IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මොහාන් පීරිස් එළිපිට කඩේ ගියා : සරත් සිල්වා හොරෙන් කඩේ ගියා

පසුගිය කාලයේ අධිකරණ ක්‍ෂේත‍්‍රය තුළ කථාබහට ලක් වූ ප‍්‍රමුඛතම කරුණ වූයේ අධිකරණයේ උත්තරීතරම තනතුර දැරූ අග විනිසුරුවරුන් දේශපාලනඥයින්ට කඩේ ගිය අයුරුය. එහෙත් දැන් සිදුවන්නේ දේශපාලනඥයින් හිටපු අග විනිසුරුන්ට කඩේයෑමය.

මේ අතරින් වඩාත්ම කථාබහට ලක්වන්නේ ඊයේ පෙරේදා අලුත් කඬේ බිත්ති අතර සැඟවී ගිය හිටපු අග විනිසුරු මොහාන් පීරිස්ගේ කතා වස්තුවයි.

ඔහු රැයක් දවාලක් නැතිව කඩේ ගිය අයෙක් ලෙස ප‍්‍රකටය. පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වෙද්දී අලුයම අරලියගහ මන්දිරයේ සිටියේ ඇයි දැයි බරපතළ ප‍්‍රශ්නයකි. අග විනිසුරු වැනි ස්වාධීන පුද්ගලයෙකු නොකළ යුතු දෙයක් ඔහු විසින් සිදුකළ බවට දැන් ඔහුට ඇඟිල්ල දිගු වී ඇත. මේ කඩේ යෑමේ කලාව ආරම්භ වන්නේ හිටපු අග විනිසුරු සරත් එන් සිල්වා මහතාගේ යුගයේ සිටය.

හිටපු අගවිනිසුරුවරයෙකු වූ සරත් එන් සිල්වා මහතාත් දේශපාලනඥයින්ට කඩේ නොගියාම නොවේ. ඔහු තම ශූර බුද්ධියෙන් බොහෝවිට කාටවත් නොපෙනෙන ලෙස හොරෙන් කඩේ ගිය බව නම් නොරහසකි.

1994 චන්‍ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බලයට එන්නේ පාර්ලිමේන්තුවේ එක් වැඩි ඡන්දයකිනි. ජනාධිපතිවරණයේදී ඇය 62% ප‍්‍රතිශනයකින් රටේ ජනාධිපතිනිය වෙයි.

ඒ වන විට අග විනිසුරුව සිටින්නේ ජී.පී.එස්. ද සිල්වාය. ජ්‍යෙෂ්ඨත්වය අනුව ඔහු ළඟට ඊළඟ අග විනිසුරු ලෙස පත්වීමට සුදුසුකම් තිබුණේ මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුහටය.

මාර්ක් ප‍්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධකම් ඇතිව සිටි පුද්ගලයෙකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටියත් ඔහු කිසි දිනක විනිසුරු අසුනේ සිට දේශපාලනඥයින්ට අවශ්‍ය තීන්දු ලබා නොදුන්නේය.

නිදසුනක් ලෙස විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලමින් කොළඹ සිට කතරගමට ගමන් කළ මහින්ද රාජපක්ෂ මහතාගේ පාද යාත‍්‍රාවට අතරමගදී පොලිසිය කළ පහරදීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙසට තීන්දු කර වන්දි ගෙවන ලෙස තින්දු කළ විනිසුරුවරයෙකි.

නමුත් මාර්ක් ප‍්‍රනාන්දු මහතාට අග විනිසුරු ධුරය ලැබුණොත් ජනාධිපතිනියට රට පාලනය කිරීමට බාධාවක් ඔහුගෙන් ඇති වෙතැයි සිතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුව සිටි සරත් එන් සිල්වා නීතිපති පදවියට පත්කොට පසුව සිල්වා අග විනිසුරු විශ‍්‍රාම යෑමෙන් පසු අග විනිසුරු ලෙස පත් කළේය.

මේ පත්වීම කළේම ඇයව ඔහුට කඩේ යවාගැනීමට තිබූ නිසාය.

