IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


වටරැක විජිත හිමි ජාතික රෝහලට

පානදුර රෝහලේ මූලික ප්‍රතිකාර වලින් පසුව වටරැක විජිත හිමියන් මින් මද වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට මාරු කර යැවු බව වෛද්‍යවරු කියති.

ඒ හිමියන්ගේ ජනනේන්ද්‍රියේ සුළු තුවාල ඇතැයිද ඔවුහු කියති.

(වීඩියෝ සිරි මහබෙල්ලන)

 

 

 

 

 

(වීඩියෝ සිරි මහබෙල්ලන)

වීඩියෝ - බිමල් ශ්‍යාමන් බණ්ඩාර

 



අදහස් (0)

වටරැක විජිත හිමි ජාතික රෝහලට

නිමන්ත Thursday, 19 June 2014 03:43 PM

මේක බොරුවක් නම් ආගමික භේද ඇති කරන්න හදන හාමුදුරු වරු අපා ගත වෙයි..... මේක ඇත්තක් නම් මේ වැඩේ කරපු අය අපා ගත වෙයි... නැත්තම් රටේ ඉන්න අපට මේ මනස්ගාත එපා වෙලා රට දාලා යන්න වෙයි.....අනේ නිකන් ඉන්න. (ස)

:       0       0

වඩුගේ Thursday, 19 June 2014 03:43 PM

දැන් කියයි සිංහල බෞද්ධ කියා ගන්නා අය ගැහුව කියලා. ලොකු සාකච්ඡාවකින් පස්සෙ. ඇත්තටම පැහැරගෙන ගිය ගොඩක් අය ආපසු ඇවිල්ලා නැහැ කියල ඉතිහාසය කියාවි. ආපසු ආපු අයගේ කිල්ලෝට වල යන්න ඉස්සර නොතිබුණ හුණුත් තියනවා කියලා වර්තමානය සාක්ෂි දරාවි. (ස)

:       0       0

රත්නවීර Thursday, 19 June 2014 03:49 PM

වත්මන් තත්වය කොහොමද ඒ හිමියන්ගේ (දී)

:       0       0

සහන් Thursday, 19 June 2014 11:55 AM

ජිවිත හානියක් නොවේවා තෙරුවන් සරණයි (දී)

:       0       0

ධර්මසේන Thursday, 19 June 2014 03:49 PM

මේ හිමියන්ගේ වීඩියෝව දැක්කාම දුක හිතුනා (දී)

:       0       0

අචිනි Thursday, 19 June 2014 03:49 PM

ඔබට ඉක්මන් සුවය ලැබේවා (දී)

:       0       0

චින්තාමණි Thursday, 19 June 2014 03:50 PM

මෙවන් වැඩ නිසා නැති වෙන්නේ අපේම රටයි (දී)

:       0       0

චානක Thursday, 19 June 2014 03:50 PM

අපේ රට අපිම විනාශ කරගත්තා කියලයි මට හිතෙන්නේ (දී)

:       0       0

චන්ද්‍රා Thursday, 19 June 2014 03:50 PM

අපේ හොදට තිබුන රට අපි විසින්ම විනාශකරගෙන. (නදී)

:       0       0

නිලාම් Thursday, 26 June 2014 03:15 PM

ජාතික සමගිය වෙනුවෙන් හඬ නගන අයගේ ඉරණම මේකද?. කලවුන්ට සාපවේවා....! (ස)

:       0       0

සිසිර Thursday, 19 June 2014 03:54 PM

මිනිස්සු තම තම නැණ පමණින් එක එක දේවල් කියනවා නමුත් මතක තියාගන්න මේ භික්ෂුවක් (දී)

:       0       0

උඩහගේ Thursday, 19 June 2014 03:59 PM

මේ වීඩියෝ දකිනකොට මහා අනුකම්පාවක් දැනෙනවා, පව් (දී)

:       0       0

බංඩාර Monday, 23 June 2014 09:53 AM

අනේ නංගිලා මල්ලිලාගේ කොමෙන්ට් අපරාදේ. නිකන් චුන් වෙලා කොමෙන්ට් දාන්න මෝඩ වෙන්නේ ඇයි? මෙයාම තමන්ව කපාගෙන නේද? (නදී)

:       0       0

ප්‍රසන්න Friday, 20 June 2014 04:13 PM

අපි දවස පුරාම ජීවත්වෙන මඟක් සහ ගෙදර දොර ප්‍රශ්න ගැන හිතනවා. හාමුදුරුවරුන්ට ඉතින් එහෙම ගැටලු නැහැනේ (නි)

:       0       0

නධිර Thursday, 19 June 2014 04:04 PM

මිනිස්සුන්ට විවිධ මත තියෙන්න පුළුවන් නමුත් මෙවන් ක්‍රියා අනුමත කරන්න බැහැ (දී)

:       0       0

නජිත් Thursday, 19 June 2014 12:24 PM

මේවා නම් කවුරු කලත් නොහොඹිනා වැඩ (දී)

:       0       0

අශේන් Thursday, 19 June 2014 04:07 PM

ඉතාමත් කනගාටු දායක පුවතක් (දී)

