IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වන සතුන්ට වස දී මරති : මිනිසුන්ට මස් විකුණති

හම්බන්තොට බුත්තල හා කතරගම දැඩි නියඟත් සමඟ වන සතුන් දඩයම වැඩි වී ඇතැයි ඌව පළාත් සහකාර වනජීවී අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා කියයි.

ජලය සොයා යන ගෝනුන් ,මුවන් වැනි සතුන්ට උගුල් අටවා ඇතැයිද ඔවුන් කියයි.

සිලිසිලි බෑග්වලට හෝ සීඳීගෙන යන දියකඩිති වලට උග්‍ර විස සහිත වල් නාශක දමා  සතුන් මරා විකුණන බව සොයාගෙන ඇත.වල් මී හරකුන්ද මේ ආකාරයට මරා මස් කැර  ගෝන මස් ලෙස විකුණතියි කියති.

මෙම මස් කෑම මිනිසාට බෙහෙවින් අහිත කැර බවත් වනජීවී නිලධරයෝ පවසති. මේ අතර නියඟය නිසා ගිරිතලේ රක්ෂිතයේ අලි ඇතුනටද ජල හිගය බෙහෙවින් බල පෑ ඇත.

 



අදහස් (0)

වන සතුන්ට වස දී මරති : මිනිසුන්ට මස් විකුණති

ධම්ම Wednesday, 28 August 2013 12:03 PM

මස් කන මිනිසුන්ට මොකක් වුනත් මොකද? අහිංසක සතුන් මරණ එකයි තිරිසන් වැඩේ. (නි)

:       0       0

රන්ජනී Wednesday, 28 August 2013 12:04 PM

දැන් මේවට කව්ද වගකියන්නේ? (නි)

:       0       0

වරුණ Wednesday, 28 August 2013 12:05 PM

නියගයෙන් පිඩවිදිමින් ජලය සොයන් එන සතුන්ව මරා මස්කන්න මේ වගේ පාපතර වැඩවලට කැලේට රිංගන මස් වැද්දන්ව දිවියම කාපිය! (නි)

:       0       0

කුමාර Wednesday, 28 August 2013 12:05 PM

වන සතුන් විවිධ විදියට මරන්නෙත් ඒ මස් රස කර කර කන්නෙත් වැඩියෙන් ම පිරිමින්ය. වනාන්තර ගිනි තබන්නෙත් ඒ උදවියමය. හොරෙන් ගස් කපන්නේත් පිරිමින්මය. අලින්ට මරණය අත් කර දෙන්නෙත් පිරිමින්මය. ඒ නිසා පරිසර විනාශයට වැඩියෙන් දායක වෙන පිරිමින්ට මේ ආත්මයෙන් පසු නැවත මිනිස් ආත්මයක් නොලැබේවා යනු මගේ පැතුමයි. (නි)

:       0       0

රෝහණ Monday, 02 September 2013 07:34 PM

අනේ මේ අහිංසක සත්තු මරණ උන්ව මරන්න කෙනෙක් නැහැනේ (නි)

:       0       0

සංජය Wednesday, 28 August 2013 12:18 PM

බෞද්ධ අය නේද එහෙම මරන්නේ? (ස)

:       0       0

හේරත් Thursday, 29 August 2013 06:41 PM

තිරිසනුන්ටත් වඩා අන්ත තිරිසන්නු! (නි)

:       0       0

නෙතුමි Thursday, 29 August 2013 01:57 PM

අනේ මන්ද මේවාට ආගම් ගාවගන්න එපා කියන පිරිසම තම තවත් ආගම් වලට පහර ගහන්නේ,, අනේ මන්ද ඉතින් මේ ප්‍රදේශය බෞද්ධ තමා, එත් මේවට බෞද්ධ ධර්මයවත් වෙන ආගමවත් වගකිව යුතු නැහැ.(නදී)

