IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වෑන් රිය පෙරළී පහක් මරුට

මහනුවර අඹතැන්නේ  සිට කතරගමට යමින් තිබූ වෑන් රියක් කතරගම තිස්ස පාරේ දෙටගමුව වැවට අද අලුයම  පෙරළී පස් දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

අවුරුදු පහක දරුවකු බේරා ගත් බව පොලිසිය පවසයි.



අදහස් (0)

වෑන් රිය පෙරළී පහක් මරුට

ශිරෝමි- පිළියන්දල Saturday, 19 April 2014 02:40 PM

බලාගෙන ගියාම වාහන එලවන රියදුරන්නේ දැන් ත්‍රස්තවාදීන්.(නදී)

:       0       0

ෂෙරිෆ් Saturday, 19 April 2014 02:53 PM

අනේ අපි හැමෝම එකතුවෙලා මිය ගිය අයට නිවන් සුව පතමු, (නදී)

:       0       0

කුමාර Saturday, 19 April 2014 03:48 PM

වජිරගේ කතාව තමයි හරි.(නදී)

:       0       0

භානු Saturday, 19 April 2014 04:37 PM

රියදුරාට නින්ද ගිහින් ලු. දුර බැහැර ඉඳලා එනකොට රියදුරාට විවේකයක් දෙන එක හරිම වැදගත්. අපිත් වෑන් හයර් කරගෙන වන්දනා ගමන් විනෝද ගමන් ගිහින් තියනවා. උදේ පාන්දර නැතිනම් මහ රාත්‍රියේ යනවානම් අනිවාර්යයෙන්ම රියැදුරාව විවේක ගන්වලා තමා යන්නේ. අපි දන්නා පවුලක් හදිසි අනතුරකට ලක් වුන හැටි අහපු දවසේ ඉඳල අපිත් හරිම ප්‍රවේශම් වෙනවා. (නදී)

:       0       0

පියල් Saturday, 19 April 2014 04:05 PM

නැවතත් කියන්න තියෙන්නේ අපේ වාහන වල තත්වය අන්තිමයි. කිසිම නඩත්තුවක් නැහැ. පාසැල් ළමුන් ගෙනියන වාහන සියයට 90 ම ඒ වගෙයි. (නදී)

:       0       0

කවිෂ්ක වත්තේගම Saturday, 19 April 2014 05:38 PM

රියදුරු මහත්තුරුන්ට කලබල වැඩි නිසයි මෙහෙම අනතුරු සිදුවන්නේ, හරියට දැන් ලෝකේ විනාස වෙන්න යනවා වගේ.(නදී)

:       0       0

පද්මිනී Saturday, 19 April 2014 06:18 PM

අලුයම් කාලයේ අනතුර වුනා නම් ඒ රියදුරුට නින්ද යාමෙන්. අනිත් පිරිස නිදා ගන්ට ඇති රියදුරුට තනියම බාර දීලා. එවැනි දුර ගමනකදී කවදාවත් රියදුරු තනි කරන්ට හොද නැහැ.(නදී)

:       0       0

ශ්‍රීමා Saturday, 19 April 2014 07:16 PM

රටට මොනවත් වෙලා නැහැ. විනීත රියදුරු සේවයක් ,දාවනය කිරිමට සුදුසු තත්වයේ වාහන උනා නම් හරි.(නදී)

:       0       0

ලෙනෝරා Saturday, 19 April 2014 06:41 PM

මිය ගිය අයට නිවන් සුව පතමු,(නදී)

:       0       0

පතිරණ ඉතාලිය Saturday, 19 April 2014 06:51 PM

පලවෙනි එක විනයක් නැතිඑක දෙක පරණ වාහන පාවිචිය.පරණ වාහන ඉවත් කරන ක්‍රමයක් රටට නැතිඑක . දියුණු රටවල පරණ වාහන දුවන්න බැහැ. අපේ රටේ පරණම වාහන සිට අලුත්ම වහනය දක්වා මිනිසුන් ප්‍රවාහනය කරනවා .(අ)

