ශ්රී ලංකාව සමග පැවැති විස්සයි විස්ස අවසන් ක්‍රිකට් තරගයේ දී ඉතා අඩුවෙන් ලකුණු ගත්තැයි කෝපවූ ඉන්දියානුවෝ පිරිසක් උතුරු ඉන්දියාවේ චන්දිගාරයේ යුවරාජ් සිංගේ නිවසට ගල් ගැසූහ.
පොලිසිය වහා එහි පැමිණ පිරිස ඉවත් කළේය.
බෝල 21 දී ලකුණු 11ක් ලබා ගත් යුවරාජ් සිං ඉන්දියා පිලේ පරාජයට හේතුව බව ගල්ගැසූවන්ගේ අදහස විය.
එහෙත් යුවරාජ් සිංගේ පියා යෝග්රාජ් මීට කීවේ වමතින් පිත්ත හසුරුවන තම පුතා පමණක් ඉන්දියාවේ පරාජයට වග කොනිවයුතු බවයි.
යුවරාජ් සිං මෑත දී පිළිකා රෝගයට ප්‍රතිකාර ගත්තේය. ඔහුගේ මාසික ආදායම ඉන්දියා රුපියල් ලක්ෂ 9.5 (ශ්‍රී ලංකා රුපියල් රුපියල් ලක්ෂ 20.72) කි.
ඉන්දියාව පැරදුණු අවස්ථාවල දී ඉන්දියා ක්‍රිකට් ලෝලීහු මීට පෙර ද ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවාස වලට පහර දුන්හ.
නායක මහේන්ද්‍ර සිංදෝණිගේ නිවසට ද මීට පෙර පහර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලගේ ඇතුළාන්තය ඕක තමයි.අපේ රටේ ජනතාව මෙයාලට ආදර්ශයක්. ජය,පැරදුම,කුමක් වුවත් අපි ක්‍රීඩකයන් සමඟ සිටිනවා. (නි)
ඊයේ දිනය අපේ දිනයයි. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයින් හා විස්තර විචාරකයින් පවා හොඳින් දන්නවා ඉන්දියාව කාසියේ වාසිය ලබා ගත්තා නම් කිසිම පැකිලීමකින් තොරව අපිට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දෙනවා. මාලිංග ගේ මුල්ම වාසනාව වුනේ කාසියේ වාසිය. ඉන් පසුව තරගය ආරම්භවීමට පෙර පැවතී සාමාන්‍ය වර්ෂාව. ඒ වර්ෂාව නිසා ඇතිවුණ තෙතමනයේ වාසිය පළමු පන්දුවාර 6 තුළ අපේ පන්දු යවන්නන් උපක්‍රමශීලීව ප්‍රයෝජනයට ගත්තා. ඒ වගේම "ඩෙත් ඕවර්ස්" අවසාන පන්දුවාර 4 ත් ඉතාමත් හොඳින් පන්දු යැව්වා. මාගේ අදහස නම් පිතිකරුවන්ට වඩා අගය කළ යුත්තේ පන්දු යවන්නන්. ප්‍රබල ඉන්දීය පිතිකරුවන් අපහසුතාවයට පත් කළ ගෞරාවය ඔවුන් සතු විය යුතුය. (ස)
මොන දේ වුණත් වැරදි වැඩක් මේක. (ස)
අනේ මේ අපේ කට්ටිය කට වහගෙන ඉන්න අනේ. ඕකෙන්ම තේරෙනවා ජාති දෙක වෙනස. (ස)
ඉන්දියානු ජනතාව එහෙම තමා. හිතාගෙන ඉන්නේ කාටවත් එයාලව පරාද කරන්න බැහැ කියලා. පරදුනහම ඒ ගෙවල් වලට ගල් ගහනවා. අනෙක් කිසිම රටක ක්‍රීඩාලෝලින් ඒ වගේ නැහැ. (ස)
ඉන්දියාව තාම ඉන්නේ ගල් යුගයක (දිල්)
ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් නෙවෙයි සිනමාවේ දුෂ්ටයාගේ ගෙදරටත් ගල් ගහන ජාතියක් මේ ගොල්ලො. (ස)
ඔය තමයි ඉන්දියානු යථාර්තය. (ස)
මෙයාල තමයි අපිට මානව ඓතිවාසිකම් ගැන චෝදනා කරන්නේ. (ස)
ඒ තමයි ඉන්දියාවේ අනන්‍යතාවය. (ස)
