IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රට ඇත්තෝ අවුරුදු සමරති

සිංහල අළුත් අවුරුදු සමයේ මෙරටට පැමිණ සිටින සංචාරකයින් සදහා සංවිධානය කරණ ලද විශේෂ බක් මහ උළෙලක්  වෙන්නප්පුව  වයික්කාල රන්වැලි සංචාරක හෝටලයේදී  පැවැත්වුණි.

කඹ ඇදීම,කොට්ටා පොරය,පොල් අතු විවීම ඇතුළු තරග රැසකට එහි සිටි විදේශිකයෝ සහභාගී වුහ.

ඔවුහු  මහත් උද්යෝගයකින්  තරඟ සඳහා සහභාගී වුහ.

 

 

 



අදහස් (0)

රට ඇත්තෝ අවුරුදු සමරති

කෙහෙළිය Saturday, 12 April 2014 08:10 PM

හොඳට එන්ජෝයි කරන්න ඇති (දී)

:       0       0

පද්මා Saturday, 12 April 2014 08:17 PM

වැඩේ නම් සුපිරි ....... ඇඳුම් තමා කචල් (දී)

:       0       0

රන්ජිත් පෙරේරා Saturday, 12 April 2014 10:13 PM

අපේ අයත් ඔය විදේශිකයෝ ලංකාවට එන්න කලින් අමුඩයක් තමයි ඇන්දේ. ගැහැණු අය යටට රෙදි කැල්ලක් විතරයි ඇන්දේ.චුටි ළමයින්ට මුකුත්ම නැහැ.කොහොමත් අපේ රටේ අය සංස්කෘතිය , අපේ ඉතිහාසය ගැන කියකියා ඉන්නවා මිසක් අලුතින් නම් කිසිම දෙයක් කරලා නැහැ. (දී)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Sunday, 13 April 2014 12:06 AM

මෙහි වටිනාකම ගැන කතා නොකර ඔය ඇඳුමේ ප්‍රශ්නය ඔළුවට අරගෙන කියවන අයගේ පුරුද්ද අනුන්ගේ අඩුපාඩු හොයන එකයි. (නි)

:       0       0

ඉෂාර හර්ෂණ පෙරේරා Sunday, 13 April 2014 01:12 AM

සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

සුසන්ත Saturday, 12 April 2014 12:40 PM

ඔක්කොම හොදා... මේ අයගේ ඇදුම් තමා අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැත්තේ (දී)

:       0       0

ජීවන්ත Saturday, 12 April 2014 01:06 PM

සුසන්ත හරි ඇඳුමේ නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා (දී)

:       0       0

ලොකුගේ Saturday, 12 April 2014 01:07 PM

ලෝකෙටම අපේ දේ අරගෙන යන්න හොද ක්‍රමයක් (දී)

:       0       0

.වසන්ත Saturday, 12 April 2014 01:08 PM

සුභ අලුත් අවුරුද්දක් වේවා (දී)

:       0       0

කුසුම් Saturday, 12 April 2014 01:12 PM

අපගේ ජාතික සංස්කෘතික උත්සව වලදී කොතරම් සැහැල්ලුවෙන් සහ සහජීවනයෙන් අප එකිනෙකා සමග මෙවන් උත්සව සමරනවද කියන දේ විදේශිකයන්ටත් පෙන්වා දීපු තවත් වටිනා අවස්ථාවක්. හැබැයි සුසන්ත මහත්මය, අර කියපු සංස්කෘතික නොගැලපීම නම් තියෙන්නේ, ඒ අයගේ ඇඳුම් වල නොවෙයි. අපේ සමහර අයගේ සිතුවිලි තුලයි. (දී)

:       0       0

චමින්ද Saturday, 12 April 2014 01:22 PM

ඇදුමේ ප්‍රශ්නය ඇතිවන්නේ, ඇදුම දිහා බලන කෙනාගේ මනසෙහි .එහෙමනම් අපි පිහිනුම් තරග වලට සහභාගී වන ක්‍රීඩිකාවන්ටත් ඇදුමේ ප්‍රශ්නය යොමු කරමුද ? (දී)

