තමන් මිය ගිය දිනක භෂ්මාවශේෂ තැන්පත් කළ යුතු ස්මාරකය ඉදිකිරීම මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා බොරැල්ල කනත්තේ දී අද ඇරැඹීය.
තමන් මිය ගිය පසු භෂ්මාවශේෂ වලින් කොටසක් උපන් ගම වන බෙලිඅත්තට ද, තව කොටසක් කැලණිය රජ මහා විහාරය අසලින් කැලණි ගඟේ පා කළ යුතු බවත්, අනෙක් කොටස බොරැල්ල කනත්තේ තැන්පත් කළ යුතු බවත් ඔහු තම ඥාති හිතමිතුරන්ට උපදෙස් දුන්නේය.
මීට වසර කීපයකට පෙර මිය ගිය මව වන කුසුමාවතී සිල්වා මහත්මියගේ භෂ්මාවෂේෂ ද කනත්තේ තැන්පත් කැරිණි.
ප්‍රියතම ගායක එච් ආර් ජෝතිපාලගේ ස්මාරකය අසලින් ඔහුගේ ස්මාරකය ඇත.
පිටිදූවේ සිරිධම්ම හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ කිහිප නමක් ද වැඩ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලගදීම මේ වල වහල දානවද? ඔක්කොම භෂ්මාවශේෂ ටික බෙලි අත්තට ගෙනිච්චත් කමක් නැහැ කියල මිනිස්සු කියනවලු.(නදී)
අපෙන් ඡන්දෙ අරගෙන අපිට සේවය කරන අපුරුව.(නදී)
ලඟදිම මැරෙනවද ? (නදී)
අනේ මෙහෙමත් දේවල්. මැරිලා ගිහින් ඉපදෙන / ප්‍රාණබූත වෙන්නේ කොහෙද කියල බලන්න ඕනේ.(නදී)
යමෙක් හොදින් ජීවත් වේද ඔහු මළ පසු සියල්ලෝම ශෝකයෙන් යුතුව උපන් භක්ත්‍යාදරයෙන් ඔහුගේ මළගම සිදු කරනබව දන්නා නිසා හිතේ සැහැල්ලුවෙන් වෙසෙයි. අවාසනාවකට එසේ ජීවත් නොවන පිරිස තමන්ගේම මිනීවල තමා විසින්ම කපාගත යුතුව ඇත.(නදී)
ඉතා හොඳ දෙයක්. අනෙකුත් අයටත් හොඳ ආදර්ශයක්. මේ වගේ ආචාර්ය වරුන් දෙන්නේ.(නදී)
රජින්ද ඔබේ කටේ මසුරන් දාන්න වටිනවා.(නදී)
ඇත්ත රජින්ද. මම ඔය කතාව අපේ මහත්තයටත් කිව්වා.(නදී)
පිස්සු නැත්නම් හොඳයි.(නදී)
අනේ මෙහෙම අයනේ අපට නායකත්වය දෙන්නේ. අර ගුවන් යානයේ ගිය අයගේ මිනී වලවල් හදල තිබුනේ කොහෙද මන්දා ? (නදී)
මෙතුමා මළගම සැලසුම් කරන්නේ මොකද? (නදී)
කොටියෙක් කාලා මළොත් මොකද කරන්නේ ? රජින්ද්‍ර හොඳම විදිහට ලියල තියෙනවා! (නදී)
රන් විමනේ සිටි මුත් දුක නැති වෙත්ද.......? පැණි මියේ කෑ මුත් බඩ ගිනි නැද්ද.....? මිනි බරණින් සැරි මුත් ගත නොදිරත්ද ......? පැණි වරකා ගහටත් හෙන නොවදිත්ද......? (නදී)
මරු කියවනවද දන්නේ නැහැ මොකද මැරෙන්න ලංවෙද්දි සාමාන්‍යයෙන් මිනිස්සු මේවගේ ඒවා කරනවා කියනවනේ.(නදී)
අයි මෙච්චර ඉක්මනට ? ලගදි වීසා එනවා කියලා දැනුනද ? (නදී)
මිනී වලක මා යට කර තබන දින - වැහි නැති අකුණු පුපුරයි ඒ වලට පැන...// (නදී)
