මාතලේ තැන්න ඕවිල්ල හා වේවැල්දෙණිය යාය යා කෙරෙන පාර අඩි තුනක්වත් නැත. ගැමියකු මළවිට සුසානයට රැගෙන යාම හරිම ප්‍රශ්නයකි. ගම්මානයේ පවුල් 50කි. ඔවුහු කුඹුරු අක්කර 25ක් යළමහ දෙකන්නයම වගා කරති.
මාතලේ තැන්න ඕවිල්ල හා වේවැල්දෙණිය යාය යා කෙරෙන පාර අඩි තුනක්වත් නැත. ගැමියකු මළවිට සුසානයට රැගෙන යාම හරිම ප්‍රශ්නයකි. ගම්මානයේ පවුල් 50කි. ඔවුහු කුඹුරු අක්කර 25ක් යළමහ දෙකන්නයම වගා කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම අදහස් කියෙව්වා, විවිදාකාර අදහස් තියෙනවා, මෙන්න මගේ අදහස, ඕනෑම ගමකට අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් තමයි පාරක් කියන්නේ, කාපට් නොකරට කමක් නැහැ, ත්‍රිවිල් එකක් යන්න පුළුවන් විදියටවත් පාරක් ලැබුනොත් මේ මිනිස්සුන්ට සහනයක් වේවි නේද....?(නදී)
අපි තවම ජීවත්වෙන්නය් අතීතයේද කියල හිතෙන්වා.(නදී)
මේ වගේ පොඩි පුවතක් උනත් මෙම පිටුපස විශාල විස්තරයක් ගැබ් වෙලා තියනවා. මට මතකයි අසූව දශකයේ ජර්මන් වාර්තාකරුවකු චීනයේ සංවර්ධන ඇමති කෙනෙක්ගෙන් ඇහුවා මොකද මේ චීනයේ සංවර්ධන කටයුතු පරිසරයට විනාශයක් වෙන විදියට කරගෙන යන්නේ කියලා. එතකොට ඇමති කිව්වා ඔයාල ලස්සන කුරුල්ලෝ බල බල ඉද්දි අපි බඩගින්න නිවාගන්න ඒ කුරුල්ලෝ දඩයම් කරලා කෑමට ගන්නවා අපේ බඩගින්න නිවාගන්න කියලා. ඒ වගේ තමා මේ ප්‍රතිචාර ලියන අයත්. දෙපැත්තටම හොඳයි නරකයි කියනවා. පිටරට ඉන්න අපට හා විදේශික සංචාරකයන්ට ඕන කොලපාට ශ්‍රී ලංකාවක්. ලංකාවේ ගම්මාන වල ඉන්න අයට ඕනේ කාපට් පාරවල් නොවේ ජීවත් වීමට පහසුකම් තියන ගම්මානයක්. මේ රටවලත් තියනවා ගම්මාන මැදින් යන කාපට් නොකරපු හොඳ පාරවල්. එතකොට හැම සංස්කෘතියක්ම රැකෙනවා වගේම ලස්සන ගම්මාන එහෙමම තියනවා. කොළඹ වගේ නගර නවීකරණයට ගොඩනගන්න පුළුවන්. අපට කොපමණ ආඩම්බරයක්ද විවිද ජන ජීවිත ශ්‍රී ලංකාවට තියනවා කියලා. ඔය අස්සෙන් ඉඳන් සමහර සිංගප්පුරුවවත් නොදැකපු උගත් දේශපාලනය කරන අය කියනවා ලංකාව ඒ වගේ කරන්න ඕන කියලා. ගිහින් බලන්න කී දවසක්ද සිංගප්පුරුවේ ඉන්න පුළුවන් කියල සැනසීමෙන්. මමත් අව්රුදු 37ක් ලෝකේ දියුණුම රටවල ජීවත් වෙලා දැන් ලංකාවේ ගම්මානෙක ජීවත් වෙන්න කටයුතු කරගෙන යනවා.(නදී)
ඕවට වග කියන්න ඕනෑ ඔය පළාතට පත්කරලා ඉන්න ආණ්ඩුවේ දේශපාළුවා. මොනවා උනත් ඡන්දෙ දිනලා ඇති. ඕකනේ වරද.(නදී)
29 ප්‍රකාශ කරන්න. අදහස් විතරක් වැඩක් නැහැ. මොනවා උනත් ඡන්දෙ දවසේ උදෙන් නැගිට්ටහම ඔය අදහස් වෙනස් වෙනවා, ඒකයි වරද.(නදී)
