රජය කෙරෙහි විශ්වාසයත් බැහැගෙන යන්නේ නම්, හරි විපක්ෂයකුත් නැත්නම් බාහිර බලවේගවලට එවැනි රජයක් පරාජය කළ හැකි යැයි ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත සහ ප්‍රංශයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවසීය.
මෙවර පළාත් සභා ඡන්දයේදී විශාල පිරිසක් ඡන්දය භාවිත නොකිරීම හා ජිනීවා යෝජනාව අතර සම්බන්ධයක් ඇද්දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීවේය.
‘සාමාන්‍යෙයන් මහා ඡන්දෙකට වඩා ඕනෑම රටකට අනෙක් ඡන්දවල දී ඡන්දය දෙන පිරිස අඩු වෙනවා. නමුත් මෙවර වෙන කාරණයක් තියෙනවා. සමහරුන් කියනවා 18 වැනි සංශෝධනය නිසා, ආණ්ඩුවේ විවිධ දේ නිසා, ඡන්ද දිනන්න බෑ කියා. ඔය ඔක්කොම තියෙද්දි සන්නද්ධ හමුදාවෙන් විශාල පිරිසක් සිටිය දී උතුර දෙමළ සන්ධානය ජයග්‍රහණය කළා. හරි විපක්ෂයක් තිබේනම් මිනිසුන් ඡන්දේ දෙන්න එනවා. ඇවිත් ආණ්ඩු පරද්දනවා.‘
‘එහෙම නැතිකොට ඡන්දය දෙන්න හිතෙන්නේ නෑ. පවතින ආණ්ඩුව කියන දේ ගැන තියන විශ්වාසනීයත්වය දැන් බැහැගෙන යනවා. මිනිස්සුන්ට දැන් ප්‍රධාන විපක්ෂය ගැනත් විශ්වාසයක් නෑ. ඉතින් වෙනසක් නූනොත් ජනතාව වඩ වඩාත් දේශපාලන ක්‍රියාවලියෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. එහෙම වුණාම ඒවගේ රටන් ලේසියෙන් පරද්දන්න පුළුවන් වෙනත් බලවේගයන්ට. ‘
‘ජනතාව කුල්මත් කරන්න නම් ආණ්ඩුව විශ්වාසනීයත්වයට කටයුතු කරන්න ඕනෑ. එහෙම නැත්නම් සැබෑ, ආකර්ශනීය, ජනහිතකාමී විකල්පයක් විපක්ෂයෙන් මතුවෙන්න ඕනෑ. එහෙම නැති තැන අපි කොහොමද උගත් බුද්ධිමත් ඊලාම්වාදී පිරිස් සමග අපි ගෝලීය වශයෙන් තරග කරන්නේ. ඒක තමයි අපි අහගන්න ඕනෑ ප්‍රශ්නය.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයක පරමාර්ථය බලය ලබා ගැනීම මිස පවතින රජය නිසි මගට යොමු කරවීම නෙමෙයි.විපක්ෂය බලවත් වුණ රජයන්ට අත් වුණ ඉරණම් අපි අතීතයේ දැක්කා.විපක්ෂය බලවත් වුණා නම් අදටත් ප්‍රභාකරන් ජිවතුන් අතර.මේ සිදුවෙමින් පවතින සංවර්ධනයත් හීනයක් පමනයි.සන්ධානය නෙමෙයි මොන රජය බලයට ආවත් විපක්ෂය හැකිතාක් දුර්වල කළ යුතුයි.මේ තියෙන විදියට විපක්ෂය තියෙන එක අපිට නම් හොඳයි දයාන් මහත්තයෝ.ඔබතුමා ඔය පෙන්නන්න හදන බිල්ල අපි දැකලා තියෙන අපි දන්නා බිල්ලෙක් මීට කලින්.ඕවට මේ රටේ මිනිස්සු බය වූ කාලේ ගියා. (නි)
