ඉතාලියේ පුරවැසි බව ඇති ශ්‍රි ලාංකිකයන්ට එරට පොදු ප්‍රවාහන සේවාවල (දුම්රිය ,බස් රථ හා ට්‍රෑම් රථ )රියදුරන් ලෙස සේවය කිරීමට අවසරය 2014 මාර්තු 22 වන දින ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර ඇත .
මිට පෙර ඉතාලියේ පුරවැසියනට පමණක් පොදු වාහන පැදවීමට අවසර තිබිණි.
2014 මාර්තු 04 වන දින නිකුත් චක්‍රලේඛනයට අනුව එම නිතිය සංශෝදනය කර තිබේ.නිත්‍යානුකුලව ජිවත්වන සියලුම විදේශිකයනට මෙම අවස්තාව ලබාදී ඇත .මෙමගින් ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයන්ට ලැබෙන රැකියා ප්‍රමාණය වැඩිවීමක් දක්නට ලැබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙනම් එන්න එපා (දී)
හොඳ දෙයක් (නි)
කමක් නැහැ කවුරු මොනවා කිවුවත්. කොහොමත් හොඳ වැඩක් කරන්න යද්දී ප්‍රශ්න ඇති වෙනවා තමයි (නි)
මේ අචින්ත, ඔච්චර ඉන්න අමාරු නම් ඇයි ඔයා ඉතාලියේ ඉන්නේ?ලංකාවට ඇවිල්ලා හේනක් කොටාගෙන හිටියා නම් ඉවරනේ (නි)
සජි ,වෙරෝනා අපේ අය ලොරි වලටත් බස් කියනවා.චමින්ද, අනුන්ට ඇඟිල්ල දික්කරන්න කලින් තමන් හරිද කියලා හිතලා බලන්න ඕනෑ.මේකේ කියන්නේ පොදු ප්‍රවාහන සේවාවන් සඳහා රියදුරන් වශයෙන් සේවය කළ හැකි බවයි.ලංකාවේ සීටීබී බස් වගේ රජයේ බස් රථ සදහා රියදුරු සේවයේ යෙදිය හැකි බවයි. (නි)
ඉතාලියේත් අනතුරු වැඩි වෙයි.(නදී)
ඉතාලියේ වෙරෝනා නගරයේ අපේ කොල්ලෝ බස් රියදුරන්ලෙස කටයුතු කරන්නේ ගොඩක් කල් සිට.(නදී)
මොන රටක උනත් පුරවෑසි භාවය ලබාගත්තට පසුව එම රටේ ඉපදුන ජාතිකයෙකුට හිමි සමාන අයිතිවාසිකම් ලෑබෙනවා. ඉතාලියේ මගී ප්‍රවාහන ආයතන විදේශික රියදුරන් බදවා ගෑනීමක් කරේ නෑහෑ. නමුත් දෑන් අලුත් නීතිය යටතේ දීර්ග කාලීන වීසා බලපත්ත්‍ර ඈති අයටද මෙම තනතුරු වලට අයදුම් කිරීමට පුලුවන් වී ඈත.(නදී)
සමන් නම ප්‍රබාකරන් කියල දාගත්තොත් නියමයි.(නදී)
මෙය ආදර්ශයට ගනිමින් උතුරේ ජනතාවට ඉඩම් හා පොලිස් බලතල ලබාදී ඔවුන්ගේ ආයිතිවාසිකම් ආරක්ෂා කරන බව ලොවට පෙන්විය යුතුයි.(නදී)
මොන රැකියා දෙනවා කිව්වත් ඉතාලියේ . ඔය ඉල්ලන ඒවාට පළමු සුදුසු කම දෙන්නේ ඉතාලි ජාතිකයන්ට . මොකද ඉතාලියේ රැකියා විරහිත භාවය ඉහල ගොස් රජයට දරා ගන්න බැහැ . එනිසා ස්ථාවර රජයක් කලකින් ඉතාලියේ බිහිවුනේ නැහැ මේවට පුහු ප්‍රතිචාර දමන අයට පිස්සු .කරුණු නොදැන (දී)
අපේ කට්ටිය ධිවර බෝට්ටු එලවනවා වාගේ මෙම වාහනත් පදවන්නේ (දී)
සමන් ආවට ගියාට අදහස් ප්‍රකාශ කරන්න එපා මල්ලි, ලංකා පුර වැසි කම තිබෙන ඕනෑ කෙනෙකුට ඉල්ලීම් කරන්නට අයිතිය තිබෙනවා නමුත් තෝරා ගන්නවාද ? නැද්ද තීරණය කරන්නේ ඒ වැඩේ කරන මිනිහම තමයි .ඔබට ජය. (දී)
ඉතාලියට මේ වරප්‍රදාසය ආවේ අද වෙන්නැති අනෙකුත් යුරෝපා රටවල නම් සුදුසු කම් තියෙනවා නම් අහස් යාත්‍රා වුනත් එලවන්න පුළුවන් (දී)
සමන් ඕයා ඉන්නේ මේ ලෝකෙද නැත්නම් පිට සක්වලද (දී)
කලින් තිබ්බෙ ඉතාලි පුරවැසි භාවය අනිවාර්යයයි කියල මේව එලවන්න.දැන් පුරවැසි භාවය නැති එහෙ වීසා ව්ලට ජොබ් කරන අයටත් පුලුවන්ලු. (දී)
