ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් සරණාගතයකු ලෙස පදිංචි වීමට ගොස් ගිනි තබාගෙන මිය ගිය ශ්‍රී ලාංකිකයාගේ (29) මළගමට යෑම සඳහා ඔහුගේ සහෝදරයාට ඕස්ට්‍රේලියාවෙන් වීසා ප්‍රතික්ෂේප විය.
එල් සීමන් පිල්ලේ නම් මෙම ශ්‍රී ලාංකිකයා මේ මාසයේ මුළ දී මරුමුවට පත් විය.
ඔහුගේ අවමඟුල බදාදාට නියමිතය.
ඔහුගේ සිරුර ශ්‍රී ලංකාවට හෝ ඉන්දියාවට එවීමට ඕස්ට්‍රේලියාව ගත් උත්සාහයට ද ඔහුගේ නෑයෝ එකඟ නොවූහ. එසේ කිරීමෙන් තම දුක ද වැඩි වී, තමන් ඉලක්ක වෙතියි ඔවුහු කීහ.
රැකියාවක් ද නැති ඉතිරි කළ මුදලක් ද නැති ඔහුගේ සහෝදරයා මළගමට එන්නේ අවංක චේතනාවෙන් නොවන බව ඕස්ට්‍රේලියාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු! (නි)
මිනිය ලංකාවට රජයේ වියදමින් එවන්න ඔස්ට්‍රේලියා රජය ඇහුවාම නෑදෑයෝ එපා කිව්වා.(නදී)
මට නම් පේන්නේ ගයාන්ට අමු කැවිලද කොහෙද. (නදී)
කරන්න හදල තියෙන්නේ කපටිකමක් ද? මිනිය ලංකාවට ගෙන්න ගෙන ආදාහනය කරන්න පුලුවන්නේ. (නදී)
මා දන්නා පරිදි ඕස්ට්‍රේලියා ආණ්ඩුවෙන් ඉල්ලුවා නම් ඉතාමත් වැදගත් විදියට මළ සිරුර අවශ්‍ය තැනකට ගුවනින් එවනවා. මට හිතාගන්න බැහැ ඇයි නෑදෑයෝ එම අදහසට එකඟ වුණේ නැත්තේ කියලා. කණගාටුයි තමයි, නමුත් සත්‍යය ඕකයි. (නි)
ඕස්ට්‍රේලියාව නියමයිනේ! (නි)
සාම, දිව්‍ය ලෝකයටත් දැන් නිකන් යන්න බැහැ, වීසා ඕනෑ. (නි)
මියගිය පුද්ගලයාගේ සිරුර ලබා ගැනීමට අකමැති වුණේ ඇයි? එයින් අපිට බොහෝ දේ සිතාගන්න පුලුවන් (නි)
ඕස්ට්‍රේලියාව එක්ක නම් ටිකක් අමාරුයි වගේ නේද? ඉසුරන්දි, ඔයා හරි. (නි)
ඕස්ට්‍රේලියාව එක්ක නම් ලේසි නැහැ පුතේ. දැන් ඔවුන් ටික ටික සැබෑ තත්ත්වය තේරුම් ගන්නවා. මගේ අදහස නම් මේ තීන්දුව පංකාදුයි. නමුත් මම පෞද්ගලිකව ඉතා කණගාටු වෙනවා මේ මරණය ගැන. (නි)
ඒ වුණාට මියගිය කෙනා ගැන නම් ඇත්තටම දුකයි (නි)
අවමඟුලට සහභාගිවීමට අවශ්‍ය නම් ,ඕස්ට්‍රේලියානු රජය මඟින් දේහය ලංකාවට හෝ ඉන්දියාවට ගෙන්වාගෙන අවසන් කටයුතු කිරීමට හැකියාව තිබුනානේ. දැන් තිබෙන ඕස්ට්‍රේලියානු රජය මෝඩ නැහැ.රජය දැන් ටික ටික බැටළුවන් සහ වෘකයින්ව හඳුනා ගනිමින් සිටිනවා. (නි)
හොඳ තීන්දුවක් ! (දී)
ඕස්ට්‍රේලියාවට ජය වේවා! (නි)
ඕස්ට්‍රේලියාව රවට්ටන්න ලේසි නැහැ (නි)
ඔස්ට්‍රලියව දිවිය ලෝකයක් කියල හිතන අයට හොද පාඩමක්. (අ)
ඉසුරන්දි. දැන්වත් අමු කන එක නවත්තන්න මචන්. (අ)
ඔස්ට්‍රේලියාව ගොනාට අන්දන්න නම් අමාරුයි. දැන් කාටවත් කිසිම බුරුලක් නැහැ. ඒකෙන් මේකෙන් වුනේ ඇත්තටම පිහිටක් අවශ්‍ය සරනාගතයන්ටත් උදව් නොලැබීම. (නදී)
මේ ප්‍රශ්නය තේරුම් ගත් එකම රට ඔස්ට්‍රේලියාව විතරයි. ඔවුනට හොඳ අවබෝධයක් තිබෙනවා මේ 'කලාව' සම්බන්ධයෙන්. අනිත් රට වලට නම්,...ජාත්‍යන්තර මාධ්‍ය වලින් හොඳින් ඔපවත් කරන ලද 'මානුෂික අයිතීන් උල්ලංඝනය' යන සංයෝගය (ප්‍රධාන වශයෙන්) ඉතා හොඳින් යොදා ගන්නවා,මේ අරමුණු වෙනුවෙන්. (නදී)
ගියා නම් එයත් සරණාගත විසා ඉල්ලා කලබලයක් කරාවි . සාදාරන තීන්දුවක් (දී)
අපේ මිනිස්සු රැවැට්ටුව වගේ ඒ මිනිසුන්වත් රවට්ටන්න හිතුව මදි පුතෝ.(දී)
අනේ මෙහෙමත් සහෝදරයෝ, මිණීයත් එපාලු, යන්නේ අහවල් දේකටද ? කපටි මිනිස්සු .. (දී)
පව්ලම ගොඩදාන්න මේ ක්‍රමයත් වරදක් නැහැ අර කණ්ඩායමට ආදායමකුත් එනවනේ (දී)