දයාන් ජයතිලක මහත්තය රාජ්‍ය තාන්ත්‍රික විදියට වැඩ කරලා අපිට උවමනාම වෙලාවේදී මේ රට බාහිර බලවේගවලින බේරලා දුන්න. (දී)
දයාන් කියන කතාව ඇත්ත.රටේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් නැති.ශක්තිමත් විපක්ෂයක් නැති,එකත් ලොකු අඩුපාඩුවක්. ආණ්ඩුව හරි පාරේ නෙවෙයි යන්නේ (දී)
ජනතාව අපහසු තාවයට පත් නොකර සමාජයට සහන සලසනවානම් ඕනෑම රජයක් දිගුකල් පවතිනවා (දී)
මේ පාර චන්ද ප්‍රතිපල ගත්තාම මිනිස්සුන්ට එහෙම හිතෙනවා ඇති (දී)
ඔබතුමාගේ කතාව මම 100% අනුමත කරනවා (දී)
මහත්තයෝ ඔබතුමා බොහොම වටිනා චරිතයක් බව අපි දන්නවා ඒ නිසා මේවගේ ප්‍රසිද්ද ප්‍රකාශ අරන්න එපා එතකොට ඔබතුමාට තියෙන ප්‍රසාදය මිනිසුන් අතර අඩුවෙන්න පුළුවන් (දී)
හරි හමන් විපක්ෂයක් නැති එක තමයි මේ හැම දෙකටම මුල (දී)
දැන් මේ හරි හමන් විපක්ෂයක් නැතිකමේ වරදින් වෙන්න ඇති.බලයේ සිටින පක්ෂය කරන හොද නරක දෙකටම විරුද්ද වෙනවනේ. (දී)
මහජන චන්දයෙන් බලයට පැමිණි පක්ෂයක් මාසයෙන් පෙරලන්න.මොනවා කරත් කකුලෙන් ආපස්සට අදිනවා (දී)
ජානාධි පති තුමා කල සේවය මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ, අනෙක මේ වගේ වෙලාවක අපි අපේ ජාධිපතිතුමාව බලයෙන් පහ කරන්න තරම් මෝඩ වෙන්නෙත් නැහැ, රට අරාජික වෙනවා සිකුරුයි (දී)
ජනහිතකාමී විපක්ෂයක් ජනතාව අතරින් මෝදු වෙමින් තිබෙනවා. පෙනෙන්නේ තවමත් ටිකයි.එහෙත් නිසැකවම එය එනවාමයි. (නි)
මොහු පෙනී සිටින්නේ 13 වන සංශෝදනය ක්‍රියාත්මක කරවා ගැනීම වෙනුවෙන් මිසක් මේ බාහිර බලවේග වලින් රට බේරා ගැනීමේ අරමුණු වලින් නෙමෙයි. රජය කෙරෙහි විශ්වාසය බැහැගෙන යනවා කියලා මොහු පවසන්නේ කොහොමද? මේ පළාත් සභා ඡන්ද ප්‍රතිපල වලින්ද?අදටත් මේ රාටේ බිහි වුනු හා වැඩිම කාලයක් ශක්තිමත්ව තම බලය රැක ගත්තු රජයක ජනප්‍රියත්වය මේ වගේ මැතිවරණයකින් බලල කියන්නේ හරියට මේ මැතිවරනෙන් සන්දානේ අතුගැවිල හේදිලා ගියා වගේනේ.100% ක් ජනප්‍රිය ආණ්ඩු තිබුනෙත් නැහැ ඇති වෙන්නෙත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර කැමත්තනම් එම බහුතරය අදටත් ඕනෑවටත් වඩා මේ රජයට තියෙනවා. උඩින් පෙන්නන දේට වඩා මේ මහත්තයාගේ ප්‍රර්ථනා බලාපොරොත්තු යටි අරමුණු ගොඩක් වෙනස්. මානව හිමිකම් බිල්ලගෙ එක අතුරු ප්‍රතිපලයක් තමයි මේ වගේ පුද්ගලයින්ගේ මත වාද රටට හිතකරයි කියන සංකල්පය යටත්ව ඒ ආවරණයට මුවා වෙලා සමාජය අතර පැතිරවීමට ඉඩ කඩ විවර වීම.(නදී);