තව ඉවසනු බැහැ වහලුන් වනු බැහැ.(නදී)
අපේ සමහර අය හිතන්නේ සියලු දේට පවතින රජය වගකිව යුතුයි කියලා. මහනුවර පළාත් සභාව වැඩිපුරම පාලනය කළේ යු.එන්.පි ආණ්ඩු. ඒත් මේවටත් මේ රජයෙන් විසදුමක් දෙයි. තවත් පළාත් වල මේවා තියනවා. මොකද එක පාරටම ජපානය වගේ ටයර් හෝදලා පාරට වාහනේ දාන දවස අවේ නැහැනේ. මේ වගේ දේවල් පෙන්වීම ගැන ලංකාදීපයට ස්තුතියි.(නදී)
මේවා තමා ගමේ සුන්දරත්වය. නාගරික කිරීමේ හීන මානය නැතුව මේ ගම පළාත් ඒ විදිහටම සුන්දරව තුබුනොත් ඉන්න මිනිසුන්ගේ හදවත් ටිකත් සුන්දරව තිබේවි. කාර්පට් කිරීම යනු දියුණුව නොවන බව රටින් පිට ගිය අය හොඳටම දන්නවා. දූෂණයට මුල තමා හොඳ මාර්ග තැනීම. (නදී)
මේ ගම්මාන වල කාර් රේස් පදින අය නැති නිසා පාරවල් ඕනේ නැහැ.(නදී)
උතුම් රට හින්ද වෙන්නැති එම්බසිවල පෝලිමේ ඉන්නේ විසා ගන්න. (ස)
මේ ගමේ සිටින හැම කෙනෙකුම වගේ ,හැම පක්ෂයකම සිටින මහා පරාර්ථකාමීව ඡන්දය ඉල්ලන ,සිඟන හැම කෙනෙකුටම ඡන්දය දෙනවා නේද. අවශ්‍යතාවයක් ඇත්නම් පාරක් දැමීමේ අපහසු තාවයක් නැහැ. මම මෙහෙම කියන්නේ 1977 ට පෙර මහත්මා පළාත් පාලන සභාපතිවරුන් දෙදෙනෙකු යටතේ වැඩකල කෙනෙකු නිසා.(නදී)
වේල්යාය මැදින් පාරක් දෙන්ඩ ගොවියෝ අකමැති ඇති.(නදී)
"මගේ රට ඇත්තටම හැදෙන, හදන ක්‍රමයකට දායක වෙමු. එහෙම හොඳයි නේද ? "එහෙමනම් කාටවත් ඡන්දෙ නොදී වැඩේ පටන් ගමු. ගම රට හදන්න එන කෙනා තමයි ඉඩමක් කොටස් කරපු ප්ලෑන් අනුමත කරන්න ලක්ෂ 20 ඉල්ලන්නේ.(නදී)
කඔ ඇදිල්ලකින් තොර නිළධාරින් සංවර්ධනය කළ යුතු කෘෂි පාරක් බව දැන්වත් සිතෙවා. (අ)
බැලු බැලුමට කනගාටුදායකයි. (ස)
අපි මේවට හැමදාම කෑගහනවා. ඒත් ප්‍රශ්නය හෑමදාමත් එකම තෑන. (ස)
මොකද මම එහෙම කිවුවේ. අපේ සීයා මැරුණ දවසෙත් එයාව අරන් ගියෙත් මේ විදිහට. මාතලේ ඉඳලා හැතැප්ම 2 ක් යන්න වුණා මිනිය කරගහ ගෙන ඒ මදිවට කූඩැල්ලෝ පිරිලා. (ස)
ගමේ සුන්දරත්වය ගමේ තිබුණාදෙන්. ගමේ ඉන්න බැරි අය නගරෙට ආවදෙන්. අපිට නගරේ එපා වෙලා තියෙන්නේ. අපි තව ටික දවසකින් ඔය ගමට ගිහින් ජීවත් වෙන්නම්. (ස)
ඔන්න යාලුවනේ මගේ නමින් හොරට ලියන කෙනාට වැරදිලා. මාතලේ තියෙන්නේ දකුණේ නෙවිනේ. මං දකුණේ, මගේ සියත් දකුණේ, මීට අවුරුදු 26 කලින් මිය ගිය මගේ සීයාගේ අවසන් කටයුතු අපි දරු මුණුබුරන් එකතු වෙලා ඉතාමත් ගරු සරු ඇතිව කළා.මට ඕන තරම් අපහාස කරන්න. මට ගාණක් වත් නෑ.., ලජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයිලු. ඇති තරම් පව් කර ගන්න. ඒ පව් විඳවන්නේ ඔයාමයි (හොරට ලියන කෙනාටයි) (ස)
