IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මළ පසු කළ යුතු දේ මර්වින් කියයි

තමන් මිය ගිය දිනක භෂ්මාවශේෂ තැන්පත් කළ යුතු ස්මාරකය ඉදිකිරීම මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා බොරැල්ල කනත්තේ දී අද ඇරැඹීය.

තමන් මිය ගිය පසු භෂ්මාවශේෂ වලින් කොටසක් උපන් ගම වන බෙලිඅත්තට ද, තව කොටසක් කැලණිය රජ මහා විහාරය අසලින් කැලණි ගඟේ පා කළ යුතු බවත්, අනෙක් කොටස බොරැල්ල කනත්තේ තැන්පත් කළ යුතු බවත් ඔහු තම ඥාති හිතමිතුරන්ට උපදෙස් දුන්නේය.

මීට වසර කීපයකට පෙර මිය ගිය මව වන කුසුමාවතී සිල්වා මහත්මියගේ භෂ්මාවෂේෂ ද කනත්තේ තැන්පත් කැරිණි.

ප්‍රියතම ගායක එච් ආර් ජෝතිපාලගේ ස්මාරකය අසලින් ඔහුගේ ස්මාරකය ඇත.

පිටිදූවේ සිරිධම්ම හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ කිහිප නමක් ද වැඩ සිටියහ.

 



අදහස් (0)

මළ පසු කළ යුතු දේ මර්වින් කියයි

කුමාරි Tuesday, 25 March 2014 05:27 PM

කුමක් වන්නේදැයි අපි බලා සිටිමු (නි)

:       0       0

දිලාන් Tuesday, 25 March 2014 05:27 PM

තමන් විසින්ම ගත් මෙම තීරණයට මම කැමතියි (නි)

:       0       0

සැමුවෙල් Tuesday, 25 March 2014 05:29 PM

අපි ඔබතුමාගේ කැමැත්තට සුභ පතමු (නි)

:       0       0

ජගත් සෞදි Tuesday, 25 March 2014 05:29 PM

මියගියාට පස්සේ දේහයට මොනවා වෙනවද කියලා කවුද දන්නේ? (නි)

:       0       0

පුෂ්ප - ජර්මනිය Tuesday, 01 April 2014 07:33 PM

ඊට නරකද වෛද්‍ය විශ්ව විද්‍යාලයට දුන්නා නම්? (නි)

:       0       0

ලංකාසිරි Tuesday, 25 March 2014 05:32 PM

තම මළකඳට ඇලුම් කරන්නා භවයේම ඇලී දුකින් දුකටම පත් වේ. (නි)

:       0       0

පාලිත Tuesday, 25 March 2014 05:34 PM

අද රටේ සමහර පුද්ගලයින් ජීවත් වුණත් මළවුන් වැනියි. (නි)

:       0       0

රනේ Tuesday, 25 March 2014 05:37 PM

අනේ මන්දා! මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි. (නි)

:       0       0

ආටිගල Tuesday, 25 March 2014 05:39 PM

දැන් දැන් අහන්න දකින්න තියෙන්නේ හරි අමුතු දේවල්... (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Wednesday, 26 March 2014 08:50 PM

අපේ ලොකු මාමත් ටිකක් වෙන්න සද්දේ බද්දේ දාගෙන තමයි ගමේ හිටියේ. පස්සේ මාමගේ තාත්තා එයාට දෙන්න තියෙන දේවල් අඩු කළා. සමහර විටෙක නොදී හිටියා. ඒ ටිකක් මාමගේ කට වැඩි නිසා හොඳේ? අපේ මාමත් සීයා වගේම කපටි රජා කියලා ආච්චි අම්මා දවසක් කියනවා මට ඇහුනා. මාමා ටිකක් නොකර සද්ද ඉඳලා ආපහු ඉන්න තැනටම ආවා කියමුකෝ? දැන් ඒ එද්දී හැර මිටියත් ඕන වුනා. මාමාට මරනානුස්පත්තිය සිහිවෙන්න පටන් ගත්තාත් කියමුකෝ? දැන් දැන් මාම පිස්සු නටනවා කියලා නැන්දා ගෙන් දෝස් මුරේ. නැන්දා කියන්නේ කලින් කල දේවල් මාමාට සිහියට ඇවිත් රෑට රෑට විතරක් නොවෙයි දවල්ටත් දොඩවනවාලු. මටනම් හරි දුක හිතෙනවා.(නදී)