:       0       0

හංසිකා Saturday, 12 April 2014 01:27 PM

හැමෝගෙම අදහස් කියවල කුසුම් අක්කගේ අදහස් කියවන්න පෙර සංස්කෘතිය ගැන ලියන්න හැදුවේ ලියන්න දෙයක් නැහැ කුසුම් අක්ක හරි දේ ලියල තියනවා (දී)

:       0       0

ගාමිණි Saturday, 12 April 2014 01:28 PM

ලෝක වාසි සියල්ලන්ටම සුභ අලුත් අවුරුද්දක් වේවා (දී)

:       0       0

තරිදු Saturday, 12 April 2014 01:37 PM

සුසන්ත,ජීවන්ත මේ ඔවුන් මුහුදු වෙරළේ දහවල් කාලය ගත කිරීමට අඳින ඇඳුම්.ඒ ඔවුන්ගේ සංස්කෘතිය.අපිට සංචාරකයන්ගේ එවැනි දේ වෙනස් කළ නොහැකියි.නමුත් සමහර අපේ කාන්තාවන් අඳින ඇඳුම් වලට වැඩිය නම් මේ දේවල් හොඳයි වගේ (නි)

:       0       0

ධම්ම Saturday, 12 April 2014 02:00 PM

කාන්තාවන් බක්මහ උළෙලේ තරඟ වල මේ විදියට යෙදෙනවා අද තමයි දැක්කේ මගේ ජීවිතේ පළමු වතාවට. (නි)

:       0       0

නිසාර් Saturday, 12 April 2014 02:36 PM

ලංකාවේ සංස්කෘතියට ගැළපෙන විදියට කළා නම් තවත් හොඳයි (නි)

:       0       0

දාස් Saturday, 12 April 2014 03:42 PM

තරිදු කියන දේ සහතික ඇත්ත. මෙතන ඉන්න කාන්තාවෝ කිසි කෙනෙක් අසභ්‍ය විදිහට ඇඳගෙන නැහැ. ඒගොල්ලෝ ඉන්නේ මුහුදු වෙරළට සහ උණුසුම් දේශගුණයට ඔරොත්තු දෙන්න ඇඳගෙන.(නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 12 April 2014 04:05 PM

ඇස් මට්ටමෙන් බලා අපි යමක් තීරණය කරන්න බැහැ.අපි හැමෝම දන්නා දෙයක් තමයි එයාලගේ සංස්කෘතිය අපිට හාත්පසින්ම වෙනස් බව.කුසුම්,කියනවා වගේ අපි අපේ හිත් වෙනස් කර පිරිසිදු චේතනාවෙන් මෙදෙස බැලුවොත් නිකන් සාමාන්‍ය ඇඳුමක් විතරයි මේක.සතුටුයි විදේශිකයන් අපේ ජන ක්‍රීඩා හා එකතු වීම ගැන. (නි)

:       0       0

මාලි Saturday, 12 April 2014 04:07 PM

මේ උදවිය ඇඳගෙන ඉන්නේ ඒ රටවල සමාජ සිරිත් අනුව වරදක් නැතයි සිතෙන ඇඳුම්. ඕස්ට්‍රේලියාව වගේ රටක ගිම්හාන කාලය උහුලාගන්න බැරි තරමට ගිනියම් වෙනවා. සමහර නගර සෙන්ටිග්‍රේඩ් 45/49 පමණ. ඒ වගේ කාල වලට එහෙ ඉන්න ලාංකික පිරිසටත් සංස්කෘතියට අනුවම ඇඳුම් අඳින්න බැරි වෙන වෙලාවල් එනවා. කාලගුණයට ඔරොත්තු දෙන විදියට තමා හැමෝම සැරසෙන්නේ. (නි)

:       0       0

නිල්මා Saturday, 12 April 2014 05:28 PM

අවුරුදු උත්සවය හොඳයි.ඒ මිනිසුන්ගේ ඇඳුම් අපිට වෙනස් කළ නොහැකියි. අපේ නෝනලත් ඔය හෝටල් වලට ගියහම ඔහොම තමයි. සමහර අය සාරි අඳින විදිහ බලන්නකෝ. අපි ඕවා විවේචනය නොකර ,මනස හොඳට තියා ගනිමු. මට නම්, මොනවත් පෙනුනේ නැහැ. බඩවල් ටික දැක්කහම කැතේ බැහැ (නි)

