මහා සංඝරත්නය හා මහජනතාවගේ විරෝධය මත මහියංගනයේදී අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ජාතික බළ සේනාවේ නායක හා මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියනට නොහැකි විය.
පොලිස් ආරක්ෂාව මැද ප්‍රාදේශිය සභාවට පස්සා දොරෙන් දිවු විජිත හිමි පැයකට පමණ පසුව විරෝධතාකරුවන්ගේ හු හඬ මැද්දේ පොලිසිය මැදි කැරගෙන ආපසු ගියේය.අද ප්‍රාදේශිය සභා රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර දුන්නේ නැත.
මහියංගන ප්‍රදේශයේ සංඝරත්නය හා පිරිස් මේ විරෝධතාව සංවිධානය කළ බව පෙනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්. ප්‍රේමදාස මහතාගේ අගය මේ වෙලාවේ මට මතක් වුණා (නි)
විරුද්ධ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැතිවෙලා. භික්ෂුන් වහන්සේලා නරක විදියට හැසිරෙන කාලයක්. බෞද්ධයන් භික්ෂුන්ට හූ කීම, අඩත්තේට්ටම් කිරීම බෞද්ධයකු හැටියට අනුමත කිරීමට නොහැකිය. (ස)
ඔය සේනා වලට බැරිද ගොවීන්ගේ වී මිල වැඩි නොකර මෝල් හිමියන්ට ලාභ ලබාදෙන්න සහල් මිල වැඩි කරපු එකට විරුද්ධව හඬක් නගන්න. එහෙම කළොත් ඔය ඕනෑම සේනාවකට මීට වඩා ආගම් බේදයකින් තොරව ජනතා සහාය ලබා ගත්ත හැකි වේවි (නි)
ධර්ම සංගායනාවක් තියන්න ඕනා. බුදු දහම විනාශ කරන්න දෙන්න හොඳ නැහැ.(නදී)
වසර පන්සීයක් බටහිර යටත් විජිතයක් වී, ඉන් වසර දෙසීයක් සසුනක් නොමැතිවත් බුදු දහම රැකුණා.ඒ ආගම හරියට තේරුම් ගැනීම තුලින්.හරියට ආගම තේරුම් ගත්තොත් මොන බලවේගයකටවත් කලබල වන්න දෙයක් නැහැ.මේ විගඩම් තුලින් පෙනී යන්නේ තමන්ගේ හිස් බව ලොවට පෙන්වීමයි. මේවා අනුමත කරන්නෝ සමුහයද එවැන්නෝය. (නි)
රටේ ජීවනාලිය බුදු දහමයි. නමුත් අද රට වෙනුවෙන් යැයි කියා බුද්ධාගම පහත් තත්වයට දැමීම නොකළ යුතුය. ධර්මය දේශනා කරන හිමිවරුන්ට දේශපාලනය කිරීමට අවශ්‍ය නම් සසුනෙන් සමුගත යුතුව ඇත. ආදී කාලයේ සසුන්ගතවූ ස්වාමීන්වහන්සේලා ජීවිතය පරදුවට තබා රට ආරක්ෂා කලේ බුද්ධාගමත් රැක ගනිමින්.(නදී)
ලංකාව ගැන දහම ගැන ලෝකයාට හොද ආදර්ශයක් ලබා දී අවසන් හෙට යු ටියුබ් වලින් ලෝකයා දැනගනු ඇත (අ)
කෝට්ටේ යුගයේ බුද්ධ දත්ත කෙරලයන්ට අත්පොත් තිබ්බ නුවර යුගයේ සෙනරත් රජු සිව්රු ඇරලා පරපුර 1815 දක්වා ගෙනගිය ද වටරැක හිමිට නම් බැරිවෙයි (අ)
දාල තියෙන අදහස් වලට අනුව නම් සිංහල බෞද්ධයාත් බුදු දහමත් අනතුරේ කියල කාටවත් තේරුමක් නැහැ වගෙයි.එහෙම නැත්නම ගාණක් නැහැ වගෙයි.
