ජාතික බලසේනාවේ සභාපති සහ මහියංගන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වටරැක විජිත හිමියනට 2013 අගෝස්තු 13 වැනි දින සිට මහියංගනය සාමග්‍රී සංඝ සභාව විසින් චෝදනා 20 ක් යටතේ බ්‍රහ්ම දණ්ඩනය පැනවූ බව එම සංඝ සභාවේ සභාපති අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ සංඝ සභික මහියංගන රජමහා විහාර භාරකාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියෝ කියති.
ඌව¡බිංතැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත නාපටවෙල සුමනසාර නාහිමියන් ප්‍රධාන විහාරාධිපති හිමිවරුන් 50 නමකගේ අත්සනින් යුතුව බ්‍රහ්ම දණ්ඩනය පැනවූ ලිපිය ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ටද ජනාධිපතිවරයාට සහ බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු සියලූ දෙනාට යොමු කළ බව ධම්මරක්ඛිත නාහිමියෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිට්ට දැම්ම වේදනීය කාර්ම කියන්නේ මේවට තමා. සිංහලය අසමගි වෙලා ඉන්නකම් අනිත් අය එකෙන් ප්‍රයෝජනය ගනී එකතුවෙලා රට ජාතිය ගොඩ ගමු. තෙරුවන් සරණ වේවා (දී)
බ්‍රහ්ම දණ්ඩනයකියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න (දී)
බ්‍රහ්ම දණ්ඩනය කියන්නේ , ශාසනයේ විනය නීති රීති අනුව , යම් කිසි භික්ෂුවක් එම විනය නීති රීති ඉක්මවා යමින් කටයුතු කර ඇද්ද , ඒ ගැන කරුණු සොයා බලා සංඝාධිකරණය විසින් ඔහුට බ්‍රහ්ම දණ්ඩනය දඬුවමක් ලෙස පනවයි. මෙහිදී සෙසු භික්ෂුන් මෙන්ම දායක දායිකාවනද ඒ භික්ෂුව සමග කිසිම කතා බහක් නොකරති. මෙයින් ඒ භික්ෂුව සිවු වනක් පිරිස අතරේම කොන් වුනාක් බඳු තත්වයට පත් වෙයි. බුදුන් දවස , කෝකාලික භික්ෂුවටද නොමනා ක්‍රියා කලාපය හේතුවෙන් මේ දඬුවම පැනවුනි. (දී)
හැංගී වෙස් බැඳ නටලා එලිපිට දැන් යයි හිරගෙට...(ස)
ලංකාවේ නීතිය විතරක් නොවේ සංඝාධිකරණයත් දුෂිත බව මේකෙන්ම පේනවා. කිසිම වරදකට නීතිය ඉදිරියේ තවමත් වරදකාරයෙකු නොවූ මේ හිමියන්ට සංඝාධිකරණ ය ක්‍රියාත්මක වී දඬුවම් දුන්නා. නමුත් නීතිය ඉදිරියේ බරපතල වැරදි වලට දඬුවම් ලැබූ හාමුදුරුවරුන්ට කිසිම දඬුවමක් නැහැ. මම මේ හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපය කොහොමටවත් අනුමත කරන්නේ නැහැ. නමුත් සංඝ සභාව හරියකට කටයුතු කරනාවනම් පටන් ගත යුත්තේ දැනටම නීතියෙන් වරදකරු වී උසාවියෙන් දඬුවම් නියම වූ හාමුදුරුවරුන්ට සංඝාධිකරණ දඬුවම් කරලායි. මේකෙන් තේරෙනවා සංඝ සභාවත් අර තලගොයා කබරගොයා න්‍යාය අනුව කටයුතු කරන බව. (නදී)