යමෙක් හොදින් ජීවත් වේද ඔහු මළ පසු සියල්ලෝම ශෝකයෙන් යුතුව උපන් භක්ත්‍යාදරයෙන් ඔහුගේ මළගම සිදු කරනබව දන්නා නිසා හිතේ සැහැල්ලුවෙන් වෙසෙයි. අවාසනාවකට එසේ ජීවත් නොවන පිරිස තමන්ගේම මිනීවල තමා විසින්ම කපාගත යුතුව ඇත.(නදී)
අනේ! ඒ ආසාව අපි ඉෂ්ට කළ යුතුයි (නි)
කවුරු මොනවා කිවුවත් තමන් ජීවත් වුණ හැටි තමන්ගේ හිත දන්නවනේ. (නි)
අනේ! මට නම් ඇත්තටම දුක හිතුණා. (නි)
නමුත් 'සිතු දේ කවදාවත් නොම වේවි' කියලා කියනවා නේද? (නි)
ස්වාමින් වහන්සේලාත් මේ අවස්ථාවට සහභාගි වීම ගැන මම සතුටු වෙනවා (නි)
කුමක් වන්නේදැයි අපි බලා සිටිමු (නි)
තමන් විසින්ම ගත් මෙම තීරණයට මම කැමතියි (නි)
අපි ඔබතුමාගේ කැමැත්තට සුභ පතමු (නි)
මියගියාට පස්සේ දේහයට මොනවා වෙනවද කියලා කවුද දන්නේ? (නි)
තම මළකඳට ඇලුම් කරන්නා භවයේම ඇලී දුකින් දුකටම පත් වේ. (නි)
අද රටේ සමහර පුද්ගලයින් ජීවත් වුණත් මළවුන් වැනියි. (නි)
අනේ මන්දා! මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි. (නි)
දැන් දැන් අහන්න දකින්න තියෙන්නේ හරි අමුතු දේවල්... (නි)
මට නම් පෙනෙන්නේ ඔහු ගත් තීරණය නිවැරදියි කියායි. (නි)
ඔබතුමා මේ කරන දේ හරි. (නි)
ඉදිරියට සිදුවෙන දේ පිළිබඳ අපි කවුරුත් නොදනිමු. (නි)
මට නම් ඔහුගේ කැමැත්තෙහි වරදක් පෙනෙන්නේ නැහැ. (නි)
මරණින් මතු ජීවිතය ගැන හොද පාඩමක් 'නිර්සත්ත්වයෝ' ටෙලි නාට්‍යය මගින් අපට කියා දෙනවා. (නි)
ඔබගේ සිතුවිල්ල යහපත්. මම ඔහු සිතන ආකාරය ගැන සතුටු වෙනවා. (නි)
කවුරු මොනවා කිවුවත් මේක එතුමාගේ ආසාව.... (නි)
නමුත් මියයන දිනය අපි කිසිවෙකුටවත් දැනගන්න බැහැනේ.... (නි)
එක අතකින් සිතුවහම භෂ්මාවශේෂ වලින් කවර ඵලක්ද? (නි)
ඔබගේ බලාපොරොත්තු ඉටු වේවා! (නි)
මළගම ගැන එතුමා කියද්දී මට දුක හිතුණා. (නි)
මම නම් මෙවැනි දේවල් ගැන එතරම් තැකීමක් කරන්නෙ නැහැ (නි)
ඇති තෙක් ආසාව, මිනිසා යළි යළි උපදිනවා ... (නි)
එතුමා වගේ පුද්ගලයින් අද රටට අවශ්‍යයි. (නි)
අනේ,වෙලාවකට මට එතුමා ගැන දුකත් හිතෙනවා. (නි)
ඔබතුමාට යහපතක්ම වේවා ! (නි)
අනේ! මෙහෙමත් දේවල්... (නි)
ඔබේ පැතුම් එලෙසින්ම ඉටුවේවා යැයි කැළණි ජනතාව වෙනුවෙන් මම පතමි. (නි)
හදන ස්මාරකයට දමන නම මොකක්ද? (නි)
මියගිය විට කරන්න ඕනෑ දේවල් ප්‍රකාශ කරලා ක්‍රියාවට නංවනවාට වඩා ජීවත්ව සිටියදී ජනතාවට විය යුතු සේවය හරියට කරනවා නම්, ඒ සියල්ලත් ඉබේටම සිද්ධ වේවි. (නි)