:       0       0

ටෝනි Tuesday, 25 March 2014 05:40 PM

මට නම් පෙනෙන්නේ ඔහු ගත් තීරණය නිවැරදියි කියායි. (නි)

:       0       0

නිපුණ Tuesday, 25 March 2014 05:42 PM

ඔබතුමා මේ කරන දේ හරි. (නි)

:       0       0

පාල Tuesday, 25 March 2014 05:43 PM

ඉදිරියට සිදුවෙන දේ පිළිබ‍ඳ අපි කවුරුත් නොදනිමු. (නි)

:       0       0

වජිරා Tuesday, 25 March 2014 05:44 PM

මට නම් ඔහුගේ කැමැත්තෙහි වරදක් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

මොහාන් Monday, 31 March 2014 04:01 PM

පණපිටින් ඉන්න විටත් මහපොළොව බැදගන්නවා. මියගියාමත් ඉන්න තැනක් හදාගත්තා. තණ්හා ජායති ශෝකෝ" මොනවා කරන්නද? (නදී)

:       0       0

ගාමිණි Tuesday, 25 March 2014 05:47 PM

මරණින් මතු ජීවිතය ගැන හොද පාඩමක් 'නිර්සත්ත්වයෝ' ටෙලි නාට්‍යය මගින් අපට කියා දෙනවා. (නි)

:       0       0

සමන් Tuesday, 25 March 2014 05:47 PM

ඔබගේ සිතුවිල්ල යහපත්. මම ඔහු සිතන ආකාරය ගැන සතුටු වෙනවා. (නි)

:       0       0

බන්දුල Tuesday, 25 March 2014 05:47 PM

කවුරු මොනවා කිවුවත් මේක එතුමාගේ ආසාව.... (නි)

:       0       0

අසින්ත Tuesday, 25 March 2014 05:52 PM

නමුත් මියයන ‍දිනය අපි කිසිවෙකුටවත් දැනගන්න බැහැනේ.... (නි)

:       0       0

අහමඩ් Tuesday, 25 March 2014 05:52 PM

එක අතකින් සිතුවහම භෂ්මාවශේෂ වලින් කවර ඵලක්ද? (නි)

:       0       0

අසිත Tuesday, 25 March 2014 05:54 PM

ඔබගේ බලාපොරොත්තු ඉටු වේවා! (නි)

:       0       0

සනී Tuesday, 25 March 2014 05:54 PM

මළගම ගැන එතුමා කියද්දී මට දුක හිතුණා. (නි)

:       0       0

සීතා Tuesday, 25 March 2014 05:55 PM

මම නම් මෙවැනි දේවල් ගැන එතරම් තැකීමක් කරන්නෙ නැහැ (නි)

:       0       0

ලාරා Tuesday, 25 March 2014 06:17 PM

ඇති තෙක් ආසාව, මිනිසා යළි යළි උපදිනවා ... (නි)

:       0       0

යාමිත් Tuesday, 25 March 2014 06:24 PM

එතුමා වගේ පුද්ගලයින් අද රටට අවශ්‍යයි. (නි)

:       0       0

ජගත් Tuesday, 25 March 2014 06:43 PM

අනේ,වෙලාවකට මට එතුමා ගැන දුකත් හිතෙනවා. (නි)

:       0       0

ඔෂාන් Saturday, 29 March 2014 10:38 AM

ඇමතිතුමා දැන්ම මැරුණට පස්සේ මිනියට කරන්න ඕනෑ දේවල් කියන්නේ බය වෙලාද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

නීල් Tuesday, 25 March 2014 06:45 PM

ඔබතුමාට යහපතක්ම වේවා ! (නි)

