IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මැලේසියා හමුදාවටත් තායිලන්තයටත් අතුරදන් වූ යානයේ රේඩාර් ලැබිලා

මැලේසියා ගුවන් යානය අතුරුදන්වූවායැයි පවසන වේලාවට විනාඩි අටකට පසු එනම් අලුයම 1.28ට හදුනානොගත් ගුවන් යානයක් තම රේඩාර් තිරයේ දිස්වූ බව තායිලන්තයේ රාජකීය ගුවන් හමුදාවේ එයාර් වයිස් මාෂල් මොන්ටොල් සුකුකොර්න් පවසයි.

මලක්කා සමුද්‍ර සන්ධිය අසළ පිහිටා ඇති මැලේසියාවේ නගරයක් වන බටර්වර්ත් දෙසට හරවමින් යානය ගමන් කළ බව එම රේඩාර් තිරයේ සටහන්ව ඇත. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙවැනි රේඩාර් සංඥා බහුව ලැබෙන බවයි. එවැනි සංඥාවන්හි යානයේ අංකය වැනි කිසිම දත්තයක් අඩංගු නොවන බව ද හෙතෙම කීවේය.

මැලේසියා බලධාරීන් දැන් පවසන්නේ තම යුද හමුදා රේඩාර් තිරයේ පෙරවරු 2.14ට මලක්කා සමුද්‍ර සන්ධිය දෙසින් අතුරුදන්වූ වා යැයි සැක සිතිය හැකි යානයක් දිස්ව ඇති බවයි. මේ දත්ත මැලේසියා බලධාරින් ප්‍රකාශයට පත්කරන්නේ යානය අතුරුදන්ව සතියකට පසුවය.  

තායිලන්තයෙන් යානයට අදාල තොරතුරු ලබාදීමට මෙතරම් ප්‍රමාද වූයේ ඇයිද යන්න විදෙස් මාධ්‍යවේදීන් විමසූ විට මොන්ටොල් පවසා ඇත්තේ '' අප ඒ ගැන ඒ තරම් අවධානයක් යොමු කළේ නැහැ" යනුවෙනි.

'' අප විමසිලිමත් වන්නේ අප රටට යම් තර්ජනයක් ඇත්නම් පමණයි. මේ යානය තායිලන්තයේ ගුවන් සීමාවට ඇතුල් වූයේ නැහැ. ඒ නිසා අපට තර්ජනයක් නැති බව දැනගත්තා. මැලේසියාව කළ මුල් විමසීම්වලදී අප එතරම් උනන්දු නොවූයේ ඒ නිසා. නැවත නැවත විමසීම් කළ විට අප ඒ ගැන සොයා බැලුවා." යැයි එයාර් වයිස් මාෂල් මොන්ටොල් පවසා ඇත.

තායි බලධාරීන් පවසන්නේ දකුණු තායිලන්තයේ පිහිටි රේඩාර් උපකරණයකට යානය හසුවී ඇති බවයි. යානය උතුරු තායිලන්තය දෙසින් ගමන් කරන්නට ඇති බව මැලේසියානු බලධාරීන් පැවසුවත් උතුරු තායිලන්තයේ රේඩාර් උපකරණයට මෙවැනි සැකකටයුතු කිසිවක් හසුවී නැත.

 



අදහස් (0)

මැලේසියා හමුදාවටත් තායිලන්තයටත් අතුරදන් වූ යානයේ රේඩාර් ලැබිලා

සුමුදු හේවගේ Wednesday, 19 March 2014 10:19 PM

මේක ගිහින් තියෙන්නේ සෝමාලියාව පැත්තට. එහෙ පාළු ගුවන්තොටුපොළක් තියෙනවා. ගුගල් මැප් එක අරන් බලන්න.(නදී)

:       0       0

නිෂාන්ත Thursday, 20 March 2014 02:07 PM

මට නම් හරි පුදුමයි. (ත)

:       0       0

පුබුදු Wednesday, 19 March 2014 11:23 PM

මම නම් කියන්නනේ මුහුදේ ගිලිලා (දිල්)

:       0       0

සම්පත් රුවන් බෙන්ජමින් Thursday, 20 March 2014 02:00 AM

හරිම දුකයි ඉක්මනටම හරි තොරතුරක් ලැබේවා.(නදී)

:       0       0

ගීත් Sunday, 23 March 2014 02:47 PM

කොටස් හමු නොවෙන්න තරම් මේ යානය පොඩි එකක් නෙවේ නේ. පිටසක්වල වැඩක් ද මන්දා. කොහොම වුනත් නියමුවාගේ අතපෙවීමක් තියෙන බව පේනවා. එනිසා ලැබෙන තොරතුරු පරස්පර විරෝදී නිසා හරි නිගමනයකට එන්න බෑ.(නදී)

