ශ්රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය ජය ගැනීමත් සමග ලංකාවේ බොහෝ පෙදෙස්හි ක්‍රීඩාලෝලීහු රතිඤ්ඤා පත්තු කළහ.
කොළඹ ගාලු මුවදොර ඇතුළු ස්ථාන ගණනාවක පුළුල් තිර මගින් තරඟය නැරඹීමට අවස්ථාව සලසා තිබුණු අතර ඒ විශාල පිරිසක් ඒ වටා එක් රොක් වී සිටියහ.
ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර දීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනපති ලංකා කණ්ඩායමට සුබ පැතීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගා, මහේල ,ඇතුළු අපේ කොල්ලන්ට සුබ පැතුම් සමගින් සුබ අනාගතයක් වේවා.(නදී)
පෙරේරා මුට්ටිය ඇල්ලුවා. අපේ කොල්ලෝ හරියට ගැහුවේ නැත්නම් මොන ජයක්ද. සංගා සහ මහේල තමයි අපේ වීරයෝ.(නදී)
විශිෂ්ටයි. සුභ පැතුම් ! මාලිංග , සංගා ඇතුළු ක්‍රීඩකයන්, මාවන්, වාස් ඇතුළු සැමට.(නදී)
හා හා ! බන්දුල පෙරේරා අද බන්දුල නැතිව ඇවිත් වගේ. (නදී)
මෙම ජයග්‍රහණයෙහි නියම හිමිකරු අපේ අතිගරු ජනාදිපතිතුමා. ඔහු දුරදක්න නුවනින් සනත් ජයසුරිය තේරීම් කමිටු සබාපති කරා. ඔහු නියම ආකාරයෙන් ක්‍රීඩකයින් මනා ලෙස තරගවලට යොමු කළා.(නදී)
මේ විජයග්‍රහණයේ පිටුපස සිටි දැවන්ත හස්තය අපේ ජනාධිපතිතුමා. එතුමා තමයි සනත් ජයසුරිය මහතාව තේරීම් කමිටුවේ සබාපති කලේ.(නදී)
සමන් කුමාර, මමත් හරි බයෙන් හිටියේ.(නදී)
කණ්ඩායමක් එකෙක් වගේ සෙල්ලම් කලා. අවසන් තරගයට ක්‍රීඩා කරපු අය පමණක් නොවෙයි බංකුවේ වාඩි වෙලා හිටපු අවසන් තරගය දක්වා කණ්ඩායම රැගෙන ආ සැමට අපගේ ප්‍රණාමය. හොද කැප කිරීමක් කල චන්දිමාලුත් නායකයාට අනගි සහයක් දුන් මහේලත් ක්‍රීඩා ලොවට හොද පාඩමක් ඉගැන්නුවා. ඒ සතුට එසේ උතුරායද්දී ,මහේලගේත්, සංගාගේත් සමු ගැනීම නම් දරාගැනීම අපහසුයි. කෙසේ වෙතත් යහපත් පරමාර්තයෙන් (නවකයන්ට තැනදීම )සමුගත් ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය පතන අතර ඉදිරියේදීත් කණ්ඩායම දිරිමත් කිරීමට සහය වන මෙන් යටහත්ව ඉල්ලා සිටිමි. තුනුරුවන් සරණ හා දිගාසිරි පතමු.(නදී)
අපේ සිංහ පැටවුන්ට මගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම්! (නදී)
මගේ උත්තමාචාරය. හැබැයි සමහරු සංගලා යනකම් බලන් ඉන්නවා. දැක්කද තවමත් අපිට ජය ගෙනෙන්නේ එයාල තමා. ලෝකයේ බිහිවුණු ඇති විශිෂ්ට පිතිකරු දේපලක් සමු ගැනීම ලොකු දුකක්. සංගා මහේල ඔබට සුබ පැතුම්. (ස)
තුනුරුවන්ගේ පිහිටයි ලංකා පුත්‍රයන්ට. ජය වේවා !(නදී)
ගමේ කොල්ලෝ අපි ඉන්නේ වැදි යුගයේ නෙමේ.(නදී)
මගේ සුභ පැතුම්! (නදී)
