ශ්රී ලංකා යුද හමුදා පොලිස් සේවා බළකායේ මාණ්ඩලික සැරයන් උදය බණ්ඩාරගේ පුත් නව හැවිරිදි කේ එම් ජී ඩබ්ලිව් දිල්නෙත් බණ්ඩාර පුතාට වැළදී ඇති පිළිකා රෝගය( Acute Lymphoblastic Leukemia ) සුවපත් කැර ගැනීම සඳහා ඇට මිදුලු බද්ධ කිරීමේ සැත්කමක් (Bone Marrow Transplant) කළ යුතු යැයි මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය වසන්ත රත්නායක මහතා කියයි.
දිල් නෙත්ගේ තුන්හැවිරිදි බාල සොහොයුරාගේ ඇට මිදුලු ගෙන කළ යුතු මේ සැත්කමට ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් ශ්‍රි ලංකාවේ නැති බැවින් දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ එය එය සිදු කිරීමට රුපියල් තිස්පන්ලක්ෂ අසු එක්දහසක් වැය වන බව වෛද්‍යවරුන් කියා ඇතැයි යුද හමුදාවේ සන්නද්ධ හමුදා හා පොලිස් සුබ සාධන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මේජර් ජනරාල් ඩබ්ලිව් ආර් වසන්ත කුමාර මහතා පවසයි.
මෙම දරුවාගේ මව කොළඹ ජාතික රුධිර පාරවිලයන සේවයේ හෙද නිලධාරීනි එම් කේ ආර් චන්ද්‍රෙස්න මහත්මිය දරුවාගේ අසනීප තත්ත්වය නිසාම සේවයට වාර්තා නොකිරීමෙන් වැටුප් නතර කැර ඇත.
තමාට ලැබෙන මාසික වැටුපෙන් දරුවා සුවපත් කැර ගැනීමට අවශ්‍ය මුදල් සොයාගත නොහැකි බව සැරයන් උදය බණ්ඩාර කියයි. ඔහු වැඩි කලක්ම සේවය කළේ උතුරේය.
ඉගෙනීමට ද දක්ෂ තම පුතා සුවපත් කැර ගැනීමට ආධාර උපකාර කරන ලෙස ඔහු එතෙර මෙතෙර පරිත්‍යාශිලින්ගෙන් ආයාචනය කරයි.
ලංකා බැංකුවේ නාරාහේන්පිට ශාඛාවේ ඔහුගේ බැංකු ගිණුම් අංකය කේ.එම්.ජී ඩබ්ලිව්.යු බණ්ඩාර -75271997
සැරයන් උදය බණ්ඩාරගේ දුරකතන අංක. 071-8085378, 077-4377689

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද ජයග්‍රහණය සමරන්න කොච්චර සල්ලි වියදම් කරනවද ?. ඇයි මේ රණවිරුවාගේ දරුවට මුදලක් ලබාදෙන්න ක්‍රමයක් නැත්තේ. රණවිරුවන්ට උපහාර කරන්න ඕනා එහෙමයි.(නදී)
මමත් පුළුවන් විදියට පොඩි ගානක් දැම්මා. මේ පුතාට ඉක්මන් සුවය පාර්ථනා කරනවා (නදී)
හරිම ලස්සන දරුවෙක් (නි)
අද අපි පුතාට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරලා රුපියල් 30,000/- ක් බැර කළා... දෙන්න කියලා අතේ තිබ්බේ එච්චරයි... පුතේ නුඹට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... (බ)
අපි පුලුවන් විදිහකට උදවු වෙමු නේද? (නි)
පුළුවන් විදියට පුංචි ගානක් දැම්මා. ඉක්මන් සුවය පතනවා. (නදී)
දෙවි පිහිටෙන් මොහුට පිහිට වෙන්න (නදි)
ඉක්මන් සුවය ලැබේවා (දිල්)
අනේ පවු අහිංසක දරුවෙක් (නි)
අදරයක තරම (ස)
මට මතකයි මේ දරුවා ගැන මීට පෙර මුදල්එකතු කරා. නැවතත් මොකද උනේ? අපි කැමතියි උදව් කරන්න. නමුත් හරි පැහැදිලි තොරතුරු අපිට ලබා දෙන්න. මම දොස්තරව අඳුරනවා. කතා කරලා බලන්නම්. තෙරුවන් සරණයි. (ස)
ඇමතිවරු බදු ගෙවනවා නම් කොච්චර ලොකු අරමුදලක් හදන්න පුලුවන්ද? දැන් කාලේ විස කෑම නිසා මේ ලෙඩ වැඩිවෙයි.. සිංහල බෙහෙතුත් ඒකට කලාට කමක් නැහැ. ඇමරිකාවේ එහෙම කරන විශේෂඥනයෝ ඉන්නවා. ටී.වී වැඩසටහනුත් කරනවා.(නදී)
මේක සේවා වනිතා යටතේ කරන්න පුළුවන් දෙයක්. ලක්ෂයකට වඩා සිටින යුධ හමුදාවේ ,එක් අයෙක් රුපියල් 50/ ක් පරිත්‍යාගයක් කරොත් මුදල් ප්‍රශ්නේ හරි, අවශ්‍ය විනිවිධ භාවය හා විස්වාසය තහවුරු කිරීම පමණි. පුතුට ඉක්මන් සුවයට මාර්ගය පෑදේවා.! (නදී)
මටත් ඉන්නවා මේ පුතා වගේ පුතාල දෙන්නෙක්. ඒ වගේම මේ තාත්තත් රට බේරගත්තු රණ විරුවෙක්. මමත් රුපියල් 5,000 ක් දැම්මා. ඉක්මනට හොඳ වෙන්න පුතේ.(නදී)
පුතේ ඔයාට ඉක්මනින් සුවය ලැබෙනවා.(නදී)
පිලිකා රෝග වකුගඩු රෝග සියල්ලම හොද කරන සිංහල වෙද මහත්තයෙක් ඉන්නවා. රුපියලක්වත් ගන්නේ නැහැ. නුවර ඉදන් වත්තේගම බස් එකක නැගලා පිියේ ගෙදර හංදියෙන් බහින්න. එතනින් ත්‍රීෙරා්ද රියකට නැගලා කියන්න කොන්ඩේ බැදලා ඉන්න වෙද මහත්තයගේ ගේ ලගට එක්ක යන්න කියලා.(නදී) .