:       0       0

සුනෙත් Thursday, 19 June 2014 12:24 PM

ඒ තරම් අමාරුද (දී)

:       0       0

සිල්වා Thursday, 19 June 2014 04:11 PM

මෙතන පුද්ගලික පලි ගැනීමක් වෙන්නත් පුළුවන් බළල්ලු ලවා කොස් ඇට බාවනවා වගේ වැඩක් (දී)

:       0       0

නිම්මි Thursday, 19 June 2014 12:26 PM

මහා ජරා වැඩක් (දී)

:       0       0

සනත් Thursday, 19 June 2014 09:08 PM

තල වැපිරුවා නම් තල ම නෙලා ගනු! මට නම් හිතෙන්නෙ මේ වැඩේ කලේ අවස්ථාවාදියො.අන්තිමට ලගින්ම හිටිය කට්ටිය මේ ගැන හරියටම දන්නව ඇති. (අ)

:       0       0

ටෙනිසන් Thursday, 19 June 2014 12:27 PM

දෙවියොයි,යක්කුයි , පෙරේතයෝයි එක්ක ගනුදෙනු කරන මිනිස්සු මනුශ්‍යත්වය හඳුනාගන සහෝදරත් වයෙන් ජීවත් වීමට මුල පුරන තෙක් මේ අපායෙන් ගොඩ ඒම බොරු. (නදී)

:       0       0

තරංග Thursday, 19 June 2014 04:14 PM

පවු පුරවා ගන්න එපා සදුන් (දී)

:       0       0

පහන්දී Friday, 20 June 2014 11:05 AM

අදහස් සියල්ලක්ම කියෙව්වා ''ඒත්'' ඩොනල්ඩ් ගේ කතාව විතරයි හිතට වැදුනේ. ඇත්තටම අපි ගැන මොන කතාද. හිමිනමට ඉක්මන් සුවය පතමි.(නදී)

:       0       0

ලංකා තිලක් Thursday, 19 June 2014 09:24 PM

වෙන්න පුළුවන් ඩුබායි තිලක් මහත්තයෝ. වෙන්න පුළුවන්. හැබැයි ටෙලි නාට්‍ය වල කට්ටිය මේ දවස්වල ටෙලි ඩ්‍රාම එකක් කරනවා. වටරැක හාමදුරුවන්ට එකේ චරිතයක් නැතිවෙන්න විදියක් නැහැ පහු ගිය ටිකේ රගපාපු විදියට. අපේ කට්ටිය කට අරගෙන ඒ ටෙලි ඩ්‍රාම එක බලාගෙන ඉන්නවා විශේෂයෙන් අපේ පිටරටවල ඉන්න කට්ටිය.එයාලට තාම වැඩේ තේරිලා නැද්ද නැත්නම් තේරිලා උනාට එක පෙන්නන් නැද්ද කියලනම් හිතා ගන්න බැහැ.(අ)

:       0       0

සුරානි Thursday, 19 June 2014 12:34 PM

මොනවා වුණත් මේ වගේ දේවල් සිද්ධ වෙන එක එච්චර හොඳ නැහැ (නි)

:       0       0

හර්ෂණී Thursday, 19 June 2014 12:34 PM

මොනවද මේ සිද්ධ වෙන්නේ? (නි)

:       0       0

අරෝෂ් Thursday, 19 June 2014 09:36 PM

බොහොම කණගාටුදායක සිදුවීමක් (නි)

:       0       0

කසුන් Friday, 20 June 2014 11:12 AM

මෙහෙම වෙච්ච එක පුදුමයකුත් නෙවෙයි. ඒත් කාට වුනත් ශාරීරික පීඩා කිරීම නම් අනුමත කරන්න බෑ.(නදී)

:       0       0

කුෂාන් Thursday, 19 June 2014 12:35 PM

හිමිනමට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

අනිල් මෙන්ඩිස් Thursday, 19 June 2014 09:36 PM

අපිට හරිම කණගාටුයි (නි)

:       0       0

රංජිත් වීරසිංහ Thursday, 19 June 2014 04:25 PM

මොනවා කරන්නද සිංහලුන්ට අමතක වෙනවානේ (නදී)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Thursday, 19 June 2014 12:37 PM

මේ විජිත හිමියන් ජාතික සමගිය සහ ආගම් අතර සාමය සංහිදියාව වෙනුවෙන් කටයුතු කරපු නිසා . ජාතිවාදී සහ ආගම් වාදී අන්තවාදීන් විසින් කරපු අප්‍රසන්න ක්‍රියාවක් මේක . ලංකාව යන්නේ කොයිබටද කියා මෙයින්ම සිතා ගත හැකිය (නදී)

:       0       0

සුරේෂ් Thursday, 19 June 2014 09:46 PM

ඉක්මනින් සුවපත් වේවා! (නි)

:       0       0

බණ්ඩාර Thursday, 19 June 2014 04:36 PM

සිවුරේ ගෞරවය රකින්න මිනිසුනේ (දී)

:       0       0

නිම්මි Thursday, 19 June 2014 04:40 PM

අටලෝ දහමට කම්පාවෙන්න නොවී ඉන්න අපි පුරුදු වෙලා තියෙන්නේ (දී)