:       0       0

ඩිසීඩ් Saturday, 19 April 2014 08:09 PM

කතරගම දෙයියෝ ඉදලත් දෙවියනේ.(නදී)

:       0       0

ජෝසප් පෙරේරා Saturday, 19 April 2014 09:02 PM

මෙතන මම දකින විදිහට, කතරගම ගිහින් පඞුරු බැන්දම වාහනය ආරක්ෂා වෙන බවට කවුරුත් විශ්වාස කරනවා‍. එනිසා තමන්ගේ ආරක්ෂාවට තමන් විසින් කලයුතු වැඩකොටස අමතක කරනවා. දෙයිගොල්ලො කීදෙනෙක් හිටියත් මගේ වාහනේ ඉන්න සීට් බෙල්ට් දෙයියොයි තිරිංග දෙයියොයි මාව ආරක්ෂා කරයි කියලා විස්වාස කරනවා. ඒ වගේම මම හිතනවා බුදුන්ගේ ඉගැන්වීම අනුව ජීවත්වීමෙන්ත් අනතුරු අඩුවන බව. ඒ කියන්නේ මල් පූජා කිරීම හෝ බුදුන් වැඳීම නොවෙයි.(දී)

:       0       0

ආශා විජයසේකර Saturday, 19 April 2014 09:23 PM

අනේ දෙයියනේ (දී)

:       0       0

අයේෂා Saturday, 19 April 2014 11:07 PM

මේවගේ දේවල් අද හරියට අහන්න දකින්න ලැබෙනවා (දී)

:       0       0

නිර්මලා Saturday, 19 April 2014 11:08 PM

අවාසනාවක මහත (දී)

:       0       0

සත්‍යයා Saturday, 19 April 2014 11:08 PM

අනතුරු වලින් ඉවක් බවක් නැතිව මියැදෙන මිනිසුන්ව නිවනට යවන්න ඕනෑවටත් වඩා සෝ සුසුම් පිට කරන්න මිනිස්සු ලංකාවේ කොයි තරම් හිටියත් අනතුරු වලක්වන විධියක් ගැන කතා කරන මිනිසුන් වැඩි හරියක් ඉන්නේ පිටරට. ත්‍රස්තවාදය සීයයට සීයක් තුරන් කලයි කියා මැත දොඩවන මිනිස්සු මාර්ග අනතුරු ත්‍රස්තවාදයට සිතුසේ හිස ඔසවන්න ඉඩදීලා තියෙනවා. අකාලයේ රටට අහිමිවෙන මේ ජීවිත බේරගන්න පවතින රජයකට බැරිනම් කරන්න පුළුවන් පිරිසකට එක කරන්න ඉඩ දීල අයින්වෙන්න ඕනේ. (මුදී)

:       0       0

නිසාහීර් Sunday, 20 April 2014 12:33 AM

කතරගමේ දෙවියෙක් ඉන්නවද ??? (මුදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Sunday, 20 April 2014 01:48 AM

මියගිය අයට නිවන්සුවලැබේවා! තුවාල කරුවන්ට ඉක්මන් සුවපතමි (මුදී)

:       0       0

පද්මා Sunday, 20 April 2014 07:14 AM

මේ අපරාධ වැඩි වෙන්න හේතුව මොකක්ද? (දී)

:       0       0

තිළිණ Monday, 21 April 2014 05:57 PM

අනතුරක් වුණහම කිසිම කෙනෙකුට බැනලා වැඩක් නැහැ. කවුද සිතා මතා අනතුරු කරගන්නේ? (නි)

:       0       0

ජිසී Sunday, 20 April 2014 11:27 PM

මොකද මේ රටට වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

වඩුගේ Monday, 21 April 2014 10:03 AM

පාරේ යන අයගේ ආරක්ෂාවට පිලියමක් කරනවා නම් ඒක ගොඩක් හොඳ දෙයක්. මොන ආරක්ෂක ක්‍රම තිබුණත් අපේ සමහර අයියල ඕව ගලවගෙන ගිහින් මැරෙනවා. මොනවා වුණත් නොසැලකිල්ල නිසා තමයි ගොඩක් අනතුරු වෙන්නේ. අඩුම තරමේ හානිය අවම කරගන්න හරි පුළුවන් වෙන්නේ අපි සැලකිල්ලෙන් හිටියොත් විතරයි නේද ? (ස)

