බන්ධනාගාරයේ සිටින කොටි සාමාජිකයකුගෙන් ලැබුණු තොරතුරක් අනුව සොරකම් කරන වාහනහනවල ඇන්ජින් හා චැසි අංක මකා උතුරට වාහන විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රජරට දේශපාලනඥයකුගේ මස්සිනා කෙනෙක් හා රජරට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ලිපිකරුවෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජයගුණවර්ධන මහතා යටතේ ක්‍රියාත්මක විශේෂ පළාත් වැටලීම් ඒකකය මේ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මුල් විය.
කොළඹින් සොරකම් කළ කැබ් රියක කොටස් මාරු කර එන්ජින් හා චැසි අංක වෙනස් කර අනුරාධපුරයේ අලෙවි නියෝජිතයකුට විකුණා තිබිය දී සොයා ගැනීමෙන් පසුව මේ සිද්ධියේ තවත් තොරතුරු රැසක් හෙළි වූ බව පොලිසිය පවසයි.
රජයේ මන්ත්‍රීගේ මස්සිනා මෝටර් රිය කොටස් ආනයනය කර විකුණන බවත්, වාහනවල ව්‍යාජ ලියැවිලි සැකසීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලිපිකරු හවුල් වී ඇති බවත් සොයා ගෙන ඇත.
බන්ධනාගාරයේ සිටින සිරකරු පවසා ඇත්තේ මෙවැනි වාහන රැසක් විකුණා ඇති බවයි.
විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හර්ෂ ද සිල්වා පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් ආඩම්බර දෙයක් මස්සිනා කරලා තියෙන්නේ. (ස)
මේක සුළු දෙයක්. වැඩිය ගණන් ගන්න ඕන නැහැ. (ස)
මෙවැන්නන් අද ලංකාවේ අරුමයක් නොවේ. (ස)
මේ මන්ත්‍රී මස්සිනා කවුද හැබෑටම? (නි)
කම්බ හොරු කියන්නේ මොවුන්ට තමා. මේ වගේ අය ඉන්නාතුරු හැමදේම වෙන්නේ අවරට. (නි)
කොහොම කිවුවත් අපේ රටට අද අවශ්‍ය කරන්නේ මේ වගේ කට්ටිය තමයි ඉතින්. (නි)
මස්සිනා ඊළඟ සැරේ ඡන්ද අපේක්ෂකයෙක් වෙයි. අපේ මිනිස්සු මේ වගේ මිනිස්සුන්ට ඡන්දෙත් දෙයි. රට සංවර්ධනය කරන්න වුවමනා කරන්නේ මේ වගේ අයනේ. (නි)
බේරෙන්න ලේසියෙන්ම පුළුවන් නිසා වෙන්නැති නේද? (දී)