බ්‍රහ්ම දණ්ඩනය යනු කිසිවකුත් කතා නොකර තනිකොට තැබීමයි මෙය මුලින්ම බුදුන් වහන්සේ පැනවුයේ චන්න නම් භික්ෂුවටයි (දී)
ඔහුගේ සියලු අතීත වර්තමාන ක්‍රියාදාමයන් සොයා බැලිය යුතුයි.මෙවැනි දඬුවම් ලැබිය යුතු ගොඩක් භික්ෂුන් අපේ රටේ ඉන්නවා.අපගේ භික්ෂු ශාසනය පිරිහිලා. මුදල් වලට යටවෙලා. මොහු ශාසනයට නුසුදුස්සෙකි ශාසනික වශයෙන් මේ ගත් තීන්දුව අති උදාරයි (දී)
බ්‍රහ්ම දණ්ඩය කියන්නේ - යම් භික්ෂුවක් විසින් භුක්ෂුත්වයට නොගැලපෙන යමක් කලවිට භික්ෂු සමාජය විසින් ලබාදෙන දඩුවමක් ... එනම් , කිසිවෙකු එම වරද කල භික්ෂුවට කතා කිරීමෙන් සහ කිසිදු දර්මික කටයුත්තකට සහභාගි නොකර ගැනීමයි. එය ශාරීරික නොවන එහෙත් මානසික දෙයකි. යම් දිනක එම වරද කල භික්ෂුව වරද තේරුම් ගෙන එයින් වරදින් මිදුණු කල ඔහු එම දණ්ඩනයෙන් මිදෙයි. මෙය බුදුන් අනුමතකල ක්‍රමවේදයකි. (දී)
සුදුසුම දඩුවම (දී)
ආගමික සංහිදියාව,සහජීවනය වෙනුවෙන් උපන් ඇඳුමෙන්ම චීවරය උඩ ඉඳගෙන ,තමන්ටම ගහගෙන,කපාගෙන මේ උන්නාන්සේ කිසිම විලිලැජ්ජාවක් නැතුව මේ නටපු නාඩගමේ හැටියට බ්‍රහ්ම දණ්ඩනයට අමතරව මේ අවුරුද්දේ හොඳම නළුවාට හිමි සම්මානයත් ලබා දෙන්නම ඕන (දී)
බ්‍රහ්ම දණ්ඩනය බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාල දෙයක්. මෙය පරිනිබ්බාන සුත්‍රයේ ඇති බව මම අසා තියනවා. එයට අනුව ධර්මය පිලිබදව හෝ විනය පිලිබදව හෝ උපදෙස් නොදී ඔහු සමග පවතින සම්බන්දතා වලින් වැළකිය යුතුය. (නදී)
ඔය දඩුවම් දෙන්න හාමුදුරුවරු ගත්ත තීරණය ගොඩක් හොඳයි. ඒ වගේම ලංකාවේ සමාජය ගොඩක් දුරට දූෂනය වෙලා තියන්නේ. ඒ දේවල් හොයල බලලා කටයුතු කලොත් හොඳයි නේද. මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබ වහෙන්සේලා මීට වැඩිය පෙරට එන්ඩ. (නදී)
