ලන්ඩන් නගරයේ ඡිවත්වන ලයිකා මොබයිල් ආයතනයේ සභාපති හා ලයිකාස් ඥානම් සංවිධානයේ සභාපති සුභාස්කරන් ඇල්ලිරාජා මහතා ඇතුළු පිරිසක් මෙ දිනවල ශ්‍රි ලංකාවට පැමිණ තම මවි රටෙ ඡනතාවගේ ප්‍රඡා සංවර්ධන ව්‍යාපෘති රැසකට තම දායකත්වය ලබා දීමට ඉදිරි පත්වී සිටිති.
කෝටි තුනක් වැයකරමින් උතුරු නැගෙනහිර වැසියන්ගේ ඡිවනෝපාය නංවාලීම හා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම කටයුතු කරයි.
අම්පාර ,මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය,මුලතිව්,කිලිනොචිචි .මන්නාරම. වවිනියා දිස්ත්‍රික්ක කේන්ද්‍ර කොටගෙන සිදු කැරෙන මේ සේවා පුත්තලම , පොලොන්නරුව,අනුරාධපුර දිස්ත්‍රික්කවල සියලු ජාතින් ඉලක්ක කරගෙන ක්‍රියත්මක කරන බවයි එම සංවිධානය පවසන්නේ. අබල දුබලයිනට පුද්ගයින් හට රෝද පුටු ලබාදිම, කාන්තාවන් හට මහන මැෂින් ,පාසල් දරුවන්ට පාපැදි,පොත් බැග්,නිල ඇදුම්, පාසැල් උපකරන,ඡිවනාධාර ව්‍යාපෘති සදහා මුදල් ආධාරකිරීම අංශ රැසකට මොවුහු අනුග්‍රහය ලාබා දෙති. දිස්ත්‍රික්ක සියල්ලගේම පිහිටා ඇති ව්‍යාපෘති කාර්යාල හරහා මෙම වැඩ සටහන් සමිබන්ධීකරණ කටයුතු සිදුවෙයි.
මෙම අවස්ථාවන් හට ලයිකාස් ඥාණමි සංවිධානයේ අනුශාසක ඥාණාමිබිගේ ඇල්ල්රාජා මහත්මිය ඇතුළු ලන්ඩන් නගරයේ පිරිසක් මේ ගමනට එක් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුම්බිණි, මගේ අදහස නම් සියලුම ජාතින් ආවරණය වන ලෙස මෙම පරිත්‍යාග දීම හොඳ වැඩකි. මෙයට සරදම් කිරීම හොඳ නැත. (ස)
හොඳ අදහසින් කරනවානම් ඉතා වටිනවා. (දී)
ජාතිය ගැන නියම හැඟීමෙන් වැඩ කරනවා නම් මෙන්න උදාහරණ (නි)
හොඳම හොඳ වැඩක් අතර මැදියෝ නැහැනේ (දී)
මිල්හාන්,පස්සේ අඩන්න එපා ඒගොල්ලන්ට සැලකුව තමුන්ගේ ජාතියට සැලකුවේ නෑ කියල හොදේ!(දී)
මේ මහත්තුරු ,මේක විතරක් නොවෙයි කරන්නේ දැනට ,මුළු යුරෝපය පුරාම අඩු වියදමකින් කතා කරන්න දුර කතන ජාලාවක් මහජනයාට දායාද කරල තියෙනවා .මේ අයට අපිත් සුබ පතනව. ස්තුතියි .(දී)
හොඳ හිතින් කරනවානම් හොඳයි නමුත් කොටින්ගේ පිල්ලි මේවා හරහා එවන්න ඉඩ තියනවා. මේ නිසා රජයේ ඔත්තු සේවා මේවා ගැන සැලකිල්ලෙන් ඉන්න ඕන. ඇමෙරිකාවේ සහ එන්ගලේන්තේ කෙරන්නේ එකයි එයාල හැම දෙයක් ගැනම අවදානයෙන් ඉන්නේ.. (දී)
මොන ජාතිය හරි කමක් නෑ දියුණු වෙලා එක පියවරකින් ඉදිරියට යාම ඒ රටටත් ආර්ථිකයටත් නේද හොඳ. (ස)
හොඳ වැඩක්, මෙවැනි මහත්වරු ඡන්දෙ ඉල්ලන්ඩ ඕනෑ. (ස)
අර එක ඇමති තුමෙක් අරාබියෙන් ආධාර ඉල්ලගෙන තමන්ගේ ජාතියට විතරක් සලකපු හැටි තාම මතක තියෙනවා අපිට. (ස)
අගය කරනවා ඔබ තුමන්ලාගේ වැඩ පිළිවෙල , පිට රට හිටියත් මව් රටේ ජනතව අමතක නොකිරීම ගැන (දී)
මෙහි ඇති ඉතාම වැදගත් දෙය නම් මේ මහත්වරු මේ සේවය සහ ආධාර දිගටම කරන බව සහ ඒවා ජාති බේදයක් නැතිව ඉටුකරන බවත් පැවසීමත් ය. මේ නියම ශ්‍රී ලංකික දරුවෝය. (දී)
මේ වගේම ලංකාවේ අනිත් පැතිවල ඉන්න නැති බැරි අයටත් උදව් කරන්නට රට ඉන්න ඇති හැකි අපේම ඇත්තෝ වග බලාගන්න ඕනේ (දිල්)
ඔබ සියලු දෙනාටම පින් (දී)
ඔබව අගය කරමි දේශපාලනය මෙයට සම්බන්ධ නොකර ගැනීම ගැන. (දී)
බොහොම හොද වැඩක් අනෙත් අයටත් ආදර්ශයක් වේවා. (දී)
ආධාර නම් කාගෙන් උනත් ප්‍රශ්නයක් නැහැ නේද? (දී)
ආධාර වලට පොලිය ගෙවන්න ඕනෙද (දී)
ඉතා හොද වැඩක් (දී)