මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලවලට අනුව සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක් ආසනයක් හිමිකර ගත්තේය. එක්සත් ජනතා සංධානටය ආසන දහයක් ද එක්සත් ජාතික පක්ෂයට ආසන හතරක් ද, ජනතා විමුක්ති පෙරමුණට ආසන දෙකක් ද හිමිවිය.
එක්සත් ජනතා සංධානයට හිමි වූ මුළු ඡන්ද සංඛ්‍යාව 231,102කි. එක්සත් ජාතික පක්ෂයට 96,297ක්ද, ජනතා විමුක්ති පෙරමුණට 39,158 ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට 20,501ක් ලැබිණි.
අවසන්වරට පැවැත් වූ පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 12ක් හිමි වූ අතර ඡන්ද 257,110 ලැබිණි. එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ආසන ගණන 5කි ලැබූ ඡන්ද සංඛ්‍යාව 94,614කි. ජනතා විමුක්ති පෙරමුණට ආසනයක් හිමි වූ අතර ලබාගත් ඡන්ද සංඛ්‍යාව 20,687යි.
ඒ අනුව පසුගිය මැතිවරණයට වඩා මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන දෙකක් ඇහිමි වී ඇති අතර, එක්සත් ජාතික පක්ෂයට ද ආසනයක් අහිමි වී ඇත. ජනතා විමුක්ති පෙරමුණට ආසනයක් වැඩිපුර හිමිකර ගැනීමට හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොන්සේකා කියන්නේ අපේ ගමේ කෙනෙක්. ඒ උනාට අවංකව එයා දේශපාලනයට සුදුසු නැහැ. දැන් මෙතන කට්ටිය කියන විදියට එයා කපටි නැහැ. එහෙම කෙනෙක්ට දේශපාලන බලය ලබුනොතේ එයාට වෙන්නේ අනිත් අයගේ රූකඩයක් වෙන්න. කපටි නැති කමම ඇති දේශපාලනයට නුසුදුසු වෙන්න. මෙයාගේ තව ගොඩක් නුසුදුසු කම් තියෙනවා. මොලේ තියෙන අයට ඒවා තේරෙන්න ඕන. දැනට ලංකාවට සුදුසුසුම නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. (නදී)
අපි අලුත් ගමනක් යමු ජය වේවා. (නදී)
ඔහොම යමු. ඉවසීමෙන් වැඩ කරන්න. (නි)
ඔබට සුභ පැතුම් අපෙන්! (නි)
අනේ! අපේ අරයා ගැන මාතර කොල්ලෝ එච්චර හිතලා බලලා නැහැනේ... (නි)
ජය වේවා! ජය වේවා! (නි)
ෆොන්සේකාට ජය වේවා! (නි)
රාවන්, ඔයාගේ ඔය අන්තවාදී අදහස් ඉවත් කරගෙන දැන්වත් මිනිස්සුන්ගේ අදහස් තේරුම් ගන්න බලන්න. රටේ මිනිස්සු මේ රජයේ ඉන්න සියලු දෙනා කරන සියලු දේ අනුමත නොකළත් මේ අවස්ථාවේ ජනයා වැඩිදෙනා පාලනයේ වෙනසක් බලාපොරොත්තු නොවේ. අනික මෙරටේ ප්‍රධාන් පක්ෂ දෙකට හැර වෙනත් පක්ෂ වලට කළ හැකි දෙයක් නැහැ (නි)
ලහිරු ඉඳගන්නෙ බලාගෙන, ඔයා වගේ මොලේ තියෙන අය. (නදී)
මේ රටට හෙන ගහලා තියෙන්නේ ඇත්ත දැනාගෙන නොදැක්කා වගේ ඉන්න හින්දා. මේ ඔක්කොටම ඕනේ ඒක නම් මට මොකද? මම මගේ දියුණුවට වැඩක් කරගන්නවා. මේ රටේ විනාසයේ තවත් එක පංගුකරුවෙක් වෙන්න එපා. මිනි වලටත් හෙන ගහනවා තමන් උපන් රට කෙලසන මිනිස්සුන්ට.(නදී)