:       0       0

ගයා Wednesday, 28 August 2013 12:43 PM

මස් කන මිනිසුන්ට මොකක් වුනත් මොකද? අහිංසක සතුන් මරණ එකයි තිරිසන් වැඩේ. නියඟයෙන් පීඩා විඳිමින් ජලය සොයන් එන සතුන්ව මරා මස් කන්න මේ වගේ පාපතර වැඩවලට කැලේට රිංගන මස් වැද්දන්ව දිවියම කාපිය. කිසිම හැදියාවකට නැති.කිසිම ආගම ධර්මයක් නොදන්නා, බඩජාරි පාපතරයෝ.මේ මස් කන අයත් ඒ වගේමයි. වන සතුන් විවිධ විදියට මරන්නෙත් ඒ මස් රස කර කර කන්නෙත් වැඩියෙන් ම පිරිමින්ය. වනාන්තර ගිනි තබන්නෙත් ඒ උදවියමය. හොරෙන් ගස් කපන්නේත් පිරිමින්මය. අලින්ට මරණය අත් කර දෙන්නෙත් පිරිමින්මය. ඒ නිසා පරිසර විනාශයට වැඩියෙන් දායක වෙන පිරිමින්ට මේ ආත්මයෙන් පසු නැවත මිනිස් ආත්මයක් නොලැබේවා යනු මගේ පැතුමයි. (ස)

:       0       0

මෝරලා Wednesday, 28 August 2013 12:48 PM

අන්න, අර මස් කෑමට විරුද්ධව කතාකරන අයට උද්ගෝෂණ කරන්න පුළුවන් මාතෘකාවක්. (නි)

:       0       0

ශාන්ත Wednesday, 28 August 2013 12:49 PM

බෞද්ධ රටක් කියන අපි කොතරම් ලැජ්ජා විය යුතුද​? මෙතන අදහස් දාන කීදෙනෙක් වන්දනාවල ගියහම දඩ මස් හොයනවද​? ඇත්තටම අපි අපි ගැනම කළකිරිය යුතුය​. (ස)

:       0       0

නදී Wednesday, 28 August 2013 12:50 PM

සංජය , සත්තු මරන්නේ බෞද්ධයෝ නෙමෙයි . සත්තු මරන්නේ වැඩි පුරම පල්ලි යන කට්ටිය.මොකද ,දෙවියෝ ඒ අයගේ පව් සමා කරලා දෙනවනේ. බලන්ඩ ,වත්තල -කදාන-ජා ඇල- මීගමුව වගේ පැති වල කොඩි ගහක් ඉස්සුවත් ගමේ ඉන්න සත්තු ටික ඉවරයි . මේ රටට මස් කන්ඩ,බේබදුකම් ඔක්කොම පුරුදු කලේ ඔයාලගේ පල්ලිය..වැඩිය ඕනේ නැහැ ,සුවාමීලා, පල්ලියේ හදන සත්තු ටික මරාගෙන රැට හොදට පදමට ගහනවා. (ස)

:       0       0

ලාල් සුරන්ජිත් Wednesday, 28 August 2013 12:52 PM

කෝ අර කට්ටිය නැද්ද මේවා නවත්වන්න? ඒ අය ඉන්නේ කොළඹ ඒවා නවත්වන්න විතරද? (නි)

:       0       0

අකලන්ක​ Wednesday, 28 August 2013 12:53 PM

සංජය​, නියම බෞද්ධයන් එසේ කරන්නේ නැත. (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Wednesday, 28 August 2013 12:53 PM

මේක ලංකාවේ ජීවත් වන මනුෂ්‍යයන්ගේ වැඩක් නොවේ. ඒක හොඳටම මට විශ්වාසයි. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 28 August 2013 12:53 PM

පර පණ නැසුවොත් කවර උපායේ.... අපමණ දුක් දෙයි සතර අපායේ... (නි)

:       0       0

ලංකා ශ්‍රී Wednesday, 28 August 2013 01:02 PM

ගයාට වයර් මාරු වෙලාද? (ස)