:       0       0

අශිකා Tuesday, 25 March 2014 06:47 PM

අනේ! මෙහෙමත් දේවල්... (නි)

:       0       0

චන්න Tuesday, 25 March 2014 06:51 PM

ඔබේ පැතුම් එලෙසින්ම ඉටුවේවා යැයි කැළණි ජනතාව වෙනුවෙන් මම පතමි. (නි)

:       0       0

ආනන්ද Tuesday, 25 March 2014 07:11 PM

හදන ස්මාරකයට දමන නම මොකක්ද? (නි)

:       0       0

නෙතුමි Tuesday, 25 March 2014 07:21 PM

මියගිය විට කරන්න ඕනෑ දේවල් ප්‍රකාශ කරලා ක්‍රියාවට නංවනවාට වඩා ජීවත්ව සිටියදී ජනතාවට විය යුතු සේවය හරියට කරනවා නම්, ඒ සියල්ලත් ඉබේටම සිද්ධ වේවි. (නි)

:       0       0

පහන් Tuesday, 25 March 2014 08:56 PM

" මා මල පසු සොහොන් කොතේ ........ගීයක් ලියනු මැනේ"(දිල්)

:       0       0

ලංකන් Tuesday, 25 March 2014 09:04 PM

නිවන් සැප ලැබේවා (අ)

:       0       0

උත්තරා Tuesday, 25 March 2014 09:35 PM

එතකොට අපි මේවා බලන්න ඕන? කියවන්න ඕන?(අ)

:       0       0

පාල Tuesday, 25 March 2014 10:08 PM

එතුමාගේ පර්තනවා ඉතා ඉක්මණින් ඉටු වේවා (අ)

:       0       0

සීල Tuesday, 25 March 2014 10:12 PM

නො දකිමි!..(අ)

:       0       0

මාතිංග Tuesday, 25 March 2014 10:27 PM

කව්රු කව්රුත් මැරෙනවා කියලා දැන ගත්තොත් හොදයි (දී)

:       0       0

ආමන්ත Tuesday, 25 March 2014 10:33 PM

මා මල පසු සොහොන් කොතෙ දුක් ගීයක් ලියනු මැනවී (දී)

:       0       0

කැලුම් Tuesday, 25 March 2014 10:40 PM

මලාට පස්සේ මොනවා කලත් මොකටද? (දී)

:       0       0

මනුජ් Tuesday, 25 March 2014 10:42 PM

ජීවත් වෙල් ඉන්න ටිකේ තමයි හොදට ඉන්න ඕනේ (දී)

:       0       0

ප්‍රියදර්ශන Tuesday, 25 March 2014 10:47 PM

අපිත් මිය යන බව තේරුම් අරගෙන ජිවත් වෙනවානම් ලෝකේ ප්‍රශ්න ගොඩාක් අඩු වෙනවා (දී)

:       0       0

විදුල Thursday, 27 March 2014 12:14 AM

මට නම් මොනවා වුණත් කමක් නැහැ,මගේ මිනියට. (නි)

:       0       0

ටීනා Tuesday, 25 March 2014 10:48 PM

මොකද මේ මර්වින් ඇමති තුමා හිටි හැටියේ කරලියට ඇවිත් (දී)

:       0       0

රම්සි Thursday, 27 March 2014 12:16 AM

මේ ආත්මයේ යන වළ ගැන හිතනවාට වැඩිය, ලබන ආත්මයේ වැටෙන්න ඉන්න වළ ගැන හිතලා කටයුතු කළොත් කාට කාටත් හොඳයි. (නි)

:       0       0

එම්.සී. Thursday, 27 March 2014 12:16 AM

ඇමතිතුමනි, මොකටද දැන්මම මරණය ගැන මෙච්චර උනන්දු වෙන්නේ? (නි)

:       0       0

රොකී Thursday, 27 March 2014 12:18 AM

ඇමතිතුමනි, මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)

