මතුගම ලීසිං සමාගමකට කොළඹ කාර්යාලයයේ සිට වෑන් රියකින් රැගෙන ගිය රුපියල් ලක්ෂ පහහේ කොල්ලයට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මුදල් කොල්ලය, මුදල් ප්‍රවාහනය කළ පිරිසේ රඟපෑමක්දැයි පොලිසිය සොයයි.
කොල්ල කෑ බවට පැමිණිලි කළ මුදලින් ලක්ෂ 47ක් සොයාගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
මුදල් රැගෙන ගිය වෑන් රථයේ සිටි සිව් දෙදෙනකු ද ඇතුළුව හත් දෙනකු අත්අඩංගුවට ගනෙ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකකරුවන් වරදකරුවන් වුවහොත් දෙදෙනාටම දැඩි දඩුවම් දිය යුතුයි. අනුන්ගේ මුදල් මෙලෙස මංකොල්ල කෑම් අනුමත කරන්න බහැ. මේ දිනවල මංකොල්ල කෑම් ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම් වැනි අපරාධ ඉහල යමින් තිබෙනවා මෙය මහජනතාවට විශාල තර්ජනයක්. (දිල්)
ඉවසලා බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
රට ගැන හිතල එල්ලුම් ගහ ගේන්න කාලය හරි. (ස)
ඒකනම් නියම රඟපෑම???? කවුරු කවුරුත් ඔහොම රඟපෑම් පටන් ගත්තොත් පොලිසියටත් වෙන්නේ රඟපාන්නම තමයි! (නි)
අපරාධ වැඩිවීමට හේතුව රටේ නීතිය පාලකයන් විසින් පාලනය කිරීම නෙමෙයිද? එල්ලුම් ගහ ගේන්න කලින් ඒ තත්වය නැතිකල යුතුයි. එහෙම නැත්නම් ඒකෙන් මැරෙන්නේ කිසිවක් කරකියා ගත නොහැකි උදවිය විතරයි. නීතිය සැමට පොදුවිය යුතුමයි. (ස)
මේවා ඒ අය හෘදය සාක්ෂියට එකඟව කරන වැඩ නෙමෙයි. (ස)
ඇත්තටම මෙහෙම රඟපෑමක් කරන්න පුළුවන්ද? (ස)
ලෝකය රඟමඩලකි. අපි එහි රඟපාන නළු නිළියන් වෙමු. (නි)
ඕක රගපෑමක් කියල අමතක කරලා දාන්න(දී)