ඕක ඉතිං ඉන්දියාවනේ.. (ස)
මට නම් හරිම සතුටුයි ඉන්දියාව පැරදුණු එකට (නි)
චන්ඩි. ඒ රටේ වැඩි හරියක් කේප්ප හරක් තමයි ඉන්නේ.නැතිනම් ඔය වගේ පිස්සු වැඩ කරාවිද. (ස)
අපේ රුවන්වැලිසෑය, අභයගිරිය දාගැබ් වලට ගල් ගසා, ඒවායේ වස්තුව පැහැරගත් අයගේ මුණුපුරන් තමයි ඔය තවම ඉන්දියාවේ පැවතගෙන එන්නේ. ඕක අහන්න දෙයක් නොවෙයි. (නි)
යුවරාජ් අසනීප වී සිට සුවය ලබා පැමිණ නේද ආපසු ක්‍රීඩා කරන්නේ? ඉන්දියාවේ උදවියට මනුස්සකමක් ගෑවිලාවත් නැති හැටි ! (නි)
ඉන්දියාව කොහොමත් ඔහොම තමා.කරන්නෙම මෝඩ වැඩ (නි)
තරඟ පාවා දුන් නිසා කලින් වතාවේ දිනුවහම හිතුවේ මේ පාරත් දිනන්න පුලුවන් කියලා.අපේ රට විනාශ කළ හැටියට ගහන්න ඕනෑ ගල් නෙමෙයි.... (නි)
අයි.පී.එල්. වෙන්දේසියේදී අපේ රටේ කිසි කෙනෙක්ව සළකා බැලුවෙ නැහැ ඉන්දියාව. ඒත් වැඩිම ලන්සුවක් තියපු යුවරාජ්ට එයාලම කරගත් දේ හරියට දෛවෝපගත සිද්ධියක් වගේ! (නි)
ජය පරාජය සමසේ විඳ ගන්න බැරි මිනිස්සු. ඉන්දියාවේ මිනිස්සු ක්‍රිකට් දේවත්වයෙන් අදහන්නෙ. හැමදාම මැච් බලනවා. ඒත් පරාජය විදගන්න දන්නෙ නෑ. (ස)
මැච් එකක් පැරදුනා කියලා ක්‍රීඩකයොන්ගෙ ගෙවල් වලට ගල් ගැසීම අනුමත කරන්න බෑ. එයාලා උවමනාවෙන් නෙවෙයිනෙ පැරදුණේ. අපේ කොල්ලොන්ගෙ දක්ෂතාවයට එයාලා පැරදුණේ. (ස)
ඉන්දියාවට හොඳ වැඩේ.මටනම් සතුටුයි ඉන්දියාව පරාජය කරන්න අපේ සිංහයන්ටම අවස්ථාව උදා වෙච්ච එක ගැන. ආඩම්බරයි ලක් මෑණියනි (ස)
ඉන්දියාවට අපෙන් ආදර්ශයක් ගන්න කියන්න. අපි අපේ ක්‍රිකට් විරුවන්ව දිනුවත් පැරදුනත් මල් මාලා දාලයි පිළිගන්නෙ. (ස)
පව් අනේ. මෙහෙම ගල් ගැහුවම දිනන්න පුළුවන් කියල මෙයාලා හිතනව ඇති. මෝඩ මිනිස්සු. ජය වගේම පරාජයත් විඳ ගන්න දැනගන්න ඕන. (ස)
අපිට නම් තරහ යන්නෙ නැහැ. අපි හිතනවා අපට කවද හරි කප් එකක් ගේනවනෙ කියලා. අපි දන්නවා. (ස)
ඒකට අපේ රටේ නම් එච්චර මෝඩ මිනිස්සු දැන් නෑ.ජය පරාජය දෙකම මැදහත් සිතින් විඳ දරා ගන්න පුළුවන්. ක්‍රිකට් ලෝලීන් වැඩි දෙනෙක් දැන් වාසනාවට වගේ අපේ රටේ ඉන්නවා. (ස)
කනකම් මාළු, නැත්නම් කුණු මාළු. (ස)
අපේ කොල්ලෝ ගිය පාර ලෝක කුසලානය පැරදිලා ආවත් අපි ජයකොඩි දාල පිළිගත්තේ. ඉන්දියාවේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැ ජය පරාජය මොකක්ද කියලා. (ස)
මම නං තරහ ගියාම කරන්නේ එකේ ඉඳල දහයට ගණන් කරනවා. මේ ලෝලීනුත් එහෙම කරා නම් ඉවරයි අප්පා. (ස)
පුදුමයක් නෑ.. බලාපොරොත්තු වුණා ඕක. (ස)
වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න බැරි නිසා මම ඕවට නැහැ. (ස)