:       0       0

කුමාරි Thursday, 19 June 2014 04:41 PM

මගේ ජීවිතේට මම මෙහෙම දෙයක් දැකලා නැහැ (දී)

:       0       0

චාමර Thursday, 19 June 2014 12:46 PM

ඇයි මේ හාමුදුරුවන්ට පොලිස් ආරක්ෂාව දීලා තිබුනා නේද? (නි)

:       0       0

මංගල Thursday, 19 June 2014 04:44 PM

මෙහෙමත් රටකනේ අපි ජිවත් වෙන්නේ (දී)

:       0       0

මහේෂ් Thursday, 19 June 2014 04:44 PM

මොන තරම් කැත වැඩක්ද ? (දී)

:       0       0

ටිකිරි බංඩා Thursday, 19 June 2014 12:49 PM

දැඩිමුණ්ඩ, ඇයි ලෝකෙම අපි දිහා බලන් ඉන්නෙ. අපි සෝමාලියාව, ඉතියෝපියාව, උගන්ඩාව,කෙන්යාව, ස්වාසිලන්තය වගේ මිනිකන්නන්ගේ දේශයට ලං වෙන නිසයි. (නදී)

:       0       0

උදය Thursday, 19 June 2014 04:44 PM

නොහොඹිනා කතා කියන්න එපා (දී)

:       0       0

රොෂාන් Saturday, 21 June 2014 05:59 AM

ඉක්මනින් සුවපත් වේවා ! (නදී)

:       0       0

පෝල් Thursday, 19 June 2014 04:47 PM

සිල්වා මහතාණෙනි , නැ පලිගැනීමක් නොවේ , මේ හාමුදුරුවෝ තමාටම ගහගෙන ඉස්පිරිතාලේ ඇතුලත් වෙලා , ඒක පැහැදිලියි හොදටම , දැන් කියයි මට මතක නැ කියලා . මෙතන වරද තනිකරම ආණ්ඩුවේ , නයි හුරතල් කරලා කිරි පෙවීම නිසා මේ දේවල් තව ඉදිරියට වෙනකොට , මෙයාලව ජිනීවා වලට යවන්න (දී)

:       0       0

ලලිත් Thursday, 19 June 2014 04:52 PM

නඩරාජා, මෙයා අලුත්ගමට ගියේ චර්ම සැත්කමකට (දී).

:       0       0

චමින්ද Thursday, 19 June 2014 09:11 AM

අර රතු ඉරි ටි-ෂර්ට් එක ඇදගෙන ඉන්න පුද්ගලයා මොකක්ද පෙන්වන්න හදන්නේ ? (නදී)

:       0       0

හසිත Thursday, 19 June 2014 04:55 PM

මේවාට අදහස් පල කරන්න ගිහිල්ල සංඝ බේධය කියන ආනන්තරිය පාප කර්මයටත් අහු වෙන්න ඉඩ තියන බය නිසා කොමෙන්ට් නොදමමි. (දී)

:       0       0

ඩොනල්ඩ් Thursday, 19 June 2014 11:00 PM

හාමුදුරුවන්ටත් මෙහෙම කරන රටේ සාමාන්‍ය අපි ගැන මොන කතාද? (නි)

:       0       0

දුරන්ග් Thursday, 19 June 2014 04:56 PM

17 වැනි සියවස අගදී රොබට් නොක්ස් සිංහලයා දුටුවේ - ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ඨ සම්පන්න ය ; මද්‍යපානය නොබොන්නේ ය; සොරකම් පිළිකුල් කරන්නේ ය; ගෙරිමස මුවෙහි නො තබන්නේ ය; එහෙත් අද ...........?????? (දී)

:       0       0

නිවන්ත Thursday, 19 June 2014 05:02 PM

ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

මිනිසා Thursday, 19 June 2014 01:03 PM

ලංකාවේ නම කතා කරන්න එපා (දී)

:       0       0

මිනිසා Thursday, 19 June 2014 01:03 PM

අනේ මිනිසුනේ මොනවද මේ ජාතික අපරාධ (දී)

:       0       0

තරංග Thursday, 19 June 2014 05:05 PM

කුමාරි, මමත් එහෙමයි. (නි)

:       0       0

පියසේන Thursday, 19 June 2014 09:24 AM

පිස්සු හැදෙනවා දැන් මේ ප්‍රවෘත්ති වලට (නදී)

:       0       0

රංග Thursday, 19 June 2014 01:10 PM

කලබල වෙන්න එපා මිනිසුනේ කලබල වෙලා තීරණ ගන්න එපා (දී)

:       0       0

තරංග Thursday, 19 June 2014 09:26 AM

අපෙ ජාතියේ පිනට පහල වුන දෙවි කෙනෙක් මෙතුමා. කවුද ගැහුවේ. (නදී)

:       0       0

කුමාර Thursday, 19 June 2014 05:12 PM

මේ චණ්ඩිකම් වලට නීතිය ක්‍රියාත්මක වෙනතුරු අපි බලාගෙන ඉන්නවා (නි)