:       0       0

දමිත් Monday, 21 April 2014 09:23 AM

ඕවට ජනාධීපතිතුමා මොනවා කරන්නද? නිදිමත නම් නිදියල යන්න ඕනි. ඔය විදියට ඉස්සරහ ටයර් එක පිපුරුවත් වෙන රජයක් ඕනි කියයි නේද ? (ස)

:       0       0

අතුල Saturday, 19 April 2014 07:40 AM

අයියෝ මොකද මේ රටට වෙලා තියෙන්නේ (අ)

:       0       0

නිශාර්ඩ් ප‍්‍රීඩා Saturday, 19 April 2014 08:08 AM

රටට නම් මොකුත් වෙලා නැහැ. වාහන එලවන අයට මොකද වෙලා තියෙන්නේ ? එනිසා අනතුරු අවම කරගන්ට අදිටන්කර ක‍්‍රියාකරමු (මුදී)

:       0       0

රන්ජිත් Saturday, 19 April 2014 08:13 AM

මේවගේ අනතුරු දැන් රටාවක් වෙලා. පරිස්සම් වෙන්න (ස)

:       0       0

ඊ මනෝහරන් Saturday, 19 April 2014 09:05 AM

අතුල, රටට මොකුත් වෙලා නැහැ. (ස)

:       0       0

පුන්චිරලා Saturday, 19 April 2014 09:08 AM

මේ රටටනම් මොකුත්වෙලා නැ.............බිල යන්ට එපා කියනවනේ කොච්චරවත් (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 19 April 2014 08:34 AM

රටට මොකුත් වෙලා නැහැ ,පාරවල් හොද වැඩියි. අපේ වාහන එලවන අය කිසිම වගකීමකින් කටයුතු කරන්නේ නැහැ.(නදී)

:       0       0

වජිරා Saturday, 19 April 2014 09:23 AM

මේකට එක හේතුවක් තමයි කබල් වාහන පාවිච්චි කිරිම. සාමාන්‍ය කෙනෙකුට වාහනයක් ගන්නවා නම් 300%-400% බදුගහනවා. නමුත් දේශපාලුවන්ට බදු ගහන්නේ නැහැ.(නදී)

:       0       0

සමන්තා Saturday, 19 April 2014 09:24 AM

බුදු හාමුදුරුවෝ දේශනා කල දේවලට වඩා වෙනත් දේවල් දැන් ලංකාවේ සිදුවන්නේ.(නදී)

:       0       0

ධම්ම Saturday, 19 April 2014 09:01 AM

නිශාර්ඩ් ප‍්‍රීඩා, පිටරට ඉන්න අය එහෙටම වෙලා ඉන්න හිත හදා ගන්න නිතර දෙවේලේ කියන මන්තරේ නේ ඔය අතුල කියලා තියෙන්නේ. එකට කට්ටිය කලබල වෙන්න ඔනෑ නැහැ. (අ)

:       0       0

රත්නායක Saturday, 19 April 2014 09:45 AM

රටට මෙකවත් වෙලා නෑ පසිසේ පාරේ වාහන ගෙනියන්න දන්නේ නෑ (අ)

:       0       0

රත්නේ Saturday, 19 April 2014 09:50 AM

දුර ගමන් යදදී රියදුරු මහතා ගැන බලන්න ඕන (අ)

:       0       0

පිටිගල Saturday, 19 April 2014 09:21 AM

රියදුරු බලපත් දීමේ දී වැරද්දක් වෙලා වත්ද? හරියට රියදුරු බලපත ලබා ගත්තා නම් අනතුරක් වලක්වා ගැනීමේ හැකියාව තියෙනවා. (අ)

:       0       0

නොයෙල් Saturday, 19 April 2014 10:10 AM

මේක රටේ වරදක් නොවේ,නොදන්නා පළාත්වල යනකොට පරිස්සමන් රිය පදවන්න.(අ)