දකුණේ ඉපදිලා, දකුණේම, මිට වසර 26 කට පෙර මිය ගිය මගේ සීයාගේ ආදාහන කටයුතු කවුද අනේ මාතලේදී කළේ. (ස)
නාමල් සුනිමල් හරි.අපි ලංකාවේ ඉන්නකම් රටට දෙහි කප කපා රටින් පනින්නේ කොහොමද කියලා බල බල ඉන්නවා.රටින් මාරු වෙලා ලංකාව ලෝකයේ උතුම්ම රට කිය කියා ගුණ වයනවා. උතුම්ම රට නම් අපි ලංකාව දාලා ආවේ ඇයි ? අපි අපිටම බොරු කියා ගන්නවා. (ස)
චන්දි, ඔය අකරතැබ්බයම මටත් මීට සෑහෙන කාලයකට උඩදී වුණා.එකම නමින් අදහස් දානවා.ගණන් ගන්න එපා.නම වෙනස් කරන්න .ප්‍රශ්නය එතනින් ඉවරයි. (ස)
ඔවු රණතුංග, ඔබ හරි (නි)
ලස්සන ගම්මානයක්.. මේවගේ ගැමි පරිසරයක ටික දවසක් හරි ඉන්න ආස හිතෙනවා.. පාරවල් හදලා ලයිට් දීලා ගම නාගරික කරන්න එපා කියන්නේනම් නැහැ මම, අන්තර්ජාලයෙන් පුවත් බලන අපේ ප්‍රදර්ශන භාණ්ඩ බවට මෙවැනි ගම්මාන පත්කර ගත යුතු නැහැ.. (දී)
හරිම කනගාටුදායක දසුනක්.., වගකිවයුත්තන්ගේ නෙතු ගැටේවා...!!(නදී)
මේවට ඒ පළාත්වල ඉන්න දේශපලකොයෝ වග කියන්න ඕනේ. ඒගොල්ලන්ට ඕව හදනවට වඩා වෙන වැඩ ඇති. මතක ඇතුව ලබන පාරත් ඒගොල්ලන්වම පත් කරගන්න.(නදී)
මෙන්න මේව තමයි අපේ රටේ ඇත්තම ඇතුලාන්තය. මහ ලොකුවට රටට පෙන්වන ආශ්චර්ය්‍ය කියන්නෙ මේකද? කරුනාකරල රටට ආදරේ කරන ජනතාව මෙවන් දකින කියන දෙයකින්වත් යමක් කරන්නට දැන්වත් උත්සහයක් කරමු.(නදී)
මේ ගම නාගරීකරණය කරන්න එපා, ගමක ගැමි බව මෙයින් සංකේතවත් කරන්නේ. නගරයට වැඩිය ගම වෙනස් වෙන්නේ මේ වගේ දේවල් වලින් තමයි. මේ රජයට දොස් කියල වැඩක් නැහැ. මේ රජයට කලින් හිටි අය මේවා දැක්කේ නැද්ද? (නදී)
කොච්චර ලස්සන පළාතක් ද , තාර පාරවල් හදලා මේ ගමේ අසිරිය නැතිකරන්න එපා , ඔහොම්මම තිබුණු දෙන්.(නදී)
උඩදුම්බර පැත්තට ගියානම් තව හොද ඒවා තියනවා බලන්න. අපි මේවා කිව්වට කාටවත් ඇහෙන්නේ නැහැ.(නදී)
මෙහෙම ප්‍රදේශත් ලංකාවේ තියෙන බව අමතක කරන්න එපා (දී)
සුද්ද නිකන්දීපු නිදහස අරන් අවුරුදු 66 ක් ගියා. අපිට කරන්න කවුන්සිලේට ගිය අය කලේ අපිට නෙවෙයි. කරගත්තේ ඒ අයටමයි .ඒක හෙට කියල වෙනසක් වෙන එකක් නෑ .ඒ නිසා තවත්නම් මෝඩකම් කරන්නේ නැතිව අපේ රට ,මගේ රට ඇත්තටම හැදෙන ,හදන ක්‍රමයකට දායක වෙමු ! එහෙම හොඳයි නේද ? (දී)
මගේ රටට දළදා හිමි සරණයි (දී)