:       0       0

රංජිත් Thursday, 19 June 2014 09:30 AM

ස්වාමීන් වහන්සේලා සමගිව එකට ඉන්නවා නම් මෙවැනි දේවල් කවරදාකවත් වෙන්නෙ නැහැ (නදී)

:       0       0

ප්‍රියනාත් Thursday, 19 June 2014 01:16 PM

තිරිසනුන්ගේ වැඩ මේවා. කතාකරල වැඩක් නැහැ මේවා ගැන. (නදී)

:       0       0

මෝරලා Thursday, 19 June 2014 09:33 AM

දැන් ඔය කට්ටියට සතුටුයි නේද ? (නදී)

:       0       0

චන්දි Thursday, 19 June 2014 09:34 AM

සිවුරේ ගෞරවය රැකගෙන ජීවත් වෙන සංඝයාවහන්සේලාට මෙහෙම වෙන්නේ නැහැ (නදී)

:       0       0

ශාන් Thursday, 19 June 2014 09:35 AM

අනේ මන්දා මේ කාලේ මේ මොනවද වෙන්නේ කියා (නදී)

:       0       0

සජී Thursday, 19 June 2014 01:20 PM

මුන්වහන්සේ කරපු දේශනාවක් තියනවා යු ටියුබ් එකේ.. පැය භාගයක මෙතන අදහස් පලකරන අය.. ඒ වීඩියෝ එක මුලින්ම බලලා මුන්වහන්සේ කවුරුන්ද කියලා තේරුම්ගන්න...(නදී)

:       0       0

වසන්ත Thursday, 19 June 2014 09:38 AM

මේක අන්තවාදීන්ගේ වැඩක් ද ? (නදී)

:       0       0

අභීත Thursday, 19 June 2014 01:24 PM

කරුණාකර මේ හිමි ගේ යු ටියුබ් බලන්න. කාටවුනත් හිංසාව අගය කලයුතු නැත. තරංගගේ දැනුම ගැන කනගාටුවෙමි. (නදී)

:       0       0

නඩරාජා Thursday, 19 June 2014 01:25 PM

වටරැක හිමියෝ අහවල් දේකට අලුත්ගමට වැඩියද ? කෙසේ වෙතත් ඉන්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 19 June 2014 05:26 PM

කව්රු කරත් ලැජ්ජා නැති පාපතර වැඩ මේවා. (නදී)

:       0       0

ප්‍රේමේ Thursday, 19 June 2014 09:40 AM

ලංකාවට මොකද උනේ ? (නදී)

:       0       0

දිනූෂ Thursday, 19 June 2014 09:41 AM

රටෙත් ජාතියෙත් ගෞරවය ආරක්ෂා කිරීම මෙන්ම ආරක්ෂා කරගැනීම හැමෝගෙම වගකීමක් බව සිතිය යුතුය.(නදී)

:       0       0

නුවන් Thursday, 19 June 2014 05:44 PM

හිමිනමකට පහරදීම තරයේ හෙළා දකිනවා. ඒ මොකද හිමිනම මනුස්සයෙක් වූවත් චීවරයක් දා ගත් කෙනෙක්. එහෙත් මම ස්වාමීන් වහන්සේලා දේශපාලනයට මැදිහත් වීම ගැන නම් විරුද්ධයි (නි)

:       0       0

රිෂී Thursday, 19 June 2014 09:51 AM

එතුමා කරපු එකම වරද ආගමික සමගිය ගැන කතා කරපු එක (නදී)

:       0       0

රමිලා Thursday, 19 June 2014 10:20 AM

තමා වපුරණ බීජ වල අස්වැන්න තමා විසින්ම නෙළාගත යුතුය. (නි)

:       0       0

අසංග Thursday, 19 June 2014 10:20 AM

චීවරයට මෙහෙම අගෞරව කරන්න එපා. (නි)

:       0       0

ජෙහාන් Thursday, 19 June 2014 01:42 PM

මේ දවස් වල උදේ ඉඳලා රාත්‍රී වෙනකම් පුජ්‍ය පක්ෂය සම්බන්ධ අලකලංචි මිසක් අපිට වෙනත් සතුටු හිතෙන ආරංචියක් ලැබෙන්නෙම නැහැ වගේ. (නදී)

:       0       0

අජිත් Thursday, 19 June 2014 10:23 AM

මේ වැඩ වලින් වෙන්නේ බෞද්ධාගම ටිකෙන් ටික අපෙන් දුරස්වෙන එකයි (නි)

:       0       0

සුසිල් Thursday, 19 June 2014 10:23 AM

බලනකොට මේක පුදුමාකාර රටක්! (නි)

:       0       0

මොහොමඩ් Thursday, 19 June 2014 10:24 AM

මේවා මහා අපරාධ.ලෝකයටම දුන්නේ නරක ආදර්ශයක් (නි)

:       0       0

මිහිර Thursday, 19 June 2014 10:25 AM

චීවරයකට මෙහෙම කරන එක මම නම් අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

සපරමාදු Friday, 20 June 2014 04:42 AM

හාමුදුරුවන්ට ගැහුවේ කවුරු වෙන්නට ඇද්ද? (නි)