:       0       0

කුමාරි Saturday, 19 April 2014 10:15 AM

පාරවල් හොඳ වැඩියි, පාර දිගේ ඉගිලෙනවා. ඉතින් මෙහෙම වෙන එක පුදුමද? (අ)

:       0       0

මජිනා Saturday, 19 April 2014 09:41 AM

නිදිමතට අමු සියඹලා කරලක් වාහනේ ඇතුලේ නිතරම තබා ගනන . නිදිමත එනවිටම එම කරල හපන්න එවිට නිදිමත නැතිවේ (අ)

:       0       0

කුමාර පෙරේරා Saturday, 19 April 2014 10:47 AM

අපේ මිනිසුන්ට තරුණ රියදුරන්ට වෙලා තියෙන දේ තමයි කල්පනාවෙන් රිය ධාවනය නොකිරීම. ඇඟට තෙහෙට්ටුවක්, නිදිමත ගතියක් වගේ අවොත් සුදුසු තැනක නවත්වලා විනාඩි කීපයක් ඇස් දෙක වහගෙන ඉඳල යන්න බලන්න. අමාරුකම් සේරම ඉවරයි. ඇතුලේ ඉන්න කට්ටිය නපුරක් හිතන්නේ නැහැ.(නදී)

:       0       0

චමල් Saturday, 19 April 2014 10:26 AM

රටක් සංවර්දනය කරද්දී මිනිස්සුන්ගේ බුද්ධියත් සංවර්දනය කරන්නේ කළ යුතුයි. බුද්ධිය ටිකෙන් ටික හීන වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ. ඒකයි මේ වගේ වලක්වාගත හැකි අනතුරු සිදුකරන්නේ.(නදී)

:       0       0

සෙහාන් අමරසිංහ Saturday, 19 April 2014 11:17 AM

මේ වගේ අනතුරු වලට හේතුව බීමත්කම සහ නින්ද යාමයි. නින්ද යන්නේ අධික වෙහෙස සහ එක දිගටම වාහන පැදවීම නිසා. මේ වගේ දුර ගමන් යනවා නම් රියදුරන් දෙදෙනෙක් යන එක වැඩිය හොඳයි. එක්කෙනෙක් වෙහෙසට පත් වුනහම අනිත් කෙනා පදවන්න පුළුවන්.(නදී)

:       0       0

ලසිත පද්මසිරි Saturday, 19 April 2014 11:16 AM

කතරගම දෙවියන් වත් මේක දැකල නෑ වගේ.(නදී)

:       0       0

අසේල Saturday, 19 April 2014 12:08 PM

බුදුහාමුදුරුවන් දේශනා නොකළ දේවල් සමහර සංවිධාන වල නායකයන් දේශනා කරනවා. (නදී) ..

:       0       0

ජිනේන්ද්‍ර Saturday, 19 April 2014 11:56 AM

අපිත් ඊයේ කතරගම ගිහින් ආවා ඔය පාරේම. බීමත්කම හා අධික වෙහෙස නිසා ඇතිවෙන නිදිමත තමා රිය අනතුරු වලට ප්‍රධානම හේතුව.(නදී)

:       0       0

චමින්ද කුමාර Saturday, 19 April 2014 12:23 PM

රටේ පාලකයෝ වඩා වඩා ධර්මිෂ්ඨ විය යුතුයි නැත්නම් රට පිරිහෙනවා. හැම තැනම අනතුරු අපරාධ, මේ අවුරුදු දවස් ටිකට කී දෙනෙක් මැරුණද අනතුරු වලින්.(නදී)

:       0       0

ශාන්ති Saturday, 19 April 2014 01:06 PM

අනේ දෙවියනේ මේ මොන අපරාදයක්ද ? ඊයෙ 10 දෙනෙකු මිය ගියා අද 5 දෙනෙකු මිය ගිහින් , ඔබ සැමට නිවන් සැප ලැබේවා ! (නදී)

