අතුරුදන් වූ මැලේසියා යානයේ කළු පෙට්ටියෙන් නිකුත්වූවා යැයි සිතිය හැකි සංඥා කිහිපයක් චීන නෞකාවකින් ග්‍රහණය කරගෙන ඇත. ශබ්ද සංඛ්‍යාත 37.5 ඔස්සේ නිකුත් වී ඇති මෙම සංඥා ග්‍රහණය කරගෙන ඇත්තේ හෙයික්සං 01 නමැති නෞකාවකිනි. පසුගිය දින කිහිපයේ යානය සෙවීමේ කටයුතු වඩාත් ව්‍යාප්ත කැරිණි. කළු පෙට්ටියේ බැටරි ආයුකාලය ඉතිරිව ඇත්තේ තව දින දෙකක් පමණක් බැවින් ඉන් පසු ගුවන් යානය සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීම අපහසු වනු ඇත.
ගුවන් යානයක කළු පෙට්ටිය ගැඹුරු ජලයේදීත් අධික තාපයේදීත් විනාශ වන්නේ නැත. ගුවන් යානයක සියළු දත්ත කළු පෙට්ටියේ සුරක්ෂිත බැවින් යානයට සිදුවූ දේ සොයා ගැනීමට එය වැදගත් උපාංගයකි. නියමු කුටියේ ශබ්ද, යානයේ ඇතුලත ශබ්ද සහ සියළු විධානයන් ද මෙහි අඩංගුය. චීන ගවේෂකයන් පවසන්නේ මේ සංඥාව නිකුත්වූයේ ඉන්දියන් සාගරයේ දකුණු කොටසේ කිලෝමීටර 5.8ක් පමණ ගැඹුරින් බවයි. එම ස්ථානය නිශ්චිතව සොයා ගැනීමට සාගරයේ වර්ග සැතපුම් 84,000ක පමණ ප්‍රදේශයක් ගවේෂණය කිරීමට සිදුවන බව ද පර්යේෂකයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අධිරාජ්‍ය වාදී බටහිර කුමන්ත්‍රණයක් අනිවාර්යෙන්ම ජිනීවා එකත් එක්ක මේකට සම්බන්දයක් තියෙන්නෙම ඕන (දිල්)
බලමු මේකෙන්වත් වැඩක් වෙයිද කියලා (නි)
මගියෙක් sms එවපු කතාව බොරුවක් විය යුතුයි. දියාගෝ ගාසියා කියන්නේ ඇමරිකා හමුදාවේ ඉන්දියන් සාගරේ තියන ප්‍රදාන මෙහෙයුම් මද්‍යස්ථානය එක මාල දිවයින් වලට පහලින් තියන දුපත් ටිකක් එකේ දුරකථන පහසුකම් සපයන සමාගම් නෑ sms එවන්න. එක සම්පුර්ණයෙන්ම හමුදා මුලස්ථානයක්.. හැබැයි විශාල ප්‍රමාණයේ ගුවන් යානා ගොඩබෑමේ හැකියාව සහිත ගුවන් පතයක්නම් තිබෙනවා. (ස)
පිටබැද්දර ජයා, ඔබ දා තිබෙන එක දැක ලැජ්ජාවට බන්දුල බෙල්ලේ වැලක් දමා ගනීද දන්නේ නැහැ. (නි)
ඇමරිකාව මොකක් හරි හේතුවක් නිසා මෙම යානය අතුරුදහන් කර තිබෙන බව මට නම් ස්ථීරයි. මේ වගේ විශාල යානයක් අතුරුදහන් කිරීමට හැක්කේ පිටසක්වලයන්ගේ උදව් ලබන ඇමරිකාව හො පිටසක්වලයින්ම විය යුතුයි.වෙනයම් ආකාරයකින් යානය විනාශ වුණා නම් එක් දිනක් ඇතුළත ඒ ගැන සාක්ෂි මතු කරගන්න තරම් දියුණු තාක්ෂණයක් ලෝකයේ රටවල් කීපයකටම තිබෙනවා.කාටවත් සති කීපයක් මේ විදියට හැංගෙන්න බැහැ මුහුද යට ගැඹුරුම ස්ථානය තුළ හෝ. (නි)
