IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


මළගමට යන්න වීසා නොලැබේ

ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් සරණාගතයකු ලෙස පදිංචි වීමට ගොස් ගිනි තබාගෙන මිය ගිය ශ්‍රී ලාංකිකයාගේ (29) මළගමට යෑම සඳහා ඔහුගේ සහෝදරයාට ඕස්ට්‍රේලියාවෙන් වීසා ප්‍රතික්ෂේප විය.

එල් සීමන් පිල්ලේ නම් මෙම ශ්‍රී ලාංකිකයා මේ මාසයේ මුළ දී මරුමුවට පත් විය.

ඔහුගේ අවමඟුල බදාදාට නියමිතය.

ඔහුගේ සිරුර ශ්‍රී ලංකාවට හෝ ඉන්දියාවට එවීමට ඕස්ට්‍රේලියාව ගත් උත්සාහයට ද ඔහුගේ නෑයෝ එකඟ නොවූහ. එසේ කිරීමෙන් තම දුක ද වැඩි වී, තමන් ඉලක්ක වෙතියි ඔවුහු කීහ.

රැකියාවක් ද නැති ඉතිරි කළ මුදලක් ද නැති ඔහුගේ සහෝදරයා මළගමට එන්නේ අවංක චේතනාවෙන් නොවන බව ඕස්ට්‍රේලියාව කියයි.

 



අදහස් (0)

මළගමට යන්න වීසා නොලැබේ

නිලංග Tuesday, 17 June 2014 07:49 PM

ඔස්ට්‍රේලියාව ගොනාට අන්දන්න නම් අමාරුයි. දැන් කාටවත් කිසිම බුරුලක් නැහැ. ඒකෙන් මේකෙන් වුනේ ඇත්තටම පිහිටක් අවශ්‍ය සරනාගතයන්ටත් උදව් නොලැබීම. (නදී)

:       0       0

තරිඳු Wednesday, 18 June 2014 02:13 PM

මිනිය ලංකාවට රජයේ වියදමින් එවන්න ඔස්ට්‍රේලියා රජය ඇහුවාම නෑදෑයෝ එපා කිව්වා.(නදී)

:       0       0

ගයාන් Tuesday, 17 June 2014 08:22 PM

ඉසුරන්දි. දැන්වත් අමු කන එක නවත්තන්න මචන්. (අ)

:       0       0

කමනි Wednesday, 18 June 2014 09:25 AM

කරන්න හදල තියෙන්නේ කපටිකමක් ද? මිනිය ලංකාවට ගෙන්න ගෙන ආදාහනය කරන්න පුලුවන්නේ. (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 June 2014 09:35 AM

මට නම් පේන්නේ ගයාන්ට අමු කැවිලද කොහෙද. (නදී)

:       0       0

සාම Tuesday, 17 June 2014 08:58 PM

ඔස්ට්‍රලියව දිවිය ලෝකයක් කියල හිතන අයට හොද පාඩමක්. (අ)

:       0       0

කෙවින් Tuesday, 17 June 2014 09:20 PM

ඕස්ට්‍රේලියාව රවට්ටන්න ලේසි නැහැ (නි)

:       0       0

ටෙරාන් Tuesday, 17 June 2014 09:20 PM

ඕස්ට්‍රේලියාවට ජය වේවා! (නි)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 17 June 2014 10:30 PM

අනේ පවු! (නි)

:       0       0

ලලිත් Tuesday, 17 June 2014 05:53 PM

හොඳ තීන්දුවක් ! (දී)

:       0       0

ට්‍රෝන් Tuesday, 17 June 2014 06:09 PM

පව්ලම ගොඩදාන්න මේ ක්‍රමයත් වරදක් නැහැ අර කණ්ඩායමට ආදායමකුත් එනවනේ (දී)

