IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මැලේසියා යානය මාලදිවයිනට උඩින් පහතින් ගිහින් ?

අතුරුදන් වූ මැලේසියා යානය වනාන්තරයකට ඉහළින් ගමන්කරන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් තායිවාන් විශ්වවිද්‍යාලයක  ශිෂ්‍යකු විසින් ටොම්නොඩ් නමැති වෙබ් අඩවියක තිබී සොයාගෙන ඇතැයි ඩේලි මේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත. ටොම්නොඩ් වෙබ් අඩවිය සිතියම් සෙවීමට භාවිතා කරන්නකි. අතුරුදන් වූ යානය සොයා ලක්ෂයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ම චන්ද්‍රිකා ඡායාරූප සහිත විවිධ වෙබ් අඩවි ගවේෂණය කරමින් සිටිති.

මැලේසියාවේ බලධාරීන් පවසන්නේ මේ ඡායාරූපයේ සත්‍යතාව මෙතෙක් තහවුරු කැර නැති බවයි. මාලදිවයින් රාජ්‍යයට අයත් 'දාලු' දූපතේ ගැමියන් පවසන්නේ මැලේසියා ගුවන් සේවයේ සළකුණ සහිත සුවිසල් යානයක් තම හිසට ඉහලින් ඉතා පහළින් යනු දුටු බවයි. මෙය දැක ගැනීමට හැකි වූයේ සෙනසුරාදා උදෑසන බව ද ඔවුහු කියති. මාධ්‍යයට මේ ගැන ප්‍රකාශ කරන ධීවරයකු කියා ඇත්තේ සී ප්ලේන් නිතර නිතර පහතින් ගියත් මෙවැනි යානයක් පහතින් ගමන් කරනු දුටු ප්‍රථම අවස්ථාව මෙය බවයි.

පරීක්ෂණ පවත්වන මැලේසියා බලධාරීන් කියා සිටින්නේ නියමුවා පැවසූ අවසන් වදන වන ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පැවැසීමට විනාඩි 12ට පමණ පෙර ඔහු ගුවන් යානයේ ගමන් මග වෙනස් කිරීමට තීරණය කරන්ට ඇති බවයි.



අදහස් (0)

මැලේසියා යානය මාලදිවයිනට උඩින් පහතින් ගිහින් ?

ශිරාන් Wednesday, 19 March 2014 10:20 PM

දැන් ඉතින් ඕක රේඩාර් වලට අහු වෙලා නැද්ද? එහෙම නම් ඇමෙරිකාව මෙච්චර දවස් මොනාද කරේ ? (නදී)

:       0       0

සිරියලතා කෙන්ය Wednesday, 19 March 2014 02:41 PM

එහෙනම් මේ ළඟම තම ඕක ඇත්තේ (අ)

:       0       0

ධම්මික Wednesday, 19 March 2014 02:43 PM

කෙසේ හෝ මෙය ලොව බලවත් රටවල් වන ඇමරිකාවට, චීනයට, රුසියාවට, ඉන්දියාවට, එංගලන්තයට කනේ පහරක්. අනිත් මිනිස්සුන්ගේ හැම රෙද්දම හොයන, ලංකාවේ යුද්දේ ගැනත් හොයන ඇමෙරිකාවේ තාක්ෂණය නිකන් බලු වෙලා. (අ)

:       0       0

සිරියා Wednesday, 19 March 2014 11:18 PM

ෆ්ලෑෂ් ලියිට් දාල අරන් තියෙන්නේ.(නදී)

:       0       0

සුනිල් Wednesday, 19 March 2014 03:17 PM

ධමිම්කගේ කතාව ඇත්ත (අ)

:       0       0

පසිඳු Wednesday, 19 March 2014 03:18 PM

බලමු ‍මොකඩ වෙන්නෙ කියලා (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 21 March 2014 06:09 AM

අපේ අයගේ ප්‍රතිචාර වැඩි හරියක් තියෙන්නේ හොයන අයට හා යානාවේ කාර්ය මණ්ඩලයට දොස් කීමනේ. නරකද ඔයගොල්ල අමුඩ කෙටියක් ගහගන ගිහින් මුහුද කාල් ගාල යානාව හොයන එක. (නදී)

:       0       0

ජයරත්න කොරතොටගේ Wednesday, 19 March 2014 03:30 PM

වගකීමකින් ද මේ කියන්නේ (අ)

:       0       0

දාන් Wednesday, 19 March 2014 04:17 PM

ධම්මික, සහතික ඇත්ත මේ අය හොයන්නේ අනිත් රටවල් නැති කරන ක්‍රම විතරයි.(නදී)