:       0       0

දම්මිකා Tuesday, 25 March 2014 10:49 PM

කගේ උනත් මිනි අළු ගංගාවකට දාන එක නොකළ යුතු ක්‍රියාවක්, මිනිස්සු නානවා. වතුර බොනවා. රෙදි හෝදනවා. (දී)

:       0       0

දම්මික Tuesday, 25 March 2014 10:50 PM

මර්වින් ඇමති තුමා පුවත් මවන්න මාර දක්ෂයි (දී)

:       0       0

බුද්ධික Tuesday, 25 March 2014 10:52 PM

ඕවා ගැන හිතන්න තව කල් තියෙනවා ඇමති තුමා (දී)

:       0       0

ඉෂාන්කා Tuesday, 25 March 2014 11:00 PM

ඔබතුමා කරලියට එන්නේ ඉදලා හිටලා ආවොත් මාසයක් විතර කතා කරන්න දෙයක් ඉතුරු කරලා තමයි යන්නේ (දී)

:       0       0

ගුණතිලක Tuesday, 25 March 2014 11:00 PM

පිට රට මනුස්සයෙක් ගැන ලිපියක් මම කියෙවුවා ඒ මනුස්සයා තමන්ගේ මිනිය දාන්න පෙට්ටියකුත් හදල තියාගෙන ඉන්නවාලු [අපහාසයක් නොවෙයි ] (දී)

:       0       0

රම්සි Thursday, 27 March 2014 12:50 AM

ඇමතිතුමාට බය හිතුනද දන්නේ නැහැ මැරුණට පස්සේ වළ නොදා හිටියි කියලා? (නි)

:       0       0

සමන් Tuesday, 25 March 2014 11:08 PM

මල විකාර වැඩ (දී)

:       0       0

මිලින්ද Tuesday, 25 March 2014 11:08 PM

එක අතකින් බලන කොට ඇමති තුමා හරි (දී)

:       0       0

සිංහ Friday, 28 March 2014 08:10 AM

ඔය වගේ දේවල් ඉස්සර අපේ පුරාණ රජවරුත් කළා කියලා මම අහලා තිබෙනවා. (නි)

:       0       0

ඩී උපුල් Tuesday, 25 March 2014 11:16 PM

පාන්ශුකුලෙත් මේ ගමන්ම දුන්නා නම් හොඳයි නේ (අ)

:       0       0

විජේ Tuesday, 25 March 2014 11:49 PM

"නාමේ නොදිරනා කුණු කය දිරනා" ඒ විදිහට වැඩ කරගන්න (දී)

:       0       0

දුලීකා Thursday, 27 March 2014 02:38 AM

ජීවත් වෙන ටික කාලයේ හොඳින් ජීවත් වෙන්න උත්සාහ කරන්න. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 26 March 2014 12:25 AM

මරණය කාටත් පොදු දෙයක් (දී)

:       0       0

අශාන් Thursday, 27 March 2014 03:38 AM

මම නම් හිතන්නේ නැහැ එතුමා‍ තමන්ගේ අවසන් ගමන ගැන දැන්ම හිතන්න අවශ්‍යයි කියලා. (නි)

:       0       0

බුද්ධික Wednesday, 26 March 2014 12:42 AM

ඔබේ ඔය වැඩ දිහා මුළු ලෝකයක් බලාගෙන ඉන්නවා (දී)

:       0       0

සේනානායක Wednesday, 26 March 2014 12:43 AM

ඔබතුමා කරන දේවල් ඔබතුමා ගෙනියයි අපි කරන දේවල් අපි ගෙනියයි ඒ මත ලබන ආත්මය තීරණය වෙයි ඕක තමයි ලෝක වාසි ජනතාවට පොදු ධර්මතාවය (දී)

:       0       0

සඳරු Wednesday, 26 March 2014 01:02 AM

සල්ලි තිබුනත් නැතත් මැරුණට පස්සේ අපි කාටත් හිමිවන එකම තැන (දී)

:       0       0

ජීවන්ත Wednesday, 26 March 2014 01:14 AM

ඔබතුමාගේ සේවය අපිට අවශ්‍යයි අපි කැලණියේ ජනතාව (දී)