බුදු සරණයි (අ)
චන්දවලට කෝටිගණන් වියදම් කරන මිනිසුනේ දෙනෙත් වලින් බලත්වා අපි හැමෝම මැරෙන මිනිසුන්ය මම නිහාල් අකුරෙස්ස. (දී)
පළමුවම පුතේ ඔයාට එක්මන් සුව පාර්ථනා කරමි. මට පුළුවන් පරිදි පරිත්‍යාගයක් කරන්නම් . පුතේ ඔයාට බුදුසරනයි නිහාල්.අකුරෙස්ස, (දී)
අපිත් පුළු පුළුවන් අයුරින් උදව් කරන්න ඕනේ (දී)
වාර්තා වන අන්දමට යුද හමුදාවේ සේවක පිරිස 203,000 පමණය.එක සාමාජිකයෙක් රුපියල් 17.50 බැගින් පරිත්‍යාග කළොත් මෙම දරුවාගේ සැත්කම සාර්ථකව කළ හැක. මා. සැ.උදය බණ්ඩාර සගයා වෙනුවෙන් පිහිට වන්නට ස්වර්ණමය අවස්ථාවක් ඔවුනට උදාවී ඇත. (නදී)
අනේ ඔය රණ විරුවොන්ට සලකන විදිහ ද ? මුළු රටටම පෙන්නන්නේ නම් රණ විරුවෝ තරම් තවත් කට්ටියක් නැහැ කියලා. (නදී)
පුතා වෙනුවෙන් අපි පෙරේද රුපි.5000ක් දැම්මා.රත්තරන් පුතාට හැමෝගේම ආදාර ලැබිලා ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රර්ථනා කරනවා ! (අ)
ඇත්තටම කව්රු කව්රුත් එකතුවෙලා මේ ළමයට උදවු කරන්න.ඉක්මනට ..(අ)
මන් සල්ලි තියන කෙනෙක් නෙවේ. මගේ ලේ වර්ගය o -. කැමති නම් මන් මගේ ඇට මිදුලුත් දෙන්න කැමතියි. මට කතා කරන්න.0766960012. මම එරංග දසනායක.(නදී)
අප කැමතියි යෝජනා කරන්න ජනාධිපතිගේ පටන් මැති ඇමතිවරු (මැති සබේ හා පළාත් සභා) සියලු දෙනාම මෙවැනි ආපදා අවස්තාවකදී රුපි. 10,000 බැගින්ද, ත්‍රිවිධ හමුදාවල ලොක්කන් රුපි. 5000 බැගින් පරිත්‍යාග කර ආදර්ශයක් දෙන්න කියා. එවිට රටේ සාමාන්‍ය ජනතාව රුපියල බැගින් දුන්නත් මේ දරුවා ගොඩ. මේ දේ සිදු නොවුන හොත් ඒ අය දකින දකින වෙලාවට සැලියුට් නොගහ ජනතාව වෙත හැරෙන්න. ඒ වගේම දේශපාලකයන් වෙනුවෙන් සාමාන්‍ය මිනිසුන්ගේ ඉළ ඇට අත ගෑමත් නතර කරන්න. මේ දරුවා කාගේ කාගේ හරි ආධාරයෙන් ඉක්මනින් සුවපත් වේවා! (දී)
කොච්චර මේ වගේ දරුවෝ යුදෙදී මැරෙන්න ඇතිද (දී)
ඉක්මන් සුවය !!හමුදා සුබසාදනයෙන් මෙම අවශ්‍යම කාරිය ඉටුකළහැකි කරුණකි ..මෙයට උපකාර ලැබේවි . (දී)
ජනාධිපති අරමුදලින් ඇයි කොටසක් හෝ ලබාදෙන්න බැරි මේ අහින්සක දරුවා වෙනුවෙන්... (දී)
ඇත්තටම දුක හිතෙන කතාවක්, අපි සියලුදෙනාම එක්වන උදව් කලානම් මේ පුංචි පුතාව ඉක්මනට බේරගන්න පුළුවන්, (දිල්)
එක මන්ත්‍රී කෙනෙක් රු ; 25000/= බැගින් දීලා පින්සිදු කරගන්න අපිත් පුළුවන් උදව්වක් කරන්නම්. (අ)
පුතේ, අපිට පුළුවන් විදියට ඔයාට පිහිට වෙන්නම්. සුව ඇමති තුමනි? මේ දරුවගේගේ මවට වැටුප් සහිත නිවාඩු දෙන්න.. (අ)