සන්නිවේදන විද්‍යාව හා යන්ත්‍ර සහ ජීවය සහිත දේ ස්වයංක්‍රීයව පාලනය කිරීමේ විෂය (සයිබර් නෙටික්ස්) පිළිබඳව ලන්ඩනයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයයේ ආචාර්ය උපාධි ශිෂ්‍යාවක වන චතුරිකා කන්නංගර සයිබර්නෙටික්ස් පිළිබඳ ඇමෙරිකා සංගමයෙන් ප්‍රධානය කෙරෙන හේන්ස් වොන් ෆෙරෙස්ටර් සම්මානය දිනා ගත්තාය.
අවබෝධය සහ ක්‍රියාත්මක වීම යන දෙකරුණ අතර පවත්නා සම්බන්ධය ගැන සමුළුවේ සමූහ සාකච්ඡාවේදී ඇයගේ දායකත්වය අගයමින් මේ සම්මානය පිරි නැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන් ටිකිරි සිනා මුව මුව පාලා !!!!ඉන්න නැගණියේ ඔබට උණුසුම් සුභ පැතුම් මගෙනුත් !!!! (ස)
අපි මුළු හිතින්ම මේ නැගණියට සුභ පතනවා! (නි)
ඔබට උණුසුම් සුබ පැතුම්! (නි)
ලංකාවේ ගොඩක් පත්තර වල තියෙන්නේ පළාත් සබා, ප්‍රාදේශීය සබා, නැත්නම් මිනිමැරීමක් ගැන. මේ වගේ සම්මාන ලබන ලංකාවේ අය කොතරම් ඉන්නවද, ඉන්නේ පිටරට. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයෙක් හැටියට චතුරිකාට උණුසුම් සුබ පැතුම්! ඉගෙනගෙන ඉවරවෙලා මොන රටටද යන්නේ? මමත් බලාපොරොත්තු ඇතුව ලංකාවට ගියා, හිතට දුකයි දැන් ඉන්නේ සුද්දන්ගේ රටක. (නි)
අපිටත් ලංකාවේ සල්ලි තිබිලා පිටරට ගිහින් ඉගෙන ගන්න තිබුණා නම්...? (නි)
සුභ පැතුම් !!! (ස)
නිමේෂ සමග 100% ක් එකග වෙනවා (නි)
නිමේෂ්ගේ අදහස් හොඳයි. මමත් එකඟයි. මේ නංගිට මමත් සුභ පතමි.පුලුවන්නම් ලංකාවට ඇවිල්ලා රට වෙනුවන් සේවය කරන්න. (ස)
ඔබට සුභ පතනවා. බුදු සරණයි !!! (ස)
ලක් නම රැන්දු දියණියනි, ඔබට උණුසුම් සුබ පැතුම්! (නි)
සයිබර් නෙටික්ස් සබැඳුම පහදා දුන්න.. නැගණිය ඔබගෙ ධෛර්යය මා අගයන්න.. දුෂ්කර දේ වටියි මුළු ලොව පිළිගන්න.. ලෙහෙසිය සොයන අය මෙය උපදේසෙට ගන්න. (ස)
හදවතින්ම සුබ පතනවා! (නි)
නිමේෂ සමග 100% ක් එකග වෙනවා (නි)
ලාංකිකයෙක් වශයෙන් මට හරි ආඩම්බරයි දියනියණි, ඔබට සුබ අනාගතයක් පතමි. (නි)
ලංකාවේ විශ්ව විද්‍යාලයක හිටියා නම් කොහොමද? තාමත් පාරක් අයිනේ විරෝධතා බෝඩ් එකක් අල්ලාගෙන ඉන්න තිබුනා. (නි)
විශිෂ්ටයි !!!! (ස)