:       0       0

පහන් Wednesday, 26 March 2014 01:21 AM

ජනතා මතය පිරිස්සන්න හොද ක්‍රමයක් තමයි මේ අදහස් කියවන එක (දී)

:       0       0

පහන් Wednesday, 26 March 2014 01:24 AM

නියම පුවතක් මිනිස්සුන්ගේ අදහස් කියෙවුවහම හිනාත් යනවා (දී)

:       0       0

විජිත Wednesday, 26 March 2014 01:31 AM

මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි (දී)

:       0       0

කේෂාන් Wednesday, 26 March 2014 01:37 AM

ඇමති තුමාටත් හිතෙන දේවල් (දී)

:       0       0

තාරක Wednesday, 26 March 2014 01:43 AM

ඇමති තුමා ඔබගෙන් රටට වෙන්න තව බොහෝ සේවාවන් තියෙනවා, දැම්ම ඔය ගැන හිතන්න ඕනේ නැහැ (දී)

:       0       0

සමරේ Wednesday, 26 March 2014 01:44 AM

ලංකාවේ කාලෙකට මොකාක් හෝ දෙයක් තියෙනවා කතා කරන්න (දී)

:       0       0

නජිත් Wednesday, 26 March 2014 01:59 AM

ප්‍රසිදිය ගන්න කරපු වැඩක්ද (දී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 26 March 2014 02:24 AM

ඔබත් සමාජයේ වෙනස් චරිතයක් (දී)

:       0       0

ජනක Wednesday, 26 March 2014 04:08 AM

මර්වින් ඇමතිතුමා ඔබතුමාට තවම හොද නැද්ද [බල්ලා කාපු එක ] (දී)

:       0       0

මානී Monday, 31 March 2014 11:26 PM

මළ පසුව නම් මොනවා වුණත් මොකෝ? (නි)

:       0       0

නාලක Wednesday, 26 March 2014 04:41 AM

ඇමති තුමා මේ කරන වැඩේ ලෝකේ නව ප්‍රවන තාවයක් මිනිස්සු ගොඩාක් කරනවා (දී)

:       0       0

ජීවන්ත Wednesday, 26 March 2014 04:47 AM

ඇමති තුමා හරි අපි ඔක්කොම මැරෙන්න ආපු මිනිස්සු (දී)

:       0       0

රණවක Wednesday, 26 March 2014 04:58 AM

ඇමැති තුමා ලෝකේ හිනස්සන්නේ නැතුව ඉන්න ඇත්තටම කියන්නේ (දී)

:       0       0

මිහිරි Saturday, 29 March 2014 12:24 AM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

දසනායක Wednesday, 26 March 2014 06:08 AM

අපේ පිටිදුවේ හාමුදුරුවොත් වැඩම කරලා, ඔබ වහන්සේ ගොඩාක් කාලෙකට පස්සේ දැක්කේ (දී)

:       0       0

සුසන්ත Wednesday, 26 March 2014 06:20 AM

ඔබතුමාට දැන් හොදයි වගේ (දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 26 March 2014 06:29 AM

තණ්හාව තණ්හාව මැරුණට පස්සේ මොනවා උනාම මොකද?(දී)

:       0       0

පෙරේරා Wednesday, 26 March 2014 06:30 AM

ඇමතිතුමා කැලණියට යන්න බයවෙන්න එපා (දී)

:       0       0

ප්‍රසන්න Wednesday, 26 March 2014 06:31 AM

මලාට පස්සේ මොනවා කලත් දන්නවාද? (දී)

:       0       0

රෝහණ Wednesday, 26 March 2014 06:33 AM

මේවා මතක් වෙලා තියෙන්නේ හැරමිටියෙන් යන නිසා වෙන්නැති (දී)

:       0       0

පෙරේරා Wednesday, 26 March 2014 06:35 AM

කාටවත් බැරිවුණාද ඇත්ත වටහල දෙන්න (අ)