:       0       0

රවී Wednesday, 18 June 2014 03:55 AM

අවමඟුලට සහභාගිවීමට අවශ්‍ය නම් ,ඕස්ට්‍රේලියානු රජය මඟින් දේහය ලංකාවට හෝ ඉන්දියාවට ගෙන්වාගෙන අවසන් කටයුතු කිරීමට හැකියාව තිබුනානේ. දැන් තිබෙන ඕස්ට්‍රේලියානු රජය මෝඩ නැහැ.රජය දැන් ටික ටික බැටළුවන් සහ වෘකයින්ව හඳුනා ගනිමින් සිටිනවා. (නි)

:       0       0

සලීත් Wednesday, 18 June 2014 04:26 AM

ඒ වුණාට මියගිය කෙනා ගැන නම් ඇත්තටම දුකයි (නි)

:       0       0

නිලංග Wednesday, 18 June 2014 04:38 AM

ඕස්ට්‍රේලියාව එක්ක නම් ලේසි නැහැ පුතේ. දැන් ඔවුන් ටික ටික සැබෑ තත්ත්වය තේරුම් ගන්නවා. මගේ අදහස නම් මේ තීන්දුව පංකාදුයි. නමුත් මම පෞද්ගලිකව ඉතා කණගාටු වෙනවා මේ මරණය ගැන. (නි)

:       0       0

මහිලාල් Wednesday, 18 June 2014 04:52 AM

ඕස්ට්‍රේලියාව එක්ක නම් ටිකක් අමාරුයි වගේ නේද? ඉසුරන්දි, ඔයා හරි. (නි)

:       0       0

සේනානායක Tuesday, 17 June 2014 06:36 PM

අනේ මෙහෙමත් සහෝදරයෝ, මිණීයත් එපාලු, යන්නේ අහවල් දේකටද ? කපටි මිනිස්සු .. (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 June 2014 06:36 PM

අපේ මිනිස්සු රැවැට්ටුව වගේ ඒ මිනිසුන්වත් රවට්ටන්න හිතුව මදි පුතෝ.(දී)

:       0       0

ලුම්බිණි Wednesday, 18 June 2014 05:52 AM

මියගිය පුද්ගලයාගේ සිරුර ලබා ගැනීමට අකමැති වුණේ ඇයි? එයින් අපිට බොහෝ දේ සිතාගන්න පුලුවන් (නි)

:       0       0

දර්ශන Wednesday, 18 June 2014 06:01 AM

සාම, දිව්‍ය ලෝකයටත් දැන් නිකන් යන්න බැහැ, වීසා ඕනෑ. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Tuesday, 17 June 2014 06:45 PM

ගියා නම් එයත් සරණාගත විසා ඉල්ලා කලබලයක් කරාවි . සාදාරන තීන්දුවක් (දී)

:       0       0

සෑම් Wednesday, 18 June 2014 06:19 AM

ඕස්ට්‍රේලියාව නියමයිනේ! (නි)

:       0       0

පුෂ්පා Wednesday, 18 June 2014 06:34 AM

මා දන්නා පරිදි ඕස්ට්‍රේලියා ආණ්ඩුවෙන් ඉල්ලුවා නම් ඉතාමත් වැදගත් විදියට මළ සිරුර අවශ්‍ය තැනකට ගුවනින් එවනවා. මට හිතාගන්න බැහැ ඇයි නෑදෑයෝ එම අදහසට එකඟ වුණේ නැත්තේ කියලා. කණගාටුයි තමයි, නමුත් සත්‍යය ඕකයි. (නි)

:       0       0

ගැමුණු Tuesday, 17 June 2014 07:42 PM

මේ ප්‍රශ්නය තේරුම් ගත් එකම රට ඔස්ට්‍රේලියාව විතරයි. ඔවුනට හොඳ අවබෝධයක් තිබෙනවා මේ 'කලාව' සම්බන්ධයෙන්. අනිත් රට වලට නම්,...ජාත්‍යන්තර මාධ්‍ය වලින් හොඳින් ඔපවත් කරන ලද 'මානුෂික අයිතීන් උල්ලංඝනය' යන සංයෝගය (ප්‍රධාන වශයෙන්) ඉතා හොඳින් යොදා ගන්නවා,මේ අරමුණු වෙනුවෙන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2132 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1383 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2200 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 542 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3116 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24487 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site