IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලක්ෂ 45 ක් සිංගප්පුරු ගෙනියන්න බැරිවේ

රුපියල් ලක්ෂ හතලිස් පහක මුදලක් නීති  විරෝධී ලෙස  තම ගමන් මළු වල සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණී ශ්‍රී ලාංකිකයෝ දෙදෙනක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අද  සවස අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංහයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරුවෝ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 සහ 40 වියේ පසුවන පුද්ගලයෝ වෙති.

මින් එක් අයෙකු ලග රුපියල් ලක්ෂ  තිහක්ද අනෙකා ලග රුපියල් ලක්ෂ පහලොවක් ද තිබු බව රේගුව කියයි.

ගුවන් මගියෙකුට රේගුවට ප්‍රකාශ නොකර ගෙන යා හැක්කේ  රුපියල් විසිදහසක මුදලක් පමණක් බැවින් මොවුන් අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

මොවුහු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ  348 දරණ ගුවන්යානයෙන් සිංගප්පුරුව බලා යාමට පැමිණ සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරි බද්ධන මහතාගේ උපදෙස් මත  නියොජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක සහ හසන්ත ගුරුගේ යන නිලධාරීහු සිදු කරති.


 

 



අදහස් (0)

ලක්ෂ 45 ක් සිංගප්පුරු ගෙනියන්න බැරිවේ

ශාන Tuesday, 01 April 2014 08:24 AM

රුපියල් විසිදහස ප්‍රමාණවත් නැත, ඕස්ට්‍රේලියාවේ ඩොලර් 100000 යනතුරු සංචාරක චෙක් වලින් ගෙනයන්න පුළුවන්. (නි)

:       0       0

මගලී පොන්සේකා Monday, 31 March 2014 09:57 AM

මෝඩ මිනිස්සු.ඔය සල්ලි බැංකුවේ දාල එහෙදි බැංකුවෙන් ගත්තා නම් ඉවරයි ....අනික පිටරට යන කෙනෙකුට රුපියල් 20.000 ඇතිද ජීවත් වෙන්න සිංගප්පුරුව වගේ රටක.(නදී)

:       0       0

සෑම් Monday, 31 March 2014 12:12 PM

මටනම් මේ රුපියල් විසිදාහේ සීමාව ගැන හිතා ගන්නවත් බැහැ මම පොහොසත් කෙනෙක් නොවුනාට වසර කිහිපයකට වරක් ලංකාවට එනකොට ඩොලර් දහ පහළොස්දාහක් මුදලින් ගේනවා. මොකද මම කවදාවත්ම ලංකාවේදී ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ නැති නිසා. ආපසු යනකොටත් ඉතුරු වූ ඩොලර් ආපසු ගෙනියනවා, මෙහෙම බැලුවම මට ඩොලර් 175 කට වඩා ආපසු ගෙනියන්න බැහැනේ?? විදේශිකයින්ට මෙහෙම උනොත් ඒ අය කවදාවත් ලංකාවට එන එකක් නැහැ.(දී)

:       0       0

කින් බෙනට් Sunday, 30 March 2014 11:57 PM

පුදුම වැඩක්නේ. මඟියෙක්ට රේගුවට නොකියා රටෙන් පිට රුපියල් 20,000 ක් වගේ අති විශාල මුදලක් රැගෙන යන්න පුළුවන් කියන්නේ අපි සංවර්ධනයේ ඉහළටම නැඟලා ඉන්න බවට හොඳම උදාහරණයක් (නි)

:       0       0

මලින්ද Monday, 31 March 2014 12:16 AM

ගුවන් මඟියෙකුට රේගුවට ප්‍රකාශ නොකර ගෙන යා හැකි මුදල ගැන තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? (නි)

:       0       0

ලීල් Monday, 31 March 2014 12:22 AM

මුදල් රැගෙන යාමේදී ඇති නීති රීති ගැන අද කාලේ ලොඩක් මිනිස්සු නොදැනුවත්.... (නි)