බ්‍රහ්ම දණ්ඩනය යනු බුදුන් දේශනා කල ආකාරයට කෙනෙකුට දිය හැකි උපරිම දඬුවමයි. එය කිසිම ශාරීරික හිංසාවක් නොවෙයි. වැරදි කල ඔහු හෝ ඇය සමඟ කිසිම ආකාරයෙකින් කතා නොකොට නිශ්ශබ්දව සිටීම යනු එම දඩුවමයි. වැරදි කල කෙනකු බවට තීරණය කරනු ලබන්නේ බලවත් පරික්ෂණ සමුදායකට යොමු කොට සහ එම වැරදි පුද්ගලයා නිවැරදි කෙනෙකු කිරීමට ඇති සියලු උත්සාහයන් අත් හදා බලා එය අසාර්ථක වූ පසුයි. මෙය ලොව ඇති ඉතාම අවිහිංසාවාදී දඩුවමක්. බුදුන් හිංසාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා.(අ)
කම්බා හොරුන්ට ,ස්ත්‍රී දුෂකයන්ට,මංකොල්ල කාරයන්ට,නිදන් හොරුන්ට ගරු නම්බු දෙන රටක් මේක. (ස)
වටරැක විජිත හිමියන් වරදක් කරලා නැති නිසා සාදාරණයක් ඉටු වෙන දවසක් එනව.එහෙම නොවුනොත් (අ)
මම දන්නා තරමින් බ්‍රහ්ම දණ්ඩනය කියන්නේ එයත් එක්ක කවුරුවත් කතා කරන්නේ නැති එකයි. එක වැරදි නම් දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙන්න. (අ)
මමනම් හිතන්නේ හුඟක් කලින් ඉඳන්ම කට්ටියක් මේ හාමුදුරුවෝ පිටිපස්සෙන් ඉඳල වගේ! (අ)
වටරැක විජිත හිමියන් කල දීසනයක් යු ටියුබ් එකේ තිබෙනවා වටරැක හිමියන් ජාතීන් අතර සමගිය ගැන කියන කතාව මමත් බලල තියෙනවා.හරිම කනගාටුයි. (අ)
බ්‍රහ්ම දණ්ඩනය පුවත් පත් මගින් පැහැදිලි කර දෙන්න. (ස)
රට ජාතිය අාගම කුණු කොල්ලෙටම යවල ඒ වෙනුවෙන් කෝටි ගණනින් වාහන බලපත්‍ර ගන්න ලොකු අයටත් ඔය නීතිය වලංගුද? (ස)
වටරැක විජිත හිමියන් කල වැරැද්ද මොකක්ද? (ස)
කාගේවත් උදහසට ලක් වුනොත් දඩුවම් හතර වටින්ම ගලාගෙන එනව. කාගේවත් අාදරයට පාත්‍ර වුනොත් ගරු නම්බු, සාශනයේ උසස් වීම් ,එකී මෙකී නොකී සියල්ලම ගලාගෙන එනව. (ස)
බොහොම හොඳයි. ඒක බුදුරජානන් වහන්සේ වදාළ දෙයක්. එතකොට ආවේගශීලී කතා පවත්වලා ජනතාව කුපිත කරවලා බුදුන්ගේ නාමයෙන් අමු අමුවේ මිනිස්සු මරන්න ජනතාව පෙළඹ වූ ස්වාමීන්වහන්සේලාට දෙන දඩුවම මොකක්ද ? (ස)
බුද්ධ කාලේත් දුන්න නේද (දී)
හාමුදුරුවෝ කෙනෙක් චීවරය නැතුව අඳනය පිටින් ගහක් උඩ නැගලා ඉන්න පින්තූරයි , චීවරය ගලවා ගෙන නිරුවතින් ඒක උඩම වැටිලා ඉන්න පිනතූරයි, ලංකාවේ වේගවත්ම ධාවනශූරිය වුන සුසන්තිකාටත් වඩා වේගයෙන් හාමුදුරුවෝ කෙනෙක් දුවන වීඩියෝයි මගේ නම් ජීවිතේටම දැකලා තිබුනේ නෑ, මීට කලින් , මේ හාමුදුරුවෝ අපිට ඒවත් පෙන්නලාම හිරේට ගියපු එක ගැනයි දුක. (ස)