අමිළ 2014-03-24 20:46:25 කොච්චර ලස්සන පළාතක් ද , තාර පාරවල් හදලා මේ ගමේ අසිරිය නැතිකරන්න එපා , ඔහොම්මම තිබුණු දෙන්.(නදී) අයි ඔච්චර කුහක උනේ, මේ මිනිස්සුන්ට මේ රටේ සංවර්ධනය කැප නැද්ද, මේ මිනිස්සු රටේ පුරවැසියෝ නෙවේද? ගෙදරට වාහනයක් ගන්න බෙහෙතක් හේතක් ගන්න වත් යාගන්න විදියක් ඕන නැද්ද, ඔබ කැමතිද එහෙම පලාතක ගිහින් පදිංචි වෙන්න, ඒක නිසා ඔහොම හිතන්න එපා මිත්‍රයා,අඩි 6 ක 10ක පාරක් වැටුනම සේරම විනාස වෙන්නේ නැහැ, තවත් ලස්සන වෙනවා මිසක්, හැබැයි පරිසරය ආරක්ෂා වෙන විදියට ගොඩ නගන්න ඕන, මේ ගැන බලධාරියෙක්ගේ ඇස ගැටී කොමිස් නැති මාර්ගයක් හැදේවා මේ මිනිස්සුන්ගේ දුක වෙනුවෙන් (දී)
මේවා පාලකයෝ නොදන්නවා නෙමේ ඕන නැති ගානට ඉන්නවා, ඇහුවොත් නම් කියන්නේ පුංචි මිනිස්සුන්ට සලකනවා කියල, (දී)
කොළොඹ මහත් වරුණට නෝනලට ඇවිදින්න ජෝගින් ට්‍රැක්ස් හදනවා. හැබැයි මමත් දැන් ඇවිදලා ඇවිත් නාගෙන මේ ලියන්නේ.(නදී)
කොළඹට කිරි අපිට්ට කැකිරි කිව්වේ කතා හරි (අ)
මේ දවස් වල ඔය වගේ පාරවල් හැදෙන්න ඕනෙනේ (දී)
දැන් කාලයේ හැදෙනා අයට, අපේ මුතුන් මිතන් කටයුතු කල ආකාරය සිහිපත් වීමට ,මෙවන් දේ පළකිරීම ඉතාමත් වැදගත් (දී)
දුප්පතුන් අතර තියෙන එකමුතු කම පොසතුන්ට නැත.(අ)
එහෙනම් මංජු ඔයා මිනිය උස්සලා දෙනවද ? (අ)
අපේ ගමත් තිබුනේ මෙහෙම තමයි. ගමේ මිනිසුන්ගේ පුදුමාකාර සුහදතාවයක් තිබුනේ. මඟුලට, මලගෙයට, පින්කමට, කංකාරියට, සල්පිලට ගමේ සියල්ලෝම එකාවගේ සහබාගී උනා. දැන් ඒකට..එකාට එකා නැහැ. ඒ උනාට පාරට නම් කාපට් දාලා. (දී)
සංවර්ධනය ඇති තැන සුන්දරත්වය නැත ,සුන්දරත්වය ඇති තැන සංවර්ධනය නැ (දී)
ගමේ අසිරිය කියා හදිසියකට ලෙඩෙක් උනත් අරන් යන්න විදිහක් නැනේ.මේ දුකම පෙන්නැද්ද ඔයාලට අමිල,මංජු,ආත්මාර්ථකාමී වෙන්න එපා විරාජ් කියනවා වගේ අඩි 10පාරකට පරිසරය විනාශ වෙන්නේ නෑ.මේ ගම් වැසියන්ට ඉමහත් සහනයක් වෙයි පාරක් හදලා දුන්නොත්.කැමති නැද්ද කව්රුත් ඉන්න තැනින් ඉදිරියට එනවට.(දී)
ගමේ අසිරිය අපි වින්දට, ලෙඩක් දුකක් වුනහම අඩුගානේ ත්‍රීවීලර් එකක් වත් ගෙන්නගන්න බැරි වෙලාවට, රෝගියාට ගමේ ලස්සන පිහිට වෙයිද? මේ අවමගුල් පෙරහැර වෙලාවේ වැස්ස තිබුනා නම් මේ නියරේ යන්නේ කොහොමද? පාරක් ලැබුනොත් බවබෝග ටික කඩේට ගෙනියන්නත් ලේසියි. (නදී)
මේ මිනිසුන්ට ලෝකේ අනික් මිනිසුන් විදින පහසුකම් දෙන්න. හදිස්සියකට වාහනයක් ගේ ගාවට ගෙනෙන්න පාරක් නැහැ මරණයක් ගෙනියන්න පාරක් නැහැ. මේ මිනිස්සු දුක් විඳිනවා වටපිටාවේ අය ගමිසිරිය නරබනවා. මොන බූතයෝද මේ.(නදී)