එල එල
මේ හිමි ඇත්තටම බුද්ධාගමේද? (දී)
එදා මෙදාතුර බෞද්ධයින් පුජනීයත්වයෙන් සැළකූ බෞද්ධ සිවුරට එල්ල වූ හු හඬත් දේශප්‍රේමීන්ගේ හද ගැහෙන රාවය බවට පත්වෙලා තිබෙන හැටි.අනේ කාලේ වනේ වාසේ කිව්වලු! (නි)
නිදහස් මතධාරියෙක් වීම තමයි මේ ලෝකයේ ජීවත්වෙන්න තිබෙන හොඳම විදිය (නි)
මොනවා වුණත් දැන් දැන් වෙන සිදුවීම් නම් එතරම් සුභ නැහැ (නි)
මේ නිසා ගමක් දෙකට බෙදුනා. ගමේ පන්සල් දෙකක් වුණා. (නි)
මම බුදුදහම දැනගත්තේ ලංකාවේ ඉපදුන නිසා. අද වෙනතෙක් බුදුදහම රැකගෙන අාවේ, අවස්ථානුකූලව, හොඳින් හෝ නරකින් අපේ බුද්ධ පුත්‍රයෝයි. බුදුදහම ඇත්ත නම් හොඳ කරන අය නැවත උපදිනවා. අනාගත දිනක අපි නැවත ඉපදුනොත්, එදාට ලංකාවේ බුදු දහම නොතිබුනොත් එදාට අපිත් සත්තු වගේ හැසිරෙයි. ආවේගශීලී වෙන්නේ නැතුව ටිකක් කල්පනාවෙන් වැඩ කරනවා නම් එයයි යුගයේ අවශ්‍යතාවය (නි)
'සසර චේතනා' නම් වූ චිත්‍රපටියේ 'ෂෙල්ටන් පෙරේරා' ගයන බුදුනේ ..බුදු පියාණනේ .. කියන මනරම් ගීතය මට මැවී පෙනෙනවා. (ස)
පාරාජිකාව ගැන අහලා නැද්ද? (නි)
ලංකාවෙ ඉන්න වැඩිදෙනෙකුට අද කාලයේ ඇත්ත තේරුම්ගන්න තරම් ශක්තියක් නැහැ (නි)
බෞද්ධයින් සහ සමහර සිංහල බෞද්ධයින් අතර පැහැදිලි වෙනසක් තිබෙන බව පෙනෙනවා. මගේ, අපේ කියමින් ඔවුන් ඇලී ඉන්නේ ආගමික සංකේත වෙත මිසක් බෞද්ධ දර්ශනය වෙත නොවන බව පැහැදිලියි (නි)
ආගම වෙනුවෙන් විවිධ සේනා ගැටුමේ... ආගම පිළිපැදීම අතුරේ... දිනූ සාමය වතුරේ... කාට කියන්නද මිතුරේ.... (නි)
බුදු දහම වනසන අය ගැන තීරණයක් ගන්න කාලය හරි. (නි)
අනේ! අපේ රට ගැන දුක හිතෙනවා. (නි)
මම නම් කියන්නේ අපේ එක් ඇමතිතුමෙක් මේ දේවල් සම්බන්ධව දරන අදහස සියයට සීයක්ම හරි කියලයි. (නි)
අනේ මන්දා, මොනවා ලියනවද කියලා හිතාගන්න බැහැ (නි)
අපි නම් ලැබෙන දෙයක කාලා , වෙන දෙයක් බලාගෙන ඔහේ ඉන්නවා. සමහර ප්‍රතිපත්ති නිසා මේ වෙනකොට ජාතියම, රටම වැනසිලා අවසන්. වැරදි කරන අයව පෙන්නලා දෙන්න ඕනෑ. (නි)
කුමාරි ..ඔයා හරි. බෞද්ධයෝ විදියට අපිට මේ සේනා දෙක ගැනම තියෙන්නේ ලැජ්ජාවක්. (ස)
මටත් අර මොහිදීන් බෙග් මහතා ගායනා කළ බුද්ධං සරණං ගච්චාමි ගීතය මතක් වෙනවා. (ස)
ධර්ම සංගායනාවක් පැවැත්විය යුතු කාලය ඇවිත්. (ස)
ශාසනය ඉක්මනින්ම පිරිසිදු කළ යුතුයි. (ස)
මේ වැනි දේ නිසා තමයි නිර්මල බුදු දහම වැනසෙන්නේ.. (ස)