:       0       0

අරෝෂ් Thursday, 19 June 2014 10:26 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා. මේක කළේ කවුද ආදී සියල්ල ඉක්මණින් සොයාගනීවි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 19 June 2014 06:20 PM

ඔය වැඩේ කළ අයව අල්ලන්නේ කවදාද කියලා අපි බලා ඉන්නවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 19 June 2014 06:23 PM

මේ ස්වාමීන් වහන්සේගේ දේශනයක් තිබෙනවා අන්තර්ජාලයේ (යු ටියුබ් එක). හැමෝම බලන්න මේ ස්වාමීන් වහන්සේ වරදක් කර හෝ වරදක් කියා තිබෙනවද කියලා? (නි)

:       0       0

මෙලනි Thursday, 19 June 2014 10:27 AM

ඉක්මනින් සුවපත් වේවා! (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 19 June 2014 10:39 AM

මේ සිද්දිය පිටුපස ඇති කතාව නොදැන අපිට අදහස් දාන්න විදිහක් නැහැ ප්‍රසන්න ඔබගේ මතය මම පීලිගන්නවා (දී)

:       0       0

දම්මික Thursday, 19 June 2014 01:54 PM

මොකද්ද මේ ලෝකෙට පෙන්නන්න හදන්නේ (දී)

:       0       0

ජයන්ත Thursday, 19 June 2014 01:55 PM

මහා පාප කර්මයක් (දී)

:       0       0

ප්‍රසාද් Thursday, 19 June 2014 01:57 PM

මිනිසුන්ගේ දරාගැනීමේ ශක්තිය ඉතා හීන වෙලා (දී)

:       0       0

චම්පික Thursday, 19 June 2014 06:30 PM

ඇයි මේ වගේ වැඩ කරන්නේ? මොනවද මේවායින් ලැබෙන්නේ? (නි)

:       0       0

සෙනරත් Thursday, 19 June 2014 01:57 PM

ඉන්දියන් සාගරයේ මුතු ඇටය (දී)

:       0       0

ගුණවති Thursday, 19 June 2014 06:32 PM

මේවාට කවුද වගකිවයුත්තේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 19 June 2014 06:33 PM

උදේ පාන්දරින් පිරිත් කියලා,බණ කියලා වැඩ ආරම්භ කරලා ,රෑ පිරිත් කියලා ,බණ කියල දවසේ වැඩ නිමකරන රටක මෙහෙම දේවල් සිද්ධ වෙන්න පුලුවන්ද? (නි)

:       0       0

තරිඳු Saturday, 21 June 2014 09:17 AM

මේ ගැන එක එක ආරංචි තියෙනවා. පොලිසිය කියනවා සිද්ධියේ ගුප්ත බවක් තිබෙන බව. (නදී)

:       0       0

රුචි Thursday, 19 June 2014 10:47 AM

අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය පතනවා (නදී)

:       0       0

හසිත් Thursday, 19 June 2014 06:36 PM

බලනකොට මේ රටේ වෙන්නේ පුදුම දේවල්නේ? (නි)

:       0       0

සරත් Thursday, 19 June 2014 06:36 PM

මට නම් විශ්වාස කරන්නත් අමාරුයි මේ සිදුවෙන දේවල් (නි)

:       0       0

සමනල Thursday, 19 June 2014 02:02 PM

ඇඟිලි සලකුණු ගන්න තියන සිවුර අර මනුස්සය අතින් අල්ලාගෙන. දැන් එයාගේ සලකුණත් තියනවා එ්කේ. (නදී)

:       0       0

ආසිරි Thursday, 19 June 2014 02:03 PM

මෙතන මොකක් හරි තියෙනවා (නදී)

:       0       0

ශිරාන් මෙන්ඩිස් Thursday, 19 June 2014 10:54 AM

බොහොම ඉක්මනට ලෝකෙන්ම පිරිහෙන රටක් බවට ලංකාව පත් වෙයි වගේ. මුළු ලෝකයම බලන් ඉන්නේ ලංකාව දිහා බව කව්රුත් මතක තියා ගත්තොත් හොඳයි (නදී)

:       0       0

මාධව Thursday, 19 June 2014 06:40 PM

ඔබ වහන්සේ අහිංසකයි. මෙහෙම කළ එක බොහොම වැරදියි. මට නම් හරිම දුකයි (නි)

:       0       0

මෙවන් Thursday, 19 June 2014 02:06 PM

සාමනේර සීලය උපසම්පද සීලය ප්‍රගුණ කළ ආරක්ෂා කළ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකට ශාරීරික වධහිංසා පැමිණවීම අපාගත වියහැකි ක්‍රියාවක් ලෙස බණ පොත්වල සඳහන්ය. (දී)

:       0       0

ජගත් Thursday, 19 June 2014 06:42 PM

චීවරයක් ඉරා අත් බැන්ඳේ කවුද කියා මට තිබෙන්නේ ලොකු සැකයකි (නි)

:       0       0

සුපුන් Thursday, 19 June 2014 06:43 PM

ඇයි මිනිසුන් මෙහෙම හැසිරෙන්නේ? මේවා රටේ නමට කොච්චර කැළලක්ද එකතු කරන්නේ? (නි)