:       0       0

ලංකාතිලක Monday, 31 March 2014 01:31 AM

සුභ ආරංචියක්. ලංකාවේ සල්ලි හොරෙන් ගෙනියන අයව අැල්ලූ රේගු නිලධාරින්ට ස්තුතියි! (නි)

:       0       0

නාලක Monday, 31 March 2014 01:29 PM

මමත් දන්නේ නැහැ ඇත්තටම කියන්නකෝ මොකද්ද ගෙනියන්න පුලිවන් සල්ලි වල සීමාව (දී)

:       0       0

ලලිත් Monday, 31 March 2014 01:29 PM

රට යනකොට විතරක් හොර වැඩ කරන්න හදන්න එපා (දී)

:       0       0

අවිශ්ක Monday, 31 March 2014 01:29 PM

උනාට පස්සේ මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න කලින් ඒ මිනිස්සුන්ව දැනුවත් කරලා තිබුනා නම් ගොඩාක් වැරදි නැති වෙන්න තිබ්බා, මිනිස්සු නොදන්නා කමට ගොඩාක් වැරදි කරනවා (දී)

:       0       0

අරෝෂ Monday, 31 March 2014 01:29 PM

සල්ලි පිට රට ගෙනියන්න බැරිද මොකද්ද එහි සීමාව (දී)

:       0       0

ධර්මේ Monday, 31 March 2014 01:40 PM

20000 සීමාව වැරදියි නේද? කරුණාකර නැවත පරීක්ෂා කර බලන්නේ නම් ස්තුතිවන්ත වෙමි. (දී)

:       0       0

චමින්ද Monday, 31 March 2014 02:11 PM

සෑම් මහත්තයා ඩොලර් දහදාකට වැඩිය ගේනවද ? ඕස්ට්‍රේලියාවෙන් එකවර එක්කෙනෙකුට ගෙන යා හැකි මුදල් ප්‍රමාණය ඩොලර් දහදාහයි නේද ? ඉතුරු ටික කොහොමද පිට කරන්නේ ? මේ වගේ නොකිය ගේනවද ? (නදී)

:       0       0

නුවන් Monday, 31 March 2014 02:20 PM

රට යනකොට ඩොලර් 5000 ගෙනියන්ඩ පුළුවන්. ලංකාවේ සල්ලි ගෙනියනවා නම් රේගු නීතියට අනුව රුපියල් 20000 යි ගිනියන්න පුලුවන්.(නදී)

:       0       0

ලංකාතිලක Monday, 31 March 2014 02:48 PM

සෑම් මහතා පිට රgක සිටියත් එම රටේ හෝ ලංකාවේ නිතිය වත් නොදැන ඉන්නේ. ඕනෙම රටක එම රටේ මුදල් පිට ගෙන යාමේදී උපරිමයක් තිබෙනවා . ලංකාවට එන විට පවා ඩොලර් හෝ ඕනෙම විදේශ මුදල් ගෙන එන විට ප්‍රමාණය වැඩි නම් රේගුවට පවසා එය වලංගු කර ගත යුතුය. නැවත අපාසු යන විට රේගුවෙන් පරික්ෂා කළහොත් එවිට ඒවායේ වලංගු භාවය පෙන්විය හැක. එසේ නොමැතිව රේගු නිලදාරින්ට අසුවුනොත් රාජසන්තක කිරීමත් දඩ මුදලක් ගැසිමත් සිදු කරේ. සෑම් මහතා මේවා ඉගෙනගන්න. එසේ නුවහොත් ඉදිරි දිනක ඔබ අමාරුවේ වැටීමට ඉඩ තිබේ.(නදී)

:       0       0

ගන්දර සයිමොන් Monday, 31 March 2014 02:51 PM

සෑම් මහත්තයෝ ඔය සල්ලි වලංගු සල්ලිද ? සෑම් මහතා ඉන්නේ සෝමාලියාවේද ? පිට රට ගිහිනුත් එම රටේ සහ ලංකාවේ නිතිය ගැන දැනුමක් ලබා ගත්තේ නැද්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 613 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 114 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 914 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1023 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2846 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1774 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25460 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23413 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site