )

තමාට සලකන ආකාරය ගැන  කළකිරීමක් තිබුණත් ඒ ගැන නොසැලෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ  ඔහුගේ නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය .

එස් බී දිසානායක මහතා මෙසේද කීය .

"මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ. කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි. කලකිරීමක් තියෙනවා ඔළුවේ අමාරුවක් නැති හින්දා. ඒ වුණාට අපි හිනාවෙලා ඉන්නවා. මම කරපු හැම අමාත්‍යාංශයකම මම රෙකෝඩ් තියලා තියෙනවා. අපි ඔලිම්පික් මෙඩ්ල් ගෙනාවේ.අපි වර්ල්ඩ්කප් ගෙනාවේ. මට කරපු වැඩේ වැරදියි. හැබැයි සැලීමක් නෑ."

"මහා පරාක්‍රමබාහුගෙන් පසු මේ රටේ කෘෂිකර්මය  නගා සිටවූයේත් මමයි " 



අදහස් (24)

’’මට සලකනවා මදි’’

සඳුන් Saturday, 17 July 2021 11:42 AM

ඔබතුමාට ඇමති කමත් දුන්නම අගමැතිතුමාටයි, ජනාධිපතිතුමාටයි රටේ ජනතා ප්‍රසාදය තවත් වැඩිවෙයි නේද සර්?

:       0       59

gamunuSaturday, 17 July 2021 05:00 PM

’’මට සලකනවා මදි’’ පොලිස් ආරක්ෂාව නොමැතිව හැකි නම් පාරේ ගමන කරන්න. එවිට බලාගන්න පුළුවන් ලැබෙන සැලකිලි.., මිනිස්සු බලාගෙන ඉන්නේ හොඳටම සලකන්න..!

:       8       116

RS Saturday, 17 July 2021 11:49 AM

සතොස රෙකෝඩින් එකක් තියලා තියෙනවා වගේ... සුසන්තිකා මොකුත් කරලා නෑ.. 96 ටීම් එක මුකුත් කරලත් නෑ..

:       12       72

ජයන්ත මිලානො Saturday, 17 July 2021 11:50 AM

ඒක හරි, ඔබතුමා සැලෙන්න ගියොත් වෙනදේ දන්න බුද්ධිමතෙක්... ඒක නිසා දෙනදේ කාලා වෙනදේ බලන් ඉන්න. නැත්නම් ඉතින් ඔබතුමාගේ හොඳ හොඳ ෆයිල් එළියට එන්න පුළුවන්... එහෙම වුණොත් රන්ජන් මහත්තයා එක්ක කයියක් ගහගෙන ඉන්න පුලුවන්...

:       5       137

Prabha Saturday, 17 July 2021 12:07 PM

ඔව් ඔව්, නගාසිටවපු හැටි මතක් වෙනකොට වාවගන්න බැරුවා...

:       27       177

Hafeel Saturday, 17 July 2021 02:25 PM

ඔව්. මමත් ඔබ සමග එකඟයි. රෙකෝර්ඩ් කරපු හැටිය කොහොමද? මෙයාගේ හඟුරන්කෙත සමෘද්ධි මාලිගාව සාක්‍ෂි. සමුර්ධි ගන්න මිනිස්සු තාම දුප්පත් සහ තාම සමුර්ධි ගන්නවා. නමුත් සමුර්ධි ඇමති මාලිගා ඉදිකරනවා...

:       7       253

ලලිත් එම් Saturday, 17 July 2021 12:21 PM

මදි තමයි. ප්‍රසිද්ධියේ කසපහර ගසා පන්නා දැමිය යුතු මහජනයාට කියන්න බැරිතරම් ද්‍රෝහිකම් කළ අයෙක්...

:       4       241

සිරිබිරිස් Saturday, 17 July 2021 12:26 PM

ඉස්සර, රජ කාලෙත් හිටියා අන්දරේ කියලා පොරක්...

:       5       94

samira Saturday, 17 July 2021 12:27 PM

දෙකයි දෙකේ පොල්ලක් අරගෙන සලකන්න තිබුණේ.. අපරාදේ...

:       4       282

Edwin Saturday, 17 July 2021 01:04 PM

අතින් පයින් තමා සලකා බලන්න පුළුවන්...