:       0       0

යසිත Thursday, 19 June 2014 06:45 PM

බුදුන් වහන්සේ දේශනා කළේ සැමට මෛත්‍රී කරන්න නොවේද? (නි)

:       0       0

දීපිකා Thursday, 19 June 2014 06:45 PM

හිමිනමකට මෙහෙම සළකන එක කොච්චර වැරදිද? (නි)

:       0       0

පකීර් Thursday, 19 June 2014 11:05 AM

ඉක්මනින් සුවපත් වේවා! (නදී)

:       0       0

ශාන්ති Thursday, 19 June 2014 11:07 AM

අනේ මන්දා මොනවද මේ වෙන්නේ කියලා උඩ ඉන්න දෙවියොත් දන්නේ නැතුව ඇති (නදී)

:       0       0

කේෂර Thursday, 19 June 2014 02:19 PM

මත භේධ තිබුනත් මිනිසත් කම අහක දාන්න එපා (දී)

:       0       0

එම්. ඩි. සිල්වා -කැනඩාව Thursday, 19 June 2014 06:59 PM

කණගාටුවට කරුණක්. මමත් දකුණේ බෞද්ද සිංහලයෙක්. නමුත් මේ වැඩේ සම්පුර්ණයෙන්ම වැරදියි. මොකද ඒ හිමි නම වරදක් කලා නම් එයට ගතයුතු පියවර මුළු මහත් සඟ නායකවරුන් එකතුවෙලා ඒ ගැන තීරණයක් ගෙන ඊට කටයුතු කලයුතුයි. අනික කෝ රටේ නීතියක්. මේක පමණක් නොවෙයි මීට ප්‍රථම කොපමණ දේ සිදු උනාද ,කෝ නීතිය ක්‍රියාත්මක උනාද ,නැහැ එක එක්කෙනාට ඕන විදිහට නීතිය ,එක ලොකුම ප්‍රශ්නයක් රට තුල ,මේකට බොදු බලසේනාවේ අර එඩිතර ස්වාමින්වහන්සේලව පටලව ගන්න අවශ්‍ය නෑ, මොකද ලෙහෙසිම දේ කාව හරි පටලවලා ප්‍රශ්ණ නිරාකරණ කිරීමයි. දැන් ලෝකේ හැම තැනම මේ අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් තියෙනවා. ඉතින් ඔය මෑතකදී කිවූ පරිදි ඔය ලඟම රටවල් වන පකිස්ථානය, ඇෆ්ගනිස්තානය ,මාලේ වැනි ත්‍රස්ත සංවිදාන රට වල් වලින් පැමිණ රට තුල ප්‍රස්ණ ඇතිකරනවද ,නැත්නම් බටහිර රටවල් ද රට අස්ථාවර කිරීමට මේවා කරන්නේ. කල්පනාවෙන් කව්රුත් වැඩකළ යුතුයි. බුදු සරණයි (නදී)

:       0       0

ඩීමන් Thursday, 19 June 2014 11:17 AM

“යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ගයාගෙන් දෙවියන් වසං කිරීමටය”. (නදී)

:       0       0

සුනිල් රියාද් සිට Thursday, 19 June 2014 11:19 AM

කෙසේ වෙතත් හිරිහැර කිරීම අනුමත කරන්නේ නෑ. (නදී)

:       0       0

ආශික් Thursday, 19 June 2014 02:25 PM

අනේ මේ අපේ හාමුදුරු නමට මේ අපරාධය කල කෙනා කවුරු වුනත් මේ ලොවේදීම විඳවන්න වේවි. පව් මේ හාමුදුරුනම. හරිම කනගාටුයි. (ස)

:       0       0

සීල Thursday, 19 June 2014 02:26 PM

පරීක්ෂණ සමීක්ෂණ තියල තව තවත් මුදල් නාස්ති කරන්න ඕනේ නැහැ. . කවුරුත් දන්නවා කලේ කව්ද කියල. දන්නවනේ පහු ගිය කාලේ මිනීමැරුම් වලට වෙච්ච් දේ. කොහොම උනත් මනුස්ස ජීවිතේකට කරන වධ හිංසා වලට ඉතා ඉක්මනට පල දේවී. එකයි මම අදහන ආගම. (ස)

:       0       0

හේමන්ත Thursday, 19 June 2014 11:25 AM

කොසොල් රජු දුටු සිහිනය සැබෑ වෙමින් ඇත.(නදී)

:       0       0

ෆර්නාස් Thursday, 19 June 2014 02:26 PM

අපේ රටට රජයක්,ජනාධිපතිවරයෙක්,පොලිසියක් අවශ්‍ය නැහැ කියා මම සිතනවා.මන්ද රට අරාජික,ජාතිවාදය එන්න එන්නම නරක අතට හැරෙනවා. මේවා සේරටම මුල බල තණ්හාව සහ මුදල් තන්හාව.මෙවන් අපරාධ කරන සියල්ලන්ටම දෙවියන්ගේ සාපය හැකි ඉක්මනින් ලැබේවා කියා මම ප්‍රර්ථනා කරමි.විජිත හාමුදුරුවන්ට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි. (ස)