නිමේෂ, කියන කවුද මේ පොතේ ගුරා ? අවභෝධය හා ක්‍රියාත්මකවීම යන කරුණු අතර පවත්නා සම්බන්ඳතාවය පිලිබඳව දැක්වූ කුසලතාවයටයි ඇය සම්මානයට පාත්‍රවුෙණ්. එහි අර්ථය බුද්ධියක් නැති පොතේ ගුරාලා කියන පරිදි න්‍යාය, පර්යේෂණ, ආකෘති වැනි අපබ්‍රංශ වැල්වටාරම් නොව සයිබර්නෙටික්ස් විෂය පථයට අයත් අවභෝධය මත ක්‍රියාත්මක වීමයි. මා මෙහි කියා ඇත්තේත් එයමයි. එනම් 'කිසිදේකින් වැඩක් නැහැ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේනම්' යන්නයි. නිකං බහුබූත අදහස් දාන්න එපා තමුන් පමනයි විද්යාව දන්නේ කියා ඔළුව උදුමවාගෙන. විද්යාත්මක මූලධර්ම, ප්‍රමේය, න්‍යාය, වාද වැනි කරුනු අතර පවත්නා සම්බන්ඳතාවයවත් ඔබ දන්නවාදැයි සැකයි. ඔබ වැනි පොතේ ගුරාලා ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඒනිසයි මේරට හැමදාම එකතැන පල්වෙන්නේ. (අ)
නිමේෂ, කියන කවුද මේ පොතේ ගුරා ? අවබෝධය හා ක්‍රියාත්මක වීම යන දෙකරුණ අතර පවත්නා සම්බන්ධතාවය පිලිබඳව දැක්වූ කුසලතාවයටයි ඇය සම්මානයට පාත්‍ර වුනේ. එහි අර්ථය බුද්ධියක් නැති පොතේ ගුරාලා කියන පරිදි න්‍යාය, පර්යේෂණ, ආකෘති වැනි අපබ්‍රංස වැල්වටාරම් නොව සයිබර්නෙටික්ස් විෂය පථයට අයත් අවබෝධය මත ක්‍රියාත්මක වීමයි. මා මෙහි කියා ඇත්තේත් එයමයි. එනම් 'කිසිදේකින් වැඩක් නැහැ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේනම්' යන්නයි. නිකං බහුබූත අදහස් දාන්න එපා තමුන් පමොණයි විද්‍යාව දන්නේ කියා ඔළුව උදුමවාගෙන. විද්යාත්මක මූලධර්ම, ප්‍රමේය, න්‍යාය, වාද වැනි කරුණු අතර පවත්නා සම්බන්ධතාවයවත් ඔබ දන්නවා දැයි සැකයි. ඔබ වැනි පොතේ ගුරාලා ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඒ නිසයි මේරට හැමදාම එකතැන පල්වෙන්නේ. මෙහි අදහස් දැමූ කිසිවෙක් සයිබර්නෙටික්ස් යනු කුමක්දැයි නොදන්නා බවකුයි පෙනෙන්නේ. මා 'කිබර්නෙටික' යන ලතින් නමින් මේ විෂය ඉගෙන ගත්තේ 1985 වසරේදී. (ස)
ඔබට තවත් මේ ගැන දැනගන්න ඕනෙ නම් ලංකාවේ රාවණා පරපුර 'කිබර්නතිකා' දැනුම මෙහෙයවා ප්‍රායෝගිකව වැඩ ගත්තේ මීට වසර දහස් ගනණකට පෙර. නමුත් අද වනවිට මේ රටේ අයට ඒවා ඉගෙන ගන්න සුද්දන්ගේ දෙපා මුල වැඳ වැටීමට සිදුවීම කණගාටුදායකයි. සුද්දන්ට රට පාවාදීමේ පල විපාක භුක්ති විඳින්නේ ලංකාවාසී සියලු දෙනාමයි. (ස)
ඔබට තවත් මේ ගැන දැනගන්න ඕනෑ නම් ලංකාවේ රාවණා පරපුර 'කිබර්නතිකා' දැනුම මෙහෙයවා ප්‍රායෝගිකව වැඩ ගත්තේ මීට වසර දහස් ගනණකට පෙර. නමුත් අද වන විට මේ රටේ අයට ඒවා ඉගෙනගන්න සුද්දන්ගේ දෙපාමුල වැඳ වැටීමට සිදුවීම කණගාටුදායකයි. සුද්දන්ට රට පාවාදීමේ පලවිපාක භුක්ති විඳින්නේ ලංකාවාසී සියලු දෙනාමයි. (නි)
