මහින්ද රාජපක්ෂට, රනිල් වික්‍රමසිංහට, මාදුළුවාවේ සෝභිත හිමියන්ට හෝ පක්ෂවල කොටස් එකතුකර ජනතා විමුක්ති පෙරමුණේ කුණු ගොඩ එකතු කැර හදන්න යන සන්ධානයට හෝ පීඩිත ජනතාවගේ පරකර ශ්න විසඳිය නොහැකි බවත් ඒ වෙනුවෙන් සැබෑ විකල්පයක්වෙශ්‍යය බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ පවසයි
ඔහු මේ බව පැවසුවේ ‘බොනපාට් ලොකුද? අපේක්ෂකයා පොදුද? අපේක්ෂාව සුදද?‘ යන මැයෙන් පැවති සම්මන්ත්‍රණය අමතමිනි.
‘‘දැන් රටේ ඇතිවෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නය පොලිසියේ හරි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ හරි, කොස්තාපල් පුඤ්ඤසෝමගේ හරි ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සමාජ ප්‍රශ්නයක්. සමාජයක් විදියට වගකියන්න ඕන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කරන ඔක්කොම අය කියන්නේ මහින්ද එලවමු කියා. අපිත් කියන්නේ මහින්දට නම් තව තප්පරයක්වත් ඉන්න දෙන්න බෑ, අනිවාර්යයෙන්ම එලවන්න ඕන කියලා. අපිට ඒ ගැන කිසිම විවාදයක් නෑ. හැබැයි අපි මහින්ද කියන්නේ ඔය ෆොටෝ එකේ ඉන්න මහින්දට නෙමෙයි. අපි මහින්ද කියන්නේ මහින්ද කියන ප්‍රතිපත්තියට, වැඩපිළිවෙළට, දැක්මට. ඒ දැක්මට තව තප්පරයක්වත් ඉන්න දෙන්න බෑ. ඒ ප්‍රතිපත්තියට ඉන්න දුන්නොත් මේ සමාජය ඉතිරි වෙන්නේ නෑ.
දැන් ඔක්කොම එනවා ‘මහින්ද එළවමු’ කියලා. එක උදාහරණයක් විදියට එක්සත් ජාතික පක්ෂයත් එනවා. ඒ ගොල්ලොත් නව ලිබරල් ධනවාදයට පොඩ්ඩක්වත් විරුද්ධ නෑ. ඒ ගොල්ලෝ කියන්නේ සරම ඇඳගෙන ඒක කරන එක වැරදියි, කලිසම් කෝට් ඇඳගෙන කරන්න ඕන කියලා. කලිසම් කෝට් ඇඳගෙන කෙරුවත්, සරම ඇඳගෙන කෙරුවත් කරන්නේ නව ලිබරල් ධනවාදයම තමයි.
දැන් සමහර ඉරිදා පත්තර කොලම්වලින් අදහසක් හදන්න යනවා රනිල් ප්‍රජාතන්ත්‍රවාදීයි කියලා. රනිල් ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්න නම් මැරිලා ඉපදෙන්න ඕනෑ.
1990ට කලින් ඉපදුණ මිනිස්සු දන්නේ නෑ. ඊට කලින් ඉපදුණ මිනිස්සු දන්නවා 1980 දශකය අගභාගයේදී බටලන්ද ප්‍රදේශයේ වධකාගාරයක් හදලා තරුණ තරුණියන්ට වද දීලා මැරුවේ කවුද කියා. ඒකට නඩුවකුත් විභාග වුණා. ඒ ඔක්කොම අමතක කරලා රනිල් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවා කියා පිළිගන්න කියලා තමයි කියන්නේ. එක්සත් ජාතික පක්ෂය යෝජනා කරන්නේ එහෙමයි. නවලිබරල් ධනවාදී ප්‍රතිපත්තියට මොකුත් කියන්නේ නෑ.
දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා ‘‘මම තමයි පොදු අපේක්ෂකයා, පක්ෂ 22ක සහය මට තියනවා’’ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නෙත් මම තමයි පොදු අපේක්ෂකයා කියලා. කාට පොදුද දන්නේ නෑ.