ඇයි අපිට බැරි මේ සුද්දන්ගේ ක්‍රීඩා නවත්තව චක්ගුඩු වගේ ක්‍රීඩාවක් කරලා දේශීය රා ටිකක් හරි කසිප්පු ටිකක් හරි බීලා ප්‍රීති වෙන්න? (නි)
පැරදුනා නම් මේ අදහස් කීයක් වෙනස් වේවිද? (නි)
මේවා අධිරාජ් වාදීන්ගේ ක්‍රීඩා නේද? අනෙක මත්පැන් එහෙමත් සුද්දන්ගේ දේවල්නේ. ඇයි අපිට බැරි මේ සුද්දන්ගේ ක්‍රීඩා නවත්වලා චක්ගුඩු වගේ ක්‍රීඩාවක් කරලා කසිප්පු ටිකක් බීලා ප්‍රීති වෙන්න? (නි)
යුද්දේ දිනුවා වගේ කොහොමහරි තරඟයත් දිනුවා (නි)
අපේ කොල්ලන්ට සුභ පැතුම්. ( දකුණු ඉන්දියාවේ සිට) (නි)
තරගය ඉවර වන තුරුම අපි ආසාවෙන් නැරැඹුවා.1996 න් පසු උද්යෝගිමත්ව නරඹපු.දේශාභිමානයක් ඇති වන හොදම මැච් එක රටට ජය අත්කර දුන් ඔබ සැමට තෙරුවන් සරණයි ...!!!(දිල්)
අපි කාන්තාර මැද්දේ හිටියට, ලංකාවේ මහජනතාව සන්තෝෂයෙන් ඉන්න එක ගැන හරිම ආඩම්බරයි. මහේල, සංගා, මාලිංග , ඇතුළු පිරිසට ස්තුතියි! (නි)
ජපානයේ රැකියාව කරන මම රාත්‍රී වැඩමුරය නිවාඩු දමා තමයි සෙමි ෆයිනල් සහ ෆයිනල් බැලුවේ. වැඩ නොකරපු දින දෙකේ පඩියේ වටිනාකම රුපියල් 30,000 යි. ජය ලැබීම ගැන කියලා නිමකරන්න බැරි සතුටක් තියෙන්නේ (නි)
සුභ පැතුම්. තෙරුවන් සරණයි. (ස)
එකමුතුකම හොදට කැපී පෙනුනා එකී එකමුතුකම ජයග්‍රහණයට මග පෑදුවා (දිල්)
මම සෞදි අරාබියාවේ වැඩ කරන ආයතනයේ ඉන්දියානු 28 දෙනාට ඉන්න එකම ශ්‍රී ලාංකිකයා මම විතරයි. හැම තරගයකදීම මට මේ අය එක්ක තනිවම තරග කරන්න වුණාත.මම අසරණ වුන වාර අනන්තයි. අද මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙනවා. මට මහත් අභිමානයක් දැනෙනවා. මට ඒ අභිමානය ගෙන දුන්න අපේ වීර සිංහයන්ට මගේ හද පිරි ප්‍රණාමය. මේ අපේ විජයග්‍රහණයේ මාවතයි. ඉතින් යමු ඉදිරියට ....ඔබලාට යෝධ බලය යෝධ ශක්තිය ලැබේවා .....තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. (ස)
හැමදාම අදහස් දාන බන්දුල පෙරේරා අද නිදිද. මෙයා කොහොම කෙනෙක්ද කියල දැන් හොදටම තේරෙනවා. (ස)
ලංකාවෙ අපේ කොල්ලො මැච් එක නියමෙටම ගැහුවා. ඒකට අපි හදවතින්ම සුබ පතමු. සංගා කොල්ලගෙ අන්තිම මැච් එක ලොකෙටම අමතක නොවේවි. මහේල ඔබත් අපේ හදවතේ සදා අමරණීයයි. ලංකාවෙ මෙතෙක් බිහිවූ වාසනා වන්තම නායකයා මාලිංග ඔබයි. මේ සුබ පැතුම හදවතින්ම පිළි ගන්වමු. (ස)
සනත් සහ හෂාන් තේරීම් කමිටුවේ තීරණ ගැනීම විශිෂ්ට ඝනයේ තිබීම ඉතාම වැදගත් කරුණක්. (ස)
අපිත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා (නි)
