අතුරුදන් වූ මැලේසියා යානය වනාන්තරයකට ඉහළින් ගමන්කරන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් තායිවාන් විශ්වවිද්‍යාලයක ශිෂ්‍යකු විසින් ටොම්නොඩ් නමැති වෙබ් අඩවියක තිබී සොයාගෙන ඇතැයි ඩේලි මේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත. ටොම්නොඩ් වෙබ් අඩවිය සිතියම් සෙවීමට භාවිතා කරන්නකි. අතුරුදන් වූ යානය සොයා ලක්ෂයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ම චන්ද්‍රිකා ඡායාරූප සහිත විවිධ වෙබ් අඩවි ගවේෂණය කරමින් සිටිති.
මැලේසියාවේ බලධාරීන් පවසන්නේ මේ ඡායාරූපයේ සත්‍යතාව මෙතෙක් තහවුරු කැර නැති බවයි. මාලදිවයින් රාජ්‍යයට අයත් 'දාලු' දූපතේ ගැමියන් පවසන්නේ මැලේසියා ගුවන් සේවයේ සළකුණ සහිත සුවිසල් යානයක් තම හිසට ඉහලින් ඉතා පහළින් යනු දුටු බවයි. මෙය දැක ගැනීමට හැකි වූයේ සෙනසුරාදා උදෑසන බව ද ඔවුහු කියති. මාධ්‍යයට මේ ගැන ප්‍රකාශ කරන ධීවරයකු කියා ඇත්තේ සී ප්ලේන් නිතර නිතර පහතින් ගියත් මෙවැනි යානයක් පහතින් ගමන් කරනු දුටු ප්‍රථම අවස්ථාව මෙය බවයි.
පරීක්ෂණ පවත්වන මැලේසියා බලධාරීන් කියා සිටින්නේ නියමුවා පැවසූ අවසන් වදන වන ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පැවැසීමට විනාඩි 12ට පමණ පෙර ඔහු ගුවන් යානයේ ගමන් මග වෙනස් කිරීමට තීරණය කරන්ට ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඕක රේඩාර් වලට අහු වෙලා නැද්ද? එහෙම නම් ඇමෙරිකාව මෙච්චර දවස් මොනාද කරේ ? (නදී)
මොකද්ද අප්පා මට නිකන් පිස්සු වගේ,,, මුහුදට වැටුනලු කැලේ උඩින් ගියාලු මොකද්ද ඇත්ත (දී)
ධම්මික, ඇමෙරිකාව සහ චීනය දන්නවා යානයට මොකද උනේ කියල , නමුත් දෙගොල්ලොම කියන්නේ නැහැ මොකද එතකොට ඔව්න්ගේ තාක්ෂනය එළිවෙන හින්ද . රේඩාර් වල ඔයප්ලේන් එක ගිය මග ඇති. (දී)
දම්මික ඔබ හරියට හරි .(නදී)
සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදිය. (නදී)
කව්රුවත් දන්නේ නැහැ ඇත්ත කතාව. පංචිකාවත්ත උඩින් යද්දී එන්ජිම ගලෝගෙන. (නදී)
ධම්මික,,,, ඔයා හරියට කිව්වා,,,,,, කෝ ඇමෙරිකන් කාරයොන්ගේ තාක්ෂනය. රජින්ද, ඔයා නිකම්ම නිකම් මනං කල්පිතයෙක්.(නදී)
අපේ අයගේ ප්‍රතිචාර වැඩි හරියක් තියෙන්නේ හොයන අයට හා යානාවේ කාර්ය මණ්ඩලයට දොස් කීමනේ. නරකද ඔයගොල්ල අමුඩ කෙටියක් ගහගන ගිහින් මුහුද කාල් ගාල යානාව හොයන එක. (නදී)
ධම්මිකගේ කතාව ඇත්ත.(නදී)
අපෝ එක පාරක් යානයේ දොර හම්බුනා කිවා. හරවලා කොහෙද ගියා කිවා. දැන් තව කෑලි හම්බුවුනා කියනවා. මොකක්ද බන් මේක. මේක හොයන අයගෙම වැඩක්ද කොහෙද. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් මට නම් හිතෙන්නේ.(නදී)
මේ තියෙන්නේ දවල් ගත්තු ෆොටෝ එකක්.(නදී)
ඕකත් මත්තලට ගොඩ බස්සලද දන්නේ නැහැ අයහපත් කාලගුණය කියලා.(නදී)
ෆ්ලෑෂ් ලියිට් දාල අරන් තියෙන්නේ.(නදී)
බහු බුත සහ මනස්ගාත .(නදී)
මොනවා උනත් මේකේ ඇත්තනැත්ත හරියටම හොයා ගන්න ඕනේ?(දී)
මේ ෆොටෝ එක බොරුවක්.අලුයම අතුරුදන් වුනානම් මේකේ දවල් කාලේ තියෙන එලිය කොයින්ද?(දී)
මේ ගුවන් යානය මත්තලද දන්නේ නැහැ.. (දී)
දෙවියෝ තම දන්නේ ගුවන්යානයට මොකද උනේ කියල කොහොම උනත් මටනම් හිතෙන්නේ යානය ගැඹුරු මුහුදේ සැඟවිලා ඇති.(දී)
දම්මික. දැන් ඔයාල කියන්නේ සම්පුර්ණ ඇත්ත. දැන් දවස් කියක් ගියාද? කෝ හොයා ගත්තද ඔය බලවත්තු මොකද උනේ කියල? (නදී)
මෙහෙමයි, අගහරුවල ඉන්න කියුරියෝසිටි රොබෝව පාළනය කරන තාක්ෂණයක් තිබුනට මම හිතනවිදිහට මගීන් ගෙනයන යානාවලට අති දියුණු සම්ප්‍රේෂණ උපාංග සවි කරන්නේ නැහැ. එකක් ත් වියදම, අනික මම හිතන්නේ එවැනි සම්ප්‍රේෂණ පද්ධති යානය ඇතුලේ ගමන් ගන්නා මගීන්ට සෞඛ්‍යමය ගැටළු ඇතිකරන සුළු ඒවා වීමයි. අනෙක් කාරණාව, අන්තර්ජාතික ගුවන් ගමන් වලදී එක් රටකින් තවත් රටකට යාමේදී වත්මන් ලෝක ආරක්ෂණ හේතුන් මත එවැනි තාක්ෂණයක් එක් රටකට පමණක් භාවිතා කිරීමට අවසරදිය නොහැකි වීමත් විය හැකි.(නධී)
ධම්මික, සහතික ඇත්ත මේ අය හොයන්නේ අනිත් රටවල් නැති කරන ක්‍රම විතරයි.(නදී)
වගකීමකින් ද මේ කියන්නේ (අ)
බලමු මොකඩ වෙන්නෙ කියලා (අ)
ධමිම්කගේ කතාව ඇත්ත (අ)
කෙසේ හෝ මෙය ලොව බලවත් රටවල් වන ඇමරිකාවට, චීනයට, රුසියාවට, ඉන්දියාවට, එංගලන්තයට කනේ පහරක්. අනිත් මිනිස්සුන්ගේ හැම රෙද්දම හොයන, ලංකාවේ යුද්දේ ගැනත් හොයන ඇමෙරිකාවේ තාක්ෂණය නිකන් බලු වෙලා. (අ)
එහෙනම් මේ ළඟම තම ඕක ඇත්තේ (අ)