බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය දොස්තර ජයවර්ධන මහතාගේ දියණිය කිවින්දි (22) වැල්ලවත්තේ දී, මාතර දුම්රියේ හැපී මියගිය බව වැල්ලවත්ත පොලිසිය කියයි. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවකි. පශ්චාත් මරණ පරික්ෂණය කළුබෝවිල රෝහලේ දී පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංකලනි, ලියල තියන දේ තිත්ත ඇත්තක්. ප්‍රේම සම්බන්දය බිද වැටුනට කලකිරීමෙන් කර ගත් දෙයක්ලු. භානු ඔබ හරි. ළමයි අධ්‍යාපනයෙන් දියුණුයි. ඒත් සමාජයේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ශක්තියක් නැහැ. ඕව අපි කාගේත් වැරදි (දී)
මේ තරුණිය සිය දිවි හානි කර ගත්තා නම් ලොකුම අපරාධයක්.දොස්තර කෙනෙකු වෙන්නට තවත් ළමයෙකුට තිබුන අවස්ථාවත් නැති වුණා. ඉස්සර කාලයේ සමහර දෙමවුපියන්ට මල පොතේ අකුරක් බැහැ. නමුත් ජීවිතේ අභියෝග වලට මුහුණ දෙන්න ළමයින්ට කියා දුන්නා. දැන් ළමයින්ගේ මව්පියන් කොච්චර උගත් වුණත් දරුවන්ට නොලැබෙන එකම දේ තමා දෙමව්පියන්ගේ නිවැරදි මඟ පෙන්වීම. දරුවන් ගැන සොයා බලන්න ඒ උදවියට වෙලාවක් නැහැ. (නි)
රනා හරි.මගේ පුතාත් රුපියල් පනස්දාහකට කිට්ටු දඩයක් කෑවා දුම්රිය ගේට්ටුව වහලා තියෙනකොට අනිත් පැත්තට යටින් රිංගලා ගියා කියලා.කෙසේ හෝ මමයි දඩේ ගෙවලා දැම්මේ.නැත්නම් උසාවි ගිහිල්ලයි නතර වන්න වෙන්නේ. (නි)
මේකේ අදහස් දැමූ අය ඇත්ත නොදැන එක එක දේවල් කියනවා. (නි)
නීති පොත බැලුවොත් රේල් පාර මත ගමන් කරන අයට දඩයක් නියම වෙනවා. අපේ අවාසනාවට නීති ක්‍රියා කරවන අය තවම නිදි. අඩුම ගණනේ ඒ බව දන්වමින් දැන්වීම් පුවරුවක්වත් සවිකරන්නේ නැහැ. අනේ පව්. (නි)
ඔබට නිවන් සුව! (නි)
දැන් ඉතින් ඔය අනං මනං කියවලා වැඩක් නැහැ. ඕවා ගැන කතා කරන්න තිබුනේ මෙහෙම දේවල් වෙන්න කලින්. මොනවා වුණත් වටිනා ජීවිතයක් රටට නැතිවුණා.අක්කේ, ඔබට නිවන් සුව ලැබේවා! මතු භවයේ මෙවන් අකල් මරණයක් අත් නොවේවා! (නි)
ඇත්තටම දන්නේ නැතුවද මෙහෙම වුණේ? හරි අවධානයෙන් ගියා නම් මෙහෙම වෙන්නේ නැහැ. (නි)
ඔබට නිවන් සුව! දුම්රිය පාරේ මොකට ගියාද? වන අලි අමාරුවෙන් ඉණිමං වලත් ගොස් දිවි රැක ගන්නවා. ජීවත්වන අයට මේවා හොද අාදර්ශ. (නි)
ඔබට නිවන් සුව(දී)
දොස්තරලා උනත් ළමයි ගැන හොයලා බලනවා මදි (දී)
අපේ රටට අහිමි උනේ වටිනාකම කියා ගන්න බැරි ජීවිතයක් (දී)
ආදරණිය සොයුරියනි ඔබට නිවන් සුව (දී)
රිජ්වේ එකේ ඉන්නේ දෙවි වරු වගේ දොස්තරලා. ඒ දොස්තර මහත්තයාට අපගේ බලවත් කනගාටුව (දී)
දෙමාපියන් උත්සාහ කරන්නේ දරුවන්ට විභාගේ පාස් කරන්න පමණයි. ජීවිතේ පාඩම කියා දෙන්නේ නැහැ (දී)
