IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


මීළඟ පොලිස්පති පුටුවට කාටද?


(සුජිත් හේවාජුලිගේ )
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් පහකිරීමේ යෝජනාව ඉදිරිපත් වීමත් සමඟම එම ධූරය සඳහා  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු   අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

දැනට වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක( පරිපාලන),සංජීව මැදවත්ත , රන්මල් කොඩි තුවක්කු, සංජීව ධර්මරත්න, කිත්සිරි ජයලත් සහ එම්ජීආර් එස් දමින්ද යන නිලධාරීන් පොලිස්පති ධූරය සඳහා යෝජනා වී ඇති බව  දැනගන්නට ඇත.

මීළඟට පත්වීමට නියමිතව ඇත්තේ මෙරටදී 37 වැනි පොලිස්පතිවරයාය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් ඔහු අනිවාර්යයෙන්ම එම ධූරයෙන් ඉවත් කෙරෙනු ඇත. අනතුරුව මීළඟට පත් කෙරෙන පොලිස්පතිවරයා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කෙරෙනු ඇතැයි  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මීළඟ පොලිස්පති ධූරය සඳහා චෝදනාවලින් තොර කාර්යක්ෂම අත්දැකීම් සහිත නිලධාරියකු පත් කිරීම ජාතික ජන බලවේග රජය බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ඇත.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඇතුළු  පාර්ශව කරුවන් නව දෙනෙකු  ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාගේ  සේවා කටයුතු අත්හිටුවමින් පසුගිය වසරේ ජූලි මස 24 වැනිදා නියෝගයක් නිකුත් කළේය.

මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි.

ඔහු රඳවා සිටින්නේ මහනුවර දුම්බර බන්ධනාගාරයේය. පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා සේවයෙන් පහ කිරීමේ යෝජනාව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 115  දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පසුගියදා බාරදෙනු ලැබීය.

විෂමාචාර සහ දූෂණ, ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කිරීම, රාජකාරිය පැහැර හැරීම සහ  පක්ෂග්‍රාහීව කටයුතු කිරීම යන චෝදනා හතර  පදනම් කරගෙන මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. මෙම යෝජනාවට සහාය පළ කිරීමට සමගි ජන බලවේගය දැනටමත් තීරණය කර ඇත. මේ අනුව එම යෝජනාව සම්මත කිරීමට අවශ්‍ය බහුතරය ස්ථීරයෙන්ම ලැබෙනු ඇතැයි
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (16)

මීළඟ පොලිස්පති පුටුවට කාටද?

I.d ajith kumar Friday, 28 March 2025 09:15 AM

දැන් ඉන්න වැඩ බලන පොලිස්පති තුමා හැම අතින්ම සුදුසයි එතුමාව නව පොලිස්පති ලෙස පත් කල යුතුයි

:       5       39

බකල ජයා Friday, 28 March 2025 09:16 AM

මටනං එපා.

:       8       15

ජිල්බු Friday, 28 March 2025 11:12 AM

මමනං යෝජනා උනොත් සලකල බලනවා. දැනටමත් ගෙදර සහ සමාගමේ කිචන් හෙල්පර් සුදුසුකම තියෙනවා.

:       1       12

බකල ජයාFriday, 28 March 2025 12:14 PM

මම කිව්වෙ පුටුව ගැන. ගෙදර ඉඩ නෑ.

:       0       11

S. Udda Friday, 28 March 2025 09:35 AM

(1) චෝදනාවලින් තොර​, (2) කාර්‍යක්ශම​, (3) අත්දැකීම් සහිත​. මේ තුනම තියෙන එක්කෙනෙක් හොයනවා කියන්නේ, උගත්, රූමත්, චරිතවත්, අපිට හරියන කුලයක​, ගෙයක් සහිත මනමාලියෙක් හෝ උගත්, චරිතවත්, අපිට හරියන කුලයක​, අපි හොයන විදිහේ ආදායම් සහිත මනමාලයෙක් හොයනවා වගේ වැඩක් වෙයිද​? තුනෙන් දෙකක්වත් තියෙන එකෙක් ඉන්නවාද​.

:       0       12

අරවින්ද මොණරවිල Friday, 28 March 2025 09:45 AM

ආයේ තරග නැහැ දැනට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා අනිවාර්යයෙන්ම පත් කරනවා ඇත. ඔහු දැනට ඉන්න හොදම සුදුස්සා ඔහුයි. අනික් හැමෝටම විවිධ චෝදනා තියෙනවා. ඒ නිසා තරග තියෙන්න විදිහක් නැහැ.

:       5       32

sudathFriday, 28 March 2025 11:35 AM

අරවින්ද ඔයාගේ අදහසට මම එකඟයි මොකද ප්‍රියන්ත කියන්නේ අවංක හා මහත්මාගති ඇති කෙනෙක්. ඒවගේම පතිනායකට පසුව ඉන්න ජ්‍යෙෂ්ඨතම නිලධාරියා .එයාව පොලිස්පති ලෙස පත්කිරීම කිසි වරදක් නැහැ . හැබැයි ඔයා කියන විධිහට ඔතන ඉන්න අනිත් හැමකෙනාටම චෝදනා නැහැ. චෝදනා ඇත්තේ සමහරුන්ට පමණයි. ඔතන ප්‍රියන්ත වගේම දක්ෂ හා අවංක නිලධාරීන් ඉන්න බව ඔයා දන්නේ නැහැ .