මේක ග්‍රහලෝක අතර කුමන්ත්‍රණයක් කියලයි මට නම් හිතෙන්නේ (නි)
අපි බලමු මොකක්ද ඇත්ත කියලා. ගුවන් යානයේ සෑම දෙනාම නිරුපද්‍රිතව ඉන්නවා නම් ඉක්මනින් එයාලගේ ගෙවල් වල අයට සැනසීමක් ලැබෙයි. එයයි අපේ ප්‍රාර්ථනාව. (නි)
මේ ගුවන් යානය කිසිදාක හමුනොවේවි. හේතුව මෙය ඉතාමත් අභිරහස් ගනයේ සිදුවීමකි. ගුවන් යානයක් මුහුදට කඩා වැටීමක් සිදුවුවහොත් අද වනවිට ගුවන යානයේ යම් කිසි කොටසක් මතුපිටට පැමිණිය යුතුය. මෙය මලයාසියානු ආණ්ඩුව දනී. ඇමරිකාවේ මෙයට සම්බන්ධයක් ඇත.(ස)
මට හිතා ගන්න බැහැ තාමත් නිහඩයි (ස)
මැලේසියාව බයයි ඇමරිකාවට චෝදනා කරන්න.යානය අතුරුදහන් වූ ස්ථානයේ සබ්මැරීන පවා යොදවා තිබෙනවා.අවසන් දින2ක3න තුලදී පමණක් කළු පෙට්ටියෙන් සංඥා නිකුතු වීම විෂ්මය ජනකයි.මෙය ඔවුන්ගේ සැලැස්මක් සෙවීම නතර කිරීමට.එවිට ඇමරිකාවට කවුරුත් චොදනා නොකරයි. ඇමරිකානුවන්ගේ රහසිගත ගුවන් තාක්ෂණය මිනිස් මොළයේ දියුණුවටත් වඩා ඉතා විෂ්මයජනක ලෙස දියුණුවන බව කවුරුත් දන්නේ නැහැ.රේඩාර් සංඥා හෝ ගුවන් විදුලි තරංග හෝ වෙනත් විද්‍යුත් චුම්බක තරංගවලට බාදා කිරීම හෝ නිශ්ක්‍රිය කිරීම ඔවුන්ට කල හැකියි.නැත්නම් පිටසක්වල ජීවින් කල යුතුයි. (ස)
මේ තරම් විද්‍යාව දියුණු ලෝකයේ මේ කළු පෙට්ට්ටිය ජලයට වැටුනම ජලය මත පාවෙන විදියට මෙය නිර්මාණය කරන්න බැරිවීම අති විශාල දුර්වලකමක්. ගුවන් යානා නිර්මාණ කරුවන්ට මගේ කමෙන්ට් එක කියවල කරුණු අවබෝධ වෙත්වා. (ස)
අනේ බන්දුල , රතුපස්වල මිනිසුන් වතුර ඉල්ලුවහම වෙඩි වැදිලා මියගිය මිනිසුන් වෙනුවෙන් දෙමවුපියන්, හිතවතුන් කඳුළු වගුරුවද්දී, රටක් හඬද්දී තමුන් කිවුවේ හොඳ වැඩේ කියලා. බොහොම සාධාරණීකරනය කළා ඒ ක්‍රියාව.දැන් නැති වුණ යානයේ මඟීන් වෙනුවෙන් නෑයෝ හඬන එක ගැන දුක හිතිලා නේද ? කමක් නැහැ. මෙහෙමවත් තමන්ට හිතක් පපුවක් තියෙනවා කියලා ලෝකෙට පෙන්නන එක ගැන සතුටුයි (නි)
නිමල් කියල තියන දේ හරි ඕක පාවෙන්න හදන්න ඕනේ . (ස)
එක එක වෙලාවට එක එක කතා. (ස)
මෙක පිටසක්වල ජිවින්ගෙ වැඩක් වෙන්න නම් කොහෙත්ම බෑ. මොකද ඔවුන් බුද්ධිමත් ජිවින් නිසා. මෙක මේ සක්වලේම ඇතැම් ජිවින්ගෙම වැඩක් වෙන්නම පුලුවන් අපි බලමු චින්නුගේ වැඩ කොහොමද කියලා මං හිතනව මෙ අභිරහස ලෝකයාට හෙලිකරන්න ඔවුන් සමත් වෙයි කියලා. (ස)