:       0       0

අස්මිත් Thursday, 20 March 2014 07:19 AM

සව්රග්‍රහ මණ්ඩලයේ,පෘතුවියෙන් එහා ලොව ජීවින් ගැන/සිදුනු ජල උල්පත් වල සේයාරු සොයන තාක්ෂණයක් සතු මිනිසාට මේ කුඩා පොළොවේ අහස් යානාවක් ගමන් කරපු දිශාව දැනගන්න තිබියදීත් මෙතරම් කාලසීමාවක් ගතවුවත් කිසිම හෝඩුවාවක් දැනගැනීමට නොහැකි කාරණය පුදුම සහගතයි. මෙම යානයේ මගීන් හා කාර්ය මණ්ඩලය නිරුප්‍රදිතව සිටිය හැකි අනුමානයක් හෝ දැනගැනීමට නොලැබීම මනුෂ්‍යත්වය නාමයෙන් අපගේ දියුණුවට වඩා දෛවය සරදමක්ද ? අමෙරිකාවට ඉරාකය ඇතුළු විරෝදී රටවල මර්මස්ථානවල අගුපිල් හොයාගෙන පහරදෙන්න තරම් තාක්ෂණයක් සතු වුනත් තවම ගුවන් යානය පිළිබද අනුමානයක් හරි කර ගන්න ගන්න කාලය හොදටම වැඩියි. මගීන්ටත් කාර්ය මණ්ඩලයටත් කිසිදු ව්‍යසනයක් නොවේවායි පතමි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 20 March 2014 07:38 AM

තාක්ෂණයේ දියුණුවට හැම දෙයක්ම කරන්න බැරි බව හොදින්ම පැහැදිලි වෙනවා මේ සිදුවීමෙන්. අපේ ඔය ක්‍රීඩකයෝ එහෙම කණ්ඩායම් පිටින් ගුවන් යානා වලට නග්ගන්නේ නැතුව කොටස් වශයෙන් යවන්න බලධාරීන් සැලකිලිමත් විය යුතුයි. ඕනෑම මොහොතක ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. දේශපාලකයෝ නම් පුළුවන් තරම් එකම ගුවන්යානයේ නග්ගන්න බලන්න. ජනාධිපති තුමා හැර.(නදී)

:       0       0

අල්විස් Thursday, 20 March 2014 08:15 AM

බය වෙන්ට එපා. අර ඇඟ නටවලා අතපය විසිකරලා තවමත් ඇත්ත නො වුනු අනාවැකි කියන්නා ප්‍රසිද්ධියේ කිවුව විදිහට ඔක්කොම හරියයි මං හිතන්නේ.. (w)

:       0       0

ශෂි Thursday, 20 March 2014 08:48 PM

මං හිතන්නෙ මෙක මෙයාලගෙම වැඩක්.. වෙන දෙයක් වහගන්න මෙක කරන්න ඇති (අ)

:       0       0

සන්ධ්‍යා Wednesday, 19 March 2014 08:43 PM

ඉක්මනින්ම යානය පිළිබ‍්දව තොරතුරු ලැබේවා.(නදී)

:       0       0

සන්ධ්‍යා Wednesday, 19 March 2014 08:45 PM

ඉක්මනට යානය ගැන තොරතුරු ලැබේවා කියා ප්‍රර්තනා ක‍රනවා.(නදී)

:       0       0

බෝපිටිය Thursday, 20 March 2014 10:49 AM

කොහේ හරි මේකේ ගිය මිනිස්සු ටික ඉන්නවා නම් ලොකු දෙයක් (දී)

:       0       0

ෂේන් Wednesday, 19 March 2014 08:55 PM

මෙච්චර දවසක් ඇයි? (නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 19 March 2014 09:02 PM

මත්තලටත් ලැබුනා කිව්වා නම් ටිකක් ප්‍රසිද්ද කරගන්න තිබුනා.(නදී)

:       0       0

නන්ද Wednesday, 19 March 2014 09:38 PM

කොහො මද දියුණුවේ තරම (අ)

:       0       0

ප්‍රදීප් Wednesday, 19 March 2014 10:11 PM

ලංකාවට ඇතුල් වෙන්න සෙල්ලම් නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 445 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 675 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1555 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1762 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2191 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1123 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20414 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18451 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 303 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 163 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site