:       0       0

මංජුල අබුඩාබි සිට Saturday, 12 April 2014 05:49 PM

දකුණු වෙරළ තීරයේ ගමක හැදුනු වැඩුණු මට නම් ඔය මිනිස්සුන්ගේ ඇදුමේ දකින්න තරම් වරදක් නැහැ මොකද එයාල ලංකාවට එන්නේ හිරු රශ්මිය විඳගන්න මිසක් සංස්කෘතිය පෙරවගන්න නෙවෙයි. අපි දන්නා තේරෙන වයසේ ඉඳලා ඔය වගේ උදවිය පාරේ යනවා දැකල තියෙනවා නමුත් ඔය වෙරළ තීරේ ඉන්න එක ශ්‍රී ලාංකික කාන්තාවක් වත් ඒවා වැළඳ ගත්තේ නැහැ වගේම ඔය වගේ ඇදුම් ඇඳගෙන පාරේ යන්නෙත් නැහැ. මෙතන තියෙන සතුටට කාරණාව තමයි පොල්ගස් දැකලවත් නැති රටවල් වලින් ආපු සුදු නෝනලා පොල් අතු වියන එක අද අපේරටේ වියපත් ගැමි කාන්තාවන් හැරුනාම කීයෙන් කී දෙනාටද පොල් අත්තක් වියන්න පුළුවන්. මේ උදවිය පුරුදු වෙලා හරි තරඟෙට ඉදිරිපත්වෙනවා අපේ නෝනලා නම් අපෝ ඕව ගොඩයන්ගේ වැඩ කියලා මග හරිවි. (දී)

:       0       0

පාලින්ද Saturday, 12 April 2014 05:59 PM

මෙතන ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඇඳුම (දී)

:       0       0

පද්මිණි Saturday, 12 April 2014 05:59 PM

ඒ ගොල්ලෝ සැහැල්ලු ඇදුමෙන් අපුරුවට විනෝදෙන් ඉන්නවා. නමුත් අපි ඇදුමුත් ඇදගෙනම ලජ්ජාවෙන් ඉන්නවා. එතකොට එයාලටද අපිටද අවුල? (දී)

:       0       0

ධම්ම Saturday, 12 April 2014 06:07 PM

සංවිධායකයින් මේ අය දැනුවත් කර නැහැ මෙය අපගේ සංස්කෘතික උළෙලක් යන වග. එහෙම කළා නම් ඒ අය ඔය විදියට ඇඳගෙන එන එකක් නැහැ. කොහොම නමුත් රටක සංස්කෘතික උළෙලකට සහභාගී වීමේදී එයට සුදුසු ඇඳුම් ඇඳිය යුතුය යන්න මේ සංචාරකයින් නොදන්නවා නොවේ. (දී)

:       0       0

චමිලා Saturday, 12 April 2014 06:25 PM

කැත විදිහට පෙන්නේ කැත විදිහට හිතුවොත්. ලංකාවේ ඉන්න ගොඩක් පිරිමි හිතන්නේ කැත විදියට . (දී)

:       0       0

මනෝජ්-සාජා Saturday, 12 April 2014 07:16 PM

චමිල නම් කියයි . (දී)

:       0       0

කින් බෙනට් Saturday, 12 April 2014 07:16 PM

වෙන අය අඳින ඇඳුම් ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ ඇඳුම අඳින කෙනා නෙමෙයි වෙන අයයි... (දී)

:       0       0

නසාර් Saturday, 12 April 2014 07:17 PM

පොල් අතු රට පටවන්න පුළුවන් .... (දී)

:       0       0

බටුගෙදර Saturday, 12 April 2014 07:46 PM

එහෙනම් කමක් නැහැ ඔක්කොම ඔය විදිහට අව්රුදු උත්සවය පවත්වන්න අනේ රටට ගිය කලක් (දී)

:       0       0

කුසල් Saturday, 12 April 2014 08:07 PM

මෙයාලට අපේ ක්‍රීඩා වගේම රෙද්දයි හැට්ටෙය් හා සරමයි කමිසෙයිත් ඇන්දුවොත් නරකද?(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1079 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6677 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3656 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 308 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1535 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1641 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28683 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23610 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site