:       0       0

මාලනී Thursday, 19 June 2014 02:29 PM

සංඝ්‍යා වහන්සේලට හිරිහැර කරන අයට නිරයෙන් ගැලවීමක් නැත. (නදී)

:       0       0

කපිල Thursday, 19 June 2014 02:33 PM

තමන් දරන මතය ප්‍රකාශ කිරීමේ අයිතිය කාටත් තියෙනවා. කවුරු කලත් මේ දෙයනම් විශාල පවක්. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....බුදු හාමුදුරුවනේ....(නදී)

:       0       0

ලංකා Thursday, 19 June 2014 02:33 PM

වටරැක විජිත හිමිට මේ කරපු අපරාදෙට මොන වගේ දඩුවමක් දෙනවද? (නදී)

:       0       0

තිලක් Thursday, 19 June 2014 07:18 PM

වෙන්න පුළුවන් ඩුබායි තිලක් මහත්තයෝ, වෙන්න පුළුවන්.... (නි)

:       0       0

තරංග Thursday, 19 June 2014 02:45 PM

බණකට වැඩිය හාමුදුරුවෝ මත් කරලා ඉන්ද්‍රියකට සුළු තුවාල කල එක මම තරයේ හෙලා දකිමි. (නදී)

:       0       0

සඳරුවන් Thursday, 19 June 2014 02:47 PM

කව්රු කරත් බොහොම කැතම කැත වැඩක්. මොන දේ කිව්වා හෝ කරා හෝ මෙහෙම කරන්න කාටවත් අයිතියක් නෑ. රටේ නීතිය වල් වැදිලා නිසා තමයි මෙහෙම දේවල් වෙන්නේ. රටේ තත්වේ සෑහෙන්න ගරා වැටිලා. මිනිස්සුන්ගේ හිත් පිරිහිලා. පන්සල් වල දැන් බණ අහනවා වෙනුවට මිනිස්සු දැන් ලේ පිපාසිත වෙලා. අපේ රටට දළදා හිමි සරණයි (නදී)

:       0       0

රකිත් Friday, 20 June 2014 08:41 AM

නිර්මල බුදු දහමට පටහැනිව ක්‍රියාකරන සියලුම දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ශාසනයෙන් නෙරපා හැරිය යුතුය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුදු දහම රැකීම සහ පෝෂණය කිරීම ජනතාව තෝරාපත් කර ගත් රජයේ වගකීමයි. (අ)

:       0       0

පද්මිණී Thursday, 19 June 2014 11:36 AM

පොලිස් පරීක්ෂක තුමාගේ මුහුණෙන් නම් ලොකු කතාවක් පේනවා. තවත් නාට්‍යක්ද? (නදී)

:       0       0

ප්‍රවීන් Thursday, 19 June 2014 02:48 PM

මේ ගැන බොහොම බුද්දිමත්ව හිතන්න ඕනි. මේක සංවිදානය වෙලා කරපු දෙයක් වගේ . සුළු තුවාල කරනවද හතුරෙකුට අහු උනොත් ? මේක බොදු බල සේනාවට අපහාස කරන්න කරපු වැඩක් ? (නදී)

:       0       0

ප්‍රසන්න Thursday, 19 June 2014 02:51 PM

කල කම් පල දේ ! (නදී)

:       0       0

මදුරාවෙල Thursday, 19 June 2014 02:56 PM

ආගමික සහජීවනය ගැන කතා කිරීමේ වරදට තමයි උන්වහන්ස්ට මෙහෙම කරලා තියෙන්නේ. පහු ගිය දවස් වල උන්වහන්සේට තර්ජන තිබුනේ කාගෙන්ද කියල රටම දන්නවා. පේනවද බලේ තරම ? (නදී)

:       0       0

මැණික් Thursday, 19 June 2014 07:31 PM

අපි මෙම හිමිනමට එල්ලවී ඇති ප්‍රහාරය හෙලා දකිනවා (නි)

:       0       0

සදුන් Thursday, 19 June 2014 02:58 PM

රග පෑමක් බව බොහොම පැහැදීලියි . ඔන්න මන් කියනවා හෙට අපුරුවට කතා කරයි. (නදී)

:       0       0

රවින්ද්‍ර Thursday, 19 June 2014 11:41 AM

මෙතනටනම් ජාතිවාදය ගාව ගන්න එපා (දී)

:       0       0

බුද්ධික Thursday, 19 June 2014 11:44 AM

මේය පිටුපස ඉන්නේ කවුද කියා ඉක්මනින් සොයන්න (දී)

:       0       0

චන්ද්‍රා Thursday, 19 June 2014 02:59 PM

සිවුරක් දැරූ පලියට හැම දෙයක්ම කල නොහැක. පළමුව සිව්රේ ගෞරවය රැකිය යුතුය (නදී)

:       0       0

අමල් Thursday, 19 June 2014 11:45 AM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

බණ්ඩාර Thursday, 19 June 2014 11:45 AM

ඔබට ඉක්මන් සුව පතමි...... මොකද්ද වෙලා තියෙන්නේ ඇත්තටම (දී)