අග විනිසුරු ලෙස ඔහු කටයුතු කරමින් සිටියදී රජයට අවශ්‍ය පරිදි නඩු තීන්දු ලබාදෙන බව පෙනී ගිය නිසා 2001 වසරේදී එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සමග එක් වී අග විනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව දෝෂාභියෝයක් අත්සන් කොට පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාර දුන්නේය.

මේ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ න්‍යායපත‍්‍රයටත් ඇතුළු වී තිබු අතර එය පහසුවෙන් සම්මත කර ගැනීමට අවශ්‍ය ඡුන්ද ප‍්‍රමාණයද විපක්ෂය සතු වී තිබුණි.

නමුත් 2001 වසර අවසානයේදී ජනාධිපතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම එම දෝෂාභියෝග යෝජනාව ඉබේම අහෝසි විය.

පසුව පැවැත් වූ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය බලයට පත් වී රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති විය. ඔහුගේ ආණ්ඩුවට පාර්ලිමේත්තුවේ ආසන 126 ක් බහුතර බලයක් හිමිව තිබුණත් කුමන හෝ හේතුවක් නිසා සරත් එන් සිල්වා මහතාට එරෙහිව පැවැති දෝෂිභායෝගයක් ඉදිරිපත් නොවීය. එජාප ආණ්ඩුවේ ආරක්ෂක ඇමැතිවරයාව සිටි ජනාධිපති නීතිඥ සහ හිටපු නීතිපති වරයෙකු වූ තිලක් මාරපන සහ සරත් එන් සිල්වා මහතා අතර ඇතිවූ සම්මුතියක් නිසා එම දෙවන වතාවට අග විනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාව ගෙන ඒම අතහැර දැමු බවට එකල කටකතාවක්ද පැතිර ගියේය. කෙසේ හෝ අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා දෝෂාභියෝජනාවෙන් ගැලවුණේ අනූනවයෙනි.

එජාප රජයේ ආරක්ෂක ඇමැති ධුරය යළි චද්‍රිකාට ලබාදීමට අග විනිසුරු සරත් එන් සිල්වා මහතා කටයුතු කළේ 2004 වසරේදීය. ඒ ආරක්ෂක අමාත්‍ය ධුරය තබාගත යුත්තේ කවරෙකු ළඟදැයි ජනාධිපතිනිය ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසීමක් කළ අවස්ථාවේදීය.

2004 දී චන්‍ද්‍රිකාට උදව්කළ අග විනිසුරු සරත් එන් සිල්වා 2005 ජනාධිපතිවරණය තැබිය යුතු බවට තීන්දු කොට චන්‍ද්‍රිකාගේ දෙවන ධුර කාලය වසරකින් අඩුකර දැම්මේය.

ඉන්පසු චන්‍ද්‍රිකාගේ පාලන කාලය අවසන්බව දැන ගැනීමෙන් පසුව 2005 දී මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරඟ කිරීමට තිබූ බාධාවන් අයින් කර දැමුවේය. ඒ හෙල්පින් හම්බන්තොට සිද්ධියේදීය. සුනාමි ව්‍යවසනයෙන් පසු රජයට ලැබුණු විදේශ ආධාර මුදල් හෙල්පින් හම්බන්තොට නමින් තමන්ගේ ගිණුමකට දාගත් බවට රහස් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව රහස් පොලිසිය විසින් පරීක්‍ෂණ සිදු කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට සඳහන් කරමින් රාජපක්ෂ මහතා මෙම පෙත්සම ගොනුකර තිබිණි.

පෙත්සම විභාග කිරීමෙන් පසු රාජපක්ෂ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට නිගමනය කළ අග විනිසුරු සරත් එන් සිල්වා මහතා මහින්ද රාජපක්ෂ මහතාට වන්දි ගෙවන ලෙස පොලිස්පතිවරයාට නියම කළ අතර රහස් පොලිස් පරීක්‍ෂණ අත්හිටුවන ලෙසද නියෝග කළේය.

