සිංහල අළුත් අවුරුදු සමයේ මෙරටට පැමිණ සිටින සංචාරකයින් සදහා සංවිධානය කරණ ලද විශේෂ බක් මහ උළෙලක් වෙන්නප්පුව වයික්කාල රන්වැලි සංචාරක හෝටලයේදී පැවැත්වුණි.
කඹ ඇදීම,කොට්ටා පොරය,පොල් අතු විවීම ඇතුළු තරග රැසකට එහි සිටි විදේශිකයෝ සහභාගී වුහ.
ඔවුහු මහත් උද්යෝගයකින් තරඟ සඳහා සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු වෙරළ තීරයේ ගමක හැදුනු වැඩුණු මට නම් ඔය මිනිස්සුන්ගේ ඇදුමේ දකින්න තරම් වරදක් නැහැ මොකද එයාල ලංකාවට එන්නේ හිරු රශ්මිය විඳගන්න මිසක් සංස්කෘතිය පෙරවගන්න නෙවෙයි. අපි දන්නා තේරෙන වයසේ ඉඳලා ඔය වගේ උදවිය පාරේ යනවා දැකල තියෙනවා නමුත් ඔය වෙරළ තීරේ ඉන්න එක ශ්‍රී ලාංකික කාන්තාවක් වත් ඒවා වැළඳ ගත්තේ නැහැ වගේම ඔය වගේ ඇදුම් ඇඳගෙන පාරේ යන්නෙත් නැහැ. මෙතන තියෙන සතුටට කාරණාව තමයි පොල්ගස් දැකලවත් නැති රටවල් වලින් ආපු සුදු නෝනලා පොල් අතු වියන එක අද අපේරටේ වියපත් ගැමි කාන්තාවන් හැරුනාම කීයෙන් කී දෙනාටද පොල් අත්තක් වියන්න පුළුවන්. මේ උදවිය පුරුදු වෙලා හරි තරඟෙට ඉදිරිපත්වෙනවා අපේ නෝනලා නම් අපෝ ඕව ගොඩයන්ගේ වැඩ කියලා මග හරිවි. (දී)
සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
මෙහි වටිනාකම ගැන කතා නොකර ඔය ඇඳුමේ ප්‍රශ්නය ඔළුවට අරගෙන කියවන අයගේ පුරුද්ද අනුන්ගේ අඩුපාඩු හොයන එකයි. (නි)
අපේ අයත් ඔය විදේශිකයෝ ලංකාවට එන්න කලින් අමුඩයක් තමයි ඇන්දේ. ගැහැණු අය යටට රෙදි කැල්ලක් විතරයි ඇන්දේ.චුටි ළමයින්ට මුකුත්ම නැහැ.කොහොමත් අපේ රටේ අය සංස්කෘතිය , අපේ ඉතිහාසය ගැන කියකියා ඉන්නවා මිසක් අලුතින් නම් කිසිම දෙයක් කරලා නැහැ. (දී)
වැඩේ නම් සුපිරි ....... ඇඳුම් තමා කචල් (දී)
හොඳට එන්ජෝයි කරන්න ඇති (දී)
මෙයාලට අපේ ක්‍රීඩා වගේම රෙද්දයි හැට්ටෙය් හා සරමයි කමිසෙයිත් ඇන්දුවොත් නරකද?(දී)
එහෙනම් කමක් නැහැ ඔක්කොම ඔය විදිහට අව්රුදු උත්සවය පවත්වන්න අනේ රටට ගිය කලක් (දී)
පොල් අතු රට පටවන්න පුළුවන් .... (දී)
වෙන අය අඳින ඇඳුම් ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ ඇඳුම අඳින කෙනා නෙමෙයි වෙන අයයි... (දී)
චමිල නම් කියයි . (දී)
කැත විදිහට පෙන්නේ කැත විදිහට හිතුවොත්. ලංකාවේ ඉන්න ගොඩක් පිරිමි හිතන්නේ කැත විදියට . (දී)
සංවිධායකයින් මේ අය දැනුවත් කර නැහැ මෙය අපගේ සංස්කෘතික උළෙලක් යන වග. එහෙම කළා නම් ඒ අය ඔය විදියට ඇඳගෙන එන එකක් නැහැ. කොහොම නමුත් රටක සංස්කෘතික උළෙලකට සහභාගී වීමේදී එයට සුදුසු ඇඳුම් ඇඳිය යුතුය යන්න මේ සංචාරකයින් නොදන්නවා නොවේ. (දී)
ඒ ගොල්ලෝ සැහැල්ලු ඇදුමෙන් අපුරුවට විනෝදෙන් ඉන්නවා. නමුත් අපි ඇදුමුත් ඇදගෙනම ලජ්ජාවෙන් ඉන්නවා. එතකොට එයාලටද අපිටද අවුල? (දී)
මෙතන ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඇඳුම (දී)