යූඇන්පීය කාලයක් කිය කියා හිටියා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. දැන් ඒක කියන්නෙත් නෑ. දැන් කියන්නේ රනිල් මහින්ද එලවීමේ පොදු අපේක්ෂකයා කියලා. රනිල්ට ඕන මහින්දව එලවන්න වෙන්න ඇති. නමුත් අපිට ඕන මහින්දගේ ප්‍රතිපත්ති, දැක්ම එළවන්න.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම ගැන දැන් රටේ සංවාදයක් ඇතිවෙලා තියෙනවා. ‘‘විධායක ජනාධිපති ත්‍රමය එලවීමේ පොදු අපේක්ෂකයා මමයි’’ කියලා දුසිම් ගණන් ඇවිල්ලා කියනවා. ජනතා විමුක්ති පෙරමුණ කියනවා එක්සත් ජාතික පක්ෂයෙනුයි, සන්ධානයෙනුයි කට්ටිය අරගෙන නව පෙරමුණක් හදන්න ඕන කියලා. ඔය හදන්නේ එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩයි, සන්ධානේ කුණුගොඩයි එකතු කරලා අළුත් කුණුගොඩක් හදන්න.
කම්කරුවෝ, ධීවරයෝ, ගොවියෝ, ශිෂ්‍යෙයයෝ, කාන්තාවෝ, තරුණයෝ පීඩනයට පත්වෙලා ඉන්න මේ සියළු දෙනා දේශපාලන වේදිකාවට කැඳවන්න ඕන ඒ අයගේ අපේක්ෂාව මොකද්ද කියලා අහන්න. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1980 අග භාගයේදී වදකාගාර හදලා, තරුණයින්ව මරලා, ප්‍රශ්න විසඳන තත්වයට රට පත්කළේ අඟහරු ලෝකෙන් ආපු කට්ටියක් වෙන්න ඇති නේද ? එක ලියුම් කෑල්ලෙන් කඩ වහලා, රජයේ දේපොළ ඔක්කොම ගිනි තියලා , පළමුවෙන්ම ඡන්දෙ දාපු අයව මරලා ප්‍රජාතන්ත්‍රවාදය රැකපු හැටි මට තාම මතකයි. ජවිපෙ තමන් කරපු වැරදි යම් තරමකට හෝ පිළිගෙන ඒ වැරදි ගැන කනගාටු වෙනවා. නමුත් මේගොල්ලෝ ඒකට විරුද්ධ වෙලා තමා ජවිපෙන් අයින් උනේ. මේගොල්ලන්ටත් සාමාජිකයෝ තුන් හාරසීයක් ඉන්න බව පේනවා. (නදී)
අනේ අපේ රටට මොනව වෙයිද...? (නදී)
හැබැයි මෙයාල කියන්නේ නැහැ මෙයාලගේ නායකයා ඕස්ට්‍රලියාවේ සැපට ඉන්නවා කියල. අපේ අහිංසක දුප්පත් කට්ටිය කඩේ යවන එකයි මෙයාල කරන්නේ. (නදී)
ඔබ සටන් කරන්න. අපි බලාගෙන ඉන්නවා (නි)
පක්ෂය මොනවා වුණත්, කියන පුද්ගලයා කවුරු වුණත් කියලා තියෙන්නේ ඇත්තක් නම් එය පිළිගත යුතුයි. (නි)
අනේ අපේ රටට මොනව වෙයිද...? (ස)
එදා ඉඳලම රට කාපු වාමන්ශිකයෝ, සිංහල ද්‍රෝහියෝ නොයෙකුත් නම් වලින් පෙනී සිටිති. (ස)
ජනතා විමුක්ති පෙරමුණ අතහරපු සමාජ වෙනසක් සඳහා සටන ඔබ පටන් ගැනීම ගෙන සතුටුයි . ජයවේව (අ)
ගජමන් උන්නැහේ හරියටම හරි. මේ කුරුටු ගාමියන හිතන් ඉන්නේ ඒ ගොල්ලෝ අලි කියලා වගේනෙ! (අ)
විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සහ අනෙකුත් ක්‍රියාකාරකම් විනාශ කර නවක ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාල එපා කරවන කොන්ත්‍රාත්තුව අරන් ඉන්න පෙරටු ගාමියෝ අනුන්ට ඇඟිල්ල දික් කරන්නේ තමන්ගේ වැරදි වහගන්න නේද?ලංකාවේ තියෙන ලොකුම ගඳම කුණුගොඩ තමයි ඔය. (අ)