නමුත් ඊට වසර 10 කට පසුව එදා ඒ දුන් තීන්දුව සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලන බව සරත් එන් සිල්වා මහතා මෑතකදී පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුළදී වෘත්තිය සමිති මගින් පැවැත් වූ වැඩ වර්ජන මර්දනය කිරීම සඳහා ඔහු සිය අධිකරණ බලය උපරිම ලෙස යොදාගෙන රජයට අවශ්‍ය සහාය ලබා දුන්නේය.

අ.පො.ස. උසස් පෙළ උත්තර පත‍්‍ර නිරීක්ෂණය කිරීම වර්ජනය කිරීමට ගුරුවරුන් ගත් තීරණයකට එරෙහිව සිසුවෙකු ගොනුකළ පෙත්සමකදී අදාළ ගුරු සංගම් නියෝජිතයින්ට තදින් අවවාද කොට ඔවුන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප මත මුදා හැර වර්ජනය කඩාකප්පල් කර දැමුවේය.

2008 වසරේ අවසන් කාර්තුවේදී 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ශංශෝධනයට අනුව ජනාධිපති විසින් ව්‍යවස්ථාදායක සම්පාදන මණ්ඩලය ඇතුළු පොලිස්, අධිකරණ, රාජ්‍ය සේවා සහ මැතිවරණ කොමිසන් සභාවලට සාමාජිකයින් පත් නොකිරීම නිසා එම ආයතන අක‍්‍රිය වීම හේතුවෙන් මූලික අයිතීන් කඩ වී ඇති බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලමින් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ගොනුකළ පෙත්සම විභාගවූයේ අග විනිසුරු සරත් එන් සිල්වා මහතා ඉදිරියේය.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවැරී ඇති මුක්තිය කියා ජනාධිපති මෙම පෙත්සමේ වගඋත්තර කරුවෙකු කළ නොහැකි නිසා නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

නීතිපති වෙනුවෙන් පෙනී සිටියේ එවකට සොලිසිටර් ජනරාල්ව සිටි පාලිත ප‍්‍රනාන්දු මහතාය.

පෙත්සම විභාග වෙද්දි කොමිසන් සභාවලට සාමාජිකයින් පත්කරන ලෙස අග විනිසුරුවරයා නඩු වාර කීපයකදීම නිතිපතිවරයාට දැනුම් දුන්නත් එය ඉටු නොවීය.

එහෙත් එය පිළිබද තීන්දුවක්ද නොවීය. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතාය.

පෙත්සම විභාග කර තීන්දුවක් දුන්නානම් ජනාධිපතිවරයා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට ප‍්‍රකාශ වේ. ඒ සමගම ජනාධිපතිගේ පත්වීමත් අහෝසි වේ. මක්නිසාද යත් ජනාධිපති ලෙස දිවුරුම් දීමේදි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කොට එය ආරක්ෂා කරන බවට දෙන ප‍්‍රතිඥාව නිසාය.

ඒ වනවිට යුද්ධය තීරණාත්මක මොහොතක පැවැති අතර එවැනි තීන්දුවක් දුන්නා නම් අග විනිසුරුවරයා අංක එකේ දේශදෝහියෙකු ලෙසට දේශපේ‍්‍රමීන් විසින් හංවඩු ගසන බව ඔහු දැන සිටි නිසා ඔහු පන්දුවට පහරනොදී එය නිදැල්ලේ යන්නට ඉඩ හැරියේය.

මෙය එසේ වුවද ඔහු ජනතාවාදී ලෙස කටයුතු කළ අවස්ථාද තිබේ. ඒවා සඳහන් නොකළොත් එය ඔහුට කරන අසාධාරණයකි.

ඛණිජ තෙල් සඳහා ඇති කරගෙන තිබු හෙජින් ගිවිසුම අත්හිටුවීම ඉන් එකකි. මේ ගිවිසුම නිසා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ අසන්තද මෙල් මහතාගේ පත්වීම අහෝසි කොට මුදල් අමාත්‍යාංශයේ ලේකම් පි.බී. ජයසුන්දරට මින්මතු රාජ්‍ය සේවයේ නොයෙදෙන ලෙසට දන්වමින් තහනම් නියෝගයක්ද කළේය.