උණුසුම් සුබ පැතුම් ! කවදාකවත් නොදැකපු කණ්ඩායම් එකමුතු කම, අධිෂ්ටානය හා හැමදාම තියෙන ලාංකික විනීතකම (සම්මාන ප්‍රදානයේදී හිස්වැසුම් ගලවා ලබා ගැනීම) ක්‍රිකට් ලෝකයටම පෙන්නුවා. එසේම අපට ආඩම්බරයක් ජාත්‍යන්තර 20 විස්සේ තරඟ පිටියෙන් සමුගන්නා ක්‍රිකට් ලොවේ විශිෂ්ටයන්ගේත් විශිෂ්ට අපගේ වටිනාම ක්‍රිකට් තරු දෙපලව ඉන්දියානු කණ්ඩායම ඉතා උණුසුම් ලෙස පිළිගෙන සමු දුන්නා. එසේම බටහිර ඉන්දීය ක්‍රිකට් නායකයාගේ ප්‍රකාශය ද පැහැදිලි කළා. සංගා හා මහේල ලෝක ක්‍රිකට් ලෝකයේ විශිෂ්ටයන්ගේත් විශිෂ්ටයන් බව. ඔබ දෙපොලගෙන් නවකයන්ට උකහා ගතු දේ බොහොමයි ඉදිරියේදී තමාගේ රටට ඒ සේවය කරන්න ඔබලාට අවස්ථාව ලැබේවා.! (ස)
මේ විජයග්‍රහණයේ පිටුපස සිටි දැවන්ත හස්තය අපේ ජනාධිපතිතුමා . (ස)
මහේල ! සංගා ගොඩාක් ස්තුතියි. ලංකාවට කරපු සේවයට. ඒ වාගේම සිලිංගා ඇතුලු අපේ සියලුම ක්‍රිකට් විරුවන්ට සුභ පැතුම්! (ස)
ජයග්‍රහණය ගැන අපි සැවොම සතුටු වෙමු. අපේ ක්‍රිකට් කණ්ඩායමට සුබ පතමු. ඒත් මේ ජය අපේ ක්‍රිකට් විරුවන් වෙනුවෙන් බුක්ති විදිමු. එහෙම නේද පෙරේරා, සුබාෂ් මහත්තයෝ. (ස)
ක්‍රිකට් තේරීම් කමිටුවට සහ අපේ ක්‍රිකට් කණ්ඩායමට සුභ අනාගතයක් ! (ස)
ශ්රී ලංකා කණ්ඩායමේ විරුවන්ට මගේ උණුසුම් සුබ පැතුම්. විශේෂයෙන් අවසන් මහා තරඟයේදී ඉන්දියාව පරාජය කිරීම ඒ හැම දේකටම වඩා වටිනවා. (ස)
මමත් ගාලුමුවදුරට ගිහින් පවුලේ අයත් එක්ක විනෝද වේවි නැරඹුවා හරිම සතුටුයි.(නදී)
සිව් හෙලයේ සිංහයෝ අපේ අභිමානය රැක දුන්හ. සෞදියේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සුබ පැතුම්. සංගා, මහේල ඔබට තෙරුවන් සරණයි. (ස)
ජයග්‍රහණය ගැන ඉතා සතුටු වෙනවා. නමුත් මහත්මාවරුන් ක්‍රීඩා කරන්නේ කෙලෙසද කියා ලොවට පෙන්වූ ඒ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් දෙදෙනාගේ සමුගැනීම නම් ලොකුම වේදනාවක්. (නි)
ශ්රී ලංකා කණ්ඩායමට මගේ සුභ පැතුම්! නියම සිංහයෝ (නි)
නියමයි. ජයවේවා! සෞදියේ ඉන්න අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)
ලංකාවට හොද කීර්තියක් ගෙනදුන් ඔබට අපගේ ප්‍රණාමය! (නි)
අපේ සුභ පැතුම් කොල්ලන්ට! (නි)
චන්දිමාල්ගේ අති විශිෂ්ට කැපකිරීම ලංකාවේ ජයග්‍රහණය දෙගුණ කළා.ඒ ගැන කවුරුත් ප්‍රසිද්ධියේ අද කතා නොකිරීම අඩුපාඩුවක්. (නි)
20-20 ක්‍රිකට් පිටියෙන් ඉවත් වුවද, ඔබගේ මතකය අපගෙන් ඉවත් නොවේ.සංගා-මගේල ඔබ ක්‍රිකට් පිටියේ සදා අමරණීයයි! (නි)
ඔබ සැම ලක් මවට ආඩම්බරයකි.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් තරඟයන්ට තේරී අවසන් තරඟයේදී පරාජය පත් වූ අවස්ථා බහුලය. ඊට හේතුව ලෙස බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය වූයේ කුමක්දැයි මා කිවයුතු නැත. (නි)
කිසිම සැකයක් නැහැ, ලෝකයේම දක්ෂතමයින් අපි බවට (නි)
සුභ පැතුම්! (නි)