මේකට කළු පෙට්ටිය (බ්ලැක් බොක්ස් ) කිව්වට මේක රතු පැහැති එකක්. (ස)
මේක අපේ ලංකාවේ කෙනෙක්ගේ වැඩක් වෙන්නට බැරිද? අර උඩින් යනකොට දොරවල් ඇරලා පනින අයගේ වැඩක් විය යුතුයි. නිකන් බොරුවට ඇමරිකාවට පිටසක්වලට දොස් කියන්න එපා (නි)
ඔය මැලේසියන්කාරයො දන්නෙ නැතුව ඇති, අපේ රටේ ජ්‍යෝතිශ්‍යකාරයන්ට ඔය අභිරහස ටක් ගාලා විසඳන්න පුළුවන් බව. රහස හෙළි වුනාට පස්සෙ නම් අපේ පණ්ඩිතයො කියයි, මම ඕක කලින්ම දැනගෙන හිටිය, ඒත් ඉතින් කවුරුවත් අපෙන් ඇහුවෙ නෑනෙ කියල.(ස)
එහෙම බැහැනේ නිමල්. එතකොට කළු පෙට්ටිය කොහෙට හරි පාවෙලා ගිහින් අතුරුදහන් වෙන්න පුළුවන්. තල්මහෙක් මෝරෙක් ඕක ගිල්ලොත්? දිය සුළියකට අහුවෙලා මුහුද යට කුහරයක ඕක හිර වුණොත්? දැන් අඩු තරමේ ඒක එක තැනක තියනවා. පස්සේ කාලෙක හරි ඕක හමුවෙයිනේ. (නි)
පිටබැද්දර ජයාට හීනෙනුත් පෙනෙන්නේ බන්දුල පෙරේරාව වගේ. (නි)
පිට බද්දරය ජයාට හීනෙනුත් පෙන්නේ බන්දුල පෙරේරාව වගේ. අනේ මහත්තයෝ..ඒ බන්දුල..මේ බන්දුල පෙරේරා. ඒකෙත් ඩුප්ලිකේට් එකක් ඉන්නවා. මේක ඔර්ජිනල්. කොහොම උනත් රතුපස්වල මිනිස්සු වෙඩි කෑවේ මේ වගේ ගුවන් යානයක ගිහින්නම් නෙමෙයි මට මතක විදියට..අතුරු විකල්ප මාර්ගත් එක්ක ප්‍රධාන මාර්ග වහගෙන සාමාන්‍ය ජන ජිවිතයට සාමකාමී බවට තර්ජන බාධා එල්ල කිරීමේදී ඒවා නතර කරන්න උත්සහ ගත්තු හමුදාවට පොලිසියට සැලසුම්ගතව ප්‍රහාර එල්ල කරන කොට...ඒ මරණ වලට කොහොමද මහත්තයෝ මේ මරණ සමාන කරන්නේ.(නදී)
අපිත් බලාගෙන ඉන්නේ ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියල තමයි. මමනම් හිතන්නේ ඇමෙරිකන් මහත්තුරු මේකට වැඩේ දුන්නම තමයි. (දී)
එස් එම් එස් එක කළු පෙට්ටියෙන් ඇවිත් ඇති .......... (දී)
අනේ මන්ද.... අගහරු ලෝකේ වාසස්ථාන හදන්න යන අයට මේක හොයන බැරිද ? (දී)
ඉවසමු නිර්මාල්.. ඉවසමු. අල බහින්කල් ඉන්න පුළුවන්ලු..තම්බනකම් ඉන්න අමාරුලු.. (දී)
නිර්මාල් කියපු දේම තමයි මටත් හිතුනේ. එතකොට ඒ නිව්ස් එක බොරුවක්ද? (දී)
ඇමරිකාවෙ දූපතක හංගලා කිවිවේ බොරුද එතකොට? (දී)
මේ පුවත තාම ඕස්ට්‍රේලියාවෙන් ස්ථිර කරලා නැහැ. (දී)
කවුරු මොනවා කිව්වත් අමෙරිකන්කාරයො ගැනනම් සැකයි (දී)
ඒ යානයේ සිටි අහිංසක මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ (දී)