වැලි ගොඩ දමමින් පාරිසරික හානිය සිදු කරන පුද්ගලයින් බන්ධනාගාර ගත කළ අතර ඒවාට වැඩි පිරිසක් හසුවූයේ රජයට අයත් පක්‍ෂවල ප‍්‍රාදේශීය මන්ත‍්‍රී වරුන්ය.

යුද්ධයක් පවතිද්දීත් මහජනයාට හිරිහැර වන පරිදි යොදා තිබු මාර්ග බාධක ඉවත් කරන ලෙසට ආරක්ෂක අමාත්‍යාංශයට ඔහු දුන් නියෝගය දැඩි විවේචනයට ලක්විය.

මේ කරුණු නිසා හොරෙන් හොරෙන් රජයට කඩේ ගියත් ඔහු එය සමබර කිරීමට උස්සාහ කළ අයුරුද දක්නට ලැබුණි.

ඔහුගේ විශ‍්‍රාම යෑමෙන් පසු ඊළඟ අගවිනිසුරු වන්නේ අශෝක සිල්වා මහතාය. ඔහුගේ ධුර කාලය සීමිත විය. ඔහු කෙතරම් රාජපාක්ෂික වූවාදැයි කිවහොත් විශ‍්‍රාම ගැනීමෙන් පසු කෙලින්ම ගියේ අරලියගහ මැදුරේ රැකියාවකටය. ඒ ජනාධිපති නීති උපදේශක ලෙසිනි.

ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වන්නේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි. ඇය අගවිනිසුරු ලෙස පත්වනවිට ඇගේ සැමියා ජනාධිපති විසින් රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙස පත්කරනු ලබයි. මේ පත්කිරීමම ඇගේ අපක්ෂපාතී බව පිළිබඳ සැකය ඇති කළේය. එතනින් නොනැවතී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ධුරයටද ඔහුව පත් කිරීමෙන් ජනාධිපති අග විනිසුරු පවුල අතර තිබූ සබඳතාවය පෙනී ගියේය.

නමුත් පසු කාලයේදී ඇයට වැරැුදි නිවැරදි කරගැනීමට අවශ්‍ය විය. එහි මුල්ම ප‍්‍රතිඵලය වූයේ ඇගේ සැමියාට මූල්‍ය චෝදනාවක් රජයේ පාර්ශවයෙන්ම එල්ලවීමයි. අවසානයේදී ඔහු එම තනතුරට සමුදෙයි.

පෙර වැරදි නිවැරදි කරගන්නට අගවිනිසුරු ගත් ක‍්‍රියා මාර්ගයේදී ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගය නැමැති ගිලටිනයට හසුවූවාය. ඇයට නැවැත සාධාරණය ඉටුවන්නේ දින 745කට පසුවය. ඒ මෛත‍්‍රීපාල රනිල් සුසංයෝගයෙන් බිහිවූ නව ආණ්ඩුවෙන්ය.

ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ අනුප‍්‍රාප්තිකයා වන්නේ මොහාන් පීරිස් මහතාය. ඔහු අගවිනිසුරු පදවියට පැමිණෙන්නේ අරලියගහ මන්දිරයේ සිටය.

මුලින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ව සිට ඉන් ඉවත්වී පෞද්ගලික නීති වෘත්තියේ යෙදී සිටියදී ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශක වෙයි. පසුව සෙලින්කෝ මූල්‍ය අර්බුදයේදී රජය විසින් සෙලාන් බැංකුවේ සභාපති වෙයි. රක්නා ලංකා ආරක්ෂක සමාගමේ අධ්‍යක්ෂවරයාත් වෙයි. පසුව නීතිපති පදවියට පත්වී ඉන් විශ‍්‍රාම ගොස් කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක, ජනාධිපතිගේ නීති උපදේශක වී අගවිනිසුරු වෙයි.

මේ පැටිකිරිය ඔහු පිළිබඳ අධ්‍යයනය කිරීමට ප‍්‍රමාණවත්ය.