මරුන කෙනාට අපහස නොකර තමුන්ගේ වැඩක් බලාගන්න. නිවන්සුව වෙනුවට කතන්දර හදන පහත් ගනයේ අයත් අපි අතර තාමත් ඉන්නවා(දී)
මේ ළමයාගේ මරණයට දෙමාපියන්ටම ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ. ළමයෙක්ගේ මානසික මට්ටම, හැගීම් වලට වහල්වීම, දරා ගැනීමේ හැකියාව හදන්න 100% දෙමාපියන්ට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. වෛද්‍ය විද්‍යාලේ හිටියා කියලා අවුරුදු 22 ක් ළමයෙකුට මේ සමාජය ගැන තියෙන දැනුම මොකක්ද, මේ නාකි අපිටත් මේ සමාජය තේරුම් ගන්න තාම බැරිකොට..? බුදු බණට විරුද්ධව වුනත්, මේ දියණියගේ සසර ගමන සුගතිගාමී වේවා කියා පතමි. (දී)
මොනවා කිවුවත් වැඩක් නැහැ. වෙලාව අාවහම යන්න ඕනෑ. නිවන් සුව ලැබේවා දියණිය ඔබට! (නි)
මොකක්ද මේ හදිසියේ සිදුවුණේ? (නි)
දියණියනි, ඔබට නිවන් සුව පතමි. මෙවන් අකල් මරණයක් ඔබටත් මෙවන් දුකක් ඔබේ දෙමාපියන්ටත් යළි කිසිදු භවයකදී සිදු නොවේවා! (නි)
ඇය දුම්රිය එනවා නොදුටුවාවද්ද? (නි)
රේල් පාරේ යද්දී ඔච්චරටම ඔය යකඩ යකා එන සද්දේ ඇහෙන්නේ නැද්ද? අපරාදේ තරුණ ජීවිතයක්... (නි)
අපරාදේ තරුණ ජිවිතයක්. ඔබට නිවන් සුව පතන්නෙමි. (නි)
කෝච්චියට පනින බව කෙටි පණිවිඩයක් එවලයි සිය දිවි නසාගෙන තියෙන්නේ (අ)
සුවහසක් මව්පියන්ගේ දරුවන් රැකදෙන්න වෙහෙසෙන කාරුනික ඔබ තුමන්ගේ දියනියගේ අකල් වියෝව ගැන අපද බලවත් කනගාටුවන්නෙමු ඇයට නිවන්සුව (අ)
මියගිය අයට අපහාස කරන්න එපා සංකලනි. (නි)
නොසැළකිලිමත්කමද? සුවහසක් රෝගීන් සුවපත් කිරීමට තිබුන දෙඅතක් නේද? (නි)
අපොයි දෙවියනේ! ඇයි මේ දරුවට මෙහෙම වුණේ? (නි)
අනාගත සම්පතක් අකාලයේ රටට අහිමිවීම ඉමහත් පාඩුවකි. දෝණිය, ඔබට මින් මතු එවන් අකල් මරණයක් නොම වේවා! නිවන් සුව ලබන්නට හේතු වාසනා වේවා!(නදී)
රටට වැදගත් දරුවෙක් නැති වෙලා, නිවන් සුව පතමු.(නදී)
අපරාදේ තරුණ ජිවිතයක්. මේ තුල සැගවුණු රහසක් තිබිය හැකියි.(නදී)
මේක සියදිවි නසා ගැනීමක්ද? (නදී)
නැගණියේ මින් මතු මෙවන් අකල් මරණයකට ගොදුරු නොම වේවා කිසිදු අත්භාවයකදී.ඔබට නිවන් සුව ලැබේවා.!!!(දී)
මෙතන දුම්රිය පාරවල් දෙකක් තියෙනවා. එක පැත්තකට යන කෙනා ඉදිරියෙන් එන දුම්රිය දැකල අනිත් පාරට යනවා. නමුත් එයාට වැටහීමක් නැහැ එයා යන පාරෙත් දුම්රියක් පසුපසින් එනවා කියල. සද්දේ ඇහෙන්නෙත් නැහැ මොකද ඉදිරියෙන් එන දුම්රියේ සද්දේ නිසා. දුම්රිය දෙපාර්තමේන්තුව මේ දුම්රිය මග මේ හරියෙවත් කොටු කරා නම් මෙහෙම විපත් වෙන්නේ නැහැ. මොනාවුනත් දුම්රිය මගේ ගමන් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. (දී)