තවත් මේ වගේ අය පුරුදු කරනවා කියලා ආරංචියි. ඒ ටික එලියට ඇවිල්ලා තව මොන නාඩගමක් නටයිද කවුද දන්නේ .ඒ නිසා වටරැක උන්නාන්සේට දෙන්න පුළුවන් උපරිම දඩුවම් දීලා තවත් මේ වගේ කෙනෙක් බිහිවෙන එක නවත්වන්න ඕන. (ස)
බ්‍රහ්ම දණ්ඩනය දීපු එක හොඳයි . නමුත් රටේම සංඝයා වහන්සේලා ටිකයි බෞද්ධ ජනතාවයි මෙයා එක්ක කතා නොකර හිටියට වැඩක් වෙයිද(දී)
කතා නොකර ඉදීම දඬුවමක්ද? (දී)
මෙම දඬුවම දී තිබෙන්නේ සංඝාධිකරණය නිසා අපි ඒ පිළිබඳව විවේචනය නොකර සිටිමු.මන්ද අනෙක් අදිකරණ වලින් දෙන දඬුවම් විවේචනය කිරීම අදිකරණයට අපහාස කිරීමේ වරදට දඬුවම් කල හැකි වරදක් හැටියට සැලකෙනවා නේද...අපි ගිහියෝ ඒ නිසා ඒ ගැන විවේචනය කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ නේද...මෙය අවින්සාවාදී දඬුවමක් ඒ ගැන සංගයා වහන්සේලා බලා ගනීවි.කොහොමත් උන්වහන්සේ ඉස්පිරිතාලේදී ගොළු වෙලානේ හිටියේ ...(දී)
ඩොලර් , යුරෝ වලට මිනිස්කම,සදාචාරය,ආගම ධර්මය, ප්‍රතිපත්ති , යුක්තිය සාධාරණය මේ හැමදේම දැන් යටවලා (නදී)
මට හිතා ගන්න බැහැ මොකද්ද මෙතන වෙන්නේ කියලා (දී)
අනේ කාලේ වනේ වාසේ (දී)
වටරැක හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය දීල වැඩක් නෑ. (දී)
බ්‍රහ්ම දණ්ඩනය? අවිහිංසා නම් මොකෝ ගහන්න ගියේ නිපොන් එකේදී ? බ්‍රහ්ම දණ්ඩනය දීපු අයගේ සුජාත භාවය ප්‍රථමයෙන් ඔප්පු කළයුතුව තිබෙනවා. සමහර සංවිධාන එළිපිටම මහජනයා කුපිත වන ආකාරයට දේශනා පැවැත්වීමෙන් ජීවිත හා විශාල දේපොල හානි සිදුවිය. මෙයට වගකිවයුතු අයට දිය යුතු දඩුවම් කෝ ? ඔවුන් තාමත් නිදැල්ලේ. (නදී)
අපි දැන් මෙතන කතා කරන්නේ වටරැක හිමියන් ගැනයි. වාහන බලපත්‍ර ගැන වෙන වෙලාවක කතා කරමු.(නදී)
ඔය කවුරු මොන දණ්ඩනය පැනවුවත් කෙනෙකුට සසරින් එතෙර වීම වලකන්න ඒවාට බැහැ. වැරදි අවබෝද කරගත් කොයි තරම් නම් පිරිසක් සසරින් එතෙර උනාද ,අපාය ගාමී වෙනවද කියන එකත් තමන්ගේම තීරණයක් , බුද්ධ ධර්මය කාගෙවත් නිර්මාණයක් නෙමෙයි. බුදුපියාණන් වහන්සේ මෙම දහම නිවැරදිව සොයාගෙන හිමිකාරත්වයක් තබා නොගෙනම පොදු දහමක් කලා. කුසල් වලක් වන්න කොයි බලවතාටවත් බැහැ .ඒ වගේමයි හාමුදුරුවනේ අකුසල් පලදීමත් වලක්වන්න බොහොම අමාරුයි . සමහර අකුසල් පලදීම කොහෙත්ම වලකන්න බැහැ , උත්සාහ කරන්න , (ස)