නීල් රනා, නිකන් මැත දොඩවන්නේ නැතුව ඉන්නවද? 1985 ඉගෙන ගත්ත දේවල් දැන් යල් පැනලා (නි) චන්ද්‍ර
නීල් රණා කියන්නේ බාගෙට ඉගෙනගෙන එළියට බැහැලා ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්න නුගතෙක්.ඔයා ඇයි ඔයාගේ රාවණ පරපුරෙන් ඉගෙන ගන්නේ නැතුව යුරෝපයේ විශ් විද්‍යාල වල රස්තියාදු වුනේ එහෙනම් ? නරියත් කිවුවලුනේ මිදී තිත්තයි කියලා. මෙයාගේ කතාව නිකන් සහස්‍රයේ පුරවැසියා වගේ. ඔක්කොම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න දන්නේ එයා විතරයි. (නි)
සුභ අනාගතයක් අපි ඔබට සුභ පතනවා. චතුරිකා ........ (ස)
දුව, මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
නංඟී ඔයාට අජිත් (හින්නි) අයියාගෙන් සුබපැතුම්.(නදී)
නියමයි නංගී (නි)
සුබ පැතුම්! (නි)
අපේ උණුසුම් සුබ පැතුම්! (නි)
දියණිය ඔබට සුබ අනාගයක්! (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
මම නිමේෂා සමග එකග වෙනවා. බොහොම කලාතුරකින් තමයි මේ වගේ දෙයක් දකින්නේ. (නි)
මම සම්පුර්ණයෙන්ම එකගයි නිමේෂගේ අදහස් වලට. (නි)
වැදගත් තොරතුරු ටිකක් නිමේෂා සඳහන් කරලා තියෙන්නේ.ස්තුතියි ඔබට. (නි)
රටට ආඩම්බරයක්. සුබ පැතුම්! (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
දයාබර දියණිය, මුළු ලෝකයේම ශ්‍රී ලංකාව ලංකාවේ දේශපාලනය නිසා විහිලුවට ලක්වෙද්දී ඔබ මගේ රටේ අභිමානය කොතරම් ද කියා පැහැදිලිකර ඇත. ඔබේ දීප්තිමත් අනාගතයට උණුසුම් සුබ පැතුම් ! (නි)
නිමේෂගේ අදහස් වලට ගරුකරන ගමන්ම මේ යුවතියට සුභ පතනවා! (නි)
ඔබට ජයෙන් ජය! උණුසුම් සුබ පැතුම්!(නිමේෂගේ අදහස අගය කරමි ) (නි)
අද බහුතරයම පෙන්වන්නේ නිලියන් සහ නිරූපන ශිල්පින් ගැන ඔවුන්ගේ පවුලේ විස්තර ගැන ඔවුන්ගේ පසුබිම් ගැන .මේ නිසා රටේ බාල පරම්පරාව හිතන්නේ තමුනුත් කරන්න ඕනෑ නිලියන් නිරුපිකාවන් වීම කියලා.නමුත් ලංකාවේ වීර තරුණියන් තමා මෙවැනි තරුණියන්. ලංකාවේ ඉතාම දක්ෂ ලෝකේ ඉහළම තනතුරු දරන කාන්තාවන් සිටිනවා.ඉන්ජිනේරුවරියන් ,දොස්තරවරියන් ,ගුවන් නියමුවන් ජිව විද්‍යාඥවරියන් ,පර්යේශිකාවන් ,ලෝක බැංකු වැනි ආයතන වල ඉහල තනතුරු දරන කාන්තාවන්,ලෝකයේ විශිෂ්ටතම විද්‍යාඥයන් 100 ලැයිස්තුවේ එක් අයෙක් අපේ රටේ කාන්තාවක්.අපි මුළු හිතින්ම මේ නැගණියට සුභ පතනවා! ඔබ වැනි අය තමා මේ රටට අභිමානය රැගෙන එන්නේ (නි)
ඉතා අගෙයි. ආඩම්බරයි අපිටත්, අද ළමා කැළට ආදර්ශයක්. සුබ පැතුම්.... (නි)