:       0       0

දාස් Wednesday, 26 March 2014 06:39 AM

අපිට නම් මැරෙන එක ප්‍රශ්නයක් නැහැ . ජීවත් වෙන එක තමා ලොකුම ප්‍රශ්නය. මෙතුමාට නම් දෙයියන්ගේ පිහිටෙන් එහෙම නැහැනේ. ඒ නිසා මැරෙන එක ප්‍රශ්නයක් කර ගෙන (අ)

:       0       0

තිලකසිරි Wednesday, 26 March 2014 06:26 PM

ඔබ තුමන්ට තව චිරාත් කාලයක් ජනතාවට සේවය කරන්න ලැබේවා (දී)

:       0       0

රකිත් Wednesday, 26 March 2014 07:26 AM

ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා... ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා... (නි)

:       0       0

නෙල්සන් Wednesday, 26 March 2014 07:30 AM

මේක කවදාහරි පුදුමාකාර අවමගුලක් වේවි නේද? (නි)

:       0       0

කිත්සිරි Wednesday, 26 March 2014 07:31 AM

මැරුණට පස්සේ මළකුණට කරන දේවල් ගැන හිතන්නේ නැතුව, මරණින් මතු අපාගත නොවෙන විදියට ජීවිතය පවත්වා ගැනීම තමයි උතුම් වන්නේ. මිනී අළු රන් සෑයක තැබුවත් මොකටද මරණින් මතු යහපත් ආත්ම භාවයක් නොලැබුණොත්... (නි)

:       0       0

රෙක්ස් Saturday, 29 March 2014 04:45 AM

රටේ වෙන ප්‍රශ්න නැතුවාද? (නි)

:       0       0

ග්‍රිෂාණි Wednesday, 26 March 2014 07:39 AM

මැරුණට පස්සේ මළකුණට කරන දේ ජීවත්ව සිටියදී තීරණය කිරීමට මම නම් කියන්නෙ තණ්හාව කියලයි. මම මියගියාට පසු මගේ මළකුණට නම් මොනවා වුණත් මට කමක් නැහැ. (නි)

:       0       0

චන්දි Wednesday, 26 March 2014 07:45 AM

ඔබතුමා අපේ ආයුෂත් අරගෙන ඉන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 25 March 2014 04:06 PM

ලගදීම මේ වල වහල දානවද? ඔක්කොම භෂ්මාවශේෂ ටික බෙලි අත්තට ගෙනිච්චත් කමක් නැහැ කියල මිනිස්සු කියනවලු.(නදී)

:       0       0

පද්මසිරි Wednesday, 26 March 2014 07:47 AM

මැරුණට පස්සේ මොනවා කළත් වැඩක් නැහැ. ජීවත්ව සිටිනාතුරු හොද දේවල් කරන්න ඕනෑ. (නි)

:       0       0

ජානක Tuesday, 25 March 2014 04:06 PM

අපෙන් ඡන්දෙ අරගෙන අපිට සේවය කරන අපුරුව.(නදී)

:       0       0

සුනිල් විමලසුරිය Tuesday, 25 March 2014 04:10 PM

ලඟදිම මැරෙනවද ? (නදී)

:       0       0

ජානක Tuesday, 25 March 2014 04:11 PM

අනේ මෙහෙමත් දේවල්. මැරිලා ගිහින් ඉපදෙන / ප්‍රාණබූත වෙන්නේ කොහෙද කියල බලන්න ඕනේ.(නදී)

:       0       0

රීසා Wednesday, 26 March 2014 07:03 PM

අනේ,මළ පසු නම් මොනවා වුණහම මොකද? (නි)

:       0       0

රම්සි Thursday, 27 March 2014 09:31 PM

අයියෝ! මට නම් පෙනෙන්නේ මේ වළ පොඩි වැඩියි කියලා. (නි)

:       0       0

රජින්ද Tuesday, 25 March 2014 04:11 PM

යමෙක් හොදින් ජීවත් වේද ඔහු මළ පසු සියල්ලෝම ශෝකයෙන් යුතුව උපන් භක්ත්‍යාදරයෙන් ඔහුගේ මළගම සිදු කරනබව දන්නා නිසා හිතේ සැහැල්ලුවෙන් වෙසෙයි. අවාසනාවකට එසේ ජීවත් නොවන පිරිස තමන්ගේම මිනීවල තමා විසින්ම කපාගත යුතුව ඇත.(නදී)

