තංගල්ල මැදකැටියේ සංචාරක නිවහනක දී තමාට පහර දුන් ත්‍රිරෝද රියදුරාට සමාව දීමට යුක්රේන තරුණියක් කැමැත්ත පළ කළාය.
තිදර පියකු වන මෙම ත්‍රිරෝද රියදුරා එම තරුණියට පහර දී ඇත්තේ ඔහුගේ බිරියගේ උදව්වට පැමිණි අවස්ථාවේ දීය. ගෙදර ආරවුලක් නිසා ඇය සැමියාගේ පහරින් බේරීමට ලැගුම්හලට පැන ඇත.
එහිදී යුක්රේන කත ඇය බේරා ගන්නට ඉදිරිපත් වූ නිසා පහරකෑමට ලක්වූ බව පොලිසිය කියයි.
තමාට පහර දුන්නත්, දරු තිදෙනාත් බිරියත් ඊට පළි නැති නිසාත්, අවුරුදු සමයේ ඔහුට සිර බත් කෑමට සිදුවන නිසාත් ඔහුට සමාව දුන් බව ඇය පොලිසියේ දී කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ජාතීන්ගේ අපිට වැඩිය මනුස්සකම තියෙනවා .මේක එක උදාහරණයක් විතරයි. (ස)
වැරදි කිරීම මනුස්ස ගතියක් සමාව දීම දේවගතියක් කියලා තියෙනවනෙ.ඒකට හොඳම උදාහරණයක් මේක. (ස)
සියල්ලන්ටම ආදර්ශයක් මෙම කාන්තාව. ඔබට තවතවත් යහගුණයෙන් මනුස්සකම් පතුරවන්න ලැබේවා. (ස)
මනුස්සකම අදුනන ගැහැණියක්. ආදර්ශයට ගත යුතු ගුණාංගයක්. (ස)
කළගුණ නොදන්නා අයනේ ලංකාවේ ඉන්නේ. මේවා ආදර්ශයට අරන්වත් හැදෙන්න බලන්න. මහා ලොකුවට අපි බෞද්ධ රටක් කියා කියනවා. කෝ මේ බෞද්ධකම? බුදු හාමුදුරුවෝ මේවා දන්නවා නම්... (නි)
බීමත්කම තමයි ගොඩක් ප්‍රශ්න වලට හේතුව. තැබෑරුම් වැඩි වෙද්දී බීමත්කම වැඩි වෙනවා. අඩුම තරමේ තැබෑරුම්කාරයන්ට ඡන්දයවත් නොදී ඉන්න. (නි)
ෂෙරීෆ්, මතට පමණද, තිත? (නි)
අපි උදම් ඇනුවට අපට පිට රැටියන්ගෙන් උගෙන ගන්න ඕන දේ බොහොමයි. රටේ සමාජය වල වැදී ගිහින් එක එක කණ්ඩායම් පුද්ගලයන් රටේ නීතිය අතට අරන් මහා විනාසයක්. (ස)
අපේ ලංකා ශ්‍රී හොඳට ගහල පුරුදු කෙනෙක් වගේ. (ස)
ෂෙරිෆ් අදහස නම් ඉතා වැදගත්.ඒත් ඕක ව්‍යාපාරයක් කර ගත් අය බලවත් අය නිසා මටනම් හිතෙන්නේ හීනයක් විතරයි ඕක. ඒත් කමක් නෑ උත්සහයක් කරලා බලමු. (ස)
හිටියොත් හොඳට හැදී. දෙවියොත් නමට වඳී. මේ කාන්තාවගේ උතුම් ක්‍රියාව සැමට ආදර්ශයක් වේවා.ඒත‍් මේ මනුස්සයට දඩුවමකුත් දුන්නනම් තමයි හොඳ. (ස)
නියම මනුස්සකම අදුරන තරුණියක්. මැයගේ හොඳ ගතිගුණ අගය කළ යුතුයි. කෝ අපේ කට්ටිය. මේ වගේ හොඳ දෙයකට අදහස් දාන්නෙ නැද්ද? (ස)