මේ ලක් දෝනි අපේ හෙළ කතුන්ට නිහඬ එහෙත් කදිම පාඩමක් කියා දෙනවා.බහුබූත වැඩ නොවෙයි ඒ මේ වගේ වටිනා යමක් සිදු කරලා තමන්ටත් රටටත් උතුම් ගෞරවයක් ලබා ගත හැකිය යන්නයි. ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය බිහි කළ මේ පුංචි රට, ඇත්ත වශයෙන්ම වචනයෙන් කියා නොහැකි වටිනා රටක්.ඒ සඳහා අපේ කාන්තාවන් විශේෂයෙන්ම මව්වරු අතිමහත් කැපකිරීමක් කරලා තියනවා. අපට තිබෙන දුක මේ ටික අපේ සමහර කාන්තාවන් තේරුම් නොගෙන සිටීම ගැනයි. (නි)
කිසිදේකින් වැඩක් නැහැ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න දන්නෙ නැත්නම්. (නි)
සයිබර්නෙටික්ස් තියා මොකෙනුත් වැඩක් නැහැ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න දන්නෙ නැත්නම්. (නි)
ඉතාමත් අගෙයි අපේ උණුසුම් සුභ පැතුම්.(නදී)
කොණ්ඩය පීරා ගොතාගන , අව්‍යාජ සිනහවකින් මුව සරසාගන ලොවක් දිනූ දියණියනි ඔබට දිරියෙන් ඉදිරියට යන්නට ආසිරි පතමි !!(නදී)
රටට ජාතියට ඔබ ගෞරවයක් (දී)
රටට ආඩම්බරයක්. සුබ පැතුම්! (අ)
රටට ආඩම්බරයක්. සුබ පැතුම්! (අ)
නිමේෂාගේ අදහස ඉතාමත් වටිනවා ..මම එයට ගරු කරන ගමන් ඔයාට සුබ පතනවා.අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ඔයාගේ..(අ)
කවුද මේ නිල් රනා . ඔහු න්‍යාය සහ න්‍යාය භාවිතය ගැන මෙලෝ හසරක් නොදන්නා හිතට ඔහේ එන අදහස් ලියන කෙනෙක් බව තමා පෙන්නේ .මනුස්සයෝ විද්‍යා ලෝකයේ පර්යේෂකයන් සහ න්‍යාය ඉදිරිපත් කරන්නවුන් ,ඒ ආශ්‍රයෙන් පර්යේෂණාත්මක නිෂ්පාදන කරන්නවුන් සහ ඒ සාර්ථක නිෂ්පාදක අනුව යමින් එහි ආකෘති තන්නවුන් වැනි විවිධ මට්ටම් තිබෙනවා .පර්යේෂකයන් න්‍යාය ඉදිරිපත් කරනවුන් නැත්නම් අද අප භාවිතා කරන කිසිම උපකරණයක් නොතිබෙන්න තිබුණා .තමුන් හිතනවද න්‍යාය හොයාගන්න කෙනාම තමා අවසාන නිෂ්පාදනය කරන්නේ කියලා මනුස්සයෝ එහෙම කරන්න පුළුවන් කාලයක් තිබුණා. ඒ ග්‍රැහැම් බෙල්ගේ ,මයිකල් ෆැරඩේ ගේ කාලේ දැන් තාක්ෂණය ඉතාම සංකීර්ණ තත්වයකට පත්වෙලා. දැනුම නිර්මාණය කරන්නයි ඒ ආශ්‍රයෙන් යම් නිෂ්පාදනයක් කරන්නයි එකම කෙනාට බෑ. කෙනෙක් නව න්‍යාය සාදනවා. පර්යේෂණ කරනවා. ඒ අනුසාරයෙන් තව කෙනෙක් ප්‍රායෝගික දේවල් නිෂ්පාදනය කරනවා .නිකන් අසුභවාදී අදහස් ලිය ලියා කාලේ නාස්ති නොකර පොත පත කියවලා හරි ඔබේ දැනුමේ තිබෙන හිඩැස වසාගන්න .ඔබට මේ වගේ කෙනෙක්ගේ මට්ටමට එන්න බැරි එක ගැන ඊර්ශියා නොකරන්න. (ස)