:       0       0

අප්පු Tuesday, 25 March 2014 04:13 PM

ඉතා හොඳ දෙයක්. අනෙකුත් අයටත් හොඳ ආදර්ශයක්. මේ වගේ ආචාර්ය වරුන් දෙන්නේ.(නදී)

:       0       0

චමීර Wednesday, 26 March 2014 08:01 AM

මියගියාට පස්සේ මට නම් මොනවා වුණත් කමක් නැහැ. (නි)

:       0       0

විදූ Thursday, 27 March 2014 09:35 PM

ඔබගේ අදහස එලෙසින්ම ඉටුවේවා! (නි)

:       0       0

රෝහණ Tuesday, 01 April 2014 02:55 AM

බලාගෙන යනකොට ඔබ තුමාගේ කතාවෙත් වරදක් නැහැ (දී)

:       0       0

මුදිත Tuesday, 25 March 2014 04:20 PM

රජින්ද ඔබේ කටේ මසුරන් දාන්න වටිනවා.(නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 26 March 2014 08:04 AM

ජෝතිපාල මහත්තයා වෙන තැනකට යයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ලලිත් Wednesday, 26 March 2014 08:07 AM

ඔය මොන දේ කළත් අන්තිමට වෙන්න ඕනෑ දේ ඔවුන් කළ කී දේ වලින් තීරණය වෙලා ඇති (නි)

:       0       0

චන්දි Tuesday, 25 March 2014 04:30 PM

ඇත්ත රජින්ද. මම ඔය කතාව අපේ මහත්තයටත් කිව්වා.(නදී)

:       0       0

රත්න Wednesday, 26 March 2014 08:16 AM

මිනිසුන්ගේ සිත පුදුමාකාරයි. (නි)

:       0       0

සුවි Saturday, 29 March 2014 04:58 PM

මේ කට්ටිය දන්නා ධර්මේ තරම පේනවා මේ හිස් වැඩ වලින්.. මේ හාමුදුරුවෝ රහත් කියලා පිළිගන්න මිනිසුනේ හොඳට බලන්න හිතන්න සැබෑ දහමට කන් දෙන්න. නැත්නම් ඔයාල යන ලෝකෙත් මෙහෙම පොලව යටම වෙයි.(නදී)

:       0       0

ඩොනල්ඩ් Tuesday, 25 March 2014 04:33 PM

පිස්සු නැත්නම් හොඳයි.(නදී)

:       0       0

ඉෂාන්ත Wednesday, 26 March 2014 08:16 AM

අපි නම් හිතුවේ නැහැ මෙතුමා මෙතරම්ම සංවේදී ඇති කියලා. (නි)

:       0       0

සුජීව Tuesday, 25 March 2014 04:42 PM

අනේ මෙහෙම අයනේ අපට නායකත්වය දෙන්නේ. අර ගුවන් යානයේ ගිය අයගේ මිනී වලවල් හදල තිබුනේ කොහෙද මන්දා ? (නදී)

:       0       0

සේන Tuesday, 25 March 2014 04:47 PM

මෙතුමා මළගම සැලසුම් කරන්නේ මොකද? (නදී)

:       0       0

නිර්මල Wednesday, 26 March 2014 08:47 AM

මේ වැඩේ හදවතින්ම ආව අදහසක් කියල හිතන්න අමාරුයි. (ස)

:       0       0

සරා Wednesday, 26 March 2014 07:46 PM

මොනවා වුණත් ඔහු හොඳ මනුස්සයෙක් (නි)

:       0       0

අසන්ත Wednesday, 26 March 2014 07:48 PM

ඔබට යහපතක්ම වේවා! (නි)

:       0       0

ස්ටැන්ලි Tuesday, 25 March 2014 04:50 PM

කොටියෙක් කාලා මළොත් මොකද කරන්නේ ? රජින්ද්‍ර හොඳම විදිහට ලියල තියෙනවා! (නදී)

:       0       0

සෙන්සා Wednesday, 26 March 2014 08:49 AM

ඔය පිටිදූවේ හිමිත් ඇවිදින් ඉන්නේ. (ස)

:       0       0

උ.හ.ජයවීර. Monday, 31 March 2014 03:04 PM

අනුවන අයට රාජ්‍ය බලය ලැබුනහම ඕන දෙයක් කලහැකිය.(නදී) ..

