මාවනැල්ල උතුවන්කන්දේදී සරදියල් අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහුගේ ගෝලයකු වන මම්මලේ අතින් 1864 මාර්තු 21 වැනිදා වෙඩි කා මිය ගිය පොලිස් සැරයන් සබාත් ගේ මිනිබිරියක වන හලාවත ජී එම් ෂෙරීෆ් මහත්මිය හලාවත පොලිසි රණවිරු ස්මාරකයට අද පුෂ්පෝපාහාර දැක්වුවාය.
රාජකාරියේ යෙදී සිටියදී මිය ගිය මුල්ම පොලිස් නිලධාරීයා සබාත්ය.
පොලිස් රණවිරු දිනය අද දිවයින පුරාම සැමරේ.හලාවත රණවිරු ස්මාරකය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලිය සිල්වා මහතා අතින් විවෘත විය.
ඡායාරූපය ඔගස්ටීන් ප්‍රනාන්දු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර ඉල්ලලා වෙඩි කාපු අයට දැන් ඉතින් බින්දුව තමයි.(නදී)
දැන් මෙතන ඉස්මතු වෙන්නේ කව්ද? සමහර පාඨකයන්ට උතුර දකුන අමතක වෙලා වගේ.(නදී)
විජේසිංහ ඉතිහාසය ගැන හුඟක් දන්නවා, ඒ වගේ අයගේ අදහස් අපටත් වටිනවා දෙයක් ඉගෙන ගන්න, ස්තුතියි.(නදී)
මම්මලේ මරික්කාර් තමයි නම.(නදී)
මාවනැල්ලේ ස්මාරකයේ ලියා ඇත්තේ "සරදියෙල් නැමැති චෞරයා අල්ලාගත් සහාන් නැමැති වීර පොලිස් භටයා සිහිවීම පිණිසයි" කියලා. ඉතින් මෙතැන සරදියෙල් වීරයෙක් කියන ඔක්කොම චෞරයෝ. (නදී)
කනිෂ්ක, වීර පුරන් අප්පු කියන්නේ එතකොට පොලිස් සැරයන් කෙනෙක්ද? ස්තානාදිපති කෙනෙක්ද? නැත්තං පොලිස්පති කෙනෙක්ද? නිකාන් වචන එලියට නොදා ඉන්න බලන්න.(නදී)
විජේසින්හ ඔයාට තෙරුනට මේ අයට තේරෙන්නේ නැහැ.(අ)
ත්‍රස්තවාදියෝ වීරයෝ වන කාලේ, වීරයෝ ත්‍රස්තවාදියෝ වෙන්න බැරිද ආයිබෝවන්?(දිල්)
පොලිසිය මේ සමරන්නෙ ත්‍රස්තවාදියෙක් අතින් මැරුන පලවෙනි පොලිස් නිලධාරිය නේද. එතකොට වීර පුරන් අප්පු කියන්නෙ ත්‍රස්තවාදියෙක්ද.(නධී)
සරදියෙල්ගේ පිලිරුවකුත් හදල අද උපහාර දක්වන්න ඕනා.(නදී)
සූර සරදියෙල් කියන්නේ මම ගොඩක් කැමති වීර චරිතයක්. එයාට උදව් කරලා තියෙන්නේ ඉස්ලාම් කෙනෙක්, මාමලේ මරික්කාර්. පොලිසියේ නිලදාරියත් ඉස්ලාම්, එයා සැරයන් සබාන්. එල් ටි ටි ත්‍රස්තවාදීන් එක්ක අපි සටන් කරනකොට හමුදාවට ගොඩක් උදව් වුණේ බුද්ධි අංශයෙන්. එකේ වැදගත් චරිත වුණේ මේජර් මුතලිප්, කපිතාන් නිලාම් වගේ අය. (දිල්)
සරදියල් කියන්නේ රට වෙනුවෙන් සිංහලයා වෙනුවෙන් සටන් කරපු වීර චරිතයක් (දිල්)
සරදියෙල් අපේ ජාතික වීරයෙක්. සිංහලයෙක් සුද්දන්ට විරුද්ධව සටන් කල සෑබෑ නායකයෙක් (දිල්)
සරදියල්ගේ පිළිරුවක් හදන්න එපැයි (දිල්)
සරදියෙල් උඹ වගේ වීරයෝ එදාටත් වැඩිය අද අවශ්‍ය වී තිබේ.(නදී)
ඔව් සදුන් ඔබ හරි දැන් ඉන්න කුඩ්ඩන්ට මිනීමරුවන්ට වඩා සරදියෙල් දහසක් වටිනවා.(නදී)
පිලිරු ස්මාරක නැතත් සරදියෙල් ගේ රත්‍රන් බදු පිළිරුවක් සැම මනුසයෙක්ගේම හදවතේ තියනවා. (නදී)