:       0       0

දර්ශන Wednesday, 28 August 2013 01:08 PM

වන නිලධාරීන් සහ වගකිවයුත්තන් තමන්ගේ වගකීම් පහර හැරලා. (නි)

:       0       0

වරුණ Wednesday, 28 August 2013 01:11 PM

මේ නිවුස් එක දැකලා අර ගාල්ල පැත්තේ හාදයත් යාවිද දන්නේ නැ හම්බන්තොට බුත්තල කතරගම පැත්තේ ගෝනෙක් එලාගෙන එන්න. (ස)

:       0       0

අසංග Wednesday, 28 August 2013 06:51 PM

බෞද්ධ අය මේ දේවල් කරන්නේ නැහැ,අලුගෝසුවෙක් ඇරෙන්න.ඇයි මේවට අර කට්ටියගෙන් අදහස් නැත්තේ. (නි)

:       0       0

පිටිගල Wednesday, 28 August 2013 06:51 PM

රජෙකුගේ වුනත් වරදට කෑ මොර ගසනු.... මොර දෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු.... නිවැරදි කරනු බැරි නම් පලවා හරිනු.... වරදට කිපෙනු සටනට වැද ජය ලබනු ..... (නි)

:       0       0

ගාමිණි Wednesday, 28 August 2013 01:23 PM

මේ ආත්මයේදී පල දෙන පවක් (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 28 August 2013 01:39 PM

කමෝන් වරුණ! හරිම අගෙයි! හැබැයි ඔයා මුල අමතක කරන එකයි, එක එක්කෙනාට කපන එකයි නැවත්තුවොත් නියමයි! (ස)

:       0       0

නීල් රණා Wednesday, 28 August 2013 01:48 PM

මෙහෙම වෙලාවට ආහාර, ජලය දීලා සතුන්ට දිවි රැකගන්න උදව් කිරීම තමුන්ගේ යුතුකමක් වගේම වගකීමක් ලෙස සිතන මිනිස්සු ලෝකෙ ඕනතරම් ඉන්නවා. ඒ අය තමන්ගේ ආහාරයට අවශ්‍ය සතුන් තමන්ගේම නිවෙස්වල ඇතිකර ගන්න නිසා වන සතුන් මැරීමේ අවශ්‍යතාවයක් නැහැ. ලංකාව පුරා බෝවෙලා ඉන්න 70-75% ක් පමණ වන ආත්මාර්ථකාමී පහත් අවස්ථාවාදීන් වෙනුවට මේ රටේ උසස් මිනිස් ජානවලට අවස්ථාව ලබාදීමේ බරපතල අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා. (ස)

:       0       0

අජිත් කුරුවිට Wednesday, 28 August 2013 01:50 PM

ලෝකෙන් උතුම් රට ලංකාවයි ...... ලංකාවයි .....සිරි ලංකාවයි...... (ස)

:       0       0

රුක්මල් Wednesday, 28 August 2013 01:59 PM

මී හරක් මස් විකුණන එක තමා කැත වැඩේ. (ස)

:       0       0

ශ්‍රියා Wednesday, 28 August 2013 02:04 PM

අපෝ ඇති යන්තම්! මම බැලුවේ එතනත් අපි තමයිද වැරදි කියලා (නි)

:       0       0

රෝහණ Wednesday, 28 August 2013 02:06 PM

නැහැ සංජය. මේවා කරන්නෙ අන්‍යාගමිකයන් (නි)

:       0       0

ලංකා Wednesday, 28 August 2013 02:14 PM

මෙන්න මිත්‍යා දේව ඇදහිලි කාරයන්ගේ වැඩ. අරාබියේ නීති වල බලපෑම . අපේ සිංහල බෞද්ධයෝ මේවා කරන්නේ නැහැ. (ස)