ඉතාලියේ ගමනාගමනයත් ඉවරයි. (ස)
මගේ අම්මෝ එන්න නම් එපා
ඇත්තටම හොඳ වැඩක්. පුළු පුළුවන් අය වැඩක් කර ගන්න (දී)
කරුණාකරලා මේ අවවාදයත් ප්‍රචාරය කරන්න .. මේ වගේ අවස්ථාවල තමයි අපේ ලංකාවේ ඉන්න කපටියෝ ලංකාවේ ඉන්න මිනිස්සුන්ව රවටල ,ගෙවල් ඉඩම් උගස්කරවල ,හතර අතටම නය කරවල ,අහසේ මාලිගාවල් පෙන්නලා මෙහෙට ගෙනල්ල මිනිසුන්ව අතරමන් කරන්නේ .ඒ වගේ රැවටිලා ආපු අය ගොඩක් මෙහෙ ඉන්නවා ...පාරවල්වල ජොබ් හොයහොය රස්තියාදු වෙනවා .සමහරු පාරවල්වල අඩ අඩ යූරෝ එකදෙක ඉල්ලනවා ,ඒ අයට ජොබ් දෙනවා කියල ගෙන්නපු අය ඒ අයව අතරමං කරලා .ඉතින් මේ වගේ වාතාවරණයක් මෙහෙ ඉතාලියේ තියෙද්දී තවත් මිනිස්සුන්ට අමාරුවේ වැටෙන්න දෙන්න එපා . (දී)
මෙම ලිපියේ තිබෙන දේ ගැන වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? (නි)
ඉතාලි රජය මෙහෙ රැකියා නැති බව දැන දැනත් බදු වලින් සල්ලි ලැබෙන නිසා වීසා නිකුත් කරනවා.පහුගිය කාලේ මේ වීසා වලට ලක්ෂ ගානක් විදේශිකයෝ ඉල්ලුම් කරලා තිබුනා.ඒ මඟින් ඉතාලි රජය කෝටි ගණනක් යුරෝ හම්බ කළා.අනික විදේශිකයන්ගෙන් ලැබෙන සල්ලි දැන් ඉතාලියට ඕනෑ.ඒ තරම්ම ඉතාලිය වැටිලා තියෙන්නේ.ඒ නිසා දෙපාරක් මේ ගැන හිතන්න (නි)
මොන විදිහට චක්‍රලේඛන ගෙනාවත් මෙහෙ විදේශිකයන්ට මොන රැකියා අවස්ථා දෙනවයි කියලා ඉතාලි රජය කිවුවත් තමන්ගේ රටේ මිනිස්සුන්ටවත් රැකියා දීගන්න බැරුව කොහොමද විදේශිකයන්ට රැකියා දෙන්නේ? දවසට රැකියා ඉල්ලලා උද්ඝෝෂණ කීයක් ඉතාලි මිනිස්සු කරනවද? ඉතාලියේ හැමතැනම වැඩපොළවල් වැහෙනවා ,සේවකයින්ව රස්සා වලින් අස්කරනවා ,දීමනා කපනවා ,රැකියාවක් හොයාගන්නවත් නැහැ.ඉතින් කොහොමද විදේශිකයන්ට රැකියා දෙන්නේ? විදේශිකයන්ට ඔහොම චක්‍රලේඛනයක් නිකුත් කරනවා නම් ,සිකුරටම ඉතාලි රජයට සල්ලි හොයාගන්න ක්‍රමයක් ඕකේ යටින් ඇති (නි)
සමන්, ලංකාව ඉන්දියාව වගේ නෙමෙයි. (නි)
හැබැයි ලංකාවේ දෙමළ ජනතාවට පුරවැසිබව තිබුනත් හැම තනතුරකටම ඉල්ලුම් කරන්න බැහැ නේද? (නි)
මට පුදුමත් හිතුනා. අපේ රටේ කට්ටිය ඔය රටවල මොනවද කරන්නේ? (නි)
අනේ මන්දා මේ කතා? කොහොම වුණත් දැන් වසර දෙකක විතර ඉඳලා මේ වෙරෝනා නගරයේ අපේ රටේ තරුණයෙක් බස් රථයක රියදුරකු ලෙස වැඩ කරනවා (නි)
ඉතාලියේ ඉන්න කෙනෙක් මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න.මේ නීති වෙනස් වීමට කලින් පොදු ප්‍රවාහන සේවයට සම්බන්ධ වීමට හැකි වුයේ ඉතාලි ජාතිකයන්ට පමණක්ද? ඉතාලි පුරවැසිකම ලැබූ විදේශිකයන්ට මේ රැකියාවල් කිරීමට අවසර නොතිබුණේද? මට හිතාගන්න බැරි මේ කියන්නේ ඉතාලි පුරවැසිකම ලැබූ විදේශිකයන් ගැනද ,එහෙමත් නැත්නම් ස්ථිර පදිංචි වීසා හිමි විදේශිකයන් ගැනද කියායි. (නි)
නියමයිනේ... (නි)
නීති ගරුක බව ,ඉවසීම කියන දෙක නැතුව මේ රැකියාවල් එකක්වත් කරන්න බැහැ.සියල්ලටම කලින් මේ දෙක පුරුදු පුහුණු විය යුතුයි(දිල්)
අනේ මට තේරෙන්නේ නැහැ. ඉතාලියේ නෙවේ ඕනෑම රටක පුරවැසිකම තියෙනවා නම් එම රටේ ඕනෑම තනතුරකට ඉල්ලුම් කරන්න පුළුවන්. (අදාල සුදුසුකම තියෙනවා නම්) (ස)