" මා මල පසු සොහොන් කොතේ ........ගීයක් ලියනු මැනේ"(දිල්)
නිවන් සැප ලැබේවා (අ)
එතකොට අපි මේවා බලන්න ඕන? කියවන්න ඕන?(අ)
එතුමාගේ පර්තනවා ඉතා ඉක්මණින් ඉටු වේවා (අ)
නො දකිමි!..(අ)
කව්රු කව්රුත් මැරෙනවා කියලා දැන ගත්තොත් හොදයි (දී)
මා මල පසු සොහොන් කොතෙ දුක් ගීයක් ලියනු මැනවී (දී)
මලාට පස්සේ මොනවා කලත් මොකටද? (දී)
ජීවත් වෙල් ඉන්න ටිකේ තමයි හොදට ඉන්න ඕනේ (දී)
අපිත් මිය යන බව තේරුම් අරගෙන ජිවත් වෙනවානම් ලෝකේ ප්‍රශ්න ගොඩාක් අඩු වෙනවා (දී)
මොකද මේ මර්වින් ඇමති තුමා හිටි හැටියේ කරලියට ඇවිත් (දී)
කගේ උනත් මිනි අළු ගංගාවකට දාන එක නොකළ යුතු ක්‍රියාවක්, මිනිස්සු නානවා. වතුර බොනවා. රෙදි හෝදනවා. (දී)
මර්වින් ඇමති තුමා පුවත් මවන්න මාර දක්ෂයි (දී)
ඕවා ගැන හිතන්න තව කල් තියෙනවා ඇමති තුමා (දී)
ඔබතුමා කරලියට එන්නේ ඉදලා හිටලා ආවොත් මාසයක් විතර කතා කරන්න දෙයක් ඉතුරු කරලා තමයි යන්නේ (දී)
පිට රට මනුස්සයෙක් ගැන ලිපියක් මම කියෙවුවා ඒ මනුස්සයා තමන්ගේ මිනිය දාන්න පෙට්ටියකුත් හදල තියාගෙන ඉන්නවාලු [අපහාසයක් නොවෙයි ] (දී)
මල විකාර වැඩ (දී)
එක අතකින් බලන කොට ඇමති තුමා හරි (දී)
පාන්ශුකුලෙත් මේ ගමන්ම දුන්නා නම් හොඳයි නේ (අ)
"නාමේ නොදිරනා කුණු කය දිරනා" ඒ විදිහට වැඩ කරගන්න (දී)
මරණය කාටත් පොදු දෙයක් (දී)
ඔබේ ඔය වැඩ දිහා මුළු ලෝකයක් බලාගෙන ඉන්නවා (දී)
ඔබතුමා කරන දේවල් ඔබතුමා ගෙනියයි අපි කරන දේවල් අපි ගෙනියයි ඒ මත ලබන ආත්මය තීරණය වෙයි ඕක තමයි ලෝක වාසි ජනතාවට පොදු ධර්මතාවය (දී)
සල්ලි තිබුනත් නැතත් මැරුණට පස්සේ අපි කාටත් හිමිවන එකම තැන (දී)
ඔබතුමාගේ සේවය අපිට අවශ්‍යයි අපි කැලණියේ ජනතාව (දී)
ජනතා මතය පිරිස්සන්න හොද ක්‍රමයක් තමයි මේ අදහස් කියවන එක (දී)
නියම පුවතක් මිනිස්සුන්ගේ අදහස් කියෙවුවහම හිනාත් යනවා (දී)
මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි (දී)
ඇමති තුමාටත් හිතෙන දේවල් (දී)
ඇමති තුමා ඔබගෙන් රටට වෙන්න තව බොහෝ සේවාවන් තියෙනවා, දැම්ම ඔය ගැන හිතන්න ඕනේ නැහැ (දී)
ලංකාවේ කාලෙකට මොකාක් හෝ දෙයක් තියෙනවා කතා කරන්න (දී)
ප්‍රසිදිය ගන්න කරපු වැඩක්ද (දී)
ඔබත් සමාජයේ වෙනස් චරිතයක් (දී)
මර්වින් ඇමතිතුමා ඔබතුමාට තවම හොද නැද්ද [බල්ලා කාපු එක ] (දී)