:       3       7

රම්බොඩ Friday, 28 March 2025 10:26 AM

මාලිමාවට කඩේ යන කෙනා. ඒකනෙ මේ කරන්නෙ.

:       32       11

කෞෂිFriday, 28 March 2025 12:17 PM

ඕගොල්ලන්ගේ පුරුදු ගැනද කියවන්නේ මේ? ඒත් ඉතිං දැන් වෙන ආණ්ඩුවක්නෙ තියෙන්නේ!

:       4       8

සොරිසේන Saturday, 29 March 2025 08:17 AM

රබ්බඩ, කලින් හිටපු මැදමුලනේ මැරයා කුලියට මිණී මරනකොට ඔයා හිටියේ ඩෝප් දාලාද?

:       1       1

D P P Prasad Friday, 28 March 2025 10:41 AM

පොලීසියේ අවංකම නිලධාරින්‍ නැත කාගේ කාගේත්‍ කිල්‍ලොටවල හුණු ටික ටික තිබේ තවද පොලිස්‍ නිලධාරින්‍ගේ අවංකභාවය මැනීමට නිසි මිනූම්‍ දණ්‍ඩක්‍ද නොමැත එහෙත්‍ කිසිදු දේශපාලුවෙකුට යන්‍තම්‍ හෝ කඩෙ නොගිය චරිත පොලීසිය තුල සිටීද සමහර උසස්‍ නිලධාරින්‍ පාතාල මත්‍ජාවරම්‍කරුවන්‍ට ලෙන්‍ගතුව සිටින බවද කවුරුත්‍ දන්‍නා කරුණකි දැනට වැඩ බලන පොලිස්‍පති ප්‍රියන්‍ත වීරසුරියට එරෙහිව විශේෂ චෝදනා නොමැති නිසා ස්‍ථිර පොලිස්‍පති තනතුර ලබාදීම වරදක්‍ නැත එහෙත්‍ පොලිස්‍ නිලධාරින්‍ගෙ වැරදි නොමනා හැසිරීම්‍ සංතෝෂම්‍ වලට තිබෙන ගිජූකම පිළිබද සොයාබැලීමට ඉදිරියේදි නව විමරශණ පොලිස්‍ ඒකකයක්‍ පිහිටුවීම අනිවාරයෙන්‍ම සිදුවිය යුතුය

:       3       18

ගුණරත්න Friday, 28 March 2025 11:18 AM

ඡන්දය කාලේ රනිල්ලාට ගහපු පොලිස්සියේ උතුමාවම පත්කරයිද? මොකෝ උන්නැහේ කරපු දේ විස්මය ජනකයි, ප්‍රහාරය ගැන වාර්තාව ඇවිල්ලා තියෙද්දී දවස් ගානක් යනකම් එක ඇල්ලුවෙත් නැහැ, පියවරක් ගත්තෙත් නැහැ, එත් සුදනා වෙලා ඒ සම්බන්ධයෙන් වගකීමක් නැති දේශපාලකයන්ට ගැහුවා.

:       8       3

sakra Friday, 28 March 2025 11:40 AM

මෙතන පොලිසියේ අයගේ අවංක කම් ගැන කතාකරන අයගෙන් කීදෙනෙක් බීලා වාහනය පදවලා කරලා තියෙනවද ? එහෙම නැත්නම් අධික වේගයෙන් ගිහින් තියෙනවද ? රජයේ නිල වාහනය අයුතු ලෙස පරිහරණය කරලා තියෙනවද ?

:       0       10

ජිල්බු Friday, 28 March 2025 02:14 PM

ඔයත් එක්කද ගණං ගන්න ඕන?

:       2       5

upali Saturday, 29 March 2025 01:40 PM

කෝ... අජිත් රෝහණ මහතා...?

:       0       0

Sasanka Saturday, 29 March 2025 04:10 PM

කව්ද ඉතින් තඹුත්තේගම පච මෝලට කඩේ යන එක්කෙනෙක් තමයි පත්වෙන්නේ. ලංකාව ජේපී කරණය කරන එකනේ කරන්නේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගිනි ගත් අනුන්ගේ ගෙදරකට රාජපක්ෂ කෙනෙක් වන්දි අරගෙන
2025 මාර්තු මස 31 1346 0

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කු


අත්තක් කපන්න අවසර දුන්නාම වත්තෙම ගස් කපලා
2025 මාර්තු මස 31 690 0

ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් ක


පෙට්‍රල් මිල පහළට
2025 මාර්තු මස 31 1539 0

ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය.


ලාෆ් ගෑස් මිල ඉහළට
2025 මාර්තු මස 31 898 0

‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය.


අගමැතිනිය ප්‍රංශයට යයි
2025 මාර්තු මස 31 2430 3

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ’යුනෙස්කෝ’හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය.


පුනරුත්ථාපන රෝගියාගේ මරණයට සැක 16ක් රිමාන්ඩ්
2025 මාර්තු මස 31 580 2

මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 52 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 673 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 747 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site