ඉතාලියේ ලෝදි නගරය ආසන්නයේ අධිවේගී මාර්ගයට සම්බන්ධ පිටවිමේ මාර්ගයක්වන ගුවර්දමීලියෝ මාර්ගයේ ගමන්කරමින් සිටි තිස් හැවිරිදි ලාංකිකයෙක් පදවමින් සිටි බර වාහනයක් මාර්ගයේ ආරක්ෂක වැටද බිඳගෙන මීටර් අටක් පමණ පහළට වැටී ඇත.
මිලාන් නගරයේ පදිංචිකරුවෙකු වන රියැදුරාතුවාල ලබා පවීයා නගරයේ සාන්ත මැතිව් ආරෝග්‍යශාලාවට ඇතුළත් කර ඇත.
බැංකුවලින් මුදල් ලබාගන්නා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල කොටස් ප්‍රවාහනය කරමින් සිටියදී මේ අනතුර සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් කොල්ලා. (ස)
ඉක්මන් කොටයි. (ස)
පාන්දර දෙක තුන වෙනකල් හොඳට බීලා පහට ලොරිය එලවන්න පටන්ගත්තාම අපේ මිනිස්සු හිතන්නේ ඇඟේ ඇල්කොහොල් නැහැ කියලා. ඒකයි ඔහොම එළවලා වාහන පෙරලා ගන්නේ. (ස)
නොසැළකිල්ල තමයි බොහෝ අනතුරු වලට මුල (නි)
මේකට ප්‍රතිචාර දාල තියෙන අයට පිස්සු. ඉතාලියේ බර වාහන රියදුරන්ගේ ශරීරයේ ඇල්කොහොල් ප්‍රමාණය 0 වෙන්න ඕනේ. අපේ අය බීලා බරවාහන එලවන්නේ නැහැ.(නදී)
කොහොම වෙතත් ඔහු ලංකාවේ රියදුරු අනන්‍යතාවය ලෝකයට ඔප්පු කර තියෙනවා. මට හිතෙන්නේ නින්ද ගිහින් තියෙන්නේ රියදුරාට නොවෙයි ඔහුව රැකගන්න හිටපු දෙවියන්ට. අනේ අපොයි.(නදී)
දැන් උනදේ උනානේ.ඒ මනුස්සයාට බැනලා වැඩක් නැනේ.අනිත් අයවත් මේකෙන් යමක් ඉගන ගත්තොත් හොදයි.ඔහුට ඉක්මන් සුවය ලැබේවා.(දී)
ඉතාලියේ ඉන්න බොහෝ ශ්‍රී ලාංකිකයින් අධික මත්පැන් පානයට ඇබ්බැහි වෙලා ඉන්නේ. මතින් මුහුදු යාම සහ වාහන පැදවීම අතින් බොහෝ ඉදිරියෙන් ඉන්නේ. (නි)
කරුණාකරලා ඔය ඉන්න ළිඳෙන් එළියට එන්න. ලාංකිකයෝ විතරක් නෙමෙයි අධිවේගී මාර්ග වල යන්නේ. (නි)
ඉක්මන් නිරෝගී සුව පතනවා. ඇයි නින්ද ගියාවද්ද වාහනේ පදවද්දී? (නි)
නන්දන පනාගොඩ, ඔයා ඉන්නේ කොහෙද? මේ ඉතාලියේ බීලා වාහන එළවන්ඩ පුළුවන්ද? එහෙම බීලා එලෝලා පොලිසියට අහු වුණෙත් මොකද වෙන්නේ. ශ්‍රී ලාංකික සොහොයුරාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (ස)
අධික බීමත්කම නිසා ලාංකිකයෝ ජීවිත නැති කර ගන්නවා. (ස)
ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉක්මන් නිරෝගී සුවය පතමි. ආමේන්!!! (ස)
මනුසයෙක්ට කරදරයක් වුණාම ඇයි මෙහෙම කියන්නේ සයිමන්.ඔයාට අනතුරක් වෙලා නැද්ද වාහන එලවද්දී. (ස)
ඔව් ඔව් ඊයේ රාත්‍රීයේ හොඳට එන්ජෝයි කළාද මෙහෙම වුනේ? (නදී)
ඉක්මන් සුවය පතමි. ලංකාවේ ත්‍රී වීලර් එලවපු කාළේ අමතක කරන්න ..දැන් ඉන්නේ ඉතාලියේනේ .. (ස)
ලාංකිකයෝ අධි වේග මාර්ග වලට ගියාම ලෝකේ කොහේ වුණත් මරණයක් හෝ අනතුරක් කරලම තමා නවතින්නේ. (ස)