:       0       0

කුමාරි Tuesday, 25 March 2014 05:05 PM

රන් විමනේ සිටි මුත් දුක නැති වෙත්ද.......? පැණි මියේ කෑ මුත් බඩ ගිනි නැද්ද.....? මිනි බරණින් සැරි මුත් ගත නොදිරත්ද ......? පැණි වරකා ගහටත් හෙන නොවදිත්ද......? (නදී)

:       0       0

අරුණ Tuesday, 25 March 2014 05:10 PM

මරු කියවනවද දන්නේ නැහැ මොකද මැරෙන්න ලංවෙද්දි සාමාන්‍යයෙන් මිනිස්සු මේවගේ ඒවා කරනවා කියනවනේ.(නදී)

:       0       0

උපාලි රන්ජිත් අරුප්පොල Wednesday, 26 March 2014 09:10 AM

ඇමති මවට නිවන් සැප ! (ස)

:       0       0

රණතුංග Tuesday, 25 March 2014 05:11 PM

අයි මෙච්චර ඉක්මනට ? ලගදි වීසා එනවා කියලා දැනුනද ? (නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ මෙල්බෝරන් Tuesday, 25 March 2014 05:11 PM

මිනී වලක මා යට කර තබන දින - වැහි නැති අකුණු පුපුරයි ඒ වලට පැන...// (නදී)

:       0       0

ලක්මල් Tuesday, 25 March 2014 05:13 PM

යමෙක් හොදින් ජීවත් වේද ඔහු මළ පසු සියල්ලෝම ශෝකයෙන් යුතුව උපන් භක්ත්‍යාදරයෙන් ඔහුගේ මළගම සිදු කරනබව දන්නා නිසා හිතේ සැහැල්ලුවෙන් වෙසෙයි. අවාසනාවකට එසේ ජීවත් නොවන පිරිස තමන්ගේම මිනීවල තමා විසින්ම කපාගත යුතුව ඇත.(නදී)

:       0       0

සේරම් Wednesday, 26 March 2014 09:32 AM

අනේ ඔබතුමාට නිවන් සුවම ලැබේවා! ලැබේවා !! ලැබේවා !!! (ස)

:       0       0

යසිත් Tuesday, 25 March 2014 05:17 PM

අනේ! ඒ ආසාව අපි ඉෂ්ට කළ යුතුයි (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 25 March 2014 05:18 PM

කවුරු මොනවා කිවුවත් තමන් ජීවත් වුණ හැටි තමන්ගේ හිත දන්නවනේ. (නි)

:       0       0

රන්ජන් Wednesday, 26 March 2014 09:36 AM

ඇමතිතුමා ප්‍රයෝගිකවම ධර්මයට යොමුවෙන්න. එවිට වැටහේවි, මෙවැනි වැඩ කොච්චර ගැන. (ස)

:       0       0

සමරතුංග Tuesday, 25 March 2014 05:25 PM

අනේ! මට නම් ඇත්තටම දුක හිතුණා. (නි)

:       0       0

සංජීව Tuesday, 25 March 2014 05:26 PM

නමුත් 'සිතු දේ කවදාවත් නොම වේවි' කියලා කියනවා නේද? (නි)

:       0       0

සමරතුංග Tuesday, 25 March 2014 05:26 PM

ස්වාමින් වහන්සේලාත් මේ අවස්ථාවට සහභාගි වීම ගැන මම සතුටු වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 132 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 64 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 561 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 493 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3340 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 147 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22079 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21925 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 347 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site