උතුම් මිනිස් ගතිගුණ තියෙන කාන්තාවක්.මේකෙන් වත් දෙයක් ඉගෙන ගත්තොත් තමන් කරපු පහත් වැඩේ වැරදියි කියා මේ මනුස්සයා තේරුම් ගනීවි. (ස)
දුක දනවන සිද්ධියක්. මේවා දැකලවත් හැදියල්ලා. (ස)
යුක්රේනය හොඳ බෞද්ධ රටක්! (ස)
මේ කියන පළාතේ තමා සංචාරක කාන්තවන්ට හිරිහැර කරන එක ගැන නිතර වාරතා වෙන්නේ. මට තේරෙන්නේ නැහැ මොකද කියලා. මෙහෙම කොහොමද සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ. තංගල්ලේ පිරිමි ටික හදා ගන්න තවම බැරි වුනා. (ස)
බලු නැට්ටේ ඇද අරින්න බෑ වගේ තමා. මේ මනුස්සයට මොකක් හරි දඬුවමක් දුන්නේ නැත්නම් ඒක දුර්වල කමක් කියල හිතන සමාජයක් මේක. මේක පළමුවෙනි අවස්ථාව නොවන බව ජෝදුවම දන්නවා ඇති. (ස)
අපේ රටේ බේබදු පිරිමි ගොඩක් ඉන්නවා මත්පැන් බීගෙන ඇවිත් තම බිරිඳට පහරදෙන අය. අපි හැමදෙනාම එකතුවෙලා තියමුද මතට තිත?? (ස)
අපේ රටේ සමහර ගෑණුන්ට තමන්ගේ මිනිහාගෙන් ගුටි කන එකත් සතුටක් බව යුක්රේන නෝනා දැනගෙන ඉඳලා නැහැ. ඇති යාන්තම් සැමියයි බිරියයි දෙන්නම එකතුවෙලා නෝනාට විරුද්ධව පැමිණිලි නොකළා. (ස)
කරදරයකට මැදිවුණු අඹු සැමි දෙන්නා.. නැණවත් ලෙසින් පවුලක් ඇය රැක දුන්නා.. ආලෝකවත් කරමින් ගණඳුර පන්නා.. පුන්සඳ වගෙයි ඔබ අහසේ නැග එන්නා (ස)
මනුස්සකම ඉතා හොඳින් දන්නා කාරුණික යුක්රේන නෝනා කෙනෙක්. (ස)
සමාව දුන්නට හරියන්නෑ. ඔය මිනිහට හොඳට දෙකක් අනින්න ඕනේ ගැහැණුට ගහනවට. (ස)
මැයගේ උතුම් ගතිගුණ අපි අගය කළ යුතු වෙනවා. ඇයට වුණේ වදින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුණා වගේ වැඩක්. ඒ මනුස්සයගෙ බිරිදට වත් බැරි වුණානෙ ඒ තරුණිය බේරගන්න. (ස)
අපේ ප්‍රධාන අදායම් මාර්ගය සංචාරක කර්මාන්තය .ඒ වෙනුවෙන් ආණ්ඩුව ගොඩක් මහන්සි වෙනවා. මේ වගේ මෝඩ වැඩ වලින් සංචාරක කර්මාන්තය බිඳ වැටෙන්න පුළුවන් පහුගිය කාලේ තංගල්ලේ වුණ දේවල් වල හැටියට සංචාරකයො ටිකක් හරි එන එකත් ලොකු දෙයක්. මේකෙන් වෙන්නෙ ඒ ටිකත් නැති වෙන එක. (ස)
අනේ මේ කාන්තාව කොච්චර හොඳයිද? තමන්ට වැරැද්දක් වෙලත් එම පුද්ගලයාට සමාව දුන්න එක.මෙවැනි අය අපි අගය කළ යුතුයි. (ස)