ඇමති තුමා මේ කරන වැඩේ ලෝකේ නව ප්‍රවන තාවයක් මිනිස්සු ගොඩාක් කරනවා (දී)
ඇමති තුමා හරි අපි ඔක්කොම මැරෙන්න ආපු මිනිස්සු (දී)
ඇමැති තුමා ලෝකේ හිනස්සන්නේ නැතුව ඉන්න ඇත්තටම කියන්නේ (දී)
අපේ පිටිදුවේ හාමුදුරුවොත් වැඩම කරලා, ඔබ වහන්සේ ගොඩාක් කාලෙකට පස්සේ දැක්කේ (දී)
ඔබතුමාට දැන් හොදයි වගේ (දී)
තණ්හාව තණ්හාව මැරුණට පස්සේ මොනවා උනාම මොකද?(දී)
ඇමතිතුමා කැලණියට යන්න බයවෙන්න එපා (දී)
මලාට පස්සේ මොනවා කලත් දන්නවාද? (දී)
මේවා මතක් වෙලා තියෙන්නේ හැරමිටියෙන් යන නිසා වෙන්නැති (දී)
කාටවත් බැරිවුණාද ඇත්ත වටහල දෙන්න (අ)
අපිට නම් මැරෙන එක ප්‍රශ්නයක් නැහැ . ජීවත් වෙන එක තමා ලොකුම ප්‍රශ්නය. මෙතුමාට නම් දෙයියන්ගේ පිහිටෙන් එහෙම නැහැනේ. ඒ නිසා මැරෙන එක ප්‍රශ්නයක් කර ගෙන (අ)
ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා... ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා... (නි)
මේක කවදාහරි පුදුමාකාර අවමගුලක් වේවි නේද? (නි)
මැරුණට පස්සේ මළකුණට කරන දේවල් ගැන හිතන්නේ නැතුව, මරණින් මතු අපාගත නොවෙන විදියට ජීවිතය පවත්වා ගැනීම තමයි උතුම් වන්නේ. මිනී අළු රන් සෑයක තැබුවත් මොකටද මරණින් මතු යහපත් ආත්ම භාවයක් නොලැබුණොත්... (නි)
මැරුණට පස්සේ මළකුණට කරන දේ ජීවත්ව සිටියදී තීරණය කිරීමට මම නම් කියන්නෙ තණ්හාව කියලයි. මම මියගියාට පසු මගේ මළකුණට නම් මොනවා වුණත් මට කමක් නැහැ. (නි)
ඔබතුමා අපේ ආයුෂත් අරගෙන ඉන්න ඕනෑ. (නි)
මැරුණට පස්සේ මොනවා කළත් වැඩක් නැහැ. ජීවත්ව සිටිනාතුරු හොද දේවල් කරන්න ඕනෑ. (නි)
මියගියාට පස්සේ මට නම් මොනවා වුණත් කමක් නැහැ. (නි)
ජෝතිපාල මහත්තයා වෙන තැනකට යයිද දන්නෙ නැහැ. (නි)
ඔය මොන දේ කළත් අන්තිමට වෙන්න ඕනෑ දේ ඔවුන් කළ කී දේ වලින් තීරණය වෙලා ඇති (නි)
මිනිසුන්ගේ සිත පුදුමාකාරයි. (නි)
අපි නම් හිතුවේ නැහැ මෙතුමා මෙතරම්ම සංවේදී ඇති කියලා. (නි)
මේ වැඩේ හදවතින්ම ආව අදහසක් කියල හිතන්න අමාරුයි. (ස)
ඔය පිටිදූවේ හිමිත් ඇවිදින් ඉන්නේ. (ස)
ඇමති මවට නිවන් සැප ! (ස)
අනේ ඔබතුමාට නිවන් සුවම ලැබේවා! ලැබේවා !! ලැබේවා !!! (ස)
ඇමතිතුමා ප්‍රයෝගිකවම ධර්මයට යොමුවෙන්න. එවිට වැටහේවි, මෙවැනි වැඩ කොච්චර ගැන. (ස)
ඔබ තුමන්ට තව චිරාත් කාලයක් ජනතාවට සේවය කරන්න ලැබේවා (දී)
අනේ,මළ පසු නම් මොනවා වුණහම මොකද? (නි)