අපට සාමය උදාකරදුන් අපේම රණවිරුවාට මහජනයාගේ සැලකීම මදිද මන්දා.(නදී)
බන්දුල පෙරේරා මහත්තයෝ, ෆොන්සේකා මහත්තයා රටේ බලය ගන්න තරම් සුදුසුසුකම් නැහැ කියන්නේ ඇයි? එතනෝල් කන්ටේනර්, හෙරොයින් එහෙම නැති නිසාද? (නදී)
අනේ වාසනාවන්! එතුමාට අවස්ථාවක් දුන් ජනතාවට සමස්ත රටවාසීන්ගේ උපහාරය! (නි)
ඔන්න මම කිව්ව විදිහට රටේ මිනිස්සුන්ට ගැලපෙන නායකයින් ලැබිල තියෙනවා. කාලයකට සැරයක් තමයි ජනතාවට අවස්ථාවක් ලැබෙන්නේ තමන්ගේ මතය නායකයන්ට කියන්න. නායකයන් කරන කියන දේවල් අනුමත කිරීමක් හැටියට තමයි මේක මම දකින්නේ. ඒ නිසා නිකන් බොරුවට පාරවල්වල පෙළපාලි යාම, වර්ජනය කිරීම, නිදහස් අද්‍යාපනය බොරුවට කෑ ගැසීම වැඩක් නැත. රටේ මහා ජනතාව ආණ්ඩුව කරන දේවලට කැමතියි.(නදී)
අනේ මන්ද කට්ටිය කියපු විදියට මම හිතුවේ පළාත් සභාවක බලය අල්ලයි කියලා. මෙහෙම කොහොමද රටේ බලය ගන්නේ. පොන්සේකා මහත්තයාගේ දරුවන්ගේත් දරුවන්ට තමයි මොකක් හරි බලාපොරොත්තුවක් තියා ගන්න වෙන්නේ.(නදී)
ෆොන්සේකා මහත්තය යන්න හදන දිගු ගමන ගැන ආඩම්බරයි. ඒත් ඒක කොච්චර දිගද කියන එකයි තියෙන ගැටලුව. සමහර විට අවුරුදු 200 ක් 300 වෙන්න පුළුවන්.(නදී)
ෆොන්සේකා මැතිදුණි, මේ ඔබගේ දිගු ගමනක ආරම්භයයි. පිරිසිදු දේශපාලනක් සහ වංචාවෙන් තොර ගමනක් යාමට ඔබට වරම් ලැබේවා! (නි)
මම හිතන විදියට බුද්ධිමත්ව හිතූ කටිටියක් තමයි මාතරින් එක් අාසනයක් හිමිකරලා දීලා තියෙන්නේ. අපි නැඟිටිමු මාතරින්. මිනිස්සු තරහ අැති නැගිටිනවට. හිරේට ගියත් අපි බය නැහැ. අපි වමෙන් ගියත් දකුණෙ තමයි. (නි)
සමන් මහත්තයෝ, ඔබතුමා ෆොන්සේකා මහත්තයට දේශපාලනේ කරන හැටි කියලා දෙනවා. මට පුදුම රටේ මෙතරම් අකටයුතුකම් වෙද්දී නොදැක්කා වගේ සිටින අයට ඔබ ඔය වගේ උපදේශ නොදෙන එක ගැනයි. (නි)
එහෙනම් මාතරටත් වෙනසක් වෙයි වගේ ළඟදීම. (නි)
හැබැයි කේන්තියෙන් තීරණ අරගෙන නම් දේශපාලනය කරන්න බැහැ. (නි)
යුද්දයක් කරන්න තරම් යුද ශිල්පිය දැනුමක් තිබුනට, දේශපාලනයක් කරන්න තරම් කපටියෙක් නොවන නිසාම අවංක කමේ ප්‍රති මුර්තියක් උන ජෙනරාල් තුමාට මේ ලැබුන එක ආසනය මේ රටේ ඉන්න උගත් , බුද්දිමත් , අවංක , ඡන්දෙ දීල යමක් බලාපොරොතු නොවන රටට අවංකවම ආදරය කරන මිනිසුන්ගෙන් ලැබුන උතුම් තිළිණයක් හැටියටයි මම දකින්නේ. එතුමාට ඡන්දෙ දීපු හැමෝටම මගේ උත්තමාචාරය !(නදී)
හතලිස් ලක්ෂයක් ඡන්ද ගත්ත මනුස්සයෙක් වැටුණ තැනක්.(නදී)