ව්‍යාජ වවුචර් සහ ලිපි ද්‍රව්‍ය ඉදිරිපත් කර රුපියල් තුන් කෝටියක් වංචා කළැයි සැකපිට මත්තේගොඩ පෞද්ගලික කර්මාන්ත ශාලාවක කාර්යාල කාර්ය සහායකයකු වන මහින්ද කුමාර ධර්මවංශ රුපියල් ලක්ෂ 300ක ශරීර ඇප සහ පෞද්ගලික ඇප මත මුදා හරින ලෙස නියම කළ හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙණිය මහතා ඔහු විදේශ ගත වීම ද තහනම් කළේය.
හොර වවුචර් 1276ක් සහ හොර ලිපි ලේඛන 2605ක් සොයා ගත් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන් කෝටියක් වංචා කරන්න නම් ඊට වඩා ගොඩක් බඩු ගන්නවා ඇති නේ. මොකක් ද මෙච්චර ලොකු කර්මාන්ත ශාලාව.(නදී)
සුවර් එකටම දේශපාලකයකුට නෑදෑකම් කියන කෙනෙක්.(නදී)
මෙම ඇප මුදල කාටද ලැබෙන්නේ. (ස)
මේවත් හොරකම්ද ...මගෝඩිස්ලා දෙන ගේම් බලනකොට. (ස)
මිනිහ හොද මීටරයක් වගේ.(නදී)
එතකොට ඔය සල්ලි ටිකට මොකද වුනේ? (ස)
කාර්යාල කාර්ය සහයකගේ නමට ගෙවලා ඇති. මිනිහටත් යමක් ඇති මෙතන. මේ ආයතනයේ ලොකු ලොකු අය කීපදෙනෙක් මෙකේ ඇතුළෙ ඇති. (ස)
කොතන බැලුවත්, වංචාවයි, හොරකමයි, අයුක්තියයි, අසාධාරණයයි, තමයි., තමන්ට තමන් සාධාරණ නොවන තාක් මෙවැනි දේ සිදුවේවි..!! නිසි දඩුවම් වෙලාවට ලැබේවි. (ස)
සුවර් එකටම කැසිනෝකාරයෙක්.(නදී)
ලක්ෂ 300ක ශරීර ඇප අත්සන් කරනවා කියන්නේ මොකක්ද කියලා දන්නා කෙනෙක් පැහැදිලි කරනවාද? මම දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
වංචා කරපු මුදලම ඇපේට තියන්න වෙලා .ඔය වංචාව නොකර හිටියනම් ලුනුයි බතුයි කාල හරි පොල් අතු පැලක හරි හිතේ සන්තෝෂෙන් ඉන්නවනේ .''සන්තුට්ටි පරමන් දනන්' 'සතුට හොදම දනය්යි (අ)
මිනිහට වඩා ලොක්කෙක් නැතුව ඇති නේද? (දී)
කාර්යාල කාර්ය සහායකයෙක් මේ තරම් මුදලක් හොරකම් කරනකම් ආයතනයේ පරිපාලනය නිදාගන හිටියද? (ස)