:       0       0

රංග Thursday, 19 June 2014 03:21 PM

හාමුදුරුවෝ වැටිලා ඉන්නවා දැක්කම අනිත් පැත්ත නොහරවා අත් ලෙහන්නේ නැතුව වාහන හොයන්නේ කව්ද ? (නදී)

:       0       0

දැඩිමුණ්ඩ Thursday, 19 June 2014 11:46 AM

@ශිරාන්, ඇයි ලෝකෙම අපිදිහා බලන් ඉන්නෙ.. ඒගොල්ලන්ට වෙන වැඩ මුකුත් නැද්ද?? (දී)

:       0       0

මංජු Thursday, 19 June 2014 03:25 PM

රටත් විනාශයි. ජනතාවත් විනාශයි (නදී)

:       0       0

ටිකිරි Thursday, 19 June 2014 03:25 PM

පද්මිණි ඔබ හරි. පොලිස් නිලධාරියා හිනා වෙන්නේ මොකද? මටත් ඕකම හිතුනා. පිට රටවල ජාති ජාති මිනිස්සු එකට ජීවත් වෙනවා. එක කෝච්චියක රටවල් 80 ක විතර අය එකට යනවා. මේවා මිනිස්සු තේරුම් නොගන්නේ ඇයි ? (නදී)

:       0       0

මිහිරංග Thursday, 19 June 2014 11:47 AM

අපි නොදන්නා මොකාක් හෝ තියෙන්න ඕනේ මේ අතර (දී)

:       0       0

අකිල රෝහිත Thursday, 19 June 2014 03:26 PM

මෙම සිදුවීම මා දකින්නේ යම් කිසි ආකාරයකට බෞද්ධයන් ගැන දුර්මතයක් ඇති කිරීම කෙරෙහි යම් පාර්ශවයකගේ මැදිහත්වීමක් ලෙසයි (නදී)

:       0       0

ධම්මි Thursday, 19 June 2014 03:27 PM

මේ වෙන දේවල් බැලුවහම මට හිතෙන්නේ අපේ රට අස්ථාවර කරන්න විදේශ ඔත්තු සේවාවේ අය ටිකක් රටට රිංගලා වගේ. ඒ ගැන හොයල බැලුවොත් හොදයි (නදී)

:       0       0

නොයෙල් Thursday, 19 June 2014 11:47 AM

ඔබ වහන්සේට ඉක්මනින් සුවවේවා (දී)

:       0       0

මුදිත Thursday, 19 June 2014 11:47 AM

මේ හාමුදුරුවෝ මෑතක කරලිය ආවේ නැහැ (දී)

:       0       0

කමනී Thursday, 19 June 2014 03:28 PM

මෙවන් හිංසාකාරී ක්‍රියා වහාම නතරකරන්න ක්‍රියාකරන්න කියල අදාල බලදාරින්ගෙන් ඉල්ලා සිටිනවා.(නදී)

:       0       0

ජයලත් Thursday, 19 June 2014 11:48 AM

සැලසුම් සහගත ක්‍රියාවක් වහාම නවත්තන්න මෙවන් පහත ක්‍රියා (දී)

:       0       0

වජ්ජා Thursday, 19 June 2014 03:29 PM

ටී.වී එකෙනුයි, පත්තරවලිනුයි ඒ අය බුද්ධාගමට අපහාස කරන ගමන් කරගන්නේ තමන්ටම අපහාසයක්නේ. අලුත්ගම සිද්ධියට ජාත්‍යන්තරව ප්‍රචාරය යන්නේ බෞද්ධයන් විසින් මුස්ලිම්වරු හතර දෙනෙක් මරා දමා ඇත කියලයි. කවුද මේවා මේ තත්වෙට එන්ඩ උල්පන්දම් දුන්නේ? කොහේ හරි වරදක් තියේ නම් හරි ගස්සන ක්‍රමයක් තියෙනවා. (නදී)

:       0       0

කෞශි Thursday, 19 June 2014 11:49 AM

ජනනේන්ද්‍රියේ සුළු තුවාල? කැත වැඩ මේවා නම් (දී)

:       0       0

ඩෙනිස් Thursday, 19 June 2014 03:32 PM

ආණඩුව දන්නවා නේද කව්ද මේවා ඇත්තටම කරන්නේ කියා (නදී)

:       0       0

සමීර Wednesday, 25 June 2014 07:15 AM

මා නම් දන්නේ නෑ මොනවා වෙනවද කියල වරදක් කලානම් දඩුවම් විදින්න ඕනේ.(නදී)

:       0       0

රසික කටාර් Saturday, 21 June 2014 06:59 PM

ජාතියේ සමගිය වෙනුවෙන් සෑහෙන කර්තව්‍යක් කල අපේ හාමුදුරුවන්ට මේ දේ කලවුන්ට සාපවේවා ! (නදී)

:       0       0

චින්තක Thursday, 19 June 2014 07:57 PM

සිදුවූ දේ ගැන කණගාටුයි (නි)

:       0       0

රිද්මා Thursday, 19 June 2014 11:52 AM

මනුස්ස ජිවිතයක් නේ මෙවන් වැඩ කරන්න වටින්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2535 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1688 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2431 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3337 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site