බන්දුල පෙරේරා මහතා ජීවත්වන්නේ ළිඳක් ඇතුලේ බැව් පෙනේ. අපිට බාහිර ලෝකයෙන් වියුක්තව ජීවත් වෙන්න තවම හැකියාවක් නැහැ. ඒක එහෙම වුණත් අපිට පෙන්නන්න වෙනවා ලෝකෙට අපි අපේ ජනකොටස් අතරේ සමානාත්මතාව ආරක්ෂා කරන බව. දයාන් ජයතිලක මහතා වරදක් කියා නැහැ. ඔහු 13 වෙනුවෙන් පෙනී සිටිනවා කියා හංවඩු ගහලා පැත්තකට විසි කරන්න බැහැ. ඒ දේම අපි විසින්ම පත් කළ උගත් පාඩම් කොමිසමත් කියනවා. ඉන්දියාවත් මුල සිට කියන්නේ ඒ දේ කරන්න කියලා. අපි රට ඇතුළේ අපේ ප්‍රශ්න විසදගත්තා නම් මෙහෙම පිට රැටියන්ට අත දාන්න ලැබෙන්නේ නැහැ. පළාත් සභා ප්‍රතිපල සම්බන්ධව ඔහු කියා තිබෙන දේ ඇත්තක්. අපි අන්තගාමී විය යුතු නැහැ. මුරණ්ඩු විය යුතු නැහැ. එසේ වීමෙන් ලැබෙන යහපතකුත් නැහැ. (නි)
මිහිර ඔබ කියන දේ හරියටම හරි. (නදී)
මේ කියන හැම දෙයක්ම කරන්න හොදම නැත. අපේ ජනාදිපතිතුමා ඉන්න තෙක් කාටවත් ඕනවිදියට රට ඉදරියට ගෙනයන්න බැහැ (දී)
ඉන්දික "සන්නද්ධ හමුදා විශාල ප්‍රමාණයක් ඉන්දැද්දී ටී.එන්.ඒ. එක ඡන්දෙ දිනුවා" කියන එක ගැන හිතන්න දේවල් පැහැදිලිවම තියනවා. පළමු කරුණ හමුදාව කොටිහිතවාදීන් කියන පරිදි ජන ජීවිතයට තර්ජනයක් වී නැහැ. එසේ වූවා නම් හමුදා තර්ජනවලට බියවී ජනතා ප්‍රතිචාරය මෙනස් විය යුතුය. දෙවැනි කරුණ ජනතාවට අවශ්‍ය නම් මැතිවරණ මගින් රජය පරාජය කලහැකි බව සේම බලය තිබු පමණින් මහා පරිමාණ මැතිවරණ දුෂණ වලට ඉඩකඩ අවම බව සහ එමගින් ඉලක්කම් විජ්ජා පෙන්වමින් පරාජයේ විලි ලැජ්ජාව වසාගැනීමට තැත්කරන අන්තවාදීන්ගේ නිරුවත හෙළිවීම.(නදී)
කෝක ආවත් මේ ටිකමයි කරන්නේ. පැත්ත මාරු කරපු හොරු මේ පැත්තෙත් ඒ පැත්තෙත් ඉන්නවා. කැසිනෝ ගෙනාවේ,ගෝල් ෆේස්, එක විකුනන්න හැදුවේ, පුද්ගලික විශ්ව විද්‍යාල පනත ගෙනාවේ නඩු කාරයන්ගේ ගෙවල් ළඟ පිකටින් කලේ කව්ද.? (නදී)
ඔය දයාන් මහත්තයා ඊළාම් රජයක හිටපු ඇමිති කෙනෙක් කියල අමතක කරන්න එපා. වර්දරාජාපෙරුමාල් එක්ක හිටියා නේද? 13 ට යන්න පාර සකස් කරන්න වෙන්ඩ ඇති මේ පාර කොන්ත්‍රාත්තුව.(නදී)
ඔබ තුමාගේ නම දයාන් ජයතිලකද? (නදී)
බන්දුල පෙරේරට, ඔබගේ අදහස නිවරදියි. (නදී)