:       0       0

උපාලි සුමිත් හේවාවසම් Saturday, 19 April 2014 12:36 PM

ෂුවර් එකටම බීලා වෙන්න ඇති.(නදී)

:       0       0

උදය Saturday, 19 April 2014 01:23 PM

අවදානම් තැන ආරක්ෂක වැටවල් ඉදිකළ යුතුයි.(නදී)

:       0       0

කුසුම් Saturday, 19 April 2014 01:35 PM

මිය ගිය අය ගැන කණගාටුයිඅනතුරක් සිදුවූ ගමන් අපේ සිතට නැගෙන්නේල මෙය බිමත්කමෙන් සිදුවුන අනතුරක් බව තමයි නමුත් එ්ක සියයට සීයක්ම නිවැරදි නැහැමොකදල නොබිපු බොහෝ අය පවා මහපාරේදී රිය පදවන්නේ බිල මත්වෙලා වගේ කුලප්පු උන ගතියකින්නේ විනය හික්මීම කියන දේ අහලකවත් නැහැ ආත්මාර්ථකාමී බව කැපී පෙනෙනවා තමන් වෙනුවට අනෙක් වාහනයේ රියැදුරා ඔහුගේ වාහනයේ වේගය අඩුකර තමන් හට ඉඩ සලසා දේවී යයි සිතුවත් අනෙක් රියදුරත් තමන් වගේම කුලප්පු කාරයෙක් බව වැටහෙද්දි අනතුර සිදුවෙලා හමාරයි බොහෝ රියදුරන්ට කහ ඉර ළඟ සිටගෙන සිටින පුද්ගලයන් රැඳී ඉන්නේ පාර හරහා මාරු වීමටයි කියන සිතුවිල්ල ඇත්තෙම නැති තරම්. (මුදී)

:       0       0

චානුක රණවීර Saturday, 19 April 2014 01:02 PM

උදය ඔබ නිවැරදි ... අවදානම් මාර්ගවල වැටවල් ඉදිකළ යුතුයි (මුදී)

:       0       0

මනෝජ්-සාජා Saturday, 19 April 2014 02:21 PM

මෙහෙම අනතුරු උනොත් ලංකාවේ මිනිස්සු ඉතුරු වෙයිද දන්නේ නැහැ. හැමදාම අහන්න දකින්න වෙන්නේ මරණ ගැනමයි .මිය ගිය සැමට නිවන් සැප ලබේවා!(නදී).

:       0       0

රෝහණ කෝනාර Saturday, 19 April 2014 01:43 PM

කතරගම-තිස්ස පාරේ දෙටගමුව වැව අසල මාර්ගය ඉතාමත් අනාරක්ෂිතයි. මීට පෙරදීද මෙම ස්ථානයේ වාහන අනතුරු කීපයක්ම සිදුවූවා. මෙම ස්ථානයේ ආරක්ෂක වැටවල් ඉදිකර යුතුයි. නැතිනමි ඉදිරියටත් මෙවැනි අනතුරැ සිදුවෙවි.(නදී)

:       0       0

රම්‍යලතා Saturday, 19 April 2014 01:56 PM

අසේල , සමන්තා දැන් ලංකාවේ අය කරන දේවල් දෙවිවරු වුනත් ඉවසන්නේ නැහැ.(නදී)

:       0       0

රිදීමා Saturday, 19 April 2014 02:42 PM

කතරගම වගේ පූජනීය තැනකට යන්නෙත් මේ අය බීලද? එහෙනම් ඉතින් ලංකාවේ මින් ඉදිරියට වෙන රිය අනතුරු ඔක්කොම වෙන්නේ බීමත් කමින්.(නදී)

:       0       0

ධනුක Saturday, 19 April 2014 02:45 PM

රටට සාපයක් වැදිලාද තියෙන්නේ.(නදී)

:       0       0

ප්‍රේමාලාල් Saturday, 19 April 2014 02:36 PM

වාහන එලවන කට්ටිය දැනගන්න ඕනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 28 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 688 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 137 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3213 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1113 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2136 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30624 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23708 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 195 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site