හැමදාම ඕක වෙනවා. (ස)
මිනිසාගේ ගතිගුණ විය යුත්තේ - යතාර්ථය අවබෝධ කරගැනීම, වරදට සමාව දීම, යහපත් දෙය පිළිපැදීම, අයහපත් දෙයින් වැළකී සිටීම, දක්ෂතාව ඇගයීම, පරාජය හා ජයග්‍රහණය එක සේ භුක්තිවිදීම. වැනි තවත් බොහෝ දේවල්. නමුත් බහුතරයක් ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට මේ කිසිවක් නැත. කිසිම කණ්ඩායමක කිසිම ක්‍රීඩකයෙක් තම කණ්ඩායම පරාජය විය යුතුය කියන හැඟීමෙන් ක්‍රීඩා කරන්නේ නැත. නමුත් හනික ලෝක කුසලානයේ අවසාන තරඟයක් එය ඕනෙම ක්‍රීඩකයකුගේ හද ගැස්ම වේගවත් කරවන මොහතක්. යුවරාජ් කියන්නේ ඉන්දීය කණ්ඩායමේ සිටින ප්‍රවේගකාරී හා දක්ෂ පිතිකරුවෙක් පමණක් නොව දක්ෂ පන්දු රකින්නෙක්. ඉතින් මේවා තේරෙන්නේ ලංකාවේ වගේ බුද්ධිමත් ප්‍රේක්ෂකයින්ට හැර නූගත් අයට නොවේ. ලෝකේ අංක එකේ ප්‍රේක්ෂකයින් සිටින්නේ ලංකාවේ පමණයි. ඒක විශේෂයෙන් සඳහන් කරන අතර අපේ ක්‍රීඩකයින් වාසනාවන්තයින් කොටසක්. (ස)
ඔය ගල් ගහන එවුන් හිතන් ඉන්නේ ඔක්කොම කුසලාන උන්ට විතරක් ගන්න හදපුවා කියලයි. (ස)
නිලංග, ඒ අපේ රටේ මිනිස්සුන්ට බුදු දහමෙන් හා අනික් ආගම් වලින් දුන්නු විනය. අපි ඒ ගැන ආඩම්බර වෙන්න ඕන. (ස)
ප්‍රේමයයි, වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමානයි. (ස)
අනේ මෙහෙමත් මෝඩ රැලක්, මම නම් තරහා ගියපුවහම බනිනවා නිකන් බොරු කියන්න ඕන නෑනෙ. (ස)
ඉන්දියාව කිරි සම්පතින් ස්වං පෝෂිතයි!!!!! මන්ද එහි කේප්ප ගවයන් සහ කිරි එළදෙනුන් ගහන බැවිනි. (ස)
යුවරාජ්ට ලකුණු ගන්නට බැරි වුනේ, අපේ පන්දු යවන්නන් උපක්‍රමශිලිව පන්දු යැවීමත් සහ පන්දු රකින්නන් හොඳින් තම කාර්යය ඉටු කළ නිසයි.ඒ අපහසුතාවය දොණිටත් තිබුණා. (ස)
අපේ රටේ මිනිස්සු රත්තරංනෙ බලං යනකොට. (ස)
ෆස්රුල්, ඔබේ අදහස සමග මමත් 100% එකඟයි. (ස)
මේක එයාලගෙ සංස්කෘතියේ කොටසක් වෙලා. (ස)
මාත් ඉතින් තරහ ගිහාම ආයේ නම් බලන්නේ නෑ කියල කියනවා. මගේ උපරිම විරෝධය එච්චරයි. ආයෙමත් ඊළඟ මැච් එකේ ඉඳල බලනවා. (ස)
පරාජය හා ජයග්‍රහණය එක සේ භුක්ති විදීන ලංකාවේ ප්‍රේක්ෂකයින් බුද්ධිමත්. ලෝකේ අංක එකේ ප්‍රේක්ෂකයින් සිටින්නේ ලංකාවේ පමණයි. ඒ අපේ රටේ මිනිස්සුන්ට බුදු දහමෙන් හා අනික් ආගම් වලින් දුන්නු විනය. අපි ඒ ගැන ආඩම්බර වෙන්න ඕන. (ස)
දයාබර යුවරාජ්. අපේ රටේ පදිංචියට එන්න. (ස)
මෙයට වග කිව යුත්තේ එරටට අයත් විද්‍යුත් මාධ්‍ය. ඒවායේ ඉන්දියාව පරදින තරඟ පෙන්වන්නේම නැත.ක්‍රීඩා ලෝලීන් ද විශාල වශයෙන් ඔට්ටු අල්ලනවා.පැරදුනාම ඉතින් ඕක තමයි සමහර අයගේ හැසිරීම. (ස)