මේ තරම් දියුණු ලෝකේ මේ යානය හොයා ගන්න බැරි උනානේ (දී)
වෙන ග්‍රහ ලෝකයකින් හොරකම් කලාද දන්නේ නැහැ කියන්ඩ බැහැනේ අපිට වඩා දියුණු ලෝක තියෙනවද කියල..මෙච්චර දියුණු ලෝකේ අම්මපා මේක හොයාගන්ඩ බැහැනේ.. (දී)
එහෙනම් නිව්ස් වල කිවුවේ ඇමෙරිකාවේ වෙසෙන පුද්ගලයෙක් හට එස් එම එස් එකක් අවා කියල mh 370 ගුවන් යානය සමග අතුරුදහන් වූ අයෙක්ගෙන්, සහ එම පණිවිඩය පැමිණ තිබෙන්නේ ඇමෙරිකාව සතු රහස් ගුවන් පථයක් සහිත දියෝගු ග්‍රාසියා කියන දුපතින් බව. මොකද්ද දැන් ඇත්ත ? (දී)
ප්ලේන් එක හමුවෙන්නේ නෑ වගේ කියල දැනෙනකොට ඔය වගේ කටකතා පැතිරෙන්න ගන්නවා.අමෙරිකන් විරෝදී අයත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා.අපි අවදි සිහියෙන් ඉන්න ඕනේ. (දී)
දැක්කාද ඒ යානය අතුරුදහන් වෙච්ච වෙලේ ඒ යානයේ ගිය අයගේ පවුල් වල අය අඬපු ඇඬිල්ල..... පව් .... (දී)
මෙතනදී අතුරුදහන් වුන මගියන් ගේ පවුල් සහ හිතවතුන් තමා අසරණ වෙන්නේ. එක්කෝ හරියට ම මැරිලා කියල දැන ගන්න ලැබෙනවා නම් ඒ උදවිය දානයක් , දේව මෙහෙයක් කරලා හරි හිත හදා ගනීවි. ඒ වෙනුවට වෙලා තියෙන්නේ හිතේ ගිනි ගොඩක් තියාගෙන බලා ගෙන ඉන්න. (දී)
කළු පෙට්ටිය හොයා ගන්නේ නැතුව මොකුත් හොයන්න බැහැ (දී)
ඇමරිකාවේ ඩ්‍රෝන යාත්‍රාවේ කොටස් ඇෆ්ගන් ත්‍රස්තයන් අතට පත්වු බවත්, චීනය එම කොටස් මිලයට ගෙන යමින් තිබු නිසා,මෙම යානයේ අමතර කොටස් චීනයට අසුවුවහොත් ඩ්‍රෝන යාත්‍රාවේ රහස් හෙළි වීම වළක්වා ගැනීමට මෙම යානය ඇමෙරිකාව විසින් අතුරුදහන් කළාටද සැකසහිතයි. එහෙම කළා නම් අහිංසක ජීවිත කීයක්ද? ඒ අයගේ තම පවුල් වල අය මඟ බලාගෙන ඉන්නවා. අඩුම තරමේ සිදු වූ දෙය දැන ගත්තත් සැනසීමක්. මේ සිදුවීම ගැන ඉතා බරපතල අවිශ්වාසයක් ඇති වෙනවා. මුලු ලෝකයම මේ පුවතේ ඇත්ත දැන ගන්න මඟ බලා සිටිනවා. ඇතැම් විට නොමඟ යවන පණිවුඩ ලැබෙන්න ඉඩ තිබෙනවා (නි)
දැන් ඊළඟට මොකද වෙන්නේ? (නි)
මේක පරීක්ෂණ නොමඟ යවන්න ඇමෙරිකන්කාරයෝ මුහුදට දැමූ කළු පෙට්ටියක් වෙන්න බැරිද? ඔය පෙට්ටිය ලැබුනත් ඕකේ මුකුත්ම පටිගතවෙලා නැහැ කියලා කියයි. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කියන්නේ ඕක තමයි. ලංකාවේ ඇමෙරිකාවේ කියලා වෙනසක් නැහැ වගෙයි. (නි)
මේක කළු කිවුවට සිවුරු පාටනේ? (නි)
මට නම් මේ ගැන සැකයි (නි)