:       3       110

පිටිගල මිලානෝ Saturday, 17 July 2021 01:55 PM

මහජනයා වරක් ඔබට මදි නොවෙන්න සලකා ගෙදර යැව්වේ.. එහෙම නේද?

:       0       160

පප්ප Saturday, 17 July 2021 02:28 PM

මයෙ කොල්ලෝ, හොඳ එකා වගේ කියපන්... දේශපාලනේට එනකොට කොච්චර සල්ලි තිබුණාද? නුඹේ අතේ.. මොනවද තිබුණු දේපළ. ඊළඟට මගේ උක්කුං පුතේ කියපන් දැන් අතේ, බැංකුවල තියෙන මුදල් කන්දරාව, මාලිගා වගේ ගෙවල්, අනෙත් දේපල... ශිෂ්‍යයින්ට පරිත්‍යාග කළ නිවාසයෙන් ඇද්ද ඇන්ටික් බඩු? යෝධයෝ නුඹ ඉන්න ඕනෙ හිරගෙදර... අපේ කරුමෙට තාම සැප ගන්නවා දියවන්නාවට පැනලා.

:       0       260

wimal Saturday, 17 July 2021 03:09 PM

අනේ පව්, මේ වගේ කෙප්පන්ට කරපු වැඩේ. දැක්කාම ඇදෙනවා. වෙන රටක හිටියා නම් මෙයා කරපු වැඩවලට අද මහ උළු ගෙදර තියන් හොඳට සලකනවා.

:       0       145

rathnayaka Saturday, 17 July 2021 03:12 PM

ඔබත් සමග යන සෙකියුරිටි කුක්කන් නැතිව පිරිමියෙක් වගේ ඔබේ ආසනය පැත්තේ ඇවිද්දොත් අපි බොහොම ලස්සනට "සලකන්න" තමයි බලාගෙන ඉන්නේ...

:       0       172

sandaruvan Saturday, 17 July 2021 04:38 PM

මගදි අහුවුණොත් 2*2 පොල්ලකින් මදි නොකියන්නම සලකනවා.

:       0       74

විජේ Saturday, 17 July 2021 05:02 PM

ඔව් කරපු වැඩවලට හරියට සැලකුවානම් මැරෙනකම්ම ඇතුලේ...

:       0       63

Nihal Saturday, 17 July 2021 08:55 PM

හඟුරන්කෙත මිනිස්සුන්ගේ දුර්වලකම් මේවා...!!!

:       0       0

sanath Saturday, 17 July 2021 09:40 PM

ජ්‍යෙෂ්ඨයා සැමවිටම දක්ෂයෙක් නොවේ.

:       0       1

Kumara Saturday, 17 July 2021 09:44 PM

සර් ඔහොම ගියොත් කොල්ලො කුරුට්ටන්ගෙන් ටොකු කන්න වෙයිද දන්නේ නැහැ.

:       0       1

gunarathna Saturday, 17 July 2021 10:14 PM

රනිලුත් තනියම ඉන්න එකේ නරකද රනිල් ගාවට ගියානම්..?

:       0       1

ගමේ එකාලා Saturday, 17 July 2021 11:00 PM

අමුතුවෙන් කියලා සලකන්නේ අහවල් දේකටද? තමුන් ඇමතිකම් කරපු කාලේ කරගත්තු සැළකිලි මදිද? ක්‍රිඩා ඇමති කාලේ කරපු හරිය, සමෘධියෙන් ගසාකාපුවා, අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කොට කරපුවා මතක නැද්ද? ගමට ආවාම හොඳටම සලකන්නම්...!

:       0       4

Demuni Uduwara Sunday, 18 July 2021 03:20 AM

ඊළඟ ඡන්දයේදී අපි ඔක්කොටම පාඩම් උගන්නමු.

:       0       1

BamunuarachchiMonday, 19 July 2021 09:06 AM

ජෙප්පන්ට නම් දැනටම පාඩමක් ඉගැන්නුවා...

:       0       4

Gamini Sunday, 18 July 2021 10:39 AM

මමත් ආසයි, ඔබට සලකන්න. ඒත් අවස්ථාවක් නැහැනේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 134 0

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1066 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 575 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 520 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 715 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 133 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 404 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1309 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site