මහි, සංගා, ඔයාලා ලංකාව වෙනුවෙන් කළ දේවල් අපිට කවදාවත් කරන්න බැරි වෙයි. එ්ත් ඔයාලා දෙන්නා ලංකාව වෙනුවෙන් කළදේට අපි සදා ණයගැතියි. ඔයාලා මෑත කාලයේ බිහිවුණ රජවරුයි. ඔබ දෙපලට මගෙන් උපහාරය! (නි)
අපි සියල්ලෝම ලාංකිකයෝ වෙමු (නි)
බඩු මිලට අත තියනවා එහෙම නෙමෙයි ඔන්න (නි)
සතුට ශෝකේ,ජය පරාජේ අපටමයි මේ ලෝකයේ...... එයට පිටුපා මෙලොව මිනිසා කිසි තැනකදී නැහැ ගියේ...... අපේ කොල්ලන්ට ජය වේවා! (නි)
ජය වේවා!කවුරු මොනවා කිව්වත් මාලිංග නියම නායකයෙක්. (නි)
අපි යුරෝපයේ ඉඳලා බලාගෙන හිටියේ. ආඩම්බරයි. ඔබට සුභ පැතුම්! (නි)
අපේ සිංහ පැටවුන්ට මගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම්! (නදී)
ජය ශ්‍රී!!!....... ශ්‍රී ලංකා.....සංගා....මහේල.....ඔබ දෙපලට සුභ අනාගතයක් සමග සුභ ගමන්............ශ්‍රී ලංකා කොල්ලන්ට උණුසුම් සුභපැතුම් කටාර් සිටින සහෝදර සැම සමගින්..(නදී)
ශ්රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට උරදුන් සැමට අපගේ ප්‍රණාමය! (නි)
අපේ කොල්ලෝ පරදවන්න බැහැ කාටවත් (නි)
මේකෙන් ලැබෙන සල්ලි ටිකටත් විදින්න බලාගෙන ඇති දැන් සමහරු (නි)
අර නිර්වස්ත්‍ර වූ මහත්තයා අද මොනවා කරගනීවිද දන්නෙ නැහැ (නි)
මේක ඇත්තෙන්ම ලොකු ජයග්‍රහණයක් (නි)
මේ සැරේ මම හිතපු කෙනා තරඟය බලන්න ගියේ නැද්ද කොහෙද? (නි)
අපේ කොල්ලන්ට ජයවේවා! (නි)
මෙන්න බඩු මිල නග්ගන්න හොඳම වෙලාව (නි)
අපේ රටේ දක්‍ෂ දරුවන්ගේ ජයක්. අධිෂ්ඨානය , විශ්වාසය සහ එකමුතුකම ඇත්නම් ජය ගත හැකිය. එසේම උපන් මාතෘ භූමියද රැක ගත යුත්තේ එකමුතුව මනා සිහියෙන් කටයුතු කිරීමෙනි. අපගේ හදවතින්ම ඔබට සුබ පතමි. (නි)
ලංකා කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්!හෙට සිට මොන මොනවායේ මිළ ඉහළ යාමට ඉඩ තිබේද? (නි)
ඇත්තෙන්ම පුදුම සතුටක් දැනෙන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන.ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර දීම සම්බන්ධයෙන් ඔන්න ෂෙරිෆ්ගෙනුත් ලංකා කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! (නි)
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඔබ සැමට මගේ ප්‍රණාමය!ලෝකයේ කොහේ හිටියත් ලංකාව දිනන විට ලැබෙන සතුට කියා නිම කරන්න බැහැ. (නි)
මගේ රටට දළදා හිමි සරණයි! (නි)
අපගේ සිංහයන්ට උණුසුම් සුභ පැතුම්! (නි)
ලාංකිකයෙකු වීම ආඩම්බරයක් (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! අපිත් මෙහේ ඉඳලා බලා සතුටු වුණා.ලංකාවේ හිටියා නම් කියලා හිතෙනවා (නි)
අපි සැවොම ජයපැන් බොන්න ඕනෑ. (නි)