වෙලාවකට පව් කියලත් හිතෙනවා. (අ)
නැහැ එයා කුරුටු ගාමි (අ)
පෙරටුගාමී පක්ෂේත් ජේවිපි කුණු ගොඩෙන් විසි උන කුණු ටිකක් තමා (අ)
අනේ ඉතින් කියන්නකෝ ඔයාගේ වෙනස් ක්‍රමය ...වේදිකාවට කියන කොටම එනවනම් ඉතින් මෙහෙම අවුලක් නෑනේ ...එ්කනේ විවිධ ක්‍රම ඉදිරිපත් වෙන්නේ ...පුබුදු කියන්නකෝ ඔයාගේ මහා වෙනස් ක්‍රමය. (ස)
මොකක් ද නුඹලාගේ ඉදිරිපත් කිරීම.කාටද සහය දෙන්නේ. (ස)
ඉතින් අපි දාමුකෝ පෙරටු ගාමියෙක්ව පොදු අප්ක්ෂකයා කරලා. අර ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනා ගෙන්නලා දාන්න පුලුවන්නම් කට්ටිය පොර කාල ඡන්දෙ දේවි. එයාගේ පවුලේ ෆොටෝ එක දැක්කම තේරෙනවා එයාට පුළුවන් කියල පිඩිත පන්තිය එක වේදිකාවකට කැඳවන්න. ත්‍රිවිල් එකක පටවන්න කට්ටිය නැහැ. ඒ වුනාට කතා කරන්නේ ඉර හද අල්ලන්න.(නදී)
කරුණාකරලා කියනවා නම් හොඳයි මේ අයගේ විසඳුම මොකද්ද කියල? "කම්කරුවෝ, ධීවරයෝ, ගොවියෝ, ශිෂ්‍යෙයයෝ, කාන්තාවෝ, තරුණයෝ පීඩනයට පත්වෙලා ඉන්න මේ සියළු දෙනා දේශපාලන වේදිකාවට කැඳවන්න ඕන ඒ අයගේ අපේක්ෂාව මොකද්ද කියලා අහන්න". කොහොමද මේක කරන්නේ? මේකට අපි කවුරුත් දන්නා ක්‍රමය තමයි ඡන්දය කියල කියන්නේ. ඒකෙන් පිට ක්‍රමයක් අපි දන්නේ නැහැ. 1990ට කලින් ඉපදුණ මිනිස්සු දන්නේ නැත්තේ නැහැ තරුණ තරුණියන්ට වද දීලා මැරුවේ කවුද කියා. අපි දන්නවා ජේවීපී එක කල වැඩත්, හමුදාව කල වැඩත් දෙකම. කරුණ කරලා විකල්පය මොකද්ද කියල පැහැදිලි කරන්න. නැතුව කෑ ගැහුවට කිසි වැඩක් නැහැ.(නදී)
මම හිතන විදිහට බලන්ඩ ඌව පළාතට තරඟ කරන්ඩ. ඔබලා ඔය කියන දේ මහා ජනතාව පිලි ගනීද කියලා. විශාල තර්ක අවශ්‍ය නෑ. මහජනතාව පිළිගන්න කණ්ඩායමකට එකතු වෙන්ඩ නැත්නම් තනියම එන්ඩ. (නදී)
මේ අයට පිස්සුද ? (නදී)
නියම කතාව (නදී)
තවමත් ලංකාවේ තිබෙන ප්‍රදාන ප්‍රජාත්‍රන්තවාදී පක්ෂය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි . ඔය පසුව පැමිණි නොයෙකුත් විමුක්ති වැඩි පක්ෂ සහ සුළු පක්ෂ වල එය නැහැ. 1971 සිට ජිවත් වන කෙනෙක් හැටියට මට පැහැදිලි දෙයක් . (නදී)
පෙරටුගාමීන්ට පිස්සු. මහින්ද මහත්තයෝ නුඹ අපේ දෙයියෝ. චිරාත් කාලයක් දිනේවා. අපට සාමය ලබාදුන් ඔබට සැමදා සෙත් පතමි. (නදී)
මේ අයට පිස්සු (නදී)
1980 දශකය අගභාගයේදී බටලන්ද ප්‍රදේශයේ වධකාගාරයක් හදලා තරුණ තරුණියන්ට වද දීලා මැරුවේ කවුද ? පොදු පෙරමුණු ආණ්ඩුව කාලේ මේ නඩුවෙන් රනිල් මහතා නිදොස් කොට නිදහස් කලා නේද? (නදී)
කුරුට්ටන්ගේ විසඳුම දැනගන්න ආසයි. ගොඩ වැඩිකරගැනීමේ විදිහ නම් අපුරුයි.(නදී)
මේ කුරුට්ටන්ට අදහස් දාලත් වැඩක් නෑ. " අනේ පුතේ කියල තමයි කියන්න තියෙන්නේ '' (ස)
අනේ මන්ද කුරුටුගාමී. (ස)