බ්‍රහ්ම දණ්ඩනය කියන්නේ මොකද්ද (දී)
දේශපාලකයින්ගේ අනුහස් ලබන අනෙක් චීවර දාරින්ටත් ජනතාව දඩුවම් දෙන දවස වැඩි ඈතක නැහැ. (නදී)
බුද්ධිමත් ජනතාව මොන ආවේගයකටවත් සොලවන්න බැහැ. එයාල හැම දේ ගැනම උපේක්ෂාවෙන් හිතනවා. (නදී)
වරදක් කියන්න බැහැ (දී)
පොඩියට පෙනුනට ඒ දඩුවම මානසිකව (දී)
මේ ප්‍රශ්න පිටුපස කවුරු හෝ ඉන්නවා විජ්ත හිමි ලවා කවුරු හෝ කරවනවා (දී)
නිශාන්ත කියලා කියන්නේ මේ විජිත හාමුදුරුවෝ වරදක් කරලා නැහැ කියලද? එහෙනම් ඔබ පසුගිය කාලයේ සිදුවෙච්චි කිසිම දෙයක් ගෙන දන්නේ නැතිව ඇති. ඔබතුමාට මම කියනවා ඒ පිළිබද දැනුවත් වන ලෙස. මම මේ ජිවිත කාලයේදී හාමුදුරුවන් නමක් විසින් කරපු ලොකුම සාසනික හා ජාතික අපහාසයන් සිද්ද කරේ මේ හිමි නමයි.(දී)
බ්‍රහ්ම දණ්ඩනය කියන්නේ මොකක්ද? (අ)
රට ජාතිය අාගම කුණු කොල්ලෙටම යවල ඒ වෙනුවෙන් කෝටි ගණනින් වාහන බලපත්‍ර ගන්න ලොකු අයටත් ඔය නීතිය වලංගුද?වටරැක විජිත හිමියන් වරදක් කරලා නැති නිසා සාදාරණයක් ඉටු වෙන දවසක් එනව. (අ)
බ්‍රහ්ම දණ්ඩනය කියන්නේ භික්ෂුවක් විනය නීති වලට පටහැනිව කටයුතු කිරීම නිසා , ඒ ගැන පරීක්ෂණයකින් පසු සංඝාධිකරණය පනවන දඬුවමක් . මේ අනුව දායක දායිකා භික්ෂු භික්ෂුණි යන සිවුවනක් පිරිසම ඒ දඬුවම් ලැබූ භික්ෂුව සමග කතාව නවත්තනවා. එවිට ඔහු ඉබේම සමාජයෙන් කොන් වුනා බඳු වෙනවා. බුදුන් දවස කෝකාලික භික්ෂුවටත් නොහොබිනා ක්‍රියාවන් නිසා මේ දඬුවම ලැබූ බව සඳහන්. (අ)
දන්නේ නැති නිසයි අහන්නේ. මෙහිදී සිදුවන්නේ කුමක්ද...? (නි)
අයියෝ! මේ මොකද වුණේ? (නි)
තරහටත් එක්ක දැන් තවත් හොඳට වැරදි කරයිද දන්නෙ නැහැ (නි)
අන්තෝ ජටා, බහි ජටා කිවුවලු (නි)
ඉතින් බලන්න. ඡන්ද කටයුතු කරගෙන පාඩුවේ හිටියා නම් ඉවරයිනේ (නි)
බ්‍රහ්ම දණ්ඩනය පිළිබඳව දන්නා කෙනෙක් මට ටිකක් පැහැදිලි කරදෙන්න (නි)
ශාසනික වශයෙන් මේ ගත් තීන්දුව අති උදාරයි (නි)
මොහු ශාසනයට නුසුදුස්සෙකි (නි)
ඉදිරියටත් බුදු දහම රැකගන්න නොපමාව ක්‍රියාකළ යුතු අවස්ථාවේ ක්‍රියා කිරීමට අපේ මහා සංඝරත්නයට හැකිවේවා! සාදු සාදු සාදු...!!! (නි)
බ්‍රහ්ම දණ්ඩනය කියන්නේ මොකද්ද? (නි)
ජීවිතයේ පළමු වතාවට නිල වශයෙන් බ්‍රහ්ම දණ්ඩනය පැනවීමේ පුවතක් ඇහුවාමයි. කණගාටුයි! ඒත් විජිත හිමියන්ගේ ක්‍රියා කලාපයට එහෙම නොකරත් බැහැ. (නි)