:       0       0

පද්මසිරී Thursday, 29 August 2013 09:27 AM

ගල් යුගයේ නොදියුණු මිනිස්සුවත් මේ වගේ වනචාරි වැඩ කළා කියලා දැනගන්න නෑ. පාපතර මිනිස්සු තිරිසනුන්ටවත් සම කරන්න බැහැ. (ස)

:       0       0

ජනක Wednesday, 28 August 2013 02:15 PM

මේවා කාගේ වැඩද? ඇයි මේවා හංගන්නේ? කෙළින්ම හෙළි කරන්න (නි)

:       0       0

අනු Wednesday, 28 August 2013 02:26 PM

මේ අහිංසක සතුන්ගේ මළකුනවල් කන්නේ නැතුව එළවලු යි බතුයි කන්න පුරුදු වෙන්නකෝ. අහිංසක සතුන්ට උන්ගේ පාඩුවේ ජීවත්වෙන්න ඉඩ දෙන්න (නි)

:       0       0

මහවැලි Wednesday, 28 August 2013 02:31 PM

විද්වතෙක් ප්‍රකාශ කරලා තියෙනවා නේද තව දශක 05 ක් වෙනකොට මිනිස්සු මාංශ භක්ෂණයෙන් ඈත් වෙනවා කියලා. (නි)

:       0       0

චන්ද්‍ර Wednesday, 28 August 2013 02:38 PM

වස දී මරණ සතුන්ගේ මස් කන අයට අවදානමක්.... (ස)

:       0       0

සෂිමාල් Wednesday, 28 August 2013 02:39 PM

සංජය ඕවට ආගම ගාව ගන්න එපා. (ස)

:       0       0

නිලූ Thursday, 29 August 2013 10:05 AM

මස් කන අය ඉන්න නිසා තමයි මේ වගේ වැඩ සිද්ධ වෙන්නෙ. ඒත් අත පය හතර තියාගෙන මේ වගේ තිරිසන් වැඩ නොකර වෙන ජීවිකාවක් කරන්න බැරි ඇයි මිනිසුනේ? බුදුන් වැඩි දේශය නේද මේ?? (ස)

:       0       0

දිසානායක Wednesday, 28 August 2013 02:45 PM

සංජය බෞද්ධද අබෞද්ධද කියන ප්‍රශ්නේ මෙතැනට අදාල නැහැ ..මෝඩයෙක් වගේ අදහස් දන්නා එපා .හොදට මතක තියාගන්න මනුස්ස ආත්මයක් ලැබිලා තියෙන්නේ සංසාරේ කෙටි කරගන්න මාර්ගයට ඉඩ දෙන්න ..එහෙම නැතුව මේ ආත්මයේදීත් අකුසල් කෙරුවොත් සතර අපයෙන් මෙහා නවතින්නේ නැහැ. සතර අපයේ දුක් විදින මලපෙරේත ආත්ම ගැන කරපු පරීක්ෂණ මමත් ඇස් දෙකෙන් දැකලා තියනවා. වැඩි විස්තර ඕනේ නම් මගේ ඊමේල් එකට සම්බන්ධ වන්න. (ස)

:       0       0

සරත් ආතාවුද Wednesday, 28 August 2013 02:46 PM

මිනිස්සු නොමිනිස්සු වෙලා තියෙන කාලේ ඕනෑම ජරා වැඩක් කරලා සල්ලි හම්බ කරන්නේ බලන්නේ (ස)

:       0       0

චන්දි Wednesday, 28 August 2013 09:09 PM

මොන කට්ටිය ගෙන්ද ..?අසංග අදහස් ඉල්ලන්නේ (අ)

:       0       0

විජේ Wednesday, 28 August 2013 02:52 PM

මේ මස් මිනිසාට අහිතකර වුනාට නම් කමක් නැහැ. බඩජාරිකමට මොකටද කන්නේ. අහිංසක සත්තු මරණ පව්කාරයින්ව අල්ලලා එල්ලන්න ඕන ආයෙත් මෙහෙම අපරාධ නොකරන්න. (ස)