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත් වෙද්දී අළුයම ඔහු අරලියගහ මන්දිරයේ ජනාධිපතිවරයා සමග සිටි බව දැන් හෙළිවී තිබේ. එහිදී සිදුවූවායැයි කියන කුමන්ත‍්‍රණයක් පිළිබඳව ඔහුගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කර තිබේ.

අගවිනිසුරු අර්බුදය දැන් අවසානය. නව අගවිනිසුරු වරයෙක් පත්ව සිටියි. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුද වෙයි.

මෙපමණ කාලයක් දේශපාලනඥයින්ට කඩේ ගිය අගවිනිසුරුවරුන් වෙනුවට මේ නව අගවිනිසුරුවරයා අධිකරණයේ ඇතිවූ කළු පැල්ලම මකා දමනු ඇති බවට බොහෝදෙනෙකු විශ්වාසය පළකරති. සිදුවූ වරද නිවැරැදි කර ගැනීමට මේ හොඳම අවස්ථාවය. එහෙත් දැන් සිදුවන්නේ කුමක්ද?

මෙතෙක් කල් දේශපාලඥයින්ට කඬේ ගිය අගවිනිසුරුවරුන් වෙනුවෙන් දැන් දේශපාලඥයින් කඩේ යෑමට පටන්ගෙන තිබේ.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම ධුරයෙන් ඉවත් කළේ පාර්ලිමේන්තුවේ නිසි පරිදි යෝජනාවක් සම්මත කිරීමෙන් නොවන හෙයින් ඇය ඉවත් කළ දින සිටම සේවය කළේ යයි සලකා ඇයට යළිත් සේවයට වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කරයි.

එම නියෝගයට අනුව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඊට පසුදින විශ‍්‍රාම යයි. එහිදී ඒ වනවිට අගවිනිසුරු ධුරයේ සිටි මොහාන් පීරිස් මහතා නන්නත්තාර වෙයි. ඔහු කරකවා අතහැරියාක් මෙනි.

ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අගවිනිසුරු ධුරයට හිමි පාරිතෝෂික දීමනා විශ‍්‍රාම වැටුප් ලැබෙනු ඇත.

මොහොන් පීරිස් මහතාට විශ‍්‍රාම වැටුප් ලබාගන්නට තව කලක් බලා සිටීමට සිදුවනු ඇත.

ඒ කාලය වෙනුවෙන් දේශපාලඥයින් දැනටම දුක් ගායනා ප‍්‍රකාශ කිරීම ආරම්භ කර තිබේ.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යළි සේවයේ පිහිටුවීම පිළිබඳව පාර්ලිමේන්තුව අමතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කළ විශේෂ ප‍්‍රකාශය පිළිබඳව විපක්ෂය විශේෂ විවාදයක් ඉල්ලා සිටියේ මේ නිසාය.

එම විවාදය පසුව ලැබුණු අතර විවාදය අරඹමින් විපක්ෂ නායකවරයා කීවේ තමන් විවාදය ඉල්ලා සිටියේ මොහාන් පීරිස් මහතාට කඬේ යෑමට නොවන බවය. එහෙත් එම විවාදය සම්පූර්ණයෙන්ම වෙන්වූයේ මොහාන් පීරිස් මහතාට කඬේ යෑමටය. ඔහු ඉල්ලා අස්වී නැති බවත් විධායක බලය යොදවා අස්කර ඇති බවත් කියයි.

එදිනම සවස හිටපු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් කියා සිටියේ මොහාන් පීරිස් මහතා තවමත් මේ රටේ අගවිනිසුරුවරයා බවය.

මේ සියලූ කරුණු වලින් හෙළිවන්නේ කවදාහෝ දිනයක මොහොන් පීරිස් මහතා යළිත් වරක් අගවිනිසුරු කිරීමේ වෑයම ගැනය.