මොනවා වුණත් ඔහු හොඳ මනුස්සයෙක් (නි)
ඔබට යහපතක්ම වේවා! (නි)
අපේ ලොකු මාමත් ටිකක් වෙන්න සද්දේ බද්දේ දාගෙන තමයි ගමේ හිටියේ. පස්සේ මාමගේ තාත්තා එයාට දෙන්න තියෙන දේවල් අඩු කළා. සමහර විටෙක නොදී හිටියා. ඒ ටිකක් මාමගේ කට වැඩි නිසා හොඳේ? අපේ මාමත් සීයා වගේම කපටි රජා කියලා ආච්චි අම්මා දවසක් කියනවා මට ඇහුනා. මාමා ටිකක් නොකර සද්ද ඉඳලා ආපහු ඉන්න තැනටම ආවා කියමුකෝ? දැන් ඒ එද්දී හැර මිටියත් ඕන වුනා. මාමාට මරනානුස්පත්තිය සිහිවෙන්න පටන් ගත්තාත් කියමුකෝ? දැන් දැන් මාම පිස්සු නටනවා කියලා නැන්දා ගෙන් දෝස් මුරේ. නැන්දා කියන්නේ කලින් කල දේවල් මාමාට සිහියට ඇවිත් රෑට රෑට විතරක් නොවෙයි දවල්ටත් දොඩවනවාලු. මටනම් හරි දුක හිතෙනවා.(නදී)
මට නම් මොනවා වුණත් කමක් නැහැ,මගේ මිනියට. (නි)
මේ ආත්මයේ යන වළ ගැන හිතනවාට වැඩිය, ලබන ආත්මයේ වැටෙන්න ඉන්න වළ ගැන හිතලා කටයුතු කළොත් කාට කාටත් හොඳයි. (නි)
ඇමතිතුමනි, මොකටද දැන්මම මරණය ගැන මෙච්චර උනන්දු වෙන්නේ? (නි)
ඇමතිතුමනි, මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)
ඇමතිතුමාට බය හිතුනද දන්නේ නැහැ මැරුණට පස්සේ වළ නොදා හිටියි කියලා? (නි)
ජීවත් වෙන ටික කාලයේ හොඳින් ජීවත් වෙන්න උත්සාහ කරන්න. (නි)
මම නම් හිතන්නේ නැහැ එතුමා තමන්ගේ අවසන් ගමන ගැන දැන්ම හිතන්න අවශ්‍යයි කියලා. (නි)
අයියෝ! මට නම් පෙනෙන්නේ මේ වළ පොඩි වැඩියි කියලා. (නි)
ඔබගේ අදහස එලෙසින්ම ඉටුවේවා! (නි)
ඔය වගේ දේවල් ඉස්සර අපේ පුරාණ රජවරුත් කළා කියලා මම අහලා තිබෙනවා. (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)
රටේ වෙන ප්‍රශ්න නැතුවාද? (නි)
ඇමතිතුමා දැන්ම මැරුණට පස්සේ මිනියට කරන්න ඕනෑ දේවල් කියන්නේ බය වෙලාද දන්නෙ නැහැ නේද? (නි)
මේ කට්ටිය දන්නා ධර්මේ තරම පේනවා මේ හිස් වැඩ වලින්.. මේ හාමුදුරුවෝ රහත් කියලා පිළිගන්න මිනිසුනේ හොඳට බලන්න හිතන්න සැබෑ දහමට කන් දෙන්න. නැත්නම් ඔයාල යන ලෝකෙත් මෙහෙම පොලව යටම වෙයි.(නදී)
අනුවන අයට රාජ්‍ය බලය ලැබුනහම ඕන දෙයක් කලහැකිය.(නදී) ..
පණපිටින් ඉන්න විටත් මහපොළොව බැදගන්නවා. මියගියාමත් ඉන්න තැනක් හදාගත්තා. තණ්හා ජායති ශෝකෝ" මොනවා කරන්නද? (නදී)
මළ පසුව නම් මොනවා වුණත් මොකෝ? (නි)
බලාගෙන යනකොට ඔබ තුමාගේ කතාවෙත් වරදක් නැහැ (දී)
ඊට නරකද වෛද්‍ය විශ්ව විද්‍යාලයට දුන්නා නම්? (නි)