අනේ දුශ්ශීල හිමියන්ටත් ඔය වගේ දඩුවමක් ලබාදෙනවා නම් එය රටට සිදුවන යහපතකි. (නි)
මම නම් කියන්නේ තමන්ගේ ආගම අදහගෙන පැත්තකට වෙලා ඉන්න එකයි හොඳම දේ (නි)
රට හරිමඟට යොමු කරන ලංකාදීපයට මල් මිටක්! (නි)
දැන්නම් අටපිරිකරක් දෙන්නත් බයයි.දැලි පිහිය අරගෙන මොනවා නොකරාවිද? (නි)
මොනවා කරන්නද වරදට දඩුවම් විඳිනු මිස... (නි)
බොහොම අගෙයි (නි)
එතකොට හාමුදුරුවන්ට නැවත දේශපාලනය කරන්නත් බැරිද? (නි)
මෙවැනි දඬුවම් ලැබිය යුතු ගොඩක් භික්ෂුන් අපේ රටේ ඉන්නවා.අපගේ භික්ෂු ශාසනය පිරිහිලා. මුදල් වලට යටවෙලා. (නි)
අනේ අපේ රටට ගිය කල! (නි)
මොකද එහෙම වුණේ? (නි)
ඔහුගේ සියලු අතීත වර්තමාන ක්‍රියාදාමයන් සොයා බැලිය යුතුයි.යම් පිරිසක් මොහුව මෙහෙයවනවා වගේ මට නම් පෙනෙන්නේ. (නි)
මදැයි කරගත්ත දේ? (නි)
දැන් සියලුදේ දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. පරීක්ෂණ ඉවර වෙන්නත් කලින් දඬුවම් දීල ඉවරයි . (දී)
බ්‍රහ්ම දණ්ඩනය කියන්නේ ඒ හාමුදුරුවොත් එක්ක කථා නොකර සිටීම. මේක රිදෙන්නේ නැහැ නේ. (ස)
පව්, අපගේ සාදු......(ස)
අන්න නියමයි (දී)
බුද්ධ කාලේ වගේ (දී)
බ්‍රහ්ම දණ්ඩණය යනුවෙන් හදුන්වන්නේ කථා නොකර සිටීමයි.එනම් එම හිමියන් සමග කථා නොකර සිටීම මෙහිදී සිදුවේ. (දී)
බුදුන්ගේ කලේ බ්‍රහ්ම දණ්ඩනය කියන්නේ අනිත් කව්රුත් මේ හාමුදුරුවෝ එක්ක කතා කරන්න බැහැ කියන එකලු. (දී)
අනේ හොදයි සුදුසුම දඩුවම (දී)
බ්‍රහ්ම දණ්ඩනය දුන්න එක හොදයි (දී)
කදිමයි . බ්‍රහ්ම දණ්ඩනය මම දන්නේ නැහැ. දඩුවම් කරන ආකාරයක් බව දන්නවා.(දී)
කතා නොකර සිටීමයි. (දී)
හොඳ දඩුවමක් . (දී)
අනෙක් අයටත් සුදුසු දඩුවම් දෙන්න (නි)
වරදක් දකින්න බැහැ (දී)
කාලෝචිත දඩුවමක් (දී)
බ්‍රග්ම දණ්ඩනය පනවන්නේ කවුද (දී)
ලංකාවේ ප්‍රථම වරට (දී)
කතා නොකර ඉන්නකොට රිදෙන්නේ හිත (දී)
බ්‍රහ්ම දණ්ඩනය යනු, අනිත් සියලු ස්වාමින්වහන්සේලා බ්‍රහ්ම දණ්ඩනය පැනවූ භික්ෂුව සමග කථා කිරීමෙන් සම්පුර්ණයෙන් වැළකීමයි. (දී)
මම ඇහුවමයි ලංකාවේ බ්‍රහ්ම දණ්ඩනය පැනවූ අවස්තාවක් (දී)
ඉතා මානසික පීඩනයක් ගෙනදෙන දඩුවමක් (දී)
මොකද්ද පදනම මේ දඩුවමේ (දී)
මේ හිමියන්ව පාලනය කරන බවක් තමයි මටනම් පෙන්නේ (දී)