දයාන් මහතා, මේ ආණ්ඩුව සමග වැඩකළ කෙනෙක්. ඇරත් මෙතුමා ප්‍රේමදාස මහතාගේ උපදේශක විදියට වැඩ කළා නේද? මෙතන ජාති බේදයක් නැත. (නදී)
ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ රජයේ ආයතනවල හා අනෙකුත් දුෂකයන්ගේ ක්‍රියාකාරකම් බලා සිටියදීම දිනෙන් දින වැඩි වෙනවා. ඉතින් ඡන්දෙ දෙන්නේ මොකටද ? විපක්ෂෙ නම් මෙලෝ රහක් නැහැ.(නදී)
ඔබ තුමාටත් මොකක් හරි ලොකු තනතුරක් ඉල්ලනවා වගේ අපිට නම් පේන්නේ. මොකද ඔහොම කියපු කට්ටිය කරන්න ගියාම කරන්නේ අරටිකම හින්දා.(නදී)
මෙයාල මේ ශක්තිමත් විපක්ෂයක් ගැන කතා කරනවා. මෙයාලම තමා 3න් 2ක් ඉල්ලුවහම ඡන්දය දීල ප්‍රධාන විපක්ෂය නැති කළේ. දැන් දුක් වී පලක් නොමැත. (ස)
මෙතුමා දැන් බටහිර රටවල් ගැන හිතලා තමා කතා කරන්නේ. (ස)
ඔව් ඉතින් දයාන් ජයතිලක මහතාත් සැහෙන කාලයක් එක්සත් ජාතීන්ගේ සංගමයේ ලොකු ලොකු තනතුරු දැරුවා. තානාපති සේවා වල හිටියා ඒකාලයේ. කව්රු කව්රුත් මේවට වගකියන්න ඕනේ.(නදී)
බන්දුල පෙරේරා සහ රන්ජන් මහත්වරුන් සමග මමත් එකඟයි. (ස)
එකම අරමුණ 13 ලබාදීම නොවේද? රටේ මිනිස්සු බය කරනවා. යුද්ධය වෙලාවේ කිව්වෙත් බැහැ කියලනේ (නි)
මම කියන්නේ නැහැ කියලා බලමුද තව චන්දයක් තියලා (දී)
වෙන රට වල නම් පක්ෂ විපක්ෂ සියල්ලන්ම එකතු වෙනවා රටට එරෙහිව බාහිර බලවේග එකතු වෙන අවස්ථාවක. ඒකට අපේ රටේ? (නි)
මෙම සාකච්ඡාවේ පළවන බොහෝ අදහස් වලට වැඩිදෙනෙක් එකඟ වනු ඇත, අපේ පරාජය ගැන රහසේ හෝ බලධාරීන් විසින් ස්වයං විවේචනයක් කර අපට වැරදුන තැන් හඳුනාගෙන ඉදිරියේදී රටට "හිරිහැරයක්" සිදුවෙන්ට පෙර අපි අපේ පරීක්ෂණ සුළුවෙන් හරි කිරීම ඉදිරියේදී මහජනතාවට මුහුණ දෙන්නට සිදුවන කරදර වලට පිළියමක් වනු ඇත. (නි)
"සන්නද්ධ හමුදා විශාල ප්‍රමාණයක් ඉන්දැද්දී ටී.එන්.ඒ. එක ඡන්දෙ දිනුවා" හමුදාව ඉන්න එකයි ඡන්දෙ දිනන එකයි අතර සම්බන්ධය මොකක්ද? (නි)
ඔබතුමා කියන දේ තමයි බටහිර රටවල් වලටත් කර ගන්න ඕනෑ වෙලා තියෙන්නේ. ඕක කරනවා කියන්නේ ඉල්ලාගෙන කෑමක්. (නි)
ඉන්දික, ඔයා දේශපාලන වශයෙන් පැත්තක් නොගෙන මේ ගැන බැලුවොත් තේරේවි සම්බන්ධය මොකක්ද කියලා. (නි)
දැන්වත් කට්ටිය ඇත්ත තත්ත්වය තේරුම් ගන්නවා නම් හොදයි. (නි)
මේ වෙලාවේ රජය වට්ටන්න හදන එක අනුවන වැඩක් (දී)
