තුන්මාසයක් වයසැති මොහොමඩ් අම්ජාඩ් දරුවාට සුන්නත් සැත්කමක් කළ ආයුර්වේද වෛද්‍ය මොහොමඩ් නියාස් ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය නියෝග කළාය.
සුළු සැත්කම් කිරීමට ආයුර්වේද වෛද්‍ය සභාවෙන් ඔහුට අවසර දී ඇතැයි ඉදිරිපත් කළ ලිපියක් සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඔහු රුපියල් පනස්දහසක ශරීර ඇප දෙකක් මත මුදා හැරියාය.
ඔහුගේ ගමන් බලපත තහනම් කළ අතර පැමිණිල්ලලේ සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙස අවවාද කැරිණි.
එම සැත්කමෙන් පසු දරුවා බොරැල්ල ළමා රෝහලේදී මිය ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු මෙය හිතාමතා කළ දෙයක් නෙමෙයි නේද? (නි)
නමුත් පවු අහිංසක දරුවා! (නි)
එය අත්වැරදීමක් වියහැකියි (නි)
අන්තිමේදී අහිංසක දරුවෙක් රටට නැති වුණා. (නි)
ඉහත ප්‍රතිචාර කියවීමේදී පැහැදිලියි මුස්ලිම් මිනිසුන් කොච්චර එකමුතුද කියලා. (නි)
එයා හිතා මතා නොකරත් ඒ දේ කිරීමට සුදුසුකමක් ඔහු සතුව නැති බවයි මානම් දන්නේ. හොර වෙදෙක් නම් අහිංසක ජීවිතත් එක්ක සෙල්ලන් කරාට ඔහුට දැඩි දඩුවන් දිය යුතුමයි. ඒ අහිංසක දරුවාගේ දෙමව්පියන්ට දැනෙන දුක මෙතන අදහස් දමන කිසිම කෙනෙකුට කිසිම දිනක දැනෙයිද? (නදී)
සිදුවුණ දෙය ගැන හරිම කණගාටුයි. නමුත් මේ කාරණයේදී දෙමාපියන් හරි කල්පනාවෙන් කටයුතු කිරීම වඩාත් වැදගත්. (නි)
ඇත්ත. ඔහුට වරදින්න ඇති. වැරදීම් කාටත් වෙනවා (නි)
ආයුර්වේදයේ කියන්නේ තුන්දොස් කිපීමෙන් ලෙඩ හැදෙන බවක්ය. මෙවැනි රෝගීන් ආසන්නයේ ඇති රජයේ රෝහලකට යවනවා නම් ජීවිත හානි වළක්වා ගත හැකියි නේද? (නි)
මෙම සුන්නත් කිරීම දැන් යුරෝපීය රටවල් තහනම් කර තිබෙනවා. ඉතා සංවේධි ස්ථානයක කැපුමක් කිරීම අතිශයින්ම අනතුරුදායක කරුනක්. මේ පිළිබඳව අදාල පාර්ශව පමනක් නොව ජාතික මට්ටමෙන්ද තීරණයකට එළඹීම අවශ්‍යය.(නදී)
සුන්නත් කිරීම කිසිම රටක තහනම් කරන එකක් නැහැ මොකද එයින් කොතරම් ලෙඩ රෝග වලක්වා ගත හැකිද? එලෙසම පිරිසිදු බාවයට කොතරම් එය හොදද? මුස්ලිම් ආගමේ නොවන කී දෙනෙක් නම් මෙය කරගෙන තියෙනවද ස්‌ව්‍යං කැමැත්තෙන්. ඔහුන් නිවැරදි දේ තේරුම් අරන් කරගෙන තියෙනවා (නදී)
කාගේ අතිනුත් වැරදීම් වෙනවා (නි)