තමා මිය ගිය බව පවසමින් ගොවි විශ්‍රාම වැටුප ලබා නුදුන්නේ යැයි කියමින් දිවිකොටවෙල ආර් එම් මැණිකා මහින්ද රාජපක්ෂ ජනපතිට ලිපියක් යවා ඇත.
2011 වසරේ ඔක්තෝබරයේ සිටි ගෙවිය යුතු හිඟ ගොවි විශ්‍රාම වැටුප ගැනීම ගියත් මිය ගිය අයට ගොවි විශ්‍රාම වැටුප ලබා නොදෙන බව පසමින් එය දීම ප්‍රතික්ෂේප කළ බව ඇය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි ඇයගේ අයිතිවාසිකම් ලබා දෙන ලෙසත් , අක්‍රමවත් නිලධාරී/නී හට නිසි දඩුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිමි. (නදී)
රටකට ගිය කලක්...... (ස)
අපේ රටට ගිය කලක්.මේවාට සම්බන්ධ නිලධාරින්ට නිසි පියවර ගත යුතුයි.(දිල්)
විශ්‍රාම ගිය පසු අයිතිවාසිකම් කියල දෙයක් තියෙනවද ආයිබෝවන්? කන්තෝරු වල කවුරුවත් අපිව ගණන් ගන්නේ නැහැ නොවැ. (ස)
මේ විශ්‍රාම වැටුප කවුරු හරි පින්වත් නිලධාරියෙක් අරගෙන ඇති. ගත්ත වැටුපක් ගෙවන්නේ කොහොමද?? (ස)
අනිත් කාරණය මේ විශ්‍රාම වැටුප් ගෙවන්නේ නිලධාරීන්ගේ පොකට් එකෙන්නේ.ඒකනේ ලැබිය යුත්තන්ට, ඕක නොදී ඔය තරම් ප්‍රශ්න ඇති කරන්නේ. (ස)
ජනාධිපතිතුමෙනි මේ වගේ රටේ වයසට ගිය මෑණිවරුන්ට එහෙම කරපු යට තදින්ම දඬුවන් කරන ලෙසට කාරුණිකව ඉල්ලමි.(දිල්)
මේ වගේ අසාධාරණයකට මමත් පුද්ගලයකු වෙනුවෙන් ලියුමක් හදල ගිය අවුරුද්දේ යැව්වා තවම නම් උත්තර ලැබුනේ නැහැ. (දිල්)
ගරු ජනාධිපතිතුමනි , මෙම ක්‍රියාවට වගකිවයුත්තේ කවුද කියලා පැහැදිලියි නේද? මේ වගේ නිලධාරීන්ට නිසි දඩුවම් දිය යුතුයි. (නි)
නිළධාරීන්ගේ නොසැළකිලිමත්කම නිසා ගෙවිලියට ගිය කලක්! (නි)
මෙවැනි දේවල් තව කොච්චර තියෙනවද. මමත් ඒකාලේ රජයේ සේවකයෙක් හැටියට වැටුප් සම්බන්ධව වැඩ කලා. නිලධාරියෙක් හිටිය පගාමරුවෙක්. අහිංසක මිනිස්සුන්ට කරපු දේවල් මම දැක්ක. අපි කීප දෙනෙක් එකතු වෙලා අර නිලධාරිය ලගට යවන එක නතර කලා. මොකද .අපි ඒකාලේ එම කාර්යාලයට නවකයෝ. කොහොම හරි මට නමක් හැදුණා දුක්ගන්නාරාල කියල. ගොඩක් දේවල් වලින් රජයේ සේවය මට එපාම උනා . මම අයින් උනා .(දී)