:       0       0

චන්දි Wednesday, 28 August 2013 09:10 PM

මෙවැනි පාපතරයින් හිටුවා!!! පස් ගහමු !!!! (අ)

:       0       0

පී.ඩී. විදානගේ Wednesday, 28 August 2013 02:58 PM

ශ්‍රී ලාංකිකයෝ ආයෙත් වනචාරී යුගයට ගිහිල්ලා. (ස)

:       0       0

වීර Thursday, 29 August 2013 04:49 PM

සංජය,රාජිත නමින් ඉන්නේ රිශාර්ඩ් කියන කෙනාමයි (නි)

:       0       0

දසුනි Wednesday, 28 August 2013 03:41 PM

වතුර ටිකක් හොයාගෙන යන සත්තුන්ට වස දෙන්න තරම් අපේ මිනිස්සු දරුණුවෙලා.අර බල්ලෝ බන්ඳන්න ගිය කට්ටියට නරකද මේ පැත්තේ ගිහින් ටිකක් බැලුවනම්.පින් සිද්ධ වෙන වැඩක්නේ. (ස)

:       0       0

පියල් Wednesday, 28 August 2013 04:02 PM

ඇත්තටම දුටු තැන වෙඩි තියලා දාන්න ඕන මේ කාලකන්ණින්ට - අපිට විතරක් නෙමේ මේ පොලොව අයිති. (ස)

:       0       0

පද්මසිරී Thursday, 29 August 2013 11:11 AM

මිනිසුනේ අපේ රටට තවත් සුනාමියකට මඟ පාදන්න එපා. (ස)

:       0       0

සමීර Wednesday, 28 August 2013 04:06 PM

වරුණ ගාල්ලේ ඔය වගේ පව්කාරයෝ නෑ....... වරුණ තමා දඩ මස් මරුවෙක් කියලා හිතනවා . වරුණ ඔය විදියට ගාල්ලේ මිනිස්සුන්ට බන්නින්න එපා....... වරුණ පිස්සක් සකිකෝ කාරයක් ද කොහෙද? (ස)

:       0       0

බණ්ඩාර Friday, 30 August 2013 10:13 AM

පද්මසිරී 2013-08-29 11:11:19 මිනිසුනේ අපේ රටට තවත් සුනාමියකට මඟ පාදන්න එපා....

:       0       0

ඇන්ටෝ Wednesday, 28 August 2013 04:31 PM

බුදුන් වැඩිය දේශයේ මේවත් වෙනවද? (ස)

:       0       0

සුමනා Wednesday, 28 August 2013 04:57 PM

සංජය, බුද්ධාගමට පහර ගහන්න එපා (නි)

:       0       0

නාමල් Wednesday, 28 August 2013 04:57 PM

ඔය පැත්තේ ඉන්නේ ඔය වගේ අය තමා (නි)

:       0       0

අතලේ සුමන හිමි Thursday, 29 August 2013 12:58 PM

අතීතයේ ලංකාවේ හිටපු සීලාචාර මිනිස්සු වැව් හිඳෙන කාලෙට වැවේ මාලු ඇල්ලුවේ නහැ. දැනටත් අනුරාධපුර පැත්තේ වැඩිහිටි මිනිස්සු වැව් හිඳෙන කාලෙට වැව් මාලු කන්නේ නැහැ. හැම දේටම ආචාර ධර්ම තියෙනවා. අද වෙළද පොළ ආර්ථිකයත් එක්ක මේ සියල්ල විනාශ වෙලා. (ස)

:       0       0

නිහාල් Wednesday, 28 August 2013 11:55 AM

කිසිම හැදියාවකට නැති.කිසිම ආගම ධර්මයක් නොදන්නා, බඩජාරි පාපතරයෝ.මේ මස් කන අයත් ඒ වගේමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 37 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 354 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2436 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2056 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1523 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8408 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34508 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24005 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site