ඔබතුමා විසින් ලබාදෙන විවේචනාත්මක සහයෝගය මේ කාටවත් තේරුම් ගන්න වුවමනාවක් නැහැ. ඉතින් ඔබතුමා අවශ්‍ය විපක්ෂයට කියලා මට හිතෙනවා (නි)
මොනවා උනත් රටකට ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුමයි (දී)
හරි විපක්ෂයක් නැති රටක, මහා ජනතාව රජය සමග එකතුවෙලා රටේ ප්‍රගතිය හදාගත්තාම හොඳයි (දී)
නැවත එම විශ්වාසය තහවරු කර ගත්තොත් පවතින ආණ්ඩුවට තව චිරාත් කාලයක් රටට සේවය කරන්න පුළුවන් (දී)
හොඳ කාටත් පිළිගත හැකි අවංක පොදු අපේක්ෂකයෙක් අවොත් උඩින්ම දිනන්න පුළුවන්. (දී)
මොනවා කවුරු කියුවත් රටක් කරන්න තියෙන අමාරුව දන්නේ කරන මිනිස්සු විතරයි (දී)
සමහරුන්ට එහෙම හිතෙනවා ඇති මේ පාර චන්දෙ දැක්කාම (දී)
"විදේශ කටයුතු භාර පිරිස ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකයන් හැටියට කටයුතු කරනකොට නම් විදේශ රටවල ඡන්ද දිනාගන්න බෑ." ඒ කතාවට නම් මල් මිටක් දෙන්නම වටිනවා (නි)
මෙහෙම කියන්න බැහැ අපි බලමු ඊළඟ චන්දෙදි (දී)
තව බොහෝ දුරක් තියෙන රජයකට කොහොමද? (දී)
ප්‍රභල දෙවන සහ තුන්වන පාර්ශවයන් ඉන්නවානම් රජය තව තවත් හොඳින් වැඩ කරාවි (දී)
ලෝක දේශපාලනයත් එක්ක ගත්තාම මේ දේ හොදින් විශ්ලේෂණය කරන්න පුළුවන් (දී)
වෙන්න පුළුවන්, සියල්ල අනියත ලෝකේ මේදේ විතරක් නියත වෙයිද (දී)
මේ ප්‍රව්ර්තිය 100% හරිද? (දී)
" මේ පණ්ඩිතයා කියන උගත් , බුද්ධිමත් ඊලාම් වාදීන් .......? අනේ මගේ කට.... (දී)
අපේ අතීතය දෙස බැලුවාම කිසිම දවසක එකම ආණ්ඩුවක් දිගටම අවූරුදු බර ගානක් රට පාලනය කරලා නැහැනේ (දී)
මේක කියන්නේ එන.ජි.ඕ. වලට කඩේ යන කෙනෙක් කියන්න කෙසේ කීවත් අසන්න සිහි බුද්දියෙන් ඇසිය යුතුයි (දී)
වසර 30ක කුරිරු යුද්දය අවසන් කල ඒ මහා නායකත්වයට මිනිස්සු කවදත් කල ගුණ සලකනවා (දී)
අනේ මට නිකන් පිස්සු වගේ මේ වෙන දෙවල් හා වෙන දේවල් ඇහුවහම (දී)
ඔබ රට වෙනුවෙන් කල සේවය අපිට අමතක නැහැ (දී)
ඉන්දිකගේ කතාවේ හරයක් තියෙනවා. දයාන් ජයතිලකගේ කතාවේ ඔය කියන "සන්නද්ධ හමුදාවෙන් විශාල පිරිසක් සිටිය දී උතුර දෙමළ සන්ධානය ජයග්‍රහණය කළා" කියන කෑල්ල මෙතනට ඇදලත් නැහැ ගැලපෙන්නෙත් නැහැ. දයාන් මහත්තය එහෙම කතාවක් කිව්වේ මොකක් හෝ දෙයක් හිතේ තියාගෙන බව පැහැදිලියි. කොහොම උනත් මේ කතාවේ යට කොටසේ කියල තියෙන කරුණු ටිකනම් සහතික ඇත්ත. (දී)