මේ ප‍්‍රාර්ථනා වලින් සිදුවන්නේ කුමක්ද? අධිකරණයට සිදුවූ කළු පැල්ලම තව තවත් වැඩිකිරීමය. එනිසා මේ රටේ යුක්තිගරුක පුරවැසියන්ට අවශ්‍ය වන්නේ දේශපාලන බලයෙන් පුම්බන අගවිනිසුරුවරුන් නොව ස්වාධීනව අපක්ෂපාතීව නීතිය යුක්තිය කිරාමැන තීන්දු දිය හැකි කොන්ද කෙලින් තබා ගත් අගවිනිසුරුවරුන්ය.

ඒ සඳහා නව අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතාට ඒ ටික කළ හැකි බව රටේ ජනතාව විශ්වාස කරති. ඒ නිසා මේ නාඩගමට මෙතනින් විරාමය තබන ලෙස සියලූ දේශපාලඥයින් ගෙන් ඉල්ලමු. එසේ නැතහොත් මේ රටේ ජනතාව මේ ජරාජීර්ණ දේශපාලනඥයින්ව ඉතිහාසයේ කුණු බක්කියට යවන දිනය වැඩි ඈතක නොවේ. අප එසේ කියන්නේ ශ්‍රී පවන් මහතා දේශපාලන අනුග‍්‍රහයකින් අගවිනිසුරුවරයෙකු නොවූ නිසාය. නීතිඥයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳි ස්වෝත්සාහයෙන් අත්දැකීම් හා පළපුරුද්ද ඇතිව පියවරෙන් පියවර ඔසවමින් අභියාචනාධිකරණයේ විනිසුරු එහි සභාපති විනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස පත්වූ විනිසුරෙකි. ඒ නිසා ඔහුට කිසිවෙකුටත් කඬේ යෑමට අවශ්‍ය නොවේ. ඔහු කඩේ යායුත්තේ නීතියේ දෙවඟනගේ සුජාත භාවය වෙනුවෙන්ය. ඒ වෙනුවෙන් ඔහු කැපවෙන බව ඔහුගේ විනිසුරු ඉතිහාසය මැනවින් පසක් කර දෙයි.

 

 

 

 

           



අදහස් (0)

මොහාන් පීරිස් එළිපිට කඩේ ගියා : සරත් සිල්වා හොරෙන් කඩේ ගියා

ධනංජය Monday, 09 February 2015 11:06 AM

නඩරාජාට මාත් එකඟ වෙනවා, ශ්‍රීපවන් මහත්තයට කෙලින් ගමනක් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා! (ර)

:       0       0

නුවන් Monday, 09 February 2015 11:03 PM

ඉතාම වැදගත් සටහනක්! (නි)

:       0       0

අජීවන් Tuesday, 10 February 2015 02:40 PM

නියමයි . හොඳ වැඩක් රත්නේ !(හේ)

:       0       0

බංඩාර Monday, 09 February 2015 02:37 PM

කෘතහස්ත මාධයවේදියෙකුගේ අරුත්බර සැබෑ විග්‍රහයක් (නදී)

:       0       0

සරත් Monday, 09 February 2015 06:59 AM

ඉතා හොඳ විස්ලේෂණාත්මක ලිපියක්. (ර)

:       0       0

ආනන්ද Monday, 09 February 2015 07:12 AM

රත්නපාල ගමගේ මහතා ස්තුතියි ඔබට. තව වැරදි දෙකක් තියනවා .සරත් එන් සිල්වා සහ ශිරාණි බණ්ඩාරනායක කරපු මහජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීම (දිල්)

:       0       0

රංජිත් සිල්වා Monday, 09 February 2015 07:22 AM

ඉතාමත් කාලෝචිත හරවත් ලිපිය පැසසිය යුතු වේ. ලංකාදීපයට සහ ගමගේ මහතාට ස්තුති කරමි. (බ)

:       0       0

අනිල් Monday, 09 February 2015 07:38 AM

ඉතාම වැදගත් සටහනක් ! (දිල්)

:       0       0

ශිරෝමි- පිළියන්දල Monday, 09 February 2015 07:39 AM

ලස්සන කතාව (නදී)