:       0       0

රජින්ද Wednesday, 19 March 2014 04:23 PM

මෙහෙමයි, අගහරුවල ඉන්න කියුරියෝසිටි රොබෝව පාළනය කරන තාක්ෂණයක් තිබුනට මම හිතනවිදිහට මගීන් ගෙනයන යානාවලට අති දියුණු සම්ප්‍රේෂණ උපාංග සවි කරන්නේ නැහැ. එකක් ත් වියදම, අනික මම හිතන්නේ එවැනි සම්ප්‍රේෂණ පද්ධති යානය ඇතුලේ ගමන් ගන්නා මගීන්ට සෞඛ්‍යමය ගැටළු ඇතිකරන සුළු ඒවා වීමයි. අනෙක් කාරණාව, අන්තර්ජාතික ගුවන් ගමන් වලදී එක් රටකින් තවත් රටකට යාමේදී වත්මන් ලෝක ආරක්ෂණ හේතුන් මත එවැනි තාක්ෂණයක් එක් රටකට පමණක් භාවිතා කිරීමට අවසරදිය නොහැකි වීමත් විය හැකි.(නධී)

:       0       0

මාලා Thursday, 20 March 2014 02:12 AM

ඕකත් මත්තලට ගොඩ බස්සලද දන්නේ නැහැ අයහපත් කාලගුණය කියලා.(නදී)

:       0       0

ඔසී Monday, 24 March 2014 08:48 PM

දම්මික ඔබ හරියට හරි .(නදී)

:       0       0

කුමාරි Wednesday, 19 March 2014 05:17 PM

දම්මික. දැන් ඔයාල කියන්නේ සම්පුර්ණ ඇත්ත. දැන් දවස් කියක් ගියාද? කෝ හොයා ගත්තද ඔය බලවත්තු මොකද උනේ කියල? (නදී)

:       0       0

සිරිසේන Wednesday, 19 March 2014 06:43 PM

දෙවියෝ තම දන්නේ ගුවන්යානයට මොකද උනේ කියල කොහොම උනත් මටනම් හිතෙන්නේ යානය ගැඹුරු මුහුදේ සැඟවිලා ඇති.(දී)

:       0       0

ලක්මාල් Wednesday, 19 March 2014 07:07 PM

මේ ගුවන් යානය මත්තලද දන්නේ නැහැ.. (දී)

:       0       0

නදීකා Wednesday, 19 March 2014 07:32 PM

මේ ෆොටෝ එක බොරුවක්.අලුයම අතුරුදන් වුනානම් මේකේ දවල් කාලේ තියෙන එලිය කොයින්ද?(දී)

:       0       0

චුලාන් Monday, 24 March 2014 11:48 PM

ධම්මික, ඇමෙරිකාව සහ චීනය දන්නවා යානයට මොකද උනේ කියල , නමුත් දෙගොල්ලොම කියන්නේ නැහැ මොකද එතකොට ඔව්න්ගේ තාක්ෂනය එළිවෙන හින්ද . රේඩාර් වල ඔයප්ලේන් එක ගිය මග ඇති. (දී)

:       0       0

ජයතිස්ස Monday, 24 March 2014 11:56 PM

මොකද්ද අප්පා මට නිකන් පිස්සු වගේ,,, මුහුදට වැටුනලු කැලේ උඩින් ගියාලු මොකද්ද ඇත්ත (දී)

:       0       0

දනුෂි Thursday, 20 March 2014 10:14 AM

මේ තියෙන්නේ දවල් ගත්තු ෆොටෝ එකක්.(නදී)

:       0       0

රම්සි Sunday, 23 March 2014 08:38 PM

කව්රුවත් දන්නේ නැහැ ඇත්ත කතාව. පංචිකාවත්ත උඩින් යද්දී එන්ජිම ගලෝගෙන. (නදී)

:       0       0

ලක්විඳු Sunday, 23 March 2014 08:39 PM

සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදිය. (නදී)

:       0       0

චතුර Thursday, 20 March 2014 11:22 AM

අපෝ එක පාරක් යානයේ දොර හම්බුනා කිවා. හරවලා කොහෙද ගියා කිවා. දැන් තව කෑලි හම්බුවුනා කියනවා. මොකක්ද බන් මේක. මේක හොයන අයගෙම වැඩක්ද කොහෙද. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් මට නම් හිතෙන්නේ.(නදී)

:       0       0

යොහාන් Thursday, 20 March 2014 11:37 AM

ධම්මිකගේ කතාව ඇත්ත.(නදී)

:       0       0

චමි Wednesday, 19 March 2014 09:29 PM

මොනවා උනත් මේකේ ඇත්තනැත්ත හරියටම හොයා ගන්න ඕනේ?(දී)

:       0       0

මුහම්මද් Friday, 21 March 2014 10:56 PM

ධම්මික,,,, ඔයා හරියට කිව්වා,,,,,, කෝ ඇමෙරිකන් කාරයොන්ගේ තාක්ෂනය. රජින්ද, ඔයා නිකම්ම නිකම් මනං කල්පිතයෙක්.(නදී)

:       0       0

ලංකාතිලක Wednesday, 19 March 2014 02:19 PM

බහු බුත සහ මනස්ගාත .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 445 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 674 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1555 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1761 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2190 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1123 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20414 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18448 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 303 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 163 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site