ඔක්කොම හොදා... මේ අයගේ ඇදුම් තමා අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැත්තේ (දී)
අවුරුදු උත්සවය හොඳයි.ඒ මිනිසුන්ගේ ඇඳුම් අපිට වෙනස් කළ නොහැකියි. අපේ නෝනලත් ඔය හෝටල් වලට ගියහම ඔහොම තමයි. සමහර අය සාරි අඳින විදිහ බලන්නකෝ. අපි ඕවා විවේචනය නොකර ,මනස හොඳට තියා ගනිමු. මට නම්, මොනවත් පෙනුනේ නැහැ. බඩවල් ටික දැක්කහම කැතේ බැහැ (නි)
මේ උදවිය ඇඳගෙන ඉන්නේ ඒ රටවල සමාජ සිරිත් අනුව වරදක් නැතයි සිතෙන ඇඳුම්. ඕස්ට්‍රේලියාව වගේ රටක ගිම්හාන කාලය උහුලාගන්න බැරි තරමට ගිනියම් වෙනවා. සමහර නගර සෙන්ටිග්‍රේඩ් 45/49 පමණ. ඒ වගේ කාල වලට එහෙ ඉන්න ලාංකික පිරිසටත් සංස්කෘතියට අනුවම ඇඳුම් අඳින්න බැරි වෙන වෙලාවල් එනවා. කාලගුණයට ඔරොත්තු දෙන විදියට තමා හැමෝම සැරසෙන්නේ. (නි)
ඇස් මට්ටමෙන් බලා අපි යමක් තීරණය කරන්න බැහැ.අපි හැමෝම දන්නා දෙයක් තමයි එයාලගේ සංස්කෘතිය අපිට හාත්පසින්ම වෙනස් බව.කුසුම්,කියනවා වගේ අපි අපේ හිත් වෙනස් කර පිරිසිදු චේතනාවෙන් මෙදෙස බැලුවොත් නිකන් සාමාන්‍ය ඇඳුමක් විතරයි මේක.සතුටුයි විදේශිකයන් අපේ ජන ක්‍රීඩා හා එකතු වීම ගැන. (නි)
තරිදු කියන දේ සහතික ඇත්ත. මෙතන ඉන්න කාන්තාවෝ කිසි කෙනෙක් අසභ්‍ය විදිහට ඇඳගෙන නැහැ. ඒගොල්ලෝ ඉන්නේ මුහුදු වෙරළට සහ උණුසුම් දේශගුණයට ඔරොත්තු දෙන්න ඇඳගෙන.(නි)
ලංකාවේ සංස්කෘතියට ගැළපෙන විදියට කළා නම් තවත් හොඳයි (නි)
කාන්තාවන් බක්මහ උළෙලේ තරඟ වල මේ විදියට යෙදෙනවා අද තමයි දැක්කේ මගේ ජීවිතේ පළමු වතාවට. (නි)
සුසන්ත,ජීවන්ත මේ ඔවුන් මුහුදු වෙරළේ දහවල් කාලය ගත කිරීමට අඳින ඇඳුම්.ඒ ඔවුන්ගේ සංස්කෘතිය.අපිට සංචාරකයන්ගේ එවැනි දේ වෙනස් කළ නොහැකියි.නමුත් සමහර අපේ කාන්තාවන් අඳින ඇඳුම් වලට වැඩිය නම් මේ දේවල් හොඳයි වගේ (නි)
ලෝක වාසි සියල්ලන්ටම සුභ අලුත් අවුරුද්දක් වේවා (දී)
හැමෝගෙම අදහස් කියවල කුසුම් අක්කගේ අදහස් කියවන්න පෙර සංස්කෘතිය ගැන ලියන්න හැදුවේ ලියන්න දෙයක් නැහැ කුසුම් අක්ක හරි දේ ලියල තියනවා (දී)
ඇදුමේ ප්‍රශ්නය ඇතිවන්නේ, ඇදුම දිහා බලන කෙනාගේ මනසෙහි .එහෙමනම් අපි පිහිනුම් තරග වලට සහභාගී වන ක්‍රීඩිකාවන්ටත් ඇදුමේ ප්‍රශ්නය යොමු කරමුද ? (දී)
අපගේ ජාතික සංස්කෘතික උත්සව වලදී කොතරම් සැහැල්ලුවෙන් සහ සහජීවනයෙන් අප එකිනෙකා සමග මෙවන් උත්සව සමරනවද කියන දේ විදේශිකයන්ටත් පෙන්වා දීපු තවත් වටිනා අවස්ථාවක්. හැබැයි සුසන්ත මහත්මය, අර කියපු සංස්කෘතික නොගැලපීම නම් තියෙන්නේ, ඒ අයගේ ඇඳුම් වල නොවෙයි. අපේ සමහර අයගේ සිතුවිලි තුලයි. (දී)
සුභ අලුත් අවුරුද්දක් වේවා (දී)
ලෝකෙටම අපේ දේ අරගෙන යන්න හොද ක්‍රමයක් (දී)
සුසන්ත හරි ඇඳුමේ නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා (දී)