:       0       0

රාජා Monday, 09 February 2015 07:48 AM

අපේ හිටපු එක අග විනිසුරුතුමෙක් තමුන්ට විරුද්ධව තව කෙනෙක් දාපු නඩුවක් තමන්ම විභාග කරා. ඉතින් එහෙම රටක කවුද කඩේ යන්න අකමැති.(නදී)

:       0       0

සන්වන්නිි Monday, 09 February 2015 07:48 AM

මහින්දගේ කාලයේ අග විනිසුරු වූ ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා එකල ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ලෙස මහින්ද පත් කළා. ඒ කාලයේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් ජේවීපියත් එතුමියට එරෙහිව කෙතරම් චෝදනා ගෙනාවාද, හිටපු අගවිනිසුරුවරියගේ සැමියාට එරෙහිව අල්ලස් කොමිසමට ගියේ ඒ අයයි. අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසන ලද මෙම ක්‍රමය 1977 සිට ආරම්භ වූවක්. ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද එක්තරා දේශපාලන පක්ෂයක ශාඛා සමිතියක් වගේ. අද අධිකරණයේ ස්වාධීනත්වය ඇත්දැයි විමසීම මැදහත් බුද්ධිමතුන්ගේ වගකීමක්. ලංකාවේ පවතින නීතිය මකුළු දැලක් වගෙයි. ශක්තිවන්තයා පැටලී කඩාගෙන යනවා. දුබලයා ඊට බිලි වෙනවා. මගේ මව්බිම පිළිබඳ මම ආඩම්බර වෙනවා. ඒත් මේ වගේ දුර්දාන්ත කාලයක ඉපදීමට සිදුවීම පිළිබඳ කණගාටු වෙනවා. (නදී)

:       0       0

දුමින්ද Monday, 09 February 2015 08:06 AM

කඩේ යාම ලෑලි කඩේට ගියත් සුපර් මාර්කෙට් ගියත් එකයි (නදී)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Monday, 09 February 2015 08:50 AM

අපේ රටට ප්‍රශ්ණයක් වී තිබෙන්නේ දුප්පත් අහිංසක එතරම් ඉගෙන නොගත් ජනතාවගෙන් නොව මේ වගේ ඉහලට ඉගෙන ගත් බුද්දිමත් මිනිසුන්ගෙන් බවයි මට තේරෙන්නේ. (නදී)

:       0       0

අලහකෝන් Monday, 09 February 2015 08:53 AM

තමන් දුන් තීන්දුවක් සම්බන්ධව ජනතාවගෙන් සමාව ඉල්ලන්න පුලුවන්ද ? අග විනිසුරු පමණක් නොව සාමාන්‍ය විිනිසුරුවරයෙකුටවත්. පවතින නීතියක් තියෙද්දිත් එයට පිටස්තර තීන්දුවක් දෙන්නේ කෙසේද? පුදුම රටක් මේක (නදී)

:       0       0

නඩරාජා Monday, 09 February 2015 09:01 AM

මේ වාර්තාව ඉදිරිපත් කළ තැනැත්තා කඩේ ගියා වගේ පේනවා (දිල්)

:       0       0

සුරංජනී Monday, 09 February 2015 09:18 AM

ඔය දෙන්නම අධිකරණය බාල්දු කරලා . ගෙදර ගියත් තාම කඩේ යන එක නවත්තල නෑ. (දිල්)

:       0       0

මාපලගම පත්මා Monday, 09 February 2015 09:41 AM

මේ ඔක්කොම හොරු , එපමණයි අපට පෙන්නේ . තම වාසිය තකාම තීන්දු දුන් සහ දෙන වාසිය තකා විවේචන කිරීම මේ දෙන්නම කරා කරනවා (දිල්)

:       0       0

සුදෙල්මි Monday, 09 February 2015 10:24 AM

ශ්‍රීපවන් මහතා මුළු ශ්‍රී ලංකික ජනතාවගේ හද පතුලෙන්ම පිළිගන්න පුළුවන් යහපත් මනුස්යෙක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 74 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 879 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